ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති සරත් රත්නායක පවසා ඇත්තේ ඉදිරි කාලයේ දී මෙම මිල තව දුරටත් පහළ යා හැකි බවකි. මේ අතර දැනටමත් දිවයිනේ ඇතැම් ප්‍රදේශවල බිත්තර මිල රුපියල් 28 දක්වා පහළ බැස ඇති බව ද වාර්තා වෙයි.
අප සමාජයේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලනු පිණිස බිත්තර මගින් ඉටුවන මෙහෙය කෙසේවත් සුළු කොට තැකිය නොහැක. විශේෂයෙන් කුඩා දරුවන් ගේ ගැබිණි සහ කිරි දෙන මව්වරුන් ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සංතෘප්ත කරනු පිණිස ඉන් ලැබෙන පිටිවහල ඉමහත් ය.
විශේෂයෙන් කුඩා දරුවන් ගේ ගැබිණි සහ කිරි දෙන මව්වරුන් ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සංතෘප්ත කරනු පිණිස ඉන් ලැබෙන පිටිවහල ඉමහත් ය.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ පවසන අන්දමට නව ජනාධිපතිවරයා බලයට පත්වීමත් සමඟ එක්වරම බිත්තර මිල පහත වැටීමට සෘජු දේශපාලන සබැඳියාවක් තිබේ. ඔහු විසින් නිකුත් කොට ඇති නිවේදනයකින් පැවසෙනුයේ පසුගිය කාලය තුළ බිත්තර, සහල් වැනි පාරිභෝගික ද්‍රව්‍ය මිල මෙලෙස ඉහළ නැංවී තිබීමට හේතුව දූෂිත දේශපාලනඥයන් ගේ සාදර අනුග්‍රහය යටතේ මාෆියාවක් පැවතීම බව ය. එහෙත්, එය හුදෙක් ඔහුගේ මතවාදයක් ද නැතහොත් කරුණු සහිතව සනාථ කළ හැක්කක් ද යන්න අපි නොදනිමු. එසේම ඔහු පවසන එම මාෆියාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක අනාවරණයක් කළ හැකි නම් ඊට සම්බන්ධ පාර්ශවයන් ඊට අදාල පුද්ගලයන් ගේ නම් ද සහිතව සමාජය හමුවේ තැබීමේ වගකීමක් ඔහු සතුව තිබේ.මක් නිසා ද යත් වංචා දූෂණ පිටුදැකීම රජයකට තනිවම කළ නොහැකි අතර ඒ සඳහා ජනතා සහයෝගය ද අවශ්‍ය බව නව ජනපති වරයා ද අවධාරණය කොට ඇති බැවිනි.
රසායනික පොහොර භාවිතය එක් වරම නවතා දැමීම මත කුකුළු ගොවිපල සඳහා බඩ ඉරිඟු නොමැති වීම මත කුකුළු ගොවිපළ නිෂ්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම බිඳ වැටුණු අතර එම අහේනිය මඟ හරින්නට පසුගිය රජයට හැකි වූ බව ය
මේ අතර පසුගිය සමයේ රුපියල් හතලිහේ සීමාවේ හි පැවැති බිත්තරය එක් වරම රුපියල් 10කින් හෝ ඊට මඳක් වැඩි ප්‍රමාණයකින් පහත වැටීමට හේතුව පසුගිය කාලයේ ජනපතිවරණ ප්‍රචාරක කටයුතු වලට සහභාගී වූ විවිධ දේශපාලන පාක්ෂිකයන් ගේ සහ ආධාර කරුවන්ගේ ආහාර වේල් සඳහා දිනකට බිත්තර විශාල වශයෙන් යොදා ගැනීම හේතුවෙන් ඒවායේ ඉල්ලුම ඉහළ යාම නිසා බව ද කියනු ලැබේ. ඒ අනුව ජනපතිවරණයත් සමඟ එක්වරම එම අධික ඉල්ලුම පහත වැටීමට සාපේක්‍ෂව බිත්තර මිල ද එක්වරම පහත වැටුණු බවට ද මතයක් ඉදිරිපත්ව තිබේ. ඒ අතර තවත් පිරිසක් පවසනුයේ ගෝඨාභය රාජපක්ෂ සමයේ සිදු කළ රසායනික පොහොර භාවිතය එක් වරම නවතා දැමීම මත කුකුළු ගොවිපල සඳහා බඩ ඉරිඟු නොමැති වීම මත කුකුළු ගොවිපළ නිෂ්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම බිඳ වැටුණු අතර එම අහේනිය මඟ හරින්නට පසුගිය රජයට හැකි වූ බව ය.මෙම කුකුළු ගොවිපළ නිෂ්පාදන මිල අඩුවීම එහි ප්‍රතිඵලයක් බව ද ඇතැමෙක් කියති.
බේකරි කර්මාන්තයේ ප්‍රධාන අංගයක් වන කේක් නිෂ්පාදනය
බිත්තර එලෙසින්ම ආහාර පිණිස ගැනීම සේම විවිධ ආහාර නිෂ්පාදනයන් සඳහා බිත්තර එක් කිරීම ද බහුලවම සිදුවන්නකි. ඒ අනුව බිත්තර මිල ගණන් පහළ වැටීමට සාපේක්‍ෂව එම බිත්තර යොදා සිදු කරන ආහාර නිෂ්පාදන මිල ගණන් ද අඩු විය යුතු බව මූලිකව පෙනී යයි. බිත්තර යොදා සිදු කරන ආහාර බේකරි නිෂ්පාදන සහ බේකරි නොවන නිෂ්පාදන ද වශයෙන් කොටස් දෙකකින් යුතු ය.බේකරි කර්මාන්තයේ ප්‍රධාන අංගයක් වන කේක් නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් බිත්තර තොග සපයා ගත නොහැකි වීම මත පසුගිය සමයේ බේකරි නිෂ්පාදන කටයුතු ද බරපතල ලෙස අඩාල වූ බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයන් ගේ සංගමයේ සභාපති එන් .කේ. ජයවර්ධන මාධ්‍යයට පැවසීය. එමෙන්ම ඔහු පවසා සිටියේ එවන් තත්ත්වයක් තුළ පවා ඉහළ යන බේකරි නිෂ්පාදන පිරිවැය මුළුමනින් පාරිභෝගිකයන් මතට පැටවීමට තම සංගමය අදහස් නොකළ බව ය.එසේ වුවද බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදෙන ලෙස සභාපති වරයා සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
බිත්තර මිල දිගටම පහළ මට්ටමක පැවතුණහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන මිල ස්ථිර මිල අඩු කිරීමකට යා හැකි වනු ඇති බව
එමෙන්ම බිත්තර මිල එකම තත්ත්වයෙන් පවතින දෙයක් නොවන බව පෙන්වා දෙන සභාපතිවරයා මේ දිනවල මිල අඩු වුවද ඉදිරියේදී මිල වැඩිවීමක් සිදුවුවහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල වැඩි කිරීමට නොහැකි බව ද පවසයි. කෙසේ වෙතත් බිත්තර මිල දිගටම පහළ මට්ටමක පැවතුණහොත් බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදන මිල ස්ථිර මිල අඩු කිරීමකට යා හැකි වනු ඇති බවත් කේක් කිලෝවක මිල ද රුපියල් 100 කින් අඩු කළ හැකි බවත් සභාපතිවරයා පවසා තිබේ.නමුදු ඔහුගේ එම ප්‍රකාශය මත මෙම බිත්තර මිල පහත වැටීමට සාපේක්‍ෂව මේ වන විට බිත්තර යොදා සිදුකරන බේකරි නිෂ්පාදන වල මිල කෙලෙස පහත වැටී තිබේ දැයි අපි නොදනිමු.
සාමාන්‍ය ආප්පයක මිල රුපියල් 30ක් වුවද බිත්තර ආප්පයක් දැමීමට යන කාලය මඳක් වැඩිවීම මත එයට රුපියල් 50ක අගයක් ලබා දී ඇත.
බිත්තරයක මිල රුපියල් 65-70 වූ සමයේ බිත්තර ආප්පයක සාමාන්‍ය මිල රුපියල් 120ක් දක්වා ඉහළ නැඟ තිබූ බව අපි කවුරුත් දනිමු. ඒ බිත්තරයට රුපියල් 70ක් වශයෙන් හා ආප්පයට රුපියල් පනහක් වශයෙන් යැයි අපි උපකල්පනය කරමු. සාමාන්‍ය ආප්පයක මිල රුපියල් 30ක් වුවද බිත්තර ආප්පයක් දැමීමට යන කාලය මඳක් වැඩිවීම මත එයට රුපියල් 50ක අගයක් ලබා දී ඇතැයි ද මඳකට සිතමු. එමෙන්ම බිත්තරයක් රුපියල් 65-70 කාලයේ බිත්තර රොටියක මිල ද රුපියල් එකසිය පනහ ඉක්මවා තිබූ බව ප්‍රසිද්ධ කරුණකි. එම බිත්තර මිලට සාපේක්‍ෂව කොත්තු රොටියක මිල ද රුපියල් 100කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ ගොස් තිබූ අයුරු ද අපට මතකය. බිත්තර යොදා තනන ෆ්‍රයිඩ් රයිස් වර්ගවල තත්වය ද එයම ය.
ඒ අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 30තෙක් පහත වැටීමට සාපේක්‍ෂව බිත්තර ආප්පයක මිල රුපියල් 80ක් විය යුතුව ඇතත් එවන් තත්ත්වයක් ගැන අපට නම් අසන්නට ලැබී නැත. එමෙන්ම එවක රුපියල් 150කට අලෙවි වූ බිත්තර රොටිය මේ වන විට රුපියල් 100කින් යුතු වුව ද එවැන්නක් ද සිදුව නැත. බිත්තර මිල ඉහළ යාම හේතුවෙන් රුපියල් 100 ඉක්මවා ඉහළ නැංවුණු කොත්තු රොටියේ මිල ද පැරණි ගණන දක්වා පහතට ගෙන ආ යුතු වුවද එසේ වූ බවක් ද දැන ගන්නට නැත. බිත්තර යොදා තනන ෆ්‍රයිඩ් රයිස් වර්ග ගැන ද කිව යුත්තේ ද ඒ ටිකම ය.
කුකුළු ගොවිපල වෙතින් ආපන ශාලා සඳහා ඇතැම් බිත්තර සපයන්නවුන් බිත්තර ආප්ප, බිත්තර රොටී සහ කොත්තු රොටී සඳහා ප්‍රමාණයෙන් ඉතා කුඩා බිත්තර සාමාන්‍ය බිත්තරයකට වඩා රුපියල් 5කින් පමණ අඩු මිලකට සපයන බව ද ප්‍රසිද්ධ රහසකි.
මේ අතර කුකුළු ගොවිපල වෙතින් ආපන ශාලා සඳහා ඇතැම් බිත්තර සපයන්නවුන් බිත්තර ආප්ප, බිත්තර රොටී සහ කොත්තු රොටී සඳහා ප්‍රමාණයෙන් ඉතා කුඩා බිත්තර සාමාන්‍ය බිත්තරයකට වඩා රුපියල් 5කින් පමණ අඩු මිලකට සපයන බව ද ප්‍රසිද්ධ රහසකි. මෙය සියලුම ආපන ශාලා වල පවත්නා තත්වයක් නොවූවද මේ අන්දමේ අයථා ලාභ ලබන ආපන ශාලා ද අප රට තුළ සුළු පටු නොවන බව නිසැක ලෙසම කිව යුතු ය.
මේ අතර මේ වන විට අප රටේ පාරිභෝගිකයන් බිත්තර වලින් ගසා කෑමට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පසුගියදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කොට ඇත. ඉන් පැවසෙනුයේ බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමට බේකරි සහ හෝටල් හිමිකරුවන් කටයුතු කළ යුතු බවත් එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන වල මිල පැහැදිලිව ප්‍රකටව පෙනෙන ආකාරයට වෙළඳ සැලේ ප්‍රදර්ශනය කළ යුතු බවත් ය. එමෙන්ම එසේ නොකරන වෙළඳුන් සොයා දිවයින පුරා වැටලීම් සිදුකරන බවත් ඒ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දීමට බේකරි සහ හෝටල් හිමිකරුවන් කටයුතු කළ යුතු බවත් එමෙන්ම බිත්තර ආශ්‍රිත නිෂ්පාදන වල මිල පැහැදිලිව ප්‍රකටව පෙනෙන ආකාරයට වෙළඳ සැලේ ප්‍රදර්ශනය කළ යුතු බවත්
ඒ තත්ත්වය කෙසේ හෝ ජනතාවගේ ජීවන වියදම අඩු කිරීම තම ධූර කාලයේ ප්‍රමුඛතම අවශ්‍යතාවක් බව නව ජනපති අනුර කුමාර දිසානායක මේ වන විටත් පවසා ඇති පසුබිමක අඩු වී ඇති බිත්තර මිල හමුවේ ඒ සම්බන්ධ බේකරි හා බේකරි නොවන නිෂ්පාදන මගින් මෙලෙස එළිපිටම ජනතාව ගසා කෑමට ඉඩ දිය යුතු නැත.
එමෙන්ම අදාල විෂය පථය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය යටතේ පවතින්නක් බව ද ජනතාව දනිති. ඒ අනුව බිත්තර මිල අවභාවිතා කරමින් පාරිභෝගිකයන් ගසා කෑම වහාම නතර කිරීම සම්බන්ධයෙන් නව ජනපති, අගමැති වරිය සහ කැබිනට් මණ්ඩලය හමුවේ පොදු අභියෝගයක් එල්ල වී තිබේ. එය සිදු කෙරෙන ආකාරය අනුව ඔවුන් ගේ ඉදිරි කාර්ක්‍ෂමතාව පිළිබඳ යම් පූර්ව වැටහීමක් ලබා ගැනීමට මෙරට සාමාන්‍ය ජනතාවට ඇති ඉඩ ප්‍රස්ථාව එලෙසම තබමින් අපි මේ සටහනට නැවතුම් ලකුණු තබමු.

(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com
(උපුටා ගැනීම - vinivida.lk)
සබැඳි ලිපි :
වෙළඳ මාෆියාවක් ! - බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අඩු කරන්නැයි ඉල්ලීමක්



