The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොහෝ විට හරියන ජනපතිවරණ අනාවැකි කියන්න මටත් පුළුවන්! – (හේම ශ්‍රී අමරසිංහ)

T

The Leader Desk

September 11, 2024 • 10:08 AM

බොහෝ විට හරියන ජනපතිවරණ අනාවැකි කියන්න මටත් පුළුවන්! – (හේම ශ්‍රී අමරසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරණයෙන් බලයට පත්වන අපේක්‍ෂකයා කවුරුන්ද?
  • එහෙත් 1980 දශකයේ ආරම්භයෙන් පසු මෙම තත්ත්වය සැළකිය යුතු ලෙසින් වෙනස් වී තිබේ.
  • එනම් ජ්‍යොතීර්වේදීන් වශයෙන් හඳුන්වා ගන්නා ඇතැම් පුද්ගලයන් සංවත්සර ඵලාපල, මැතිවරණ සේම ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ ආදිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් දිගට හරහට අනාවැකි පළ කිරීමට ඉදිරිපත් වීම ය.
  • ඔහු බොහෝ විට ජ්‍යොතිෂය සේම පාලි, සංස්කෘත ඇතුළු පෙරදිග භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබූ පඬිවරයෙකි.
අකුරු ප්‍රමාණය (Font Size):

ජනාධිපතිවරණයෙන් බලයට පත්වන අපේක්‍ෂකයා කවුරුන්ද? යන්න ය.

මා දන්නා අන්දමට මීට දශක කිහිපයකට පෙර විසූ අපගේ ඇදුරු පරම්පරාවලට අයත් ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් වෙතින් සාමාන්‍ය ජනතාව මෙවන් පැනයක් අසා සිටියේ නැත. ඊට හේතුව එවක ජ්‍යොතීර්වේදීන් පුද්ගල ජන්ම පත්‍ර පරීක්ෂාව, නැකත් සෑදීම, මල්වර ඵලාපල කීම වැනි පුද්ගල බද්ධ කටයුතු වල මිස ජාතික වශයෙන් වැදගත් වන මෙවන් කටයුතුවල නොයෙදුණු බැවිනි.

එවක සංවත්සර පලාඵල කීම් වැනි පුළුල් කාර්‍යන් හි යෙදී සිටියේ පංචාග ලිත් කර්තෘ වරුන් වැනි සීමිත පිරිසක් පමණි. එහෙත් 1980 දශකයේ ආරම්භයෙන් පසු මෙම තත්ත්වය සැළකිය යුතු ලෙසින් වෙනස් වී තිබේ. එනම් ජ්‍යොතීර්වේදීන් වශයෙන් හඳුන්වා ගන්නා ඇතැම් පුද්ගලයන් සංවත්සර ඵලාපල, මැතිවරණ සේම ජාතික මට්ටමේ ක්‍රීඩා ජයග්‍රහණ ආදිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය මගින් දිගට හරහට අනාවැකි පළ කිරීමට ඉදිරිපත් වීම ය.

 

8 1ජ්‍යොතීර්වේදීන් පුද්ගල ජන්ම පත්‍ර පරීක්ෂාව, නැකත් සෑදීම, මල්වර ඵලාපල කීම වැනි පුද්ගල බද්ධ කටයුතු වල මිස ජාතික වශයෙන් වැදගත් වන මෙවන් කටයුතුවල නොයෙදුණු බැවිනි.

කන්ද උඩරට රාජ්‍යයේ රාජකීය ජ්‍යොතීර්වේදියා මහ වාසල නැකත් රාළ නමින් හඳුන්වන ලදී. ඔහු බොහෝ විට ජ්‍යොතිෂය සේම පාලි, සංස්කෘත ඇතුළු පෙරදිග භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තිබූ පඬිවරයෙකි. එමෙන්ම මොවුන් ගෙන් ඇතැමකු කලින් පැවිදි දිවියක් ගත කොට ජ්‍යොතීර්වේදය වෘත්තියක් වශයෙන් භික්ෂුවට අකැපවීම මත උපැවිදි වූවෝ ද වෙති.

අලුත් අවුරුද්ද සම්බන්ධ රාජකීය නැකත් සීට්ටුව පිළියෙල කිරීම සේම රජතුමා රාජ්‍යත්වය සහ රාජධානිය සහ රාජ්‍යය සම්බන්ධයෙන් එල්ල වන ග්‍රහ අපල කල් ඇතිව නිරීක්ෂණය කොට ඒවායින් උද්ගත වන නපුර අනර්ථය පිටුදැකීම රජවාසල නැකත් රාළගේ ප්‍රධානතම වගකීමක් විය. එහි දී ඔහු අවශ්‍ය පරිදි එම රාජධානීයේ සිටි සෙසු ජ්‍යොතිෂ පඬිවරුන් ගේ සහාය ලබා ගත් බව පෙනේ. මෙය වෛදික රාජාණ්ඩුවල පුරෝහිත බමුණා ගේ රාජකාරියට බෙහෙවින් අනුරූප වූවකි. එහි දී එම කාර්යයේ සාධනීය බව තහවුරු කර ගැනීම සඳහා ත්‍රිවේදයේ පරප්‍රාප්ත බ්‍රාහ්මණයන් රජ වාසලට කැඳවීමේ බලය ද පුරෝහිත බ්‍රාහ්මණයා වෙත පැවරී තිබිණ.

Aurudu1අලුත් අවුරුද්ද සම්බන්ධ රාජකීය නැකත් සීට්ටුව පිළියෙල කිරීම

කන්ද උඩරට රාජ්‍යයේ මහ වාසල නැකත් රාළ විසින් සම්පාදනය කරන ලද අළුත් අවුරුදු නැකත් සීට්ටුව රජුගේ අවසරයෙන් රාජධානිය පුරා බෙදීම ද එවක සිදු වූ අතර එය රාජධානියේ සිටි ගම්බද නැකත් රාළලා විසින් ස්වේච්ඡාවෙන් ඔවු’නොවුන් අතර බෙදා ගත් බව පෙනේ. නමුත් කන්ද උඩරට පාලන සමයේ වනියාර් වරුන් විසින් පාලනය කළ වන්නි ප්‍රදේශ වල ගම්බද නැකත් රාලලාගේ එකමුතුවෙන් එම කාරිය සිදු කළ බව පැහැදිලි ය.

නමුත් එකල වුව ගම්බද නැකත් රාළලා තනිව එවැනි භාරදූර කර්තව්‍යයන් භාර නොගත් අතර ගැමියන් ගේ ජ්‍යොතිෂමය අවශ්‍යතා වෙනුවෙන් නිරන්තරයෙන් කැපව හිඳිනු දක්නා ලදී. නමුදු මීට සියවස් කිහිපයකට ඉහත ගම්බද වෙදකම සේම ජ්‍යොතිෂය ද වෘත්තීය මට්ටමක් තෙක් ප්‍රවර්ධනය වී නොතිබීම ද විශේෂත්වයකි. එවක බොහෝ ජ්‍යොතීර්වේදීන් ගේ වෘත්තිය වූයේ ගොවිතැන, ලෝකුරු කර්මාන්තය වැනි දෙයකි.නමුදු ඔවුන් වෙතින් ලබා ගන්නා සේවාවන් උදෙසා ප්‍රමාණවත් සැළකීමක් කිරීමට ද අතීත ගැමියෝ අමතක නොකළහ.

 

Astrologer240817ජ්‍යොතිෂය සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක්, අවබෝධයක් හා අත්දැකීමක් නොමැත්තවුන් ඔවුන්ගේ මුකරිකම පදනම් ව ජනමාධ්‍ය මගින් අතිශය ජනකාන්ත බවට පත්වීමය.

නමුත් අතීතයට සාපේක්‍ෂකව වර්තමානයේ මිල මුදලේ අගය වේගවත්ව ඉහළ යාම මත මේ වන විට ජ්‍යොතීරේව්දයට වෘත්තීය මට්ටමක් සහ පාරිභෝගික සේවාවක් බවට පත්ව තිබෙනු පෙනේ. එහෙත්, එදා මෙදා තුර කාල සීමාව තුළ ජ්‍යොතීර්වේදය නම් වෘත්තියේ ප්‍රමිතිගත බවක් දක්නට නොලැබුණු අතර මේ වන විට සමාජය තුළ දක්නට ලැබෙන මිල තරඟය මත ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනීමක් වත් නොමැති විශාල පිරිසක් මෙම ක්ක්‍ෂේත්‍රයට පිවිස ජ්‍යොතීර්වේදයට සේම සමාජයට ද සුවිසල් හානියක් සිදු කරනු මේ වන විට ඇස් පනා පිටම දැකිය හැකිය.

මෙම තත්ත්වය වඩාත් ඛේදනීය වනුයේ ජ්‍යොතිෂය සම්බන්ධ ප්‍රමාණවත් දැනුමක්, අවබෝධයක් හා අත්දැකීමක් නොමැත්තවුන් ඔවුන් ගේ මුකරි කම පදනම් ව ජනමාධ්‍ය මගින් අතිශය ජනකාන්ත බවට පත්වීමය. ඒ සඳහා ඔවුන් තමන් නොදත් ජ්‍යොතිෂය වෙනුවට මනාව ප්‍රගුණ කොට ඇති අනේක විධ උප්පරවැට්ටි නොමඳව භාවිතා කරනු පෙනෙයි. නමුදු ඔවුන් ජනමාධ්‍ය මගින් ජ්‍යොතිෂය වශයෙන් පවසන ඇතැම් කරුණු වලින් පෙනී යනුයේ ඔවුන් ජ්‍යොතිෂය නම් විෂය සම්බන්ධ පෙර පාසල් අධ්‍යාපනයක් වත් ලබා නොමැති බවකි. එහෙත්, ජ්‍යොතිෂය පිළිබඳ මූලික දැනුම් අවබෝධයන් නොමැති සාමාන්‍ය ජනතාව ඔවුන්ගේ එම ඇසි බැම ඉහළ නංවන පට්ට පල් කෙබර කෙරෙහි පහසුවෙන් නතු වෙති. එහෙත් ඒ සම්බන්ධ බරපතල ඛේදනීය තත්ත්වය වනුයේ ඔවුන් එසේ පළ කරන අල්ලේ පැළවෙන අනාවැකි ගල් පැලෙන බොරු බව සනාථ වීමත් සමඟ සාමාන්‍ය ජනතාව තුළ ජ්‍යොතිෂය පිළිබඳව ඇති විශ්වාසය මුළුමනින් ගරා වැටීම ය. අද අප ජීවත් වනුයේ එබඳු පරිහානිමය යුගයක ය.

 

277695b089d4ce56664361ad7eb0405f XL2015 ජනාධිපතිවරණය

2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජ්‍යොතීර්වේදී පඬිවරුන් ලෙසින් පෙනී සිටි මෝඩයන් ජනමාධ්‍ය වලින් ගැසූ හිටි පිනුම් වල ප්‍රතිඵල මේ වන විට මුළු ජාතිය හමුවේම මනාව ප්‍රදර්ශනය වූ පසුබිම තුළ දී බව ඔබ ද පිළිගනු නියත ය. ඒ අනුව ඉදිරියටත් ජ්‍යොතිෂය මුල් කොට මෙවන් සමාජමය අනර්ථයක් සිදු නොවීම පිණිස ගත යුතු වැදගත් පියවරක් සම්බන්ධයෙන් වගකිව යුත්තන් ගේ අවධානය යොමු කරවනු කැමැත්තෙමි. එනම් මේ වන විටත් අප සමාජයේ වෙසෙන ප්‍රවීණ ජ්‍යොතීර්වේදීන් ගෙන් සැදුම් ලත් ජාතික මට්ටමේ ජ්‍යොතීර්වේදී සභාවක් ස්ථාපිත කොට ජ්‍යොතිෂය සම්බන්ධ ප්‍රමාණික දැනුම්, හැදෑරීම් සහ අවබෝධයන් ඇත්තවුන් හට පමණක් එහි ලියාපදිංචියක් ලබා දී ඔවුන් වෘත්තීය මට්ටමකට පත් කිරීමය.  

එවිට අප රටේ ජීවත් වන බහුතරයකට වෘත්තීය ජ්‍යොතීර්වේදියා යනු කවරකුද? යන්න දැන හඳුනා ගැනීමට සේම වඩාත් ප්‍රමිතිගත ආකාරයකින් ඔහුගේ සේවය ලබා ගැනීමට අවකාශ ලැබේ.එමෙන්ම එසේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීමේ දී ඒ සම්බන්ධ ලිඛිත ජ්‍යොතිෂ විශ්ලේෂනයක් ඉදිරිපත් කිරීමට ජ්‍යොතීර්වේදීන් යොමු කරවීමෙන් මෙම ක්ෂේත්‍රයට රිංගා ගෙන හිඳින හොර ජාවාරම් කරුවන් මින් ඉවත් කළ හැක. අප එසේ පවසනුයේ මේ වන විට මුළුමනින්ම පාරිභෝගික සේවාවක් බවට පත්ව ඇති ජ්‍යොතිෂයේ නාමයෙන් සිදු වන බරපතල ගසා කෑම් අවප්‍රමාණ කරනු පිණිස ය.

election news ffනමට අකුරු තුනක් ඇති අපේක්‍ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරයා වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවකි.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයෙන් බලයට පත් වන්නේ කවුරුන් දැයි අනාවැකියක් පළ කළ හැකි දැයි මගෙන් විමසූ කිහිප දෙනකුටම එවැන්නක් ප්‍රකාශ කිරීම ප්‍රාමාණික දැනුමක් ඇති ජ්‍යොතීර්වේදියකුට ඒ සඳහා විශාල කාලයක්, ශ්‍රමයක් සහ ශාස්ත්‍රීය ඥානයක් වැය කළ යුතු කාරියක් බව මම සෘජුව නොකීවෙමි වෙනුවට මා පවසා සිටියේ මට පෙනෙන අන්දමට නම් නමට අකුරු තුනක් ඇති අපේක්‍ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරයා වීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවකි. එවිට ඒ බොහෝ දෙනා ම`වෙතින් අසා සිටියේ මෙවර ජනපතිවරණයේ ප්‍රධාන අපේක්‍ෂකයන් සිව් දෙනකු ගේම නම අකුරු තුනකින් යුක්ත වීම මත මගේ එම ප්‍රකාශය විහිළුවක් නොවේද? යන්න ය.


එවිට මා ඔවුනට කියා සිටියේ අතිශය සූක්ෂම ග්‍රහ විශ්ලේෂණයකින් පැවසිය යුතු අනාවැකියක් ලේසි පහසු කාරියක් සේ හුවා දැක්වීමට වඩා එසේ විහිළුවක් කොට නිහඬවීම අතිශය යෝග්‍ය බව ය. මක් නිසාද යත් පසුගිය කාලය තුළ කිසිදු සිද්ධාන්තමය පදනමක් නොමැතිව එවන් ජාතික මට්ටමේ අනාවැකි හිටිවනම ප්‍රකාශ කළ අඳ බාලයන් නිසා මේ වන විට ජ්‍යොතිෂයට අත් වී ඇති ඛේදනීය ඉරණම හොඳටම ප්‍රමාණවත් බැවිනි.



hema sri
(හේම ශ්‍රී අමරසිංහ)

vinivida.lk



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...