The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

චිරං ජයතු කරු මැතිදුනි

T

The Leader Desk

September 28, 2024 • 10:16 AM

චිරං ජයතු කරු මැතිදුනි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නිදහසින් පසු මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීම් හා තනතුරු හෙබ වූ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු වෙත්.
  • එබැවින් ඔවුන් සිය ජීවිතයේ ඉතිරි කාලය පවුලේ හා ව්‍යාපාරික කටයුතු සඳහා පමණක් යොදවන ලද බවක් පෙනෙන්නට තිබේ.
  • එහෙත් බලයේ සිටියදීත්, දේශපාලනයෙන් විශ්‍රාම ගිය පසුවත් රටේ පොදු අවශ්‍යතා සහ ජාතික ප්‍රශ්න හමුවේ නිස්සරණාධ්‍යාශයෙන් සුවිසල් කැප කිරීම් සිදු කළ හා අදටත් සිදුකරමින් සිටින දැවැන්ත නායකයෙකු ලෙස කරු ජයසූරිය මහතා හදුන්වා දිය හැකිය.
  • සැබැවින් ම ඔහු දේශපාලන බලය සළකන ලද්දේ සිය ජිවිතය බැබළවීම සඳහා ලැබුණ වරප්‍රසාදයක් ලෙස නොව සිය මව්බිමට වගකීම් ඉටු කිරීම සඳහා ලද අවස්ථාවක් ලෙස පමණි.
අකුරු ප්‍රමාණය (Font Size):


නිදහසින් පසු මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ වගකීම් හා තනතුරු හෙබ වූ දේශපාලනඥයන් බොහෝ දෙනෙකු වෙත්. ඒ පිරිස අතරින් විශ්‍රාම ගිය බොහෝ අය රටේ ජාතික වැදගත්කමකින් යුතු තීරණාත්මක අවස්ථාවලදි සහ ගැටළුවලදී බොහෝ විට අනුගමනය කරන්නේ නිහඬ ව්‍රතයකි. දේශපාලන බලය නොමැත්තේ නම් එවැනි තත්ත්වයන් තමන්ට අදාල නොවෙතැයි ඔවුන් බොහෝ දෙනෙක් සිතනවා විය හැකිය. එබැවින් ඔවුන් සිය ජීවිතයේ ඉතිරි කාලය පවුලේ හා ව්‍යාපාරික කටයුතු සඳහා පමණක් යොදවන ලද බවක් පෙනෙන්නට තිබේ.

එහෙත් බලයේ සිටියදීත්, දේශපාලනයෙන් විශ්‍රාම ගිය පසුවත් රටේ පොදු අවශ්‍යතා සහ ජාතික ප්‍රශ්න හමුවේ නිස්සරණාධ්‍යාශයෙන් සුවිසල් කැප කිරීම් සිදු කළ හා අදටත් සිදුකරමින් සිටින දැවැන්ත නායකයෙකු ලෙස කරු ජයසූරිය මහතා හදුන්වා දිය හැකිය. සැබැවින් ම ඔහු දේශපාලන බලය සළකන ලද්දේ සිය ජිවිතය බැබළවීම සඳහා ලැබුණ වරප්‍රසාදයක් ලෙස නොව සිය මව්බිමට වගකීම් ඉටු කිරීම සඳහා ලද අවස්ථාවක් ලෙස පමණි.

 

කරු ජයසුරිය මහතා දේශපාලන ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ ද ඒ තුළ විවිධ බලගතු හා වගකීම් සහගත තනතුරු දරා ඇත්තේ ද තමන් විසින් එම අවස්ථා ඉල්ලා ලබාගැනීමෙන් නොව එකී වගකීම් භාරගන්නා ලෙසට ඔහුගෙන් කරන ලද ඉල්ලීම්වලට අනුව ය. ඒ අතර මේ රටේ ජනාධිපතිවරුන් දෙදෙනෙක් තම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර භාරගන්නා ලෙස කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටින ලද අවස්ථා දෙකකදි ඔහු ඒ්වා ප්‍රතික්ෂේප කර තිබීම ද සුවිශේෂි තත්ත්වයකි. කරු ජයසූරිය මහතාට අග්‍රාමාත්‍ය තනතුර එසේ යෝජනා කර ඇති ජනාධිපතිවරුන් වන්නේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය.


බලය හමුවේ කෑදර නොවීමට අදාළව පමණක් නොව බලය ලැබීමට තිබුණු තීරණාත්මක අවස්ථාවල ඒ්වා නොලැබීම පිළිබඳව ඔහු තුළ පැවති උපේක්ෂාව ද ඇදහිය නොහැකි තරමට විශ්මිත ය. ඒ් සඳහා දැක්විය හැකි හොඳම උදාහරණය වන්නේ 2015 වසරේ දි පැවති ජනාධිපතිවරණයේ දී ඔහු අතට පත්කිරීමට නියමිතව තිබු පොදු අපේක්ෂක භූමිකාව ය. එකී ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඔහුව තෝරාගැනීමට සියල්ල සූදානම්ව තිබුණා මෙන් ම පසුව ජනාධිපති ධූරයට පත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් වී විපක්ෂයට සහය දීමට සූදානමින් සිටියේ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමා පත්කර ගනු ඇතැයි යන කිසිදු අපේක්ෂාවකින් නොවේ.

 114087068 b7158649 61e9 4300 8116 091dedb5c81a.jpg

අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමි ප්‍රකාශ කළ ආකාරයට සිරිසේන මහතා අපේක්ෂා කර  ඇත්තේ පත්වන ආණ්ඩුවේ මහවැලි හා පරිසර යන අමාත්‍ය ධුරයන් පමණක්ම ය. මාදුළුවාවේ සෝභිත නාහිමිපාණන් වහන්සේ මෙන් ම රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කළ සිවිල් සමාජ සංවිධාන බොහෝමයක ම ඒ්කායන අපේක්ෂාව වී තිබුණේ විපක්ෂයේ පොදු අපේක්ෂක භූමිකාවට කරු ජයසූරිය මහතා නම් කරමින් ඔහුට එකි වගකීම භාර දෙන්නට ය. තීරණාත්මක ලෙස එකි අපේක්ෂාවට හරස් වූයේ  එකම එක කොන්දේසියකි. එවකට විපක්ෂයේ ප්‍රධානතම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ  නායකයාට පොදු අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ කිසිදු තනතුරක් දරන්නෙකුට හෝ කිසිදු සාමාජිකයෙකුට එය නොලැබිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් විශේෂ කොන්දේසියක් ඉදිරිපත් කිරීම ඊට හේතුවයි.


මාදුළුවාවේ සෝභිත නායක මාහිමියන් එතරම් අසීරුවට පත් වූ අවස්ථාවක් හෝ දිනයක් උන්වහන්සේගේ ජීවිත කාලයම තුළ නොතිබෙන්නට ඇත. තමන් වහන්සේ දිවි පරදුවට තබා ඉහළටම ඔසවා තැබූ සටනක් රටේ ප්‍රධාන විපක්ෂය ගෙන එන කොන්දේසියක් නිසා පරාජයට පත්වනු දකින්නට උන්වහන්සේ කැමති නොවීය. අවසානයේ රටේ ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය පොදු සටන තුළ තබාගැනීමට තිබූ අවශ්‍යතාවය නිසාම මෛත්‍රීපාල සිරිසේන මහතාට එකී අවස්ථාව ලබාදෙන්නට සියල්ලන්ටම සිදු විය.

 

1542289221 maithripala sirisena karu jayasuriya 5“නායක හාමුදුරුවනේ අපි ඒ තීරණයට එමු. මම මගේ උපරිම ශක්තිය යොදවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීමට කටයුතු කරනවා.”

කරු ජයසුරිය මහතාගේ උපේක්ෂා ගුණය වටහා ගත හැකි වූ තීරණත්මක අවස්ථාව එළැඹුණේ එම මොහොතේදී ය. තමන්ට හිමිවීමට තිබු අවස්ථාව අහිමිවීම ගැන කරු ජයසුරිය මහතාගේ මුහුණේ ඉරියව්වකින් හෝ වෙනසක් ප්‍රදර්ශනය නොවී ය. ඔහු මාදුළුවාවේ සෝභිත නාහිමියන් හමුවේ ප්‍රකාශ කර සිටියේ “නායක හාමුදුරුවනේ අපි ඒ් තීරණයට එමු. මම මගේ උපරිම ශක්තිය යොදවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජයග්‍රහණය කරවීමට කටයුතු කරනවා.” යනුවෙනි. ඔහු එසේ කීවාක් මෙන් ම එකී ප්‍රකාශය අකුරටම ඉෂ්ට සිද්ධ කළේ ය. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ රට පුරා රැස්වීම් සියයකට අධික ප්‍රමාණයකට සහභාගි වෙමින් ඔහු රටේ ජනාධිපති ධුරයට පත්කරන ලෙස කරු ජයසුරිය මහතා මේ රටේ මහජනතාවගෙන් ඉල්ලා සිටියේ පිවිතුරු හදවතිනි. ඒ් අතර ඇතැම් ස්ථානවල පැවති විපක්ෂයේ පොදු අපේක්ෂකගේ මහජන රැස්වීම්වලට එල්ල වු බරපතල ප්‍රහාරයන් ඉදිරියේ දී පවා කරු ජයසුරිය මහතා නොසැලි සිටියේ ය. ඔහුගේ මුදිතා ගුණය තේරුම් ගැනීමට ඔහු කළ එකී කැපකිරීම ම හොඳට ම ප්‍රමාණවත් ය.

speaker karu jayasuriyaඅටවැනි පාර්ලිමේන්තුවේ කථානායක

 

ඔහු දේශපාලනය කරද්දි ලැබුණු හැම වගකීමක් ම අකුරට ම ඉටු කළ අයෙකි. ඔහු අප දැයෙහි රාජ්‍ය පාලනය හා ප්‍රජාතාන්ත්‍රිකරණය හැඩගැස්සවීමේ ක්‍රියාවලියෙහි ප්‍රමුඛස්ථානයක් ගෙන ක්‍රියා කරන චරිතයකි. අටවැනි පාර්ලිමේන්තුවේ කථානායක ලෙස ඔහුගේ භූමිකාව එක් අතකින් ඔහුගේ මධ්‍යස්ථභාවය ප්‍රදර්ශනය කළ අතර අනෙක් අතට අභියෝග හා තර්ජන ඉදිරියේ ඔහු සතු එඩිතර හා ප්‍රතාපවත් බව ප්‍රදර්ශනය කරලීය. හමුදා සේවයෙහි ලත් කැපිපෙනෙන ජයග්‍රහණ, පුද්ගලික අංශයේ ව්‍යවසායකයෙකු ලෙස පළ කර ඇති අති සාර්ථක නායකත්වය, රාජ්‍ය තාන්ත්‍රික කාර්ය සාධනය යන ක්ෂේත්‍රයන් හි ඔහු රටට ලබාදුන් දැවැන්ත දායකත්වය ඔහුගේ විශිෂ්ට ජීවිතය තුළ අලංකාරවත් ලෙස අන්තර්ගත වී ඇත.

karu12  ඉන්දියාවේ අබ්දුල් කලාම් ආයතනය විසින් පිරිනමා ඇති “ආසියාවේ අභිමානය” සම්මානය පිරිනමමින්                    
රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ඒ තුළ ඔහුට ලැබී ඇති පිළිගැනීම හා කීර්තිය අසමසම විය හැකි ය. මේ රටේ කටයුතු කළ හා වර්තමානයේ කටයුතු කරන ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික නිළධාරින් නිතිපතා ගැවසෙන නිවසක් ලෙස කොළඹ අමරසේකර මාවතේ පිහිටි ඔහුගේ නිවස හැඳින්විය හැකි ය. එපමණක් ද නොව විදෙස් රටවල් ගණනාවක ඉහළම ගණයේ සම්මාන ඔහු වෙත පුද කර තිබේ. ජපන් අධිරාජයා විසින් විදේශිකයෙකුට ලබාදෙන ඉහළම සම්මානය වන “උදාවන සූර්යයා” සම්මානය, ඉන්දියාවේ අබ්දුල් කලාම් ආයතනය විසින් පිරිනමා ඇති “ආසියාවේ අභිමානය” සම්මානය ඒ් අතර ප්‍රධාන ය. එමෙන් ම ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට ලබාදිය හැකි ඉහළතම ගෞරව නාමය වන ශ්‍රී ලංකාභිමාන්‍ය නාමයෙන් ද ඔහු සම්මානිත ය.

 



එම සියළු රටවල් කරු ජයසූරිය මහතාට ගරු කරන්නේ ඔහුගේ ජිවිතය තුළ එකී රටවලට දක්වා ඇති විශේෂ වූ ගෞරවයන්ට ප්‍රතිගෞරව දැක්වීමට  ය. චීන මහජන සමුහාණ්ඩු භූමියට රබර් වගාව කරු ජයසුරිය මහතා විසින් හඳුන්වා දී ඇත්තේ ඒ් සඳහා කිසිදු ප්‍රතිලාභයක් පවා ‍ලබාගනිමින් නොවේ. එවැනි උදාර චරිතයක් වන කරු ජයසුරිය මහතා වෙත ජාත්‍යන්තර ප්‍රජාව ද ගෞරව දැක්වීමේ රහස එයයි.

 

karu1සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා පළමු පෙළ ආයතන රැසක ම ඔහු දරන නායකත්වය  හා දායකත්වය ද ඉතා ඉහළ ය.

පෙර සඳහන් කළාක් මෙන් දේශපාලනයෙන් විශ්‍රාම ගෙන සිටිය ද රට වෙනුවෙන් ඉටු කරන ලද සේවයෙන් ඔහු විශ්‍රාම ලබන්නේ නැත. සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා පළමු පෙළ ආයතන රැසක ම ඔහු දරන නායකත්වය  හා දායකත්වය ද ඉතා ඉහළ ය. අව වරප්‍රසාදිත ජන කොටස් වෙනුවෙන් ද ජාතින් අතර සංහිඳියාව සහ අධ්‍යාපනය වෙනුවෙන් ද සූර්ය පදනමේ ප්‍රමුඛතම ආධාර ප්‍රදානය කරන්නා කරු ජයසුරිය මහතා ය. පිළිකා රෝගීන් සමඟ සටන් වැද සිටින නොගිණිය හැකි පිරිසකගේ ජීවිත දියුණු කිරීම සඳහාත් පිළිකා රෝගයෙන් පීඩා විඳින කුඩා දරුවන් හා වැඩිහිටියන් සඳහා පහසුකම් හා ප්‍රතිකාර සේවා නොමිලේ සපයන ඉන්දිරා පිළිකා භාරය කරු ජයසුරිය මහතා සිදු කරන පරහිතකාමි දායකත්වයන් අතර එක් ප්‍රධාන අංශයකි.

100636358
කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතියට දායාද කරන නවතම ආයතනය  වන්නේ “ප්‍රජාතන්ත්‍රවාදය සහ ආණ්ඩුකරණය සඳහා වන පුහුණු ආයතනයයි.”  එය අනාගතයේ දේශපාලන ක්ෂේත්‍රයට පිවිසෙන තරුණ තරුණියන්ගේ දේශපාලන සාක්ෂරතාවය වර්ධනය කිරීම සඳහා වන ආයතනයකි. එය මෙම මස 30 වෙනි දා සමාරම්භ කිරීමට නියමිත ය.

 

405429389 789424296560747 7445511724164647916 nසාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වර්තමාන නායකත්වය උසුලමින් ජාතිය ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා සිය විශේෂඥ දැනුම මේ වන විට ලබාදෙනු ලබන්නේ කරු ජයසුරිය මහතා විසිනි.

එමෙන් ම වගවීම හා සමාජ අන්තර්ග්‍රහණය සහ ප්‍රජාතන්ත්‍රවාදය පෙරට ගෙනයාම සඳහා කැප වූ සිවිල් සංවිධානයක් වන සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ වර්තමාන නායකත්වය උසුලමින් ජාතිය ගොඩනැඟීම සඳහා වන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීම සඳහා සිය විශේෂඥ දැනුම මේ වන විට ලබාදෙනු ලබන්නේ කරු ජයසුරිය මහතා විසිනි. ඒ් සියල්ල ඔහු කළමනාකරණය කරගන්නේ තරුණයකුට වඩා ජවසම්පන්නව දැඩි අධිෂ්ටානයකිනි. එමෙන් ම සැහැල්ලු සිතකිනි.


චිරං ජයතු... !

සාධාරණ සමජයක් සදහා ව්‍යාපාරයේ ජාතික ලේකම් 
(සුනිල් ජයසේකර)
S Jayasekara

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...