මා, ප්‍රතිපත්තියක් ලෙස 1994 නොවැම්බර ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කළ පසු ජනාධිපතිවරණයක ඡන්දය භාවිත කර නොමැත. 1994 නොවැම්බර් ජනාධිපතිවරණයේදී මා ඡන්දය භාවිත කෙරුවේ, චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ලෙස පත් වී 06 මසක් ඇතුළත විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජ.වි.පෙට ලිඛිතව දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි ලොකු බලාපොරොත්තුවක් තිබූ නිසා ය.
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති ලෙස පත් වී 06 මසක් ඇතුළත විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට ජ.වි.පෙට ලිඛිතව දුන් පොරොන්දුව ඉටු කරනු ඇතැයි ලොකු බලාපොරොත්තුවක් තිබූ නිසා ය.
ඒ බලාපොරොත්තුව විශ්‍රාමික ජනාධිපති ජයවර්ධන විහිළුවට ලක් කෙරුවේ ඉන්දීය මාධ්‍යවේදියකු ඔහුගෙන් ජනාධිපති අපේක්ෂිකා අගමැති චන්ද්‍රකා කුමාරතුංග ගේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේ මැතිවරණ පොරොන්දුව ගැන ඇසූ විට, “ඇය ඒක අහෝසි කළ දිනෙක පැමිණ අසන්න” යැයි කියමින් ය.
විධායක ජනාධිපති ධූරයේ නිර්මාතෘ විශ්‍රාමික ජනාධිපති ජයවර්ධන එදා කුමාරතුංග ජනාධිපතිනිය ගැන කියූ කතාව ඉන්පසු පැමිණි හැම රාජ්‍ය නායකයෙකුටම එළෙසින්ම වලංගුය. මෙදා තරග වදින ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ ජනාධිපති අපේක්ෂකයින් සියල්ලන්ම පසුගිය ජනාධිපතිවරණ, පාර්ලිමේන්තු මැතිවරණ හැමකකම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්නට පොරොන්දු දී ඇත.
මගේ කතාව කීවොත් 1994 ජ.වි.පෙ ඉල්ලා සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අද එදාටත් වඩා වලංගුය. එනිසා ජයවර්ධන ජනාධිපතිගේ සමච්චලය නොතකා මම පුද්ගලයෙකු වශයෙන් 1994 න් පසු හැම ජනාධිපතිවරණයකදීම එය ප්‍රතික්ෂේප කෙරුවෙමි.
මගෙන් අවසන් ප්‍රතිපල අසා කතා කරන අයට සහ නොකරන අයට, ප්‍රතිපලය ගණන් හදා ගැනීමට ඡන්ද ගොඩවල් මෙලෙස ඉදිරිපත් කරමි.
එනිසාම, ජනාධිපතිවරණයෙහි ඡන්ද ප්‍රතිපල සම්බන්ධව අනාවැකි කීමක් නොකරමි. එහෙත් ඇතැම් විට සමාජයේ ඡන්ද හැසිරෙන ආකාරය ගැන විමසිලිමත් වෙමි. එනිසා මගෙන් අවසන් ප්‍රතිපල අසා කතා කරන අයට සහ නොකරන අයට, ප්‍රතිපලය ගණන් හදා ගැනීමට ඡන්ද ගොඩවල් මෙලෙස ඉදිරිපත් කරමි.
මෙවර සමස්ථ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මිලියන 17.1 කි.
ඉන් ග්‍රාමීය ඡන්ද - (ග්‍රාමීය මැදපංතිය හා වැවිලිකරයද ඇතුළුව) මිලියන 13.4 කි (සියයට 78.4)
ඉන් සියයට 74 ට ආසන්න සිංහල බෞද්ධ
නාගරික ඡන්ද - (ප්‍රභූ, ධනවත්, මැදපංතික හා නාගරික දුප්පතුන් ඇතුළුව) මිලියන 03.7 කි (සියයට 21.6)
ඉන් සියයට 66 ට ආසන්න සිංහල බෞද්ධ
සමස්ථ ජනගහනයෙන් සියයට 70.4 ක් සිංහල-බෞද්ධ ප්‍රජාවකි
මෙවර සමස්ථ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව මිලියන 17.1 කි.
මේ ග්‍රාමීය හා නාගරික ලියාපදිංචි ඡන්දදායකයින්ගෙන්, ග්‍රාමීය සමාජයේ (උතුරු-නැගෙනහිරද ඇතුළුව) සියයට 75 ක් පමණ, මිලියන 10.1 ක් පමණ ඡන්දය දෙනු ඇතැයි අනුමාන කරන්නේ නම් සහ නාගරික සමාජයේ සියයට 80 ක් පමණ, මිලියන 02.9 ක් පමණ ඡන්දය දෙනු ඇතැයි අනුමාන කළහොත්, ඒ ඡන්ද ප්‍රධාන අපේක්ෂකයින් 04 දෙනා අතර බෙදෙන්නේ කෙසේදැයි ගණන් බලා අවසන් ප්‍රතිපලය කිව හැකිදැයි බලනු මැනව. පෙර කියූ පරිදි, මම එය නොකරමි.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com
2024 ජනාධිපතිවරණයට දින 11 ට පෙර
(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )



