The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?

T

The Leader Desk

September 18, 2024 • 8:23 AM

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හැබැයි නිව්ස්ෆීඩ් එකට නිකම් ම එනවා." තරුණියන් 6 දෙනෙකුගෙන් සහ තරුණයින් තිදෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් බීබීසී සිංහල සමග එලෙස පැවසීය.
  • ඔවුන්ගෙන් බහුතරයක් ම සිය 25 වන වියට ආසන්නව සිටි, මෙරට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණ සිටි අය වූහ.
  • ඒවා විටෙක, දැන්වීමක් (sponsored ad) ලෙස දිස්වන බව ඔවුහු පැවසූහ.
  • "ඉන්ස්ටග්‍රෑම් එකෙත් සාමාන්‍යයෙන් ස්ටෝරීස් 5ක් බලල ඉවර වෙද්දී එක ඇඩ් එකක් කොහොමත් එනවා." ඒත් සමග ම තවත් තරුණියක්, "යූටියුබ් එකෙත් එනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

මඩ ප්‍රචාර යනවා. මෝඩ කතා යනවා. අපි ඒවා හොයන් යන්නේ නැහැ. අපි ලයික් කරලත් නැහැ. හැබැයි නිව්ස්ෆීඩ් එකට නිකම් ම එනවා."

තරුණියන් 6 දෙනෙකුගෙන් සහ තරුණයින් තිදෙනෙකුගෙන් සමන්විත වූ ශ්‍රී ජයවර්ධපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් බීබීසී සිංහල සමග එලෙස පැවසීය.

අප එහි යන විටත් දිවා ආහාරය සඳහා කාලය පැමිණ තිබුණු බැවින් සිසුන් සිටියේ දේශන ශාලාවලින් පිටත ය.

ඔවුන්ගෙන් බහුතරයක් ම සිය 25 වන වියට ආසන්නව සිටි, මෙරට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණ සිටි අය වූහ.

 

ෆේස්බුක් පමණක් නොව, මෙටා සමාගම සතු ඉන්ස්ටග්‍රෑම් පරිශීලනය කරන ඔවුහු X (මීට පෙර ට්විටර්) සහ ටික්ටොක් ද පරිශීලනය කරන සමාජ මාධ්‍ය තුළ සක්‍රීය කණ්ඩායමක් වූහ.

ෆේස්බුක් පමණක් නොව, මෙටා සමාගම සතු ඉන්ස්ටග්‍රෑම් පරිශීලනය කරන ඔවුහු X (මීට පෙර ට්විටර්) සහ ටික්ටොක් ද පරිශීලනය කරන සමාජ මාධ්‍ය තුළ සක්‍රීය කණ්ඩායමක් වූහ.

'පෝස්ට් 10ක් ගත්තොත් 7ක් 8ක් විතර එනවා පොලිටිකල් ඒවා...'

 

ෆේස්බුක් භාවිතයේදී ඔවුන් දකින සෑම අන්තර්ගතයන් 10කින් 7ක් හෝ 8ක් පමණ දේශපාලනය සම්බන්ධ ඒවා බව

ඔවුන් සඳහන් කළේ, මෙම මැතිවරණ කාලයේ සමාජ මාධ්‍ය පරිශීලනය කිරීමේදී, විශේෂයෙන් ෆේස්බුක් භාවිතයේදී ඔවුන් දකින සෑම අන්තර්ගතයන් 10කින් 7ක් හෝ 8ක් පමණ දේශපාලනය සම්බන්ධ ඒවා බව ය.

ඒවා විටෙක, දැන්වීමක් (sponsored ad) ලෙස දිස්වන බව ඔවුහු පැවසූහ.


ඔවුන් අතරින් ඉන්ස්ටග්‍රෑම් භාවිත කරන එක් තරුණියක් මෙසේ පැවසුවා ය. "ඉන්ස්ටග්‍රෑම් එකෙත් සාමාන්‍යයෙන් ස්ටෝරීස් 5ක් බලල ඉවර වෙද්දී එක ඇඩ් එකක් කොහොමත් එනවා."

ඒත් සමග ම තවත් තරුණියක්, "යූටියුබ් එකෙත් එනවා. සමහර ඒවා ස්කිප් කරනවා. ඒත් සමහර ලස්සන ඒවා බලනවා. ක්‍රියේටිව් ඒවා," යනුවෙන් පැවසුවේ තරමක් සිනා මුසු මුහුණකිනි.

'සෝෂල් මීඩියා කන්ටෙන්ට්වලට අපි අහුවෙන්නේ දන්නේ ම නැතිව'

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම සඳහන් කළේ, මෙම කාල සීමාව තුළ සමාජ මාධ්‍ය භාවිතයේදී ඔවුන් එක් එක් අපේක්ෂකයින්ගේ නිල ෆේස්බුක් පිටු ඔස්සේ සිදු කරන ප්‍රචාරක කටයුතු පමණක් නොව, වෙනත් ෆේස්බුක් පිටු හරහා සිදු කරන ප්‍රචාරක කටයුතු ද නිරීක්ෂණය වන බව ය.

"සමහර පේජ්වලින් කලින් තිබ්බ කන්ටෙන්ට් නෙමෙයි දැන් දාන්නේ. මීම් පේජස් ලයික් කරපුවා, ඡන්දේ කාලයේදී ඒ වෙනුවෙන් ම වැඩ කරනවා පේනවා. සමහර වෙලාවට අපි ඒ පේජස් අන්ෆලෝ කරනවා. නැත්නම් ඔහේ තියෙන්න අරිනවා," එම පිරිස වෙන් වෙන් වශයෙන් මෙලෙස පැවසූහ.


නමුත් සිත්ගන්නාසුලු අන්තර්ගතයක් දුටුවහොත් ඇතැම් අවස්ථාවලදී එහි ස්ක්‍රීන්ෂොට් එකක් ගෙන එය තම මිතුරන් සිටින වට්ස්ඇප් සමූහවල බෙදා ගන්නා බව ඔවුහු සඳහන් කළහ.

ඇතැම් අවස්ථාවකදී එවැනි 'මීම්ස්' හරහා යම් අපේක්ෂකයෙකු පිළිබඳ ඇති කැමැත්ත අඩු වී යන බව තරුණියක් පැවසුවා ය.

ඔවුන්ගේ පොදු මතය වූයේ, "මීම්ස් හරහා යම් බලපෑමක් සිදු කළ හැකි යි," යන්නත් ඇතැම් අවස්ථාවලදී එය "නෙගටිව් ඉෆ්ලුවන්ස් එකක්" බව ත් යන්න ත් ය.

"සෝෂල් මීඩියා කන්ටෙන්ට්වලට අපි අහුවෙන්නේ දන්නේ ම නැතිව," ඔවුහු පැවසූහ.


studentsඅපත් සමග සංවාදයට එක් වුණු ශිෂ්‍ය කණ්ඩායමේ පිරිසක්...

මොකක් ද මේ 'ඉන්ෆ්ලුවන්ස් ඔපරේෂන්ස්' (Influence Operations)?

මැතිවරණ කාලවලදී අපේක්ෂකයින් සහ ඔවුන්ගේ කඳවුරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අතිසූක්ෂම ලෙස ප්‍රචාරක කටයුතු සිදු කරනු ලබන බව සමාජ මාධ්‍ය පර්යේෂකයෙකු වන ආචාර්ය සංජන හත්තොටුව සමග බීබීසී සිංහල සමග පැවසීය.

එය දුස්තොරතුරුවලින් (disinformation) ඔබ්බට යන්නක් බව ඔහු සඳහන් කළේ ය.

සමාජ මාධ්‍ය හරහා දුස්තොරතුරු (disinformation) සංසරණය වීම ප්‍රථම වරට දක්නට ලැබුණේ පශ්චාත් යුද්ධ සමයේදී, එනම් 2010 වසරෙන් පසුව බවත්, තමා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඇති බවත් 2015 වසරේ පැවති මැතිවරණයෙන් පසු ද එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වුණු බව ත් ඔහු සඳහන් කළේ ය.

 

Aragalaya 2022.10.08අරගලයෙන් පස්සේ, 2022 තිබුණ සමාජ මාධ්‍ය පදනම් කරගෙන, දේශීය සහ ගෝලීය කතිකාවක් පදනම් කරගෙන ලංකාවේ දේශපාලන, සමාජ සන්දර්භය සම්පූර්ණයෙන් ම වෙනස් වුණු" බව

ආචාර්ය හත්තොටුව පෙන්වා දුන්නේ, "විශේෂයෙන් ම අරගලයෙන් පස්සේ, 2022 තිබුණ සමාජ මාධ්‍ය පදනම් කරගෙන, දේශීය සහ ගෝලීය කතිකාවක් පදනම් කරගෙන ලංකාවේ දේශපාලන, සමාජ සන්දර්භය සම්පූර්ණයෙන් ම වෙනස් වුණු" බව ය.

"ඉන්දියාවේ තිබුණ මැතිවරණයේදී වගේ ම ඇමෙරිකාවේ තියෙන මැතිවරණයේදීත් කැම්පේන්ස් තුළ ඩිස්ඉන්ෆෝමේෂන් ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒක පිළිගන්න ඕනේ. හැබැයි මෙතන වෙන ම පැත්තක් තියෙනවා කවුරුවත් අහන්නේ නැති. අපි වගේ පර්යෙක්ෂකයින් පොඩ්ඩක් ඉදිරියෙන් ඉන්නේ. අපි කතා කරන්නේ, ඉන්ෆ්ලුවන්ස් ඔපරේෂන්ස් (Influence Operations) ගැන."

අයි.ඕ. (IO) ගැන පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, එය මැතිවරණ කාලවලදී පමණක් දක්නට ලැබෙන දෙයක් නොවන බව ය.

20240205093059 Joe FINALs 1200x675

"ඒ කියන්නේ, හැම දවසක ම, හැම රටක ම සමාජ මාධ්‍ය හරහා ඒ රටේ ජනතාවගේ හැඟීම්වලට, ඒ අය රට දිහා බලන ආකාරයට, ඒ අය කොහොම ද එක එක තත්ත්වයන්ට ප්‍රතිචාර දක්වන විදිහට බලපෑම් කිරීමේ උත්සහයක් තමයි මේ අයි.ඕ. හරහා කරන්න හදන්නේ," ඔහු තවදුරටත් පැහැදිලි කළේ ය.


කෙසේ වෙතත්, දුස්තොරතුරු (disinformation) මෙන්, මෙවැනි ප්‍රචාරක කටයුතු හරහා පළ කෙරෙන අන්තර්ගතයන් වැරදිසහගත බවට ඍජුව හඳුනා ගත නොහැකි බව ආචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

"උදාහරණයක් විදිහට, Aගේ කඳවුරෙන් කියන්නේ නැහැ, B යකෙක් කියලා. ඒ කියන්නේ ඍජුව ම අපිට හඳුනා ගන්න බැහැ ඒ ඩිස්ඉන්ෆෝමේෂන් කියලා. හැබැයි එක් එක් අපේක්ෂකයින්ගේ කඳවුරු තුළින් මේ අයි.ඕ. නිර්මාණය කරනවා, රටක්, මැතිවරණයක්, ප්‍රශ්නයක්, කැම්පේන් එකක්, පාටි එකක් වගේ මොකක් හරි දෙයක් සම්බන්ධයෙන් හිතන ආකාරය."

එය විටෙක 'මීම්' එකක් හරහා වුව ද සිදු කළ හැකි බව ත් ඒ හරහා වක්‍රාකාරව "යම් කිසි දෙයක් ඇම්ප්ලිෆයි කරලා, එහෙම නැත්නම් යම්කිසි දෙයක් ගැන බයක් ඇති කරලා අපිව පොළඹවනවා යම් කිසි පැත්තකට බර වෙන්න, යම් කිසි දෙයක් ගැන හිතන්න, එහෙම නැත්නම් යම් කිසි දෙයක් ගැන නොසිතන්න," ඔහු තවදුරටත් පැහැදිලි කළේ ය.

'හැඟීම් සම්බන්ධ කන්ටෙන්ට් හරහා යම් ආකාරයක පෙළඹවීමක් ඇති කරනවා'

"එක අපේක්ෂකයෙක් මේ ළඟදී කරපු ඇඩ් එක එහෙම. ඒකෙ ගොඩක් වෙලාවට ඒ කෙනාගේ පැත්තෙන් නෙවෙයි, අපේ පැත්තෙන් හිතන්න දේවල් ඇති කළා," මැතිවරණ කාලවලදී සමාජ මාධ්‍ය ඔස්සේ දකින බලපෑම් ඇති කරන අන්තර්ගතයන් පිළිබඳව සඳහන් කරමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායම මෙලෙස සඳහන් කළහ.

"ඒකෙන් වක්‍රාකාර පෙළඹවීමක් ඇතිවෙනවද?," අපි ඔවුන්ගෙන් පෙරළා ප්‍රශ්න කළෙමු.

ඊට පිළිතුරු දෙමින් ඔවුන් සඳහන් කළේ, "අනිවාර්යෙන් ම එහෙම හිතෙනවා. හැඟීම් සම්බන්ධ කන්ටෙන්ට් හරහා යම් ආකාරයක පෙළඹවීමක් ඇති කරනවා. ඒක නිකම් එයාට ප්ලස් පොයින්ට් එකක් වගේ," යනුවෙනි.

"ක්‍රියේටිවිටි සහ ඉමෝෂන්ස් කියන දෙක ම බලපානවා ඒවලදී. එතකොට බලන්න ආස හිතෙනවා," ඔවුන් අතර සිටි තරුණයෙක් ඊට තවත් අදහසක් එක් කළේ ය.

කෙසේ වෙතත්, එලෙස දකින සෑම අන්තර්ගතයක ම අඩංගු තොරතුරු පිළිබඳව විශ්වාස නොකරන බව ඔවුහු පැවසූහ.

ඇතැම් අවස්ථාවලදී අනෙක් පාර්ශව ඒ සඳහා දක්වා ඇති අදහස් (comments) මොනවා ද යන්න පිළිබඳව සොයා බලන බව ඔවුන් සඳහන් කළේය.

"දකින හැමදේ ම විශ්වාස කරන්නේ නැහැ. පොඩ්ඩක් බලනවා කමෙන්ට්ස් එහෙම කියවලා ඇත්ත ද බොරු ද කියලා. හැබැයි කමෙන්ට්ස් හරහාත් අපිට පෙළඹවීමක් ඇති වෙනවා. අපි හරියට හිතනවා ද කියන සැකය ඇති කරනවා. අපි හිතන විදිහට ද අනිත් අයත් හිතන්නේ කියන එක හිතෙනවා."


ඇතැම් සමාජ මාධ්‍ය වේදිකාවල මත විමසුම් ක්‍රියාත්මක වන බව ත් ඒවා හරහා පුද්ගලයින් වැඩි කැමැත්තක් දක්වන අපේක්ෂකයා කවුරුන් ද යන වග දැන ගත හැකි බව ත් ඔවුහු පැවසූහ.

ඔවුන් පෙන්වා දුන්නේ, එවැනි මත විමසුම් හරහා ද නොදැනුවත්ව ම තමන් සිතන ආකාරය සඳහා යම් බලපෑමක් සිදුවන බව ය.

පළමු වරට මෙවර තම ඡන්දය භාවිත කරන තරුණියක් මතවිමසුම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් දැක්වීය.

"මම පළවෙනි පාරට තමයි ඡන්දය දෙන්නේ. මට දැන් අදහසක් නැහැනේ හරියට. එතකොට මමත් බලනවා කාට ද දන්නේ නැහැ වැඩියෙන් ම යන්නේ කියලා. එතතකොට මගේ හිතෙත් ඇති වෙනවා මෙයාට දුන්නොත් හොඳයි කියලා," ඇය පැවසුවා ය.


ඇතැම් අවස්ථාවලදී යම් අපේක්ෂකයින්ට මෙතරම් ආකර්ෂණයක් ඇත්තේ ඇයි ද යන්න දැන ගැනීම සඳහා ඔවුන් සහභාගී වූ සම්මුඛ සාකච්ඡා නැරඹීමට තමන් පෙළඹුණු බව වෙනත් තරුණියක් පැවසුවා ය.


student mediaඅපත් සමග සංවාදයට එක් වුණු ශිෂ්‍ය කණ්ඩායමේ සෙසු පිරිස...

'අතිසූක්ෂම ඔපරේෂන් එකක්'

ආචාර්ය සංජන හත්තොටුව බීබීසී සිංහල සමග අදහස් දක්වමින් සඳහන් කළේ, මෙය ඉතා සූක්ෂමව සිදුවන ක්‍රියාවලියක් බව ය.

ඉන්ෆ්ලුවනස් ඔපරේෂන්ස් මැතිවරණ ප්‍රචාරක කාලයට පෙර ආරම්භ වුව ද, ප්‍රචාරක කාල සීමාවේදී ඒ හරහා පළ කෙරෙන අන්තර්ගතයන් "උග්‍ර" වන බව ඔහු පෙන්වා දුන්නේ ය.

මැතිවරණ ප්‍රචාරක සඳහා එක් එක් අපේක්ෂකයින් වැය කරන මුදල් සම්බන්ධයෙන් හෙළිදරව් කළ යුතු වුව ත් ඔහු සඳහන් කළේ, අයි.ඕ. හරහා සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු ඇතැම් අවස්ථාවලදී මෙම අණ පනත්වලට යටත් නොවන බව ය.

එමෙන් ම, ඒවා මෙටා සමාගමේ "ට්‍රස්ට් ඇන්ඩ් සේෆ්ටි ෆ්‍රේම්වර්ක්ස්" සඳහා ද යටත් නොවන බව ඔහු පැවසීය.

 115958052 b12be672 25ab 4b17 a9db 3c1bd49f797d

"මැතිවරණ කොමිසමේ 2023 පනත අනුව, තමන්ගේ නිල ප්‍රචාරණ කටයුතු සඳහා අපේක්ෂකයින් කොච්චර විදයම් කළා ද කියලා කියන්න ඕනේ. බිලියන 2ක් විතර තමයි කොමිසම කියලා තියෙන්න ප්‍රචාරණ කටයුතුවලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. [ඇ.ඩො. මිලියන 5ක් විතර].


ප්‍රශ්නේ තියෙන්නේ, මේ හැම අපේක්ෂකකයෙකුගේ ම කැම්පේන් එකකට ඒ අය කෑෂ් බේස් [අත්පිට මුදලට], එයාලා දෙනවා ෆේස්බුක් ඇඩිමින්ස්ලාට මෙන්න මේ කන්ටෙන්ට් දාන්න කියලා. මේක තනිකර ම කළු ආර්ථිකයක්. ඒක ෆේස්බුක් ඇඩ් ලයිබ්‍රරි එකට ලැබෙන්නේ නැහැ. මොක ද ඒක බූස්ටඩ් කන්ටෙන්ට් නෙවෙයි. හැබැයි තනිකර ම පක්ෂපාති අයි.ඕ. ඔපරේෂන් එකක්," ආචාර්යවරයා තවදුරටත් පැහැදිලි කළේ ය.

'මේ පාර තියෙන්නේ තනිකර මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන කැම්පේන් එකක්' - ෆේස්බුක් ඇඩ්මින්වරයෙක්

 

Photo 1 1'මේ පාර තියෙන්නේ තනිකර මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන කැම්පේන් එකක්'

පෙර පැවති මැතිවරණවලදී මෙන් ම, මෙවර ජනාධිපතිවරණයේදී ද ඉතා සක්‍රීයව අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතුවල නිරත වන ෆේස්බුක් පිටු කළමනාකරණය කරන ඇඩ්මින් කෙනෙකු සමග සංවාදයේ යෙදීමට බීබීසී සිංහලට අවස්ථාව ලැබිණි.

ඔහුගේ අනන්‍යතාව ආරක්ෂා කිරීමට අප ඔහුගේ නම හෝ වෙනත් තොරතුරු මෙහි සඳහන් නොකරන බව සලකන්න.

ඔහු පැවසුවේ, මෙවර මැතිවරණයේදී සමාජ මාධ්‍යවල හැසිරීම තරමක් වෙනස් බව ය.

"මීට කලින් තිබ්බ ඡන්දවලදී [පක්ෂවලින්] ගහන්න ඕන කන්ටෙන්ට් අපිට හදලා එව්වා. හැබැයි මේ පාර කැම්පේන් එකේ වැඩි කොටසක් තියෙන්නේ මිනිස්සුන්ගේ අතේ, ඔහු සඳහන් කළේ ය.

ඒ පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේ ද පැවසීය.

"මිනිස්සු තමන්ගේ අතේ තියෙන සල්ලිවලින් ඩේටා දාගෙන සමහර පක්ෂවලට අවශ්‍ය දේ කරනවා. ඒක පේඩ් කැම්පේන් එකකට වඩා සාර්ථකයි. ඒක ඕගනික් නේ. එතකොට මේ පාර රැල්ල තියෙන්නේ එයාලගේ අතේ මිසක්, අපේ අතේ නෙවෙයි."


ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍යවල ක්‍රියාත්මක ඇතැම් පිටු, පළ කරන්නේ එක් අපේක්ෂකයෙකුගේ අන්තර්ගතයන් පමණක් නොවන බව ය. ඇතැම් අවස්ථාවලදී ඒවායේ අපේක්ෂකයින් කිහිප දෙනෙකු සම්බන්ධ අන්තර්ගත පළ කෙරෙන බව ය.

"සමහර පේජස්වලට කෝටි ගණන් ගෙවලා තියෙනවා සමහර අපේක්ෂකයෝ. සමහර ඒවාට කාලෙකට කලින් ම ගෙවලා තියෙනවා. සමහර ඒවා මැතිවරණ කොමිසමේ කැම්පේන් ෆයිනෑන්ස්වලට අහුවෙන්න්ත් නැහැ.

උදාහරණයක් විදිහට මම එක පක්ෂෙකට වැඩ කරනවා. හැබැයි ඒ පක්ෂේ සල්ලිවලින් නෙමෙයි. මගේ ෆන්ඩ්ස්වලින් [කැම්පේන් එක කරන්නේ]. පස්සේ ඒකට ගිය සල්ලි පියවා ගන්නවා පක්ෂේ සල්ලිවලින්. එතකොට ඒවා අහුවෙන්නේ නැහැ."


ඔහු වැඩිදුරටත් පැවසුවේ, "මේ පාර තියෙන්නේ තනිකර මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන කැම්පේන් එකක්," යනුවෙනි.


e338a380 73a6 11ef 8c1a df523ba43a9a.png


මොකක් ද මේ රෙඩි-මේඩ් ඕඩියන්ස් (ready-made audience)?

මෙම සංවාදයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තරුණ ශිෂ්‍ය කණ්ඩායම විසින් මතු කරන ලද තවත් උත්සුකයක් වූයේ, තමන් මීට පෙර යම් ආකාරයක අන්තර්ගත දැක ගැනීම සඳහා 'ලයික් කර' තිබුණු ෆේස්බුක් පිටු දැන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීම ය.

ඒ පිළිබඳව ද ආචාර්ය සංජන හත්තොටුව පැහැදිලි කළේ ය.

උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ, යම් ප්‍රසිද්ධ චරිතයක්, කලා නිර්මාණයක් හෝ වෙනත් ආකාරයක යමක් සඳහා නිර්මාණය කර තිබුණු ෆේස්බුක් පිටුවක් එකවර මැතිවරණ කාලවලදී අපේක්ෂකයෙකු වෙත නැඹුරු වන බව ය.

Facebook Algorithm

"ඒක හැබැයි අලුත් පේජ් එකක් නෙමෙයි. ඒ වගේ පේජ් එකක් කැම්පේන් කාලයේදී පක්ෂපාති රාමුවකට හැරෙනවා කියන්නේ, ඒක හරි ම සූක්ෂම ස්ට්‍රැටජී එකක්. මොකද ඔය සමහර පේජස්වලට ඉන්නවා ලක්ෂයකට වැඩි ෆලෝවර්ස්ලා ගණනක්. එතකොට ඒක රෙඩි-මේඩ් ඕඩියන්ස් (ready- made audience) එකක්. ඒ රෙඩි-මේඩ් ඕඩියන්ස් එකට දෙයක් දෙන්න, ෆේස්බුක් එකට ගෙවන්න ඕනේ නැහැ. ඒක ඕගනික්."


ෆේස්බුක්හි ඇල්ගොරිදම් සැකසී ඇත්තේ ද යම්, පිටුවක් පරණ වෙත් ම එහි පළ කෙරෙන අන්තර්ගතයන් පිළිබඳව විශ්වාසය තැබීමට බව ඔහු පැවසීය. එවැනි පිටුවක් එකවර පක්ෂපාති කෝණයකට හැරුණු පසු එම ජනප්‍රියතාව පදනම් කරගෙන නව අන්තර්ගතයන් පරිශීලකයින්ගේ නිව්ස්ෆීඩ්ස්වල මතුවීම ආරම්භ වන බව ඔහු සඳහන් කළේ ය.

එය මීට පෙර පැවති ජනාධිපතිවරණවලදී පවා සිදු වූවක් නමුත්, වර්තමානයේ එය වඩා ත් සූක්ෂම ලෙස සිදුවන බව ආචාර්යවරයා පැවසීය.

සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන මෙම පෙළඹවීම් නියාමනය කළ නොහැකි ද?

මේ සම්බන්ධයෙන් තමා දිගින් දිගට ම ෆේස්බුක් වෙත දැනුම් දුන්න ද, අයි.ඕ. වැනි ක්‍රියා නැවත්වීමට ඔවුන් තම සමාජ මාධ්‍ය වේදිකාව විධිමත් කර නොමැති බව ආචාර්ය සංජන හත්තොටුව පෙන්වා දුන්නේ ය.

"පහුගිය මැතිවරණ කාලවලට සාපේක්ෂව අද වන විට ඕෆ්ලයින් වයලන්ස් නැති වුණාට, යුද්ධ බිම තියෙන්නේ සමාජ මාධ්‍යවල. එතකොට මැතිවරණ දවස වනතුරු ජනතාවගේ හැඟීම් ඕන්/ඕෆ් ස්විච් එකක් තියෙන්නේ සෝෂල් මීඩියාවල," ඔහු අවධාරණය කළේ ය.

 

image 367 1024x683 මැතිවරණ කොමිෂන් සභාව මෙවැනි දෑ නිරීක්ෂණය කිරීම සඳහා තම මානව සම්පත සහ තාක්ෂණය ශක්තිමත් කළ යුතු බව

ආචාර්යවරයා සඳහන් කළේ, මැතිවරණ කොමිෂන් සභාව මෙවැනි දෑ නිරීක්ෂණය කිරීම සඳහා තම මානව සම්පත සහ තාක්ෂණය ශක්තිමත් කළ යුතු බව ය.

"ඒ අය [මැතිවරණ කොමිසම] කියලා තියෙනවා, එයාලට බැහැ ඒ නිසා, බාහිර අයට දීලා තියෙනවා කියලා. නමුත් ඒ බාහිර අයට හැකියාවක් නැහැ. මේකට විශේෂඥ දැනුමක් තියෙන්න ඕනේ.

"ඉන්දියාවේ මැතිවරණ කොමිසම ගත්තොත්, ඒ අය ඉන්නේ තවත් ඉදිරියෙන්. මේක කිසි ම රටකට ලේසි එකක් නෙවෙයි. හැබයි ඒ අය [මැතිවරණ කොමිසම] රිසෝසස් ඉන්වෙස්ට් කරලා නැහැනේ. අපි මොකක්වත් කරලා නැහැනේ. කොමිසම පැත්තෙන්. එතකොට කොමිසම මේ ප්‍රශ්නයට අද සහකරුවෙක් වෙනවා. දෙවැනි එක තමයි සමාජ මාධ්‍ය ආයතනත් සහකරුවන් බවට පත් වෙලා තියෙනවා," ඔහු තවදුරටත් පැහැදිලි කළේ ය.

"කැම්පේන් එක හසුරුවන අය ඩීජේස්ලා, හැබැයි ඒ මියුසික් එක ගහන්නේ රටට. එතකොට ඒ මියුසික් එකේ හැටියට යම් කිසි ප්‍රජාවක්, හැසිරෙනවා නම්... නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වන්න මැතිවරණ කොමිසම වගේ ම සමාජ මාධ්‍ය සමාගම්නුත් දායක වෙන්න ඕනේ. 2024 ලංකාවේ ඒ දෙක ම අපිට බලා ගන්න නැහැ." ආචාර්ය හත්තොටුව පැවසීය.


මැතිවරණ කොමිසම මොකද කරන්නේ?

මැතිවරණවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරක කටයුතු හරහා වන පෙළඹවීම් නියාමනය කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් බීබීසී සිංහල මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායකගෙන් විමසීමක් කළේ ය. එහිදී ඔහු පෙන්වා දුන්නේ, එම ක්‍රියාවලිය සංකීර්ණ ක්‍රියාවලියක් බව ය.
නමුත්, එවැනි අන්තර්ගතයන් ඉවත් කිරීමේ කටයුතු ඒ පිළිබඳව දැනුම ඇති බාහිර කණ්ඩායම් සම්බන්ධ කරගෙන ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා පැවසීය.

"[අපිට ඒ තාක්ෂණය] නැති වුණාට අපි ඒ තාක්ෂණය තියෙන කණ්ඩායම් තුනක් හතරක් ළං කරගෙන ඉන්නවා. මේක අයින් කරන වැඩේ කරන්න පුළුවන් මැතිවරණ කොමිසමට විතරයි. ඒ අයට බැහැ, ඒවා අයින් කරන්න අවශ්‍ය ඉල්ලීම කරන්න. ඒ අය අපිට පැහැදිලිව හොයලා දෙනවා. එතකොට අපි තමයි අර සමාගම්වලට කතා කරලා, ඒ අදාළ අන්තර්ගත ඉවත් කරන්න කියලා කියන්නේ," ඔහු පැහැදිලි කළේ ය.


මේ දක්වා සමාජ මාධ්‍ය හරහා සිදුවුණු මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 400ක් පමණ ලැබී ඇති බව ඔහු පැවසීය.

"ආසන්න වශයෙන් 400 ගණනක් විතර ලැබිලා තියෙනවා. ඒවායින් එකසිය ගණනක් විතර [අන්තර්ගතයන්] ඉවත් කරලා තියෙනවා."

සමාජ මාධ්‍ය ඡන්ද දායකයින්ගේ මතයට සිදු කරන බලපෑම පිළිබඳව විමසූ අවස්ථාවේ සභාපතිවරයා පැවසුවේ: "ඒක මිනිස්සුන්ගේ වැඩක්. එක එක ඒවා පෙන්නුවට ඡන්ද දායකයා තමයි බුද්ධිමත්ව කල්පනා කරලා තීරණය කරන්න ඕනේ," යනුවෙනි.

ඔහු වැඩිදුරටත් පැවසුවේ, නිහඬ කාලය තුළ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මෙවැනි පෙළඹවීම් මැඩපැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ය.

මෙවර ජනාධිපතිවරණයේ නිහඬ කාල සීමාව සැප්. 19 වන දා 00:00ට ආරම්භ වේ. එය මැතිවරණ ප්‍රතිඵල නිකුත් කරන තෙක් ක්‍රියාත්මක ය.


poster"ඉස්සර බැනර්, පෝස්ටර් එහෙම ගැහුවනේ. දැන් ඒවා ගොඩක් අඩුයි නේ..."

'සෝෂල් මීඩියා හරහා කැම්පේන් කරන එක හොඳයි'

කෙසේ වෙතත් අප සංවාදය අවසානයේ තරුණ තරුණියන් කියා සිටියේ සමාජ මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කිරීම පරිසරය සම්බන්ධයෙන් ගත් කළ යහපත් බව ය.

"ඉස්සර බැනර්, පෝස්ටර් එහෙම ගැහුවනේ. දැන් ඒවා ගොඩක් අඩුයි නේ. පරිසරය පැත්තෙන් ඒක හොඳ දෙයක්. නැත්නම් එක ම ගහනවා පැත්තක් වැහෙන්න. දැන් එහෙම නැහැනේ," ඔවුහු පැවසූහ.

ඊට තවත් අදහසක් එක් කරමින් ඔවුන් පැවසුවේ, පාරේ තියෙන පෝස්ටර් එකකට අපි ඒකට විරුද්ධ නම්, ඒ ගැන අදහසක් දක්වන්නත් බැහැනේ. සමාජ මාධ්‍යවල එහෙම නැහැනේ."

 

Voteඡන්දය දවසේ ප්‍රකාශ කරන ඡන්දය අපිට හරියට ම කියන්න බැහැ, ඒක සමාජ මාධ්‍ය, එහෙමත් නැත්නම් ඔන්ලයින් අන්තර්ගතයන් පදනම් කරගෙන දෙන එකක් කියලා

මැතිවරණ දිනයේ ප්‍රකාශ කෙරෙන ඡන්දයට සමාජ මාධ්‍ය බලපාන්නේ ද යන්න පිළිබඳව ආචාර්ය සංජන හත්තොටුව මෙලෙස අදහස් දැක්වීය.

"ඡන්දය දවසේ ප්‍රකාශ කරන ඡන්දය අපිට හරියට ම කියන්න බැහැ, ඒක සමාජ මාධ්‍ය, එහෙමත් නැත්නම් ඔන්ලයින් අන්තර්ගතයන් පදනම් කරගෙන දෙන එකක් කියලා. ලයික් එකක්, කමෙන්ට් එකක්, සෝෂල් මීඩියා එන්ගේජ්මන්ට්, ගොඩක් කට්ටිය හිතන්නේ, ඡන්දේ දවසේ ඡන්දයක් හා සමානයි කියලා. ඒක ඍජුව ම වැරදියි."



(තාරක සම්මාන්)
බීබීසී සිංහල

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමාජ මාධ්‍යවලට මැතිවරණවලදී ඔබේ මතයට බලපෑම් කළ හැකි ද? | The Leader