The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වජිරා චිත්‍රසේන: ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ගැන ඔබ දන්නේ මොනවා ද?

T

The Leader Desk

September 25, 2024 • 7:29 AM

වජිරා චිත්‍රසේන: ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පිනිය ගැන ඔබ දන්නේ මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඇය අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියේ පසු විය.
  • ‘කාන්තාවන්ට නර්තනය අකැප’ බවට මතයක් මුල් බැසගෙන තිබූ අවධියක සමාජ මතයට අභියෝග කරමින් පිරිමි පුද්ගලයින් ආධිපත්‍යය දැරූ නර්තන ක්ෂේත්‍රය ජය ගැනීමට වජිරා චිත්‍රසේන සමත් විය.
  • කළුතර ඉපිද කොල්ලුපිටිය දක්වා පැමිණි ළමා විය නල්ලපෙරුම ආරච්චිගේ වජිරා ඩයස් (චිත්‍රසේන) 1932 මාර්තු 15 වන දා කළුතරදී උපත ලැබීය.
  • වසරේදී වජිරා චිත්‍රසේන හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත්ව වසරක කාලයක් අධ්‍යාපනය ලැබීය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
ඇය අභාවප්‍රාප්ත වන විට 92 හැවිරිදි වියේ පසු විය.

‘කාන්තාවන්ට නර්තනය අකැප’ බවට මතයක් මුල් බැසගෙන තිබූ අවධියක සමාජ මතයට අභියෝග කරමින් පිරිමි පුද්ගලයින් ආධිපත්‍යය දැරූ නර්තන ක්ෂේත්‍රය ජය ගැනීමට වජිරා චිත්‍රසේන සමත් විය.

ආචාර්ය වජිරා චිත්‍රසේනගේ චරිතය පිළිබඳව කියවිය යුත්තේ, ඇය ශ්‍රී ලංකා නර්තන කලාවේ පරම්පරා ගණනාවකට මග පෙන්වූ අසහාය නර්තන ශිල්පිනියක වන බැවිනි.
 

කළුතර ඉපිද කොල්ලුපිටිය දක්වා පැමිණි ළමා විය

නල්ලපෙරුම ආරච්චිගේ වජිරා ඩයස් (චිත්‍රසේන) 1932 මාර්තු 15 වන දා කළුතරදී උපත ලැබීය.

1938 වසරේදී ඇය පාසල් අධ්‍යාපනය ඇරඹුවේ, කළුතර බාලිකා විද්‍යාලයෙනි.

image 4379491f071944 වසරේදී වජිරා චිත්‍රසේන හොරණ ශ්‍රීපාලි විද්‍යාලයට ඇතුළත්ව වසරක කාලයක් අධ්‍යාපනය ලැබීය.

පසුව, 1946 වසරේදී කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයට ඇතුළත් වූ ඇය එහිදී ද අධ්‍යාපනය ලැබුවේ, 1947 වසර වන තෙක් ය.

පසුව, ඇය නර්තන ශිල්පය හැදෑරීමේ අරමුණින් පාසල් අධ්‍යාපනයට සමු දුන්නා ය.

නර්තන දිවිය

ඇය පළමු වරට කේවල නර්තනයක නිරත වූයේ, 1943 වසරේදී කළුතර නගර ශාලාවේදී ය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 11කි.

1948 වසරේදී පාසල් අධ්‍යාපනයෙන් ඉවත් වූ ඇය පූර්ණ කාලීන නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කළා ය.

1946 වසරේ සිට ඇය එම්.ඩී. චිත්‍රසේනගෙන් නර්තනය ඉගෙනීම ආරම්භ කළා ය.

1949 වසරේදී ‘රාවණා’ මුද්‍රා නාට්‍යයේ ආරම්භක පූජා නැටුමේ වජිරාගේ ඒක පුද්ගල රංගනය, ශ්‍රී ලංකාවේ ස්ථාපනය වූ කාන්තා නැටුම් කලාවට මුල් තැන දුන් පළමු උඩරට නර්තන අංගය යි.
 
wajiraa1
සිය නර්තන ගුරුවරයා වූ ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පියා ලෙස සැලකෙන එම්.ඩී. චිත්‍රසේන සමග ඇය විවාහ වූයේ, 1950 වසරේදී ය.
 
සිය නර්තන ගුරුවරයා වූ ශ්‍රී ලංකාවේ පළමු වෘත්තීය නර්තන ශිල්පියා ලෙස සැලකෙන එම්.ඩී. චිත්‍රසේන සමග ඇය විවාහ වූයේ, 1950 වසරේදී ය.

ඒ වන විට ඇය 18 වන වියේ පසු වූවා ය.

වජිරා චිත්‍රසේන, කොළඹ දී නර්තන වෘත්තිකයෙකු ලෙස ප්‍රථම වරට පෙනී සිටියේ, 1948 වසරේදී ශ්‍රී ලංකාවේ නිදහස සැමරීම සඳහා නිෂ්පාදනය කරන ලද ‘පැජන්ට් ඔෆ් ලංකා’ මුද්‍රා නාටකයේ ය.

පසුව ඇය චිත්‍රසේනයන් සමග එක්ව අතිශය ජනාදරයට පත්වූ මුද්‍රා නාට්‍ය කිහිපයක් නිර්මාණය කිරීමට දායක වූවා ය.

කරදිය, නල-දමයන්ති, කිංකිණි කෝලම ඒ අතරින් විශේෂ ය.

ඇය මුද්‍රා නාට්‍ය 25කට අධික සංඛ්‍යාවකට දායක වී තිබේ.
 
Sara 07 16 Chithrasena 05 npr
ඉන්දියාවෙන් ලැබුණු ‘පද්ම ශ්‍රී සම්මානය’ ඇතුළු සෙසු සම්මාන

2020 වසරේදී ඉන්දියාවේ සිව් වන ඉහළ ම සම්මානය ලෙස සැලකෙන ‘පද්ම ශ්‍රී සම්මානයෙන් ඇය පිදුම් ලැබුවා ය.

2011 වසරේදී සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් ඇයට දර්ශන විශාරද (PhD) උපාධියක් පිරිනමන ලදී.

ඇය කලාසූරී සහ දේශබන්ධු ගෞරව සම්මානවලින් ද පිදුම් ලබා තිබේ.
 
B 1
‘රැල්ලට අහු නොවී ඉන්න කියලා අපට ආච්චි කිව්වා’ - මිණිපිරිය තාජි ඩයස්

සිය මිත්තණිය වූ වජිරා චිත්‍රසේන පරම්පරා ගණනකට නර්තනය කෙරෙහි ආකර්ෂණයක් ඇති කළ ගුරුවරියක බව ඇගේ මිණිපිරියක වන තාජි ඩයස් බීබීසී සිංහල සේවයට පැවසීය.

“මටත් නර්තනය ඉගෙන ගන්න ආශාවක් ඇති වුණේ, ආච්චි නිස යි. මම පොඩි කාලේ ඉඳලා ආච්චි එක්කමයි හැදුණේ. කොල්ලුපිටියේ ගෙදරින් ආවට පස්සේ නාවල ගෙදර අපි හිටියේ. ආච්චි නැටුම් උගන්වනකොට මමත් පිටිපස්සෙ ඉඳගෙන ඒවා බලාගෙන ඉඳලා ඉගෙන ගත්තා.”

“ආච්චි අපට නිතර ම කිව්වේ රැල්ලට අහු වෙන්න එපා කියලා. රැල්ලට අහු නොවී නිවැරදි දේ කරන්න කියලා අපට උපදෙස් දුන්නා,” තජී ඩයස් වැඩිදුරටත් පැවසීය.

‘කාන්තාවන්ට නර්තන ක්ෂේත්‍රයේ දොරටු විවර කළා’ - උපුලී විජේවර්ධන
 
image d8adbb8746
කාන්තාවන් නර්තනයේ යෙදීම නුසුදුසු බවට මතයක් පැවති යුගයක වජිරා චිත්‍රසේන නර්තන ක්ෂේත්‍රයට පිවිසීම නිසා කාන්තාවන්ට එම ක්ෂේත්‍රයේ දොරටු විවර වූ බව නර්තන ශිල්පිනී උපුලී විජේවර්ධන පැවසීය.

ඇය ප්‍රකාශ කළේ, තමන් වැනි බොහෝ දෙනෙකුට නර්තන ශිල්පය සම්බන්ධයෙන් උත්තේජනයක් ඇති වීමට වජිරා චිත්‍රසේනයන් බලපෑ බව ය.

වජිරා චිත්‍රසේනගේ ශිෂ්‍යයෙකු වූ ප්‍රවීණ චන්න විජේවර්ධන ඇතුළු බොහෝ දෙනෙකු ඇයගේ අභාවය පිළිබඳව ශෝකය පළ කර තිබිණි.

wajira2wajira3

(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...