The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සේවිකාවකගේ මරණයෙන් විවාදයකට තුඩු දුන් 'අධික වැඩ සංස්කෘතිය'

T

The Leader Desk

September 30, 2024 • 8:31 AM

සේවිකාවකගේ මරණයෙන් විවාදයකට තුඩු දුන් 'අධික වැඩ සංස්කෘතිය'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රමුඛ පෙළේ ගිණුම්කරණ ආයතනයක 26 හැවිරිදි ඉන්දියානු සේවකයෙකුගේ ඛේදනීය මරණය, ආයතනික පරිසරයන්හි සේවා ස්ථාන සංස්කෘතිය සහ සේවක ශුභසාධනය පිළිබඳ දැඩි විවාදයකට තුඩු දී තිබේ.
  • ඇයගේ නව රැකියාවේදී ඇති වූ "අධික වැඩ පීඩනය" ඇයගේ සෞඛ්‍යයට බලපා ඇති අතර එය ඇයගේ මරණයට හේතු වූ බවට ඇයගේ දෙමාපියන් චෝදනා කර ඇත.
  • Ernst & Young සමාගම එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇනාට පවරා ඇත්තේ සෙසු ඕනෑ ම සේවකයෙකුට පැවරෙන වැඩ බවත්, වැඩ පීඩනය හේතුවෙන් ඇගේ මරණය සිදුවූ බව තමන් විශ්වාස නොකරන බවත් පවසා තිබේ.
  • Ernst & Young (EY) සමාගම බොහෝ ආයතන විසින් ප්‍රවර්ධනය කරන ලද "හදිසි වැඩ සංස්කෘතිය" - බොහෝ විට සේවක යහපැවැත්ම පරදුවට තබා ඵලදායීතාවට ප්‍රමුඛත්වය දෙන වැඩ ආචාර ධර්ම පිළිබඳ සාකච්ඡාවක් ඇති කරමින් ඇයගේ මරණය ගැඹුරු හඬක් අවදි කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):


ප්‍රමුඛ පෙළේ ගිණුම්කරණ ආයතනයක 26 හැවිරිදි ඉන්දියානු සේවකයෙකුගේ ඛේදනීය මරණය, ආයතනික පරිසරයන්හි සේවා ස්ථාන සංස්කෘතිය සහ සේවක ශුභසාධනය පිළිබඳ දැඩි විවාදයකට තුඩු දී තිබේ.

Ernst & Young (EY) සමාගමේ වරලත් ගණකාධිකාරීවරියක වූ ඇනා සෙබස්තියන් පෙරායිල් එම සමාගමට බැඳී මාස හතරකට පසු ජූලි මාසයේදී මිය ගියා ය. ඇයගේ නව රැකියාවේදී ඇති වූ "අධික වැඩ පීඩනය" ඇයගේ සෞඛ්‍යයට බලපා ඇති අතර එය ඇයගේ මරණයට හේතු වූ බවට ඇයගේ දෙමාපියන් චෝදනා කර ඇත.

Ernst & Young සමාගම එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර, ඇනාට පවරා ඇත්තේ සෙසු ඕනෑ ම සේවකයෙකුට පැවරෙන වැඩ බවත්, වැඩ පීඩනය හේතුවෙන් ඇගේ මරණය සිදුවූ බව තමන් විශ්වාස නොකරන බවත් පවසා තිබේ.

ernst and young 2Ernst & Young (EY) සමාගම

බොහෝ ආයතන විසින් ප්‍රවර්ධනය කරන ලද "හදිසි වැඩ සංස්කෘතිය" - බොහෝ විට සේවක යහපැවැත්ම පරදුවට තබා ඵලදායීතාවට ප්‍රමුඛත්වය දෙන වැඩ ආචාර ධර්ම පිළිබඳ සාකච්ඡාවක් ඇති කරමින් ඇයගේ මරණය ගැඹුරු හඬක් අවදි කර තිබේ.


සමහරුන් තර්ක කරන්නේ, මෙම සංස්කෘතිය නව්‍යකරණයට සහ වර්ධනයට හේතු වන බවත්, බොහෝ අය සිය කැමැත්තෙන් අමතර පැය තෝරා ගන්නා බවත් ය.

තවත් පිරිසක් පවසන්නේ, සේවකයින් බොහෝවිට කළමනාකාරිත්වයේ පීඩනයට ලක්වන බවත්, එය burnout තත්ත්වයන්ට සහ ජීවන තත්ත්වය පිරිහීමට හේතු වන බවත් ය.

ඇනාගේ මරණය අවධානයට ලක්වූයේ, ඇගේ මව වන අනිටා ඔගස්ටින් විසින් Ernst & Young සමාගම වෙත ලියන ලද ලිපියක් පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පළ වීමෙන් පසුව ය. එම ලිපියේ, ඇය තම දියණිය රැකියාවේදී අත්විඳි බව කියන පීඩනය විස්තර කර ඇති අතර, රාත්‍රිය දක්වා සහ සති අන්තයේ වැඩ කිරීම ඇතුළු ගැටලු පිළිබඳව දැනුම් දී තිබේ. ඇය සමාගමෙන් ඉල්ලා ඇත්තේ, "එහි වැඩ සංස්කෘතිය ගැන යළි සිතා බලන" ලෙස සහ එහි සේවකයින්ගේ සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට පියවර ගන්නා ලෙස ය.

"ඇනාගේ සිද්ධිය හරහා, තනතුරු පිටුපස සිටින මනුෂ්‍යයන් නොසලකා හරිමින් අධික ලෙස වැඩ කිරීම දිරිමත් කරන වැඩ සංස්කෘතියක් ක්‍රියාත්මක වන බව පෙන්නුම් කරන," බව ත් "නිමක් නැති ඉල්ලීම් සහ යථාර්ථවාදී නොවන ඉලක්ක සපුරාලීමට ඇති පීඩනය දරාගත නොහැකි අතර, ඔවුන් අපට බොහෝ හැකියාවන් සහිත තරුණියකගේ ජීවිතය අහිමි කර තිබේ." ඇය ලිවීය.

220308184203 burnout stockතමන්ට අතිකාල දීමනා නොදී ඉහළ උපදේශක ආයතනයක දිනකට පැය 20ක් වැඩ කිරීමට සැලැස්වූ බව ය.
බොහෝ පිරිස් Ernst & Young සමාගමේ "අධික වැඩ සංස්කෘතිය" හෙළා දකින අතර, Twitter සහ LinkedInහි ඔවුන්ගේ අත්දැකීම් බෙදාහදා ගත්හ. එක් පරිශීලකයෙකු චෝදනා කළේ, තමන්ට අතිකාල දීමනා නොදී ඉහළ උපදේශක ආයතනයක දිනකට පැය 20ක් වැඩ කිරීමට සැලැස්වූ බව ය.

"ඉන්දියාවේ වැඩ සංස්කෘතිය බිහිසුණු යි. වැටුප් ප්‍රමාණවත් නැහැ, සූරාකෑම උපරිම යි. කම්කරුවන්ට නිරන්තරයෙන් හිරිහැර කරන සේවා යෝජකයන්ගේ පාර්ශවයට කිසි ම දඬුවමක් ලැබෙන්නෙ නෑ," තවත් පරිශීලකයෙකු ලියා තිබේ. කළමනාකරුවන් බොහෝවිට අඩු වැටුප්වලට වැඩිපුර වැඩ කරන සේවකයින් ප්‍රශංසා කරන බව ද එක් අයෙකු ලියා තිබිණි.

Ernst & Young සමාගමේ හිටපු සේවකයෙකු ආයතනයේ වැඩ සංස්කෘතිය විවේචනය කළ අතර සේවකයින් නියමිත වේලාවට කාර්යාලයෙන් පිටවීම "සමච්චලයට" ලක් කරන බවටත් සති අන්තයේ නිවාඩු ගැනීම නිසා "ලැජ්ජාවට" පත් කළ බවටත් චෝදනා කළේ ය.

"සීමාවාසිකයින්ට අධික වැඩ සඳහා යථාර්ථවාදී නොවන කාලසීමාවන් ලබා දී ඇති අතර එය ඔවුන්ගේ අනාගතය සඳහා චරිත සහතිකයක් නිර්මාණය කරන බැවින් සේවක සමාලෝචන අතරතුර නින්දාවට පත් වේ," ඔහු ලිවීය.


narayanසතියට පැය 70ක් වැඩ කළ යුතු බවට නාරායන් මූර්ති කළ යෝජනාව බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක්විය.

Ernst & Young සමාගමේ ඉන්දියාවේ ප්‍රධානී, රජිව් මෙමානි පවසා ඇත්තේ, සමාගම එහි සේවකයින්ගේ යහපැවැත්ම සඳහා "ඉහළ ම වැදගත්කමක්" ලබා දෙන බව ය. "අපේ ජනතාවගේ යහපැවැත්ම මගේ මූලික ප්‍රමුඛතාව බව මම තහවුරු කිරීමට කැමති යි," ඔහු LinkedInහි සටහනක් තබා තිබිණි.


පෙරායිල්ගේ මරණය ඉන්දියාවේ රැකියා සංස්කෘතිය පරීක්ෂාවට ලක් කළ පළමු සිදුවීම නොවේ. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී Infosys සම-නිර්මාතෘ නාරායන මූර්ති රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා තරුණ ඉන්දියානුවන් සතියට පැය 70ක් වැඩ කළ යුතු බවට යෝජනා කිරීම සම්බන්ධයෙන් විවේචන එල්ල විය.

ඔහුගේ අදහස්වලට Ola සමාගමේ ඉන්දියාවේ ප්‍රධානී භාවේෂ් අගර්වාල් සහය පළ කර තිබූ අතර, ඔහු වැඩ-ජීවිත සමතුලිතතාව පිළිබඳ සංකල්පය විශ්වාස නොකරන බව ප්‍රකාශ කළේ ය. මන්ද "ඔබ ඔබේ රැකියාව භුක්ති විඳින්නේ නම්, ඔබ ජීවිතයේ සතුට රැකියාවෙන් ද සොයා ගනු ඇත. ඔවුන් ඊට අනුවර්තනය වනු ඇති." ඔහු කියා සිටියේය.

2022 වසරේදී, Bombay Shaving Company නිර්මාතෘ ශාන්තනු දේශපාණ්ඩේ තරුණයන්ගෙන් වැඩ කරන වේලාවන් ගැන "කතා කිරීම" නවත්වන ලෙස ඉල්ලා සිටි අතර ඕනෑ ම රැකියාවකට අලුතින් බඳවා ගන්නා අය ඔවුන්ගේ වෘත්තීය ජීවිතයේ පළමු වසර හතරේ සිට පහ දක්වා දිනකට පැය 18ක් වැඩ කිරීමට සූදානම් විය යුතු බව යෝජනා කළේ ය.


එහෙත්, මානසික සෞඛ්‍ය විශේෂඥයින් සහ කම්කරු අයිතිවාසිකම් ක්‍රියාකාරීන් පවසන්නේ, එවැනි ඉල්ලීම් අසාධාරණ බවත් ඉන් සේවකයන් දැඩි පීඩනයකට ලක් වන බවත් ය. Ernst & Young සමාගමට සම්බන්ධ වූ විගස තම දියණිය "කාංසාව සහ නින්ද නොයාම" අත්විඳ ඇති බව ඇනාගේ මව සිය ලිපියෙහි සඳහන් කර තිබිණි.


worker විශේෂඥයන් පවසන්නේ, සමාගම් වැඩ ඉක්මන් කිරීමේ සංස්කෘතිය ආයතනගත කර ඇති අතර සේවකයින් ද එය පිළිගෙන ඇති බව ය.
ඉන්දියාව ගෝලීය වශයෙන් වැඩි ම ශ්‍රම බළකායක් සිටින රට බව දන්නා කරුණකි. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෑත වාර්තාවක් පැවසුවේ, ඉන්දියාවේ ශ්‍රම බළකායෙන් අඩක් සෑම සතියක ම පැය 49කට වැඩි කාලයක් වැඩ කරන අතර, භූතානයට පසු වැඩි ම වැඩ පැය ගණනක් ඇති දෙවන රට ඉන්දියාව බව ය.

කම්කරු ආර්ථික විද්‍යාඥ ශ්‍යාම් සුන්දර් පැවසුවේ, 1990 දශකයෙන් පසු සේවා අංශයේ නැගීමත් සමග ඉන්දියාවේ වැඩ සංස්කෘතිය වෙනස් වී ඇති බවත්, පැය 24 පුරා ම ඉල්ලීම් සපුරාලීම සඳහා කම්කරු නීති මග හැරීමට සමාගම් පෙළඹී ඇති බවත් ය.

මේ වන වැඩ සංස්කෘතිය සමාගම් විසින් "ආයතනගත" කරනු ලැබ ඇති අතර, එය සේවකයින් විසින් ද පිළිගනු ලැබ ඇති බව ඔහු පැවසීය. "ව්‍යාපාර අධ්‍යයන පාසල්වල පවා සිසුන්ට ඒත්තු ගන්වන්නේ ඉහළ වැටුපක් ලබා ගැනීම සඳහා දිගු වේලාවක් වැඩ කිරීම සාමාන්‍ය දෙයක් වන අතර එය වඩාත් සුදුසු දෙයක් බව යි," ඔහු පැවසීය.

ඔහුට අනුව, ආයතනික සංස්කෘතියේ සැබෑ වෙනසක් ඇති වීමට නම් "මානසික වෙනසක්" අවශ්‍ය වන අතර, සමාගම් සහ සේවකයින් යන දෙපිරිස ම වඩාත් පරිණත දෘෂ්ටියකින් වැඩ කිරීම වැදගත් වන නමුත් එය ජීවිතයේ එක ම කාර්යය සහ අරමුණ නොවේ.


"ඒ මානසික වෙනස සිදු වෙනකම්, ඔසප් නිවාඩු පිරිනැමීම හෝ මානසික සෞඛ්‍ය සමාගම් සමග හවුල් වීම වැනි ආයතනිකව ගත හැකි අනෙකුත් සියලු ම පියවරයන් පවතින්නේ සංකේතාත්මකවයි," ඔහු පැවසීය.

ඉන්දියානු ව්‍යාපාර අධ්‍යයන විද්‍යායතනයේ මහාචාර්යවරයෙකු වන චන්ද්‍රසේකර් ශ්‍රීපාදා මෙම මතයට එකඟ වෙයි. අධික වැඩ සංස්කෘතිය "සංකීර්ණ, බහු පාර්ශ්වික ගැටලුවක්" බවත්, ඕනෑ ම සැබෑ වෙනසක් ඇති වීමට නම්, කර්මාන්ත ප්‍රධානීන්ගේ සිට කළමනාකරුවන්, සේවකයින් සහ සමාජය පවා සෑම කෙනෙකුට ම ඵලදායීතාව දෙස බලන ආකාරය වෙනස් කළ යුතු බව ඔහු පැවසීය.

 

image 861cf051d8"තාක්‍ෂණයේ කාර්යය මිනිස් වැඩ අඩු කිරීම වුණාට වැඩ කරන පැය ගණන වැඩි වෙන්නේ ඇයි?"
“අපි තවමත් වෙහෙස මහන්සි වී වැඩ කිරීම, ඵලදායී ලෙස වැඩ කිරීම සමග පටලවා ගන්නවා,” ශ්‍රීපාද පැවසීය. "තාක්‍ෂණයේ කාර්යය මිනිස් වැඩ අඩු කිරීම වුණාට වැඩ කරන පැය ගණන වැඩි වෙන්නේ ඇයි?"

"අපි තිරසර වර්ධනයක් කෙරෙහි අවධානය යොමු කිරීම ආරම්භ කළ යුත්තේ, මතුපිටින් දකින දෘෂ්ටි කෝණයකින් විතරක් නෙවෙයි, කම්කරු අයිතිවාසිකම් පිළිබඳ දැක්මක් ඇතිව යි," ඔහු තවදුරටත් පැවසීය.

"ස්කැන්ඩිනේවියානු රටවල් දැනටමත් බොහෝදුරට මෘදු වැඩ පරිසරයක් නිර්මාණය කර තිබෙනවා, එබැවින් ඉන්දියාවට එය අනුගමනය කිරීමට ආදර්ශ තිබෙනවා. අවශ්‍ය වන්නේ ඒක කරන්න කැමැත්ත විතර යි."


(චෙරිලන් මෝලන්)
බීබීසී, මුම්බායි
BBC සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සේවිකාවකගේ මරණයෙන් විවාදයකට තුඩු දුන් 'අධික වැඩ සංස්කෘතිය' | The Leader