විශ්‍රාම වැටුප, නිවාසය සහ ආරක්ෂාව ඉවත් කරන බව පමණී. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇති කරුණු අතරින් අනෙක් අපේක්ෂකයන්ගෙන් වෙනස් වන එකම පොරොන්දුව එයයි. ඒ ගැන අප පුදුම විය යුතු නැත. NPP සාමාජිකයන්ගේ වෛරී දේශපාලනය එයයි.

ඔවුන්ගේ ඉලක්කය අන් කිසිදු ජනපතිවරයෙකු නොව, මහින්ද රාජපක්ෂය. අනුරට මහින්ද කෙරෙහි තිබෙන්නේ ඉරිසියාවෙන් හටගත් ද්වේශයකි. මහින්ද රාජපක්ෂ යනු යුග පුරුෂයෙකි. 88-89 ජවිපෙ භීෂණ සමයේ එජාපය විසින් සිදු කළ සාහසික තරුණ මර්දනයට එරෙහිව සටන් කළේ තරුණ මහින්දය. ජේආර් සහ විජේවීරගේ කූඨ උපක්‍රමයෙන් බිමට වට්ටවා තිබූ සිංහල බෞද්ධ ජාතිකවාදී කඳවුර පාගමනින් නැවත නැගිට්ටුවේ මහින්දය. 30 අවුරුදු සාපයේ යුද්ධය අවසන් කර සියලු ශ්‍රී ලාංකිකයන්ට නිදහස දිනා දුන්නේ මහින්දය. ජාත්‍යන්තරය පිළිගත් සියලු සම්මත ආර්ථික, සමාජ, දේශපාලනික දර්ශකයන්ගෙන් වැඩිම සහ වේගවත්ම සංවර්ධනය කළේ මහින්දය. මහින්ද යනු අසහාය චරිතයකි.
එවැනි චරිතයකට පිරිසක් ආදර ගෞරව බුහුමන් කරයි. තවත් පිරිසක් ඊර්ෂ්‍යාවෙන් වෛර කරයි. ඒ එම පුද්ගලයන්ගේ කර්මානුරූපී ජන්ම ගතියයි. අනුර ඇතුළු NPP යේ සිටින්නේ සාර්ථක මිනිසුන්ට ඉරිසියා කරන, වෛර කරන, සාහසිකයන්ය. ඔවුන්ට කිසි දිනෙක මහින්ද චරිතයේ අසලකටවත් එන්නට බැරිය. එබැවින් ඔවුන් උත්සාහ කරන්නේ මහින්ද චරිතය නැති කිරීමටය. 2015 ව්‍යවස්ථා සංශෝධනය කළේ මහින්දව ඉලක්ක කර ගෙනය. ජිනීවා යෝජනාව සම්මත කළේ මහින්දව ජාත්‍යන්තර යුධ අධිකරණයට ගෙන යාමටය. “පොර්ට් සිටිය හැදුවොත් රටේ කළුගල් ඉවර වෙනවා, අධිවේගී මාර්ගය හදන්නේ ඇඹුල් තියල් ගේන්න, නෙළුම් කුළුණ හදන්නේ පැනලා මැරෙන්නද” වගේ අලුගුත්තේරු කතා හැදුවේ මහින්ද කළ දැවැන්ත සංවර්ධනය අවතක්සේරු කරන්නටය. නමුත් කපන්න කපන්න සුවඳ දෙන සඳුන් කඳක් වගේ මහින්ද තව තවත් ශ්‍රේෂ්ඨත්වයට පත් වුණා පමණී.

චරිතය ඝාතනය කරන්න බැරි බව දුටු අනුරලා 2022 ඊනියා අරගලය වෙලාවේ මහින්දගේ ජීවිතය නැති කරන්න හැදුවා. ඒ තැතත් වැරදුණා. සිය පුතුන්ගේ ජීවිතය බේරා දීම වෙනුවෙන් කෝටියක් මව්වරුන්ගේ හද පතුලෙන් පැන නැගී මුවින් පිටවුණු ආශීර්වාදාත්මක සැනසුම් සුසුම් විසින් මහින්දගේ ජීවිතය රැකුණා. දැන් නැවත අනුරලා කියනවා ඔවුන් බලයට පැමිණි වහාම මහින්දව නිවාසයෙන් ඉවත් කරලා, ආරක්ෂාව ඉවත් කරනවා කියලා. ඔබට පැහැදිලියි නේද ඒ ඇයි කියලා...
අනුර ඔයා ලෝකෙට පේන්න සංඝ සමුළු තිබ්බට වැඩක් නැහැ ඔයාගේ හිත ඇතුළේ වෛරය පුරවාගෙන. බලන්න ඔයාගේ මූණේ හැටි. වෛරයෙන් කළු වෙලා. ඔයා ඔයාගේ NPP එකේ මිනිස්සුන්ගේ හිත්වල වෛරය වපුරන්න එපා සහෝදරයා. ඒක ඔයාටත්, ඔවුන්ටත්, මහා ජන සමාජයටත් ඔයා කරන දරුණු අපරාධයක්. ඔබේ නිවීම පිණිස ඔබට කරුණාවෙන් බුද්ධ වචනයෙන් මේ ලිපිය අවසන් කරනවා.
න හි වෙරෙන වෙරානි සම‍්මන‍්තීධ කුදාචනං,
අවෙරෙන ච සම‍්මන‍්ති එස ධම‍්මො සනන‍්තනො.
මෙ ලොවැ කිසිදු කලෙක වෛරයෝ වෛරයෙන් නොසන්හිඳෙති. අවෛරයෙන් ම සන්හිඳෙත්, මෙය සනාතන ධර්මයකි.
ධර්මය ඔබට මග වේවා!(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com
2024 සැප්තැම්බර් 8



