The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙවර ඡන්දය භාවිත කරන ඔබ මේ දේවල් දන්නවා ද?

T

The Leader Desk

September 16, 2024 • 11:37 AM

මෙවර ඡන්දය භාවිත කරන ඔබ මේ දේවල් දන්නවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිතයි. ඔබ පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන කෙනෙක් නම් බීබීසි සිංහල ගෙන එන මේ මඟ පෙන්වීම ඔබටයි.
  • ඡන්දය ප්‍රකාශ කරන්න යනවිට ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්යයි.
  • මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන පහත දැක්වෙන ඕනෑම වලංගු හැඳුනුම්පතක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්.
  • වලංගු විදේශ ගමන් බලපත්‍රය 3.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාවේ නවවන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා වන ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිතයි. 

ඔබ පළමු වරට ඡන්දය ප්‍රකාශ කරන කෙනෙක් නම් බීබීසි සිංහල ගෙන එන මේ මඟ පෙන්වීම ඔබටයි.

BBC p 63
ඡන්දය ප්‍රකාශ කරන්න යනවිට ඔබ සතුව වලංගු හැඳුනුම්පතක් තිබීම අනිවාර්යයි.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අනුමත කර තිබෙන පහත දැක්වෙන ඕනෑම වලංගු හැඳුනුම්පතක් ඡන්දය ප්‍රකාශ කිරීමට ඔයාට ඉදිරිපත් කරන්න පුළුවන්.

1. වලංගු ජාතික හැඳුනුම්පත
2. වලංගු විදේශ ගමන් බලපත්‍රය
3. වලංගු රියදුරු බලපත්‍රය
4. වැඩිහිටි හැඳුනුම්පත
5. විශ්‍රාමික හැඳුනුම්පත
6. පූජ්‍ය පක්ෂයට අදාළ හැඳුනුම්පත
7. මැතිවරණ දෙපාර්තමේන්තුව විසින් ග්‍රාම නිලධාරි මඟින් නිකුත් කරනු ලබන තාවකාලික හැඳුනුම්පත

හැබැයි මේ එක හැඳුනුම්පතක් හරි අනිවාර්යයෙන් ම අරගෙන යන්න.


BBC p 64

තැපෑලෙන් නිවසට ලැබෙන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ඡන්ද මධ්‍යස්ථානයට අරගෙන යන එක ඔයාට වගේම නිලධාරීන්ටත් පහසුවක්. ඒ නිසා නොවැළැක්විය හැකි තත්වයක දී හැර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව රැගෙන යන්න අමතක කරන්න එපා.

BBC p 65
මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළ පරිදි 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ විශේෂ විධිවිධාන පනතේ 8 (අ) වගන්තියට අනුව සහ 1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳ පනතේ තුන්වන උපලේඛනයට අනුව, අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කළ යුත්තේ අංක 1 යෙදීමෙනි.

දෙවනි හා තුන්වෙනි මනාපයත් ලකුණු කරනවා නම්, අපේක්ෂකයන් ගැන ඔයාට තියෙන කැමැත්තේ අනුපිළිවෙළට 1, 2, 3 ඉලක්කම් අපේක්ෂකයන්ගේ නම් ඉදිරියෙන් සලකුණු කරන්න පුළුවන්.

BBC p 66
ඡන්ද පත්‍රිකා වැඩියෙන් දෙන්න වෙනවා කියන්නේ මැතිවරණයේ පිරිවැය වැඩිවෙනවා වගේ ම ක්‍රියාවලිය තවත් සංකීර්ණ වෙනවා. ඒ නිසා සෑම විට ම ඡන්දය ප්‍රකාශ කරන ආකාරය ගැන අවබෝධයෙන් ඡන්ද මධ්‍යස්ථානයට යන්න. ඡන්දය නිවැරදි ව භාවිත කරන එක පුරවැසියෙක් විදිහට ඔයාගේ වගකීමක්.
 
BBC p 67
ඔයගේ ඡන්ද අවලංගු වෙන ආකාර කීපයක් තියෙනවා

1. කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම
2. එක් අපේක්ෂකයෙකුට වඩා කතිර සලකුණු කර තිබීම
3. කතිර (X) සහ ඉලක්කම් දෙවර්ගයම සලකුණු කර තිබීම
4. දෙවනි මනාපය සහ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර තිබීම
5. ඡන්දදායකයාගේ නම හෝ හඳුනාගත හැකි යමක් ලියා තිබීම
6. 1, 2, 3ට වඩා මනාප සලකුණු කර තිබීම

මේ කියන වැරදි ඔයා කළොත් ඔයාගේ වටිනා ඡන්දය අවලංගු වෙනවා.

BBC p 68
ඡන්ද මධ්‍යස්ථානය තුළට ජංගම දුරකථනය රැගෙන යාම සහ ඡායාරූප ගැනීම මැතිවරණ නීතිවලට අනුව සම්පූර්ණයෙන් ම නීතිවිරෝධීයි.
 
BBC p 69
ඔයාගේ පවුලේ කෙනෙක් හරි යාළුවෙක් හරි අර්ධ වශයෙන් හෝ පූර්ණ වශයෙන් දෘෂ්‍යාබාධිතයි නම්, ඒ වගේ කෙනෙකුට ඡන්දය භාවිත කරන්න සහාකයෙක් සමඟ යන්න පුළුවන්

ඒ සඳහා ග්‍රාම නිලධාරීවරයාගෙන් ලබා ගත යුතු අවසර ලබා ගැනීමේ ලියවිලි සහ රජයේ වෛද්‍ය නිලධාරියෙකුගේ සහතිකයක්, සහායකයාගේ වලංගු හැඳුනුම්පතක් සමඟ ඡන්ද මධ්‍යස්ථානයට රැගෙන යන්න අවශ්‍යයි.

සහායකයෙකු නොමැති වුවත් තවත් නිලධාරියෙකු ඉදිරියේ, ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති ලවා ඡන්දය සලකුණු කිරීමටත් පුළුවන්.

ඡන්ද මධ්‍යස්ථානයට යාමට නොහැකි ආබාධිත තත්වයක් ඔයාගේ පවුලේ කෙනෙකුට, යාළුවෙකුට හෝ ඔයා දන්න ඕනෑම කෙනෙකුට තියෙනවා නම්, මැතිවරණයට කලින් මැතිවරණ කොමිසම හරහා ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට අයදුම් කරන්න හැකියාව තියෙනවා.

නිෂ්පාදන කණ්ඩායම:

නිෂ්පාදනය: BBC සිංහල
දෘෂ්‍ය නිර්මාණ: ලෝකේෂ් ෂර්මා
දෘෂ්‍ය නිෂ්පාදනය: අක්නියා අස්කියා
මූලාශ්‍රය: මැතිවරණ කොමිසම, ශ්‍රී ලංකාව
ඡායාරූප: BBC සිංහල

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...