The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනාධිපතිවරණයකදී ඔබේ ඡන්දය වැදගත් ඇයි?

T

The Leader Desk

September 20, 2024 • 10:32 AM

ජනාධිපතිවරණයකදී ඔබේ ඡන්දය වැදගත් ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ඉහළ ම බලතල සහිත පාලකයා වන්නේ, ජනාධිපතිවරයා ය.
  • ‘ජනාධිපතිවරයා යනු රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද, ආණ්ඩුවේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේ ය,’ යනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.
  • ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුලුනු 3 මත ක්‍රියාත්මක වේ.
  • ශ්‍රී ලංකාවේ පාලනය රැඳී ඇති කුලුනු 3: * විධායකය * ව්‍යවස්ථාදායකය * අධිකරණය කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායකය නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර, අධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කිරීම ද ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙන හෙයින් විධායක ජනාධිපතිවරයාට වැඩි බලතල තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රටේ ඉහළ ම බලතල සහිත පාලකයා වන්නේ, ජනාධිපතිවරයා ය.

‘ජනාධිපතිවරයා යනු රජයේ ප්‍රධානියා ද, විධායකයේ ප්‍රධානියා ද, ආණ්ඩුවේ ප්‍රධානියා ද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේ ය,’ යනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වේ.


ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය

ශ්‍රී ලංකාවේ පාලන ව්‍යුහය විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන කුලුනු 3 මත ක්‍රියාත්මක වේ.

 
ශ්‍රී ලංකාවේ පාලනය රැඳී ඇති කුලුනු 3:

* විධායකය

* ව්‍යවස්ථාදායකය

* අධිකරණය
 
කෙසේ වෙතත්, ව්‍යවස්ථාදායකය නියෝජනය කරන කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපතිවරයා වන අතර, අධිකරණය සඳහා විනිසුරුවරුන් පත් කිරීම ද ජනාධිපතිවරයා විසින් සිදු කෙරෙන හෙයින් විධායක ජනාධිපතිවරයාට වැඩි බලතල තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව කිසිදු අධිකරණයක කිසිදු නඩුවක් පැවරිය නොහැක.




ආණ්ඩුවේ ව්‍යුහය

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ අර්ධ-ජනාධිපති රාමුවක් තුළ වන අතර එහිදී ජනාධිපතිවරයා විසින් පත් කරන ලද අගමැතිවරයෙකු සහ අගමැතිවරයා විසින් යෝජනා කරන ලද කැබිනට් මණ්ඩලයක් සමග වැඩ කරන අතර ජනාධිපතිවරයා විධායක බලයක් දරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 (3) වගන්තිය අනුව ආරක්ෂක විෂය භාර අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා විසින් දරනු ලැබිය යුතු ය.

අමාත්‍යංශ යටතට පැවරෙන විෂයන් මොනවා ද යන්න තීරණය කිරීමටත්, අමාත්‍යංශ පවරන්නේ කුමන මන්ත්‍රීවරුන්ට ද යන්න තීරණය කිරීමටත් බලය ඇත්තේ, ජනාධිපතිවරයාට ය.


bbc

ඔබ ඡන්දය භාවිත කළ යුත්තේ ඇයි?

 
ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් වන ශ්‍රී ලංකාව තුළ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන අතර රටේ පාලනයට සම්බන්ධ වීමට ඔබට ලැබෙන එක ම අවස්ථාව වන්නේ, ඡන්දය භාවිත කරමින් සුදුස්සන් තෝරා ගැනීමට සම්බන්ධ වීම ය.

එම අවස්ථාව හිමි වන්නේ, වසර 5කට වරක් පැවැත්වෙන ජනාධිපතිවරණය ඇතුළු සෙසු මැතිවරණ හරහා ය.

ඔබ ඡන්දය භාවිත නොකරන්නේ නම් එය රට පාලනය කිරීම සඳහා සුදුස්සන් පත් කිරීම වෙනුවෙන් ඔබගේ වගකීමක් පැහැර හැරීමකි.

'ඡන්දය ඔබේ අයිතියක්. එය භාවිත කරන්න'

ඔබ සලකුණු කරන එක ඡන්දයක් සමස්ත ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බලපානු ඇති අතර ඔබ ඡන්දය සලකුණු නොකළහොත් පූර්ණ මහජන මතය ප්‍රකාශ වන්නේ නැත.

ඊට අමතරව, ඔබේ ඡන්දය වෙනුවෙන් ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සිට විශාල මුදලක් වැය කෙරෙන අතර ඔබ ඡන්දය භාවිත නොකළහොත් එම වියදම් සියල්ල අපතේ යයි.
 
Vote
බ්‍රහස්පතින්දා (සැප්: 19) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළේ, “ඡන්දය ඔබේ අයිතියක්. ඡන්දය ඔබේ බලය. එය භාවිත කරන්න,” යනුවෙනි.

2024 ජනාධිපතිවරණය


692bdb50 7722 11ef b02d c5f3b724a1ea.jpg

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 39 දෙනෙක් තරග වදිති. ශ්‍රී ලංකාවේ වෙසෙන මිලියන 22ක් වන ජනතාවගෙන් මිලියන 17කට ආසන්න සංඛ්‍යාවක් ජනපතිවරයෙකු තෝරා ගැනීමට ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබති.

50% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගන්නා අපේක්ෂකයා ජනාධිපතිවරණය ජයග්‍රහණය කරයි. ඡන්ද දායකයින්ට තමන් කැමති අපේක්ෂකයින් එක් අයෙකු, දෙදෙනෙකු හෝ තිදෙනෙකු වෙනුවෙන් කැමැත්තේ අනුපිළිවෙළ අනුව අංක යෙදීමට ඡන්ද පත්‍රිකාවේ ඉඩ සලසා තිබේ.

ඒ, කිසිදු අපේක්ෂකයෙකු 50%ක ප්‍රතිශතය ඉක්මවා ඡන්දය ලබා ගැනීමට අසමත් වුවහොත් දෙවන වර ඡන්දය ගණනය කිරීමෙන් ජයග්‍රාහී අපේක්ෂකයා තෝරා ගැනීම සඳහා ය.

එක් අපේක්ෂකයෙකුට පමණක් ඡන්දය සලකුණු කරන්නේ නම් එම අපේක්ෂකයාගේ නම ඉදිරියේ අංක 01 යෙදිය හැකි අතර, පනතේ සඳහන්ව නැතත් ඡන්ද දායකයින්ගේ භාවිතය සැලකිල්ලට ගෙන කතිර සලකුණක් යෙදීම ද පිළිගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සැප්තැම්බර් 19 වන දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය.

(BBC සිංහල සේවය)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...