The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා

T

The Leader Desk

September 30, 2024 • 7:37 AM

දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහා ධනස්කන්දයකට උරුමකම් කියූ පවුලක ඉපදුණු කුමාර වෙල්ගම, අගනගරයේ වෙසෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් පෞද්ගලික මිනිසෙකු ලෙස ජීවත්වනු වෙනුවට 1989 භිෂණ සමයේ ද තමන් උපන් මතුගමට පැමිණ දුෂ්කරම කාල සමයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ජනතාවාදි දේශපාලන ගමනක් ආරම්භ කළේය.
  • ඔහු අභියෝගවලට අභියෝග කිරීමේ ශක්තිය ඇත්තෙක විය.
  • දී ඔහු සහ මම පළමු වරට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එතැන් සිට අඛණ්ඩව වසර 30ක් පුරා දිස්ත්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත ඉතා ඉහළින් දිනාගැනීමට තරම් භූමියේ දේශපාලකයන් බවට පත්විය.
  • දී මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මහින්ද සුළඟ ආරම්භ කරමින් ඉදිරිපෙළ නායකයකු වූ එතුමා 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට එරෙහිව ප්‍රසිද්ධියේ එරෙහි වූ එකම පොහොට්ටු මන්ත්‍රීවරයා විය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
මහා ධනස්කන්දයකට උරුමකම් කියූ පවුලක ඉපදුණු කුමාර වෙල්ගම, අගනගරයේ වෙසෙමින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් පෞද්ගලික මිනිසෙකු ලෙස ජීවත්වනු වෙනුවට 1989 භිෂණ සමයේ ද තමන් උපන් මතුගමට පැමිණ දුෂ්කරම කාල සමයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ජනතාවාදි දේශපාලන ගමනක් ආරම්භ කළේය.

ඔහු අභියෝගවලට අභියෝග කිරීමේ ශක්තිය ඇත්තෙක විය. 1994දී ඔහු සහ මම පළමු වරට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එතැන් සිට අඛණ්ඩව වසර 30ක් පුරා දිස්ත්‍රික්කයේ ජනතාවගේ කැමැත්ත ඉතා ඉහළින් දිනාගැනීමට තරම් භූමියේ දේශපාලකයන් බවට පත්විය.

ආණ්ඩු කිහිපයක ප්‍රභල ඇමතිකම් දැරූ ඔහුද නායකයන් ඉදිරියේ ශක්තිමත්ම තම මතය වෙනුවෙන් පෙනී සිටි සෘජු දේශපාලකයෙක් වූයේය.
 
කුමාර වෙල්ගම: ශ්‍රී ලාංකේය දේශපාලනයේ 'පුවත් මැවූ' චරිතයක අමතක නොවන මතක
2015දී මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු මහින්ද සුළඟ ආරම්භ කරමින් ඉදිරිපෙළ නායකයකු වූ එතුමා 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීමට එරෙහිව ප්‍රසිද්ධියේ එරෙහි වූ එකම පොහොට්ටු මන්ත්‍රීවරයා විය.

 ‘‘ගෝඨාභය දැම්මොත්, රට විනාශ වෙනවා’’ එදා ඔහු පෙන්වූ අවදානම  පොහොට්ටුව පිළිගත්තේ නැත. කුමාරවෙල්ගම සැලුනේ ද නැත. ඔහු පොහොට්ටුවෙන් පිට දේශපාලනයක් ආරම්භ කළේය.

2019දී ඔහු සහ මම ස.ජ.බ ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත්වීමු. අප අතර තිබුණේ සහෝදරාත්මක මැතිවරණ ව්‍යාපාරයකි. ඔහු කිසි දිනෙක, මාගේ තරඟකරුවා වූයේ නැත. මම ද, කිසි දිනෙක ඔහුගේ තරඟකරුවා නොවමි.
 
FY565

ඉතා කුඩා මනාප පරතරයකින්, මම පළමුවැනියා බවටත් ඔහු දෙවැනියා බවටත් පත් කරමින්  ඡන්දය නිමවිය. එහෙත් සැබවින්ම මම සහ ඔහු අතර පළමුවැනියකු හෝ දෙවැනියකු නැත.

ඔහු කී ලෙසටම ගෝඨාභය බලයට පත්වී වසර දෙකකින් රටම විනාශ විය. 

අරගලයක් පැනනැගුණි. මුලදී මානුෂිකවාදි වූ අරගලය, පසුව ප්‍රචණ්ඩකාරී වුයේ වෛරී පක්ෂ එය කරා පැමිණීමෙනි. එකී ප්‍රචණ්ඩකාරීන් ගෝඨාභයට පළමුවෙන් එරෙහි වූ කුමාර වෙල්ගමට පවා පහර දීමට තරම් දේශපාලන අඳ බාලයන් විය.   
  
හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වෙයි ‍
                                                                                          
කුමාර ගමන්ගත් මෝටර් රථය මහමඟදී නවතාගෙන ඔහුට දරුණු ලෙස පහරදී, එම මෝටර් රථයටම දමා ගිනි තැබීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූයේ වෙල්ගමගේ මනුෂ්‍යත්වය ගැන දන්නා එක් පුද්ගලයකු සිය ජීවිතය ගැන පවා නොතකා සිදු කළ සටනක් නිසාවෙනි.

එම සිදුවීමෙන් ඇති වූ තුවාල සහ අභ්‍යන්තර හානිවීම්  නිසා එදායින් පසු කිසි දිනෙක පෙර පුරුදු සෞඛ්‍ය තත්වයට පැමිණීමට වෙල්ගමට හැකිවූයේ නැත. ගෙවුණු වසර තුනක කාලය තුළ  වැඩි දින ගණනක් ගත කළේ රෝහලකය. ඔහුගේ මරණය මේතරම් ඉක්මනට, එම පහරදීම ද එක් ප්‍රධාන හේතුවක් වූවාට සැක නැත.
 
වෙල්ගම මහ ඡන්දයට පොදු විපක්ෂයෙන් !
කුමාර වෙල්ගම සැබැවින්ම, මිනිසුන් අතර සැබෑ මිනිසෙකි. ඔහුට උස් පහත් භේද තිබුණේ නැත.

මා මිත්‍ර කුමාර, අප සියලු දෙනා යන ගමනක්, ඔබ මට පෙර ගොස් ඇත. ජීවත් වූ කාලය තුළ ඔබ ජනතාව වෙනුවෙන් බොහෝ දේ කර ඇත. ඒ සියලු යහපත ඔබට ආශිර්වාදයක් වේවා. උතුම් වූ නිවනින් ඔබ සැනසේවා.!

(වෛද්‍ය රාජිත සේනාරත්න)
හිටපු අමාත්‍ය 

සබැඳි ලිපි :
කුමාර වෙල්ගම: ශ්‍රී ලාංකේය දේශපාලනයේ 'පුවත් මැවූ' චරිතයක අමතක නොවන මතක


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා | The Leader