The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කරු ජයසූරිය - සැමට මිතුරෙක්, තාත්තෙක්, සීයෙක්, මහත්මයෙක්

T

The Leader Desk

September 29, 2024 • 9:12 AM

කරු ජයසූරිය - සැමට මිතුරෙක්, තාත්තෙක්, සීයෙක්, මහත්මයෙක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු හා මා අතර ලොකු වයස පරතරයක් නැහැ.
  • එම නිසා මට ඔහු බොහෝ විටෙක මිතුරෙක් හෝ සහෘද වෘත්තිකයෙක් ලෙස දැනීම පුදුමයක් නෙවෙයි.
  • ඉංග්‍රීසියෙන් ජෙන්ටල්මන් කියන්නේ මුදු ගුණය හා කාරුණික බව පෙන්වන විශේෂයෙන් කාන්තාවන්ට මෘදු හා කාරුණික කෙනෙක්.
  • ඇත්තටම කරු සැම විටම මිතුරු වෘත්තියෙක් ලෙස මා සමග අදහස් හුවමාරු කිරීම, තාත්ත කෙනෙක් වගේ ඔවදන් දීම, සීයා කෙනෙක් වගේ මුදු වචනයෙන් සැනසීම වගේ තුන් ආකාරයෙන් අවස්ථානුකූලව මට ප්‍රතිචාර දැක්වීම තුලින් මම මූලිකව දකින්නේ ඔහුගේ මහත්මා ගුණයයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු හා මා අතර ලොකු වයස පරතරයක් නැහැ. ඔහු නිදහසට වසර අටකට පෙර ඉපදුනෙක්. මම ඉපදුනේ නිදහසින් වසර තුනකට පසුව. එම නිසා මට ඔහු බොහෝ  විටෙක මිතුරෙක් හෝ සහෘද වෘත්තිකයෙක් ලෙස දැනීම පුදුමයක් නෙවෙයි. නමුත් ඒ වගේම  තාත්තා අකාලයේ නැතිවුන මට ඔහු තාත්තා කෙනෙක් වගේ කියලත් හිතෙන අවස්ථා තියෙනවා. සමහර විට සීයා කෙනෙක්ගේ මුදු ආදරය නොලැබුණු මට ඔහු සීයා කෙනෙක් වගේ කියලා හිතෙන අවස්ථා තියෙනවා. මේ සෑම දෙයම එක පුද්ගලයකු තුල දැකීමට හැකි වීම ඔහුගේ මහත්මා ගුණය නිසා කියල මම හිතනවා.

 

කරු පාර්ලිමේන්තුව කැඳවන්න ලෑස්තියි ! : පක්ෂ රැසක එකඟත්වය පලවේ !

මහත්මයෙක් කියෙන්න කවුද? ඉංග්‍රීසියෙන් ජෙන්ටල්මන් කියන්නේ මුදු ගුණය හා කාරුණික බව පෙන්වන විශේෂයෙන් කාන්තාවන්ට මෘදු හා කාරුණික කෙනෙක්. ඇත්තටම කරු සැම විටම මිතුරු වෘත්තියෙක් ලෙස මා සමග අදහස් හුවමාරු කිරීම, තාත්ත කෙනෙක් වගේ ඔවදන් දීම, සීයා කෙනෙක් වගේ මුදු වචනයෙන් සැනසීම වගේ තුන් ආකාරයෙන් අවස්ථානුකූලව මට ප්‍රතිචාර දැක්වීම තුලින් මම මූලිකව දකින්නේ ඔහුගේ මහත්මා ගුණයයි. ඇත්තටම ඔහු මට පමණක් නොව ඔහු තම හමුවට එන සැම කෙනෙකුටම ප්‍රතිචාර දක්වන්නේ  මහත්මයෙක් ලෙසයි. තම බිරිය හා දූ දරුවන්ටද අපමණ සෙනෙහසක් දක්වන්නෙක්. ආදරණීය පුද්ගලයෙක්.

ආනන්දාභිමානී ගෞරව සම්මානය කරු ජයසූරියට

 

ඇත්තටම කරුගේ ජීවිතයේ - සාර්ථක ව්‍යාපාරිකයෙකු , දක්ෂ කළමනාකරුවෙකු, සොල්දාදුවෙකු, දේශපාලඥයෙකු, රාජ්‍යත්‍රාන්තිකයකු - ලෙස හෝ ඊටත් වඩා පැතිකඩ කිහිපයක් තියෙනවා. මම මේ ලියන්නේ මගේ පුද්ගලික අත්දැකීම් මත පදනම්ව කරු කියන පුද්ගලයා ගැනයි.

මට මුලින්ම කරු මුණ ගැහෙන්නේ ඔහු කෝප් කමිටුවේ සභාපති කාලේ ඔහුගේ අදහස් තුලින්. ඒ වන විට මා තෘතීයික හා වෘත්තීය කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හැටියට එවකට තෘතීයික අධ්‍යාපන ඇමතිව සිටි කබීර් හෂීම්ගේ මහතාගේ ආරාධනයෙන් පත්වෙලා මට ලැබුණු පළමුවන වගකීම එම ආයතනයේ පසු ගිය වසරක ප්‍රගතිය කෝප් කමිටුවට ඉදිරිපත් කරන්න. විද්‍යඥ වෘත්තියකින් පසු දෙවන වෘත්තියක් ලෙස ඇමෙරිකාවේදී රාජ්‍ය පරිපාලනය ගැන පශ්චාත් උපාධියක් කරලා පරිපාලන අත් දැකීම්නුත් ඇතිව 2001 ලංකාවට ඇවිත් උණු උණුවේ පත්වීම බාර ගැනීමේදී මම හිතුවා මට රටට හුගක් අලුත් අදහස් ගෙනෙන්න පුළුවන් කියලා. නමුත් මට වැඩ බාර ගෙන ටික කලකින් කෝප් කමිටුවෙන් පුරවන්න එවා  තිබුණු එක්-පිටු ආකෘතිය දැකලා මගේ ආඩම්බරේ හුලං බැස්සා. මට මගේ රට ගැන ආඩම්බරයක්  ඇති වුනා.

 

Sri Lanka's new Power and Energy Minister Karu Jayasuriya speaks at a press conference, 20 December 2001, to appeal for electricity conservation amid a serious energy crisis.  Jayasuriya announced more power cuts from next month as the country's hydro-electricity generating reservoirs were running low and thermal power plants were out of order causing a serious energy crunch.   AFP PHOTO/SENA VIDANAGAMA (Photo by SENA VIDANAGAMA / AFP) (Photo by SENA VIDANAGAMA/AFP via Getty Images)

එම කෝප් කමිටුවේ ආකෘතිය පදනම් වෙලා තිබුනේ මම ඇමරිකාවේ ඉගෙන ගැනීමට හා අත්හදා බැලීමට අවස්ථාව ලැබුණු කාර්ය සාධන අයවැය පදනම් කර ගත් කළමනාකරණය හෝ Performance budgeting based management සංකල්පයයි. ඒ ආකෘතියෙන් සරලව ඇහුවේ 2000 හෝ 2001 අප ආයතනය පොරොන්දු  වුනු කාර්ය සාධන  ඉලක්ක මොනවාද, ඒවාට වැයවුණ වියදම කෙසේද හා ඒවා කොතරම දුරට සාක්ෂාත් කලාද යන්නයි. ඒ ආකෘතිය අනිවාර්යෙන් කෘතහස්ත කළමනාකරුවකු වූ කරු හඳුනා දුන්න ක්‍රමයක් වෙන්න ඕනී. අද වගේ මීඩියා සංදර්ශන නැතිව රාජ්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති මත පිහිටුවා එදා කරු කෝප් කමිටුවට නායකත්වය දුන්න බව මගේ හැගීමයි.

ඇත්තටම ඒ ආකෘතිය තුල වුනත් අප විසින් ඒ වන විට කාර්ය සාධනය නිර්වචනය කලේ ආයතනයක් කොයි තරම් ක්‍රියාශීලී වූ බව මිසක් ජනතාවට දැනෙන යමක් කලාද නැතිනම් outcome එක මොකක්ද යන්න ගැන නෙවෙයි. අවාසනාවට අපි එතනින් ඉදිරියට යනවා වෙනුවට පසු පසට ගිහින් තියෙනවා. 

ඊට පසු වරක් දෙවරක් ඔහු හමුවීමට අවස්ථාව ලැබුනත්  ඇත්තටම මට කරූව ඉතාම සමීපව ඇසුරු කරන්න ලැබෙන්නේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය තුලින්.

 



මම සමාජ සාධාරණත්වය කාන්තා විමුක්තිය වගේ දේවල් ගැන ලොකුවට කතා කරන කෙනෙක් නෙවෙයි. මට හිතෙන හැටියට, සමාජ සාධාරණත්වය හෝ පුද්ගල විමුක්තිය මූලිකවම ඉටු වන්නේ රජයක් විසින් තමන්ගේ  මූලික කාර්ය භාරයන් වන මූල්‍ය කලමනාකරණය, නීතිය ඉදිරියේ සැමගේ සමානාත්මතාවය තහවුරු කිරීම, හා ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් හා නියාමනයන් සපයමින් ජනතාවට අනවශ්‍ය බාධා නැතිව ජීවත් වෙන්න ඉඩ හැරීමෙන්.

පහු ගියඅවුරුදු තුන තුළ කරුගේ නායකත්වය යටතේ සාධාරණ සමාජය සඳහා වූ ව්‍යාපාරය යන්න සාධාරණ සමාජයක් යන එම පුළුල් අර්ථ කථනය පදනම් කරගෙන රජයේ සියලු කාර්ය භාරයන් ගැන විචාරාත්මකව සොයා බලන සංවිධානයක් බවට පත් වේලා තියෙනවා. 2019 අග සිට සතියකට වරක් සෑම ඉරිදාවකම අඛණ්ඩව පවත්වා ගෙනයන කතිකා මාලාව තුලින් කවුරු බලයේ හිටියත් මධ්‍යස්තව කාලීන සාමාජීය, දේශපාලන හා ආර්ථික මාතෘකා විමර්ශනය කෙරෙන  කතිකා දෙසීයකට ආසන්න ගණනක් අපි කරලා තියෙනවා. අපි සැම දෙනාම ඒ තුලින් අළුත් දේවල් ඉගෙන ගන්නවා. අපගේ සමහර අදහස් වෙනස් කර ගන්නවා. අලුත් අදහස් අපේ sadharanasamajayak මුහුණුපොත හා sadharana.org/kathika වෙබ් අඩවිය තුලින් සමාජය සමග බෙදා ගන්නවා.  එම අදහස් ඔවදෙස් ලෙස පාලකයින් හා ජනතාව සමග බෙදා ගනිමින් කරු ජයසූරිය මැතිතුමා අප ව්‍යාපාරයට දැවැන්ත නායකත්වයක් දෙනවා. ව්‍යාපරයේ වගකීම කරට ගෙන වැඩ කරනවා.

හිතාදර කරු ජයසූරිය මහතානනි, ඔබගේ මගඟු ජනතා සේවයට හා  ඔබ දක්වන අපරිමිත සෙනෙහසට ස්තුතියි.

ඔබට සුබ උපන් දිනයක්. 

 

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා අඩුම කුඩුම හතරක්

(ආචාර්ය සුජාතා ගමගේ)
gamage@gmail.com

සැප්තැම්බර් 29, 2024

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

කරු ජයසූරිය - සැමට මිතුරෙක්, තාත්තෙක්, සීයෙක්, මහත්මයෙක් | The Leader