The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජනපති කාර්ය මණ්ඩල වාහන ජනතාවගේ කණෙන් රිංගවීමට ඉඩ දෙමු ද? (සුනිල් කන්නන්ගර)

T

The Leader Desk

October 2, 2024 • 8:01 AM

ජනපති කාර්ය මණ්ඩල වාහන ජනතාවගේ කණෙන් රිංගවීමට ඉඩ දෙමු ද? (සුනිල් කන්නන්ගර)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙමින් තම තමන්ගේ හිතේ ඇති දේ හිතුමතේ ප්‍රකාශ කරමින් මේ වාහන කේස් එක ව්‍යාකූල කරද්දී පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයට අප පළමුව ස්තූති කළ යුතු ය.
  • ජනපති මාධ්‍ය අංශයේ මේ නිවේදනයේ දැක්වෙන පරිදි මේ වාහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1)ව්‍යවස්ථාව පරිදි බඳවා ගත් ජනාධිපතිවරයා ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ ඒවා මිස ජනාධිපතිවරයාගේ “නිත්‍ය කාර්ය මණ්ඩලය”ට ලබා දී තිබූ ඒවා නොවේ .
  • ඒ එක් එක් වාහනය ලබා දී තිබූ නිලධාරියාගේ නම ද ඔහු ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ දැරූ තනතුර ද ඔහුට හෝ ඇයට අනුයුක්ත කර තිබූ වාහන අංකය ද මේ නිවේදනයට ඇතුලත් කර ඇත.
  • ඒ අතරේ සාවද්‍ය තොරතුරක් ද අඩංගු වී තිබීම මත ජනාධිපති මාධ්‍ය අංශය පසුව එකී නම සඳහන් පුද්ගලයාට තම කණගාටුව ප්‍රකාශ කොට තිබෙනු ද දක්නා ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙමින් තම තමන්ගේ හිතේ ඇති දේ හිතුමතේ ප්‍රකාශ කරමින් මේ වාහන කේස් එක ව්‍යාකූල කරද්දී පැහැදිලි ප්‍රකාශයක් නිකුත් කිරීම ගැන ජනාධිපති මාධ්‍ය අංශයට අප පළමුව ස්තූති කළ යුතු ය.

ජනපති මාධ්‍ය අංශයේ මේ නිවේදනයේ දැක්වෙන පරිදි මේ වාහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1)ව්‍යවස්ථාව පරිදි බඳවා ගත් ජනාධිපතිවරයා ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ ඒවා මිස ජනාධිපතිවරයාගේ “නිත්‍ය කාර්ය මණ්ඩලය”ට ලබා දී තිබූ ඒවා නොවේ . ඒ එක් එක් වාහනය ලබා දී තිබූ නිලධාරියාගේ නම ද ඔහු ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ දැරූ තනතුර ද ඔහුට හෝ ඇයට අනුයුක්ත කර තිබූ වාහන අංකය ද මේ නිවේදනයට ඇතුලත් කර ඇත.


461791000 933664012126553 5238903437721360905 nවාහන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1)ව්‍යවස්ථාව පරිදි බඳවා ගත් ජනාධිපතිවරයා ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ ඒවා මිස ජනාධිපතිවරයාගේ “නිත්‍ය කාර්ය මණ්ඩලය”ට ලබා දී තිබූ ඒවා නොවේ .
ඒ අතරේ සාවද්‍ය තොරතුරක් ද අඩංගු වී තිබීම මත ජනාධිපති මාධ්‍ය අංශය පසුව එකී නම සඳහන් පුද්ගලයාට තම කණගාටුව ප්‍රකාශ කොට තිබෙනු ද දක්නා ලදී. මෙවන් කරුණක දී කණගාටුව ප්‍රකාශ හොඳ දෙයකි. නමුත් යමක දී විචාරශීලී වීම ඊට වඩා දහස් ගුණයකින් හොඳ ය.

ඒ අනුව අප මීට පෙර ලිපියක ද සඳහන් කළ පරිදි මේ වාහන කවුරුන් හෝ හොර රහසේ ගෙනැවිත් ගාලු මුවදොර නවත්වා දමා ගිය වාහන නොවේ. ජනාධිපති කාර්යාලය විසින් විධිමත්ව ජනාධිපති වරයාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරින් අනුයුක්ත කළ පසුව ඔවුන් විසින් භාවිතා කරන ලදුව නව ජනාධිපති වරයෙකු පත්වීමත් සමඟ තම තනතුර අහෝසි වීම නිසා ඔවුන් යළිත් විධිමත්ව ජනාධිපති කාර්යාලයට ආපසු භාර දුන් වාහන වේ. ඒ අනුව මෙතෙක් සමාජ මාධ්‍යයේ මේ වාහන අරබයා පතුරවමින් තිබුණු විවිධ පුද්ගලයන් ගෙතූ කතාන්දර නිමාවනු ඇත. එසේ කතන්දර ගෙතූ අයට ඊළඟ සතිය ගත කිරීමට වෙන කතන්දරයක් සොයා ගන්නට වෙනු ඇත.

එසේ වුව ද මේ නිවේදනය නිසා මතුවන යම් ගැටළුවක් ද පවතී. එය පැහැදිලි කරන්නේ ඒ ඔස්සේ ද වෙනත් කතන්දර ගොඩ නැඟෙන්නත් පැතිරෙන්නටත් ජනතාව තුළ වැරදි වැටහීමක් ඇති වීමත් වැලැක්වීමේ අදහසිනි.

461483550 929713529188268 2481419699048918677 n

 ජනාධිපති වරයාගේ කාර්ය මණ්ඩලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන්නේ 41වන ව්‍යවස්ථාවේ ය. ඒ ව්‍යවස්ථාව අනුව ජනාධිපති ධුරයේ බලතල කාර්ය සහ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ ලා තම මතය අනුව අවශ්‍ය වන ලේකම්වරුන් පත්කිරීමට ද අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා වෙනත් නිලධාරීන් හා කාර්ය මණ්ඩලය පත්කිරීමට ද ඔවුන්ගේ සේවා නියමයන් හා කොන්දේසි නිශ්චය කිරීමට ද ජනාධිපතිවරයාට බලය ඇත. මෙසේ පත් කරන සියලුම ලේකම්වරුන් නිලධාරීන් හා කාර්ය මණ්ඩලයේ විනය පාලන බලතල ද ඇත්තේ ජනාධිපති වරයාට ය. ඒ විනය පාලන බලතල ඉහත පත් කළ ලේකම් වරයෙකුට පවරන්නට ද ජනාධිපතිවරයාට පුලුවන.


මෙසේ පත්කරන සියලුම ලේකම් වරුන් වෙනත් නිලධරීන් හා කාර්ය මණ්ඩල වල වැටුප ගෙවිය යුත්තේ ඒකාබද්ධ අරමුදලෙනි. මේ අනුව ඉතාම පැහැදිලිව තේරුම් ගත හැක්කේ ජනාධිපති වරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය කියා වෙනම කාර්ය මණ්ඩලයක් නැති බව ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඇත්තේ ජනාධිපතිවරයාගේ එක් කාර්ය මණ්ඩලයකි. එහි ජනාධිපතිවරයාගේ මතය අනුව පත් කරන ලේකම්වරුන් ද අමාත්‍ය මණ්ඩලයේ අදහස් විමසා පත්කරන වෙනත් නිලධාරීන් හා කාර්ය මණ්ඩලය ද ඇත්තේ ය. මේ සියල්ලෝම අන් ආකාරයකින් සේවය අවසන් නොකළොත් ජනාධිපති වරයාගේ ධුර කාලය නිමවන තෙක් සේවයේ යෙදෙති.

ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන් වීමත් සමග සියලුම ලේකම්වරුන්ගේ ද වෙනත් නිලධාරීන්ගේ ද කාර්ය මණ්ඩලයේ ද සේවය අවසන් වෙයි. ඒ ලේකම් වරුන්ගෙන් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කරන්නාගේ පමණක් සේවය අවසන් වන්නේ නව ජනාධිපතිවරයා වැඩ භාර ගැනීමත් සමඟ ය. ඒ අනුව ජනාධිපති කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය හා “අනිත්‍ය කාර්ය මණ්ඩලය”කියා කාර්ය මණ්ඩල දෙකක් නැත.

 



මේ අනුව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ ජනපති පුද්ගලික කාර්ය මණ්ඩලය හා නිත්‍ය කාර්‍ය මණ්ඩලය ලෙස කොටස් දෙකක් යටතේ කරුණු දැක්වා තිබීම දෝෂ සහිත ය. ඔවුනට මෙම පටලැවීම සිදුවන්නට ඇත්තේ ජනධිපති කාර්ය මණ්ඩලයට රාජ්‍ය සේවයෙන් අනුයුක්ත කරගෙන සිටින නිලධාරීන් හා බැහැරින් බඳවා ගත් නිලධාරීන් වෙන් කර දැක්වීමට ගොස් වන්නට පුලුවන. මේ නිලධාරීන් දෙවර්ගය අරබයා ජනාධිපතිවරයෙකුගේ නිල කාලය අවසන් වන විට සිදුවන දේ ද වෙනස්‍ වේ. රාජ්‍ය සේවයෙන් ජනාධිපතිවරයාගේ කාර්යාලයට අනුයුක්ත කර සිටින නිලධාරීන්ට ජනාධිපති වරයාගේ නිල කාලය අවසානයේ යළි රාජ්‍ය සේවයේ දැරූ තනතුරට ආපසු යාමට අයිතිය ලැබේ. රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ටත්වය අහිමිවීමක් ද ඔවුන්ට සිදු නොවේ. බාහිරින් බඳවා ගත් නිලධාරීන්ගේ සේවය ජනාධිපති නිල කාලය අවසනයේදී අහෝසි වෙයි. ඒ අනුව ඔවුන් වෙත නිල වශයෙන් ලබාදී තිබුණු කාර්යාල උපකරණ නිලවාහන ආදිය විධිමත්ව භාරදී ඉවත්විය යුතු ය.

ඉහත වාහන භාවිතා කළ නිලධාරි නාම ලේඛනය පරීක්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන්ගේ නම් ද එහි ඇති බව පෙනී යයි. ඒ අය ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට අයත් නැත. එසේ නම් ඒඅයට ජනාධිපති කාර්යාලයෙන් වාහන ලබාදීම කළේ කෙසේදැයි සොයා බැලිය යුතු ය. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ජනාධිපතිවරයා ගේ අත්සනින් පත්වීමක් ලබා දීම කලක සිට කෙරෙන්නකි. මෙය කිසිදු නීතියකින් ස්ථාපිත තනතුරක් නොවේ. මේ සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරය පරිපාලනමය කාර්යයක් වූ අතර එය රාජ්‍ය නිලධාරියෙකු විසින් ඉටු කළ යුතු කාර්යයකි. එය ඉටු කරමින් සිටියේ දිස්ත්‍රික් භාර ආණ්ඩුවේ ඒජන්ත වරුන්‍ ය. පසු කාලයේ දේශපාලකයන් විසින් බලයෙන් අල්ලා ගත් මේ පරිපාලනමය තනතුර ජනාධිපතිවරයා විසින් පත් කළ යුතු දේශපාලන තනතුරක් බවට චක්‍ර ලේඛනයකට ඇතුළුකළේ දිස්ත්‍රික් පරිපාලනය පිළිබඳ කවර හෝ අත්දැකීමක් නැති අමාත්‍යංශ ලේකම්වරයෙකි. ඔහු එදා කළ වරද දිගටම කර ගෙනයමින් මේ වන විට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවල සභාපතිකම රජයෙන් නිල වාහනයක් වෙන් කරන තනතුරක් බවට අනීතිකව වර්ධනය කර ගෙන ඇත. මේ පත් කරන්නෝ ද පත්වන්නෝ ද බලා සිටින්නෝ ද කිසිවෙක් මෙය වරදක් බව නොදනිති. මුල් කාලයේ කළේ දිස්ත්‍රික්කයේ ඇමතිවරයෙකුව සම්බන්ධිකරණ සභාපති ලෙස පත්කර පත්වීමේ ලිපියක් නිකුත් කිරීම පමණි. පසුව ඇමති හෝ නියෝජ්‍ය ඇමතිකමක් දෙන්නට බැරි කනිෂ්ට මන්ත්‍රීවරුන්ට නියෝජ්‍ය ඇමතිකමක් දීම වෙනුවට ඔහු සම්බන්ධිකරණ කමිටු සභාපතිකමට පත් කර රජයෙන් වාහනයක් ද නිකුත් කරන්නට පටන් ගත්තේය.

 

f533474fc018439cc829f24da2ff74bd XLසර්ව බලධාරී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තිබුණු කාලයේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති වරුන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යලවල කාර්යාලයක් ලබාදිය යුතුයැයි නියම කළේය.

සර්ව බලධාරී ආර්ථික සංවර්ධන අමාත්‍යංශය තිබුණු කාලයේ බැසිල් රාජපක්ෂ ඇමතිවරයා සියලුම දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු සභාපති වරුන්ට දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යලවල කාර්යාලයක් ලබාදිය යුතුයැයි නියම කළේය. එදා දිස්ත්‍රික් භාරව සිටි තවත් දිසාපතිවරුන් කීප දෙනෙකු සමඟ මම ද එම නියමය ප්‍රතික්ෂේප කර එය කළ නොහැකි බවට කරුණු ඉදිරිපත් කළෙමු. දීර්ඝ වශයෙන් ඇතිවූ සාකච්ඡා වලදී දිගින් දිගටම එල්ල වූ අපගේ දැඩි විරෝධය නිසාම එම නියමය ඉවත් කර ගැනීමට ඔවුනට සිදුවිය. එහෙත් සම්බන්ධිකරණ සභාපති වරුන්ට වාහන හා ඉන්ධන ලබාදීමත් වාහන නඩත්තුවත් ආරම්භ විය. ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු සභාපතිවරුන්ට වාහන කාර්යාල හා කාර්ය මණ්ඩල ද ලබා දී දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්යාල ද ස්ථාපිත කර දුන්නේය. එහෙත් මේ සියල්ල කළේ කිසිදු නීතියකින් පැවරුණු බලයක් මත නොවේ. අනීතිකව කළ වරදක් ක්‍රමයෙන් ව්‍යාප්‍ත කර එය “පරංගීන් ගේ ගෙරිහමක්” බවට පත් කර ගැනීමෙනි. මේ වාහන මන්ත්‍රීවරුන්ට දී ඇත්තේ ඔය විදියට ය.


ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය අනුව මේ වාහන අනුයුක්ත කිරීම් නීත්‍යනුකූලව විනිවිද පෙනෙන ක්‍රමවේද ඔස්සේ සිදු කරන බව ප්‍රකාශ කර තිබීම වැදගත්‍ ය. නමුත් ජනපති කාර්ය මණ්ඩල වාහන ජනතාවගේ කණෙන් රිංගවීම වැනි ජනාධිපතිවරුන් ලවා අනීතික වරප්‍රසාද ලබා දෙන්නට හැකි ලෙස රාජ්‍ය පාලන ක්‍රමවේද විකෘති කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ම ය. ඒනිසා කළ පුරුද්දට අනුව නිලධාරීන් සකසන ලිපිවලට අත්සන් කරගෙන හීන් නූලෙන් අනීතික වරප්‍රසාද දී නව ජනාධිපතිවරයා ලවා පරණ ක්‍රමයම ගෙන යාමට දරන උත්සාහයන් ගැන අවදියෙන් සිටීම නව ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයට භාර වගකීමකි. අප මෙය කල් ඇතිවම දන්වා සිටිනුයේ “පැණි වරකා ගහට හෙන වැදීමට” ඇති සුළු හෝ අවදානම කල් ඇතිවම පිටු දැකීමට ය.


Gallface letter 1


සබැඳි පුවත් :
මොනවද මේ ගෝල්ෆේස් වාහන කේස් ? - (සුනිල් කන්නන්ගර)



sunil Kannangara
(සුනිල් කන්නන්ගර)
කොළඹ රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති
skannangara1959@gmail.com

(vinivida.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...