The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : හිටපු ඇමැතිවරු ද මනුෂ්‍යයෝය

T

The Leader Desk

October 6, 2024 • 7:10 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : හිටපු ඇමැතිවරු ද මනුෂ්‍යයෝය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය දුටු මගේ බඩ පපුව දා ගියේය.
  • ඉන් කලකට පසු, ඒ සඳහා ලැබුණු වන්දි මුදලින්, ඔවුන් යළි ඒ නිවාස අලුත්වැඩියා කරගෙන, ජීවිකාව සඳහා කිසියම් මුදලක් ඉතිරි කර ගන්නටද ඇත.
  • සමහර විට ඔවුන් දේශපාලනයට පිවිසෙන්නට ඇත්තේද, යමක් කමක් හරිහම්බ කර ගැනීමටය.
  • මේ මනුෂ්‍යයන්, මැති ඇමැතිකම් ලබාගෙන ඇත්තේ, විශාල කට්ටක් කෑමෙනි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය දුටු මගේ බඩ පපුව දා ගියේය.

හිටපු ඇමැතිවරුද මනුෂ්‍යයෝය. කිසියම් මනුෂ්‍යයකුට, උන්හිටිතැන් අහිමිවීම, සුළු පටු විපතක් නොවේ.

මීට කලකට පෙරද, මේ මනුෂ්‍යයන් බොහෝ දෙනකුගේ ගෙවල් දොරවල් ගිනිබත් කෙරුණි. ඉන් කලකට පසු, ඒ සඳහා ලැබුණු වන්දි මුදලින්, ඔවුන් යළි ඒ නිවාස අලුත්වැඩියා කරගෙන, ජීවිකාව සඳහා කිසියම් මුදලක් ඉතිරි කර ගන්නටද ඇත. ඒ හැරුණුවිට ඔවුන්ට තිබුණේ, මේ අපට මෙන්ම වැටුප පමණි. ධුර අහිමිවීමෙන් පසු විශ්‍රාම වැටුප පමණි. දැන් එය ද අහෝසිය.

 

උපදේශකවරුන්ගේ සිරි ලංකාව : කපිල කුමාර කාලිංගහිටපු ඇමැතිවරුද මනුෂ්‍යයෝය. කිසියම් මනුෂ්‍යයකුට, උන්හිටිතැන් අහිමිවීම, සුළු පටු විපතක් නොවේ.

මේ මනුෂ්‍යයන්ගෙන් බොහෝ දෙනකු දේශපාලනයට පිවිසීමට පෙර, දිළින්දෝය. සමහර විට ඔවුන් දේශපාලනයට පිවිසෙන්නට ඇත්තේද, යමක් කමක් හරිහම්බ කර ගැනීමටය. වැටුපට අමතරව, කොමිස් මුදලක් හෝ ලබාගත්තා නම්, ඒ තම දියුණුව සඳහාමය. අනික් අතට, කල දුටු කල, වළ ඉස ගැනීමේ වරදක් ද නැත.

මේ මනුෂ්‍යයන්, මැති ඇමැතිකම් ලබාගෙන ඇත්තේ, විශාල කට්ටක් කෑමෙනි. එසේ නැතිනම් විශාල පිම්මක් පැනීමෙනි. දැන් ඒ ඇමැතිකම් අහෝසි බැවින්, යළි ලබාගැනීම සඳහා ළඟ එන මහ මැතිවරණයට සූදානම් විය යුතුය. උන්හිටිතැන් නැතිව, පාරට වැටුණු කල එය කරන්නේ කෙසේද? තම බංගලා බාර නොදුන්, ඉතිරි හතළිස් හත්දෙනා මුහුණ දී ඇත්තේ, ඒ මානුෂික ගැටලුවටය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : අය-වැය සහ තුන්වැනි පුතාබංගලා හා වැටුප් පමණක් නොව, දීමනාවන්ද නැත. ආරක්ෂකයන්ද නැත. යාන වාහන ද නැත. සමහරුන්ට ලෙඩක් දුකක් වූ කල, බලාකියා ගැනීමට අඹුදරුවන් ද නැත. ඔවුන් පිටරටය. තානාපති කාර්යාලවලය. ආදායම් අහිමි වූ කල, ඒ අසරණයන් රැකබලා ගැනීම ද ප්‍රශ්නයකි.

 

බංගලා හා වැටුප් පමණක් නොව, දීමනාවන්ද නැත. ආරක්ෂකයන්ද නැත. යාන වාහන ද නැත. සමහරුන්ට ලෙඩක් දුකක් වූ කල, බලාකියා ගැනීමට අඹුදරුවන් ද නැත. ඔවුන් පිටරටය. තානාපති කාර්යාලවලය. ආදායම් අහිමි වූ කල, ඒ අසරණයන් රැකබලා ගැනීම ද ප්‍රශ්නයකි. එකම විසඳුම කෙසේ හෝ ‘රැකියාව’ ලබාගැනීමය. ඒ සඳහා අලියා පිට බැරි නම් කොටළුවා පිට හෝ යාමට ඔවුන් සූදානම්ය. අලියා යනු, මේ රටේ ජනප්‍රියතම ඡන්ද ලකුණකි. අලියා දණින් වැටුණු පසු, කැපුවත් කොළ කට්ටිය අනාථ වී, සීසීකඩ ගියහ. අලියාගේ ප්‍රතිවාදී ලකුණ වූ අතට ද සිදුවූයේ එයමය. ‘අත’ කැපී ගිය පසු, කැපුවත් නිල් කට්ටිය, පොහොට්ටුවේ එල්ලුණෝය. සමහරු තවමත්, අත සිඹින්නට වෑයම් කරන්නේ, එය කපන්නට බැරි දුකිනි.

අලියා අහිමි වූ අය හිතේ දුකට නොයෙක් කතා කියති. දැන් සිටින්නේ ඉස්සර අලියා නොවේ. ඌට කොටන් අදින්නටත් බැරිය. පෙරහරේ යාමටත් බැරිය. වැහැරුණු අලි, පන්සලකටවත් බාරගන්නේ නැත. අලි විකුණලා බැරිවෙලා තියෙද්දි, තම්පලා විකුණලා වැඩක් වේදැයි පිරුළක් ඇත්තේ ද එහෙයිනි. වැහැරුණු වියපත් අලි, අනාථාගාරයකට යවා, ජවසම්පන්න තරුණ අලි පෙරමුණට ගත යුතු යැයි කියන්නේ අලිකාරයෝමය.

 

අලි නිදා සිටින අයුරු ඔබ දැක තිබෙනවා ද?අලි වැඩ කිරීමට, තවත් අලියකුම මිස, වෙන එකෙක් දමා බැරිය. 
අලි වැඩ කිරීමට, තවත් අලියකුම මිස, වෙන එකෙක් දමා බැරිය. එසේම, අලි යන කපොලු තිබියදී, කූඹි යන තැන් වසා පලක් නැති බවද, කිව යුතුය. එසේ වුවහොත් අන්තිමේදී කීමට සිදුවන්නේ ‘අලි මදිවාට හරක්’ යනුවෙනි.

‘මාලිමාව’ බවට පත්වූයේ, පහුගිය කාලේ නාද වූ සීනුවය. මාලිමාව යනු, සංචාරකයන් හා නැවියන් විසින් දිශාව (පාර) සොයා ගැනීමට යොදාගන්නා උපකරණයයි. කොම්පස් නොහොත් කොම්පාසුවය. ප්‍රධාන වශයෙන්ම, උතුර, නැගෙනහිර, දකුණ හා බටහිර සොයා ගැනීමට මාලිමාව ප්‍රයෝජනවත් වේ.

ආර්ථික අර්බුදයෙන් පසු සිරි ලංකාවේ මිනිස්සු හිටියේ, උතුර දකුණ මාරු වෙලාය. ඒ නිසා ‘ආයෙ නෝ චාන්ස්’ යැයි සිතා, මාලිමාව පැත්ත ගත්හ. මාලිමාව හොයා ගත්තේ චීන්නුය. ඒ නිසා, සිරි ලංකාවේ මාලිමාවේ ගමන් මග ගැන ඉන්දියාව ටිකක් නොසන්සුන්ය. එහි විදේශ ඇමැතිවරයා, කඩිමුඩියේ, ජනපති අනුර බැහැ දකින්නට ආවේත් ඒ නිසා විය හැකිය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : බංගලි වළලු ගෙන එන්නයි පොරොන්දුවආර්ථික අර්බුදයෙන් පසු සිරි ලංකාවේ මිනිස්සු හිටියේ, උතුර දකුණ මාරු වෙලාය.

 

‘ගණ දෙවියෝ’ යනු ඉන්දියානු නිෂ්පාදනයකි. එහෙයින් ගණ දෙවි නුවණ ද ඔවුන් සතුය. චීනයේ නිපදවන, මාලිමා යන්ත්‍ර මිලදී ගෙන, මේඩ් ඉන් ඉන්ඩියා - Made in India යනුවෙන් සඳහන් කර, සිරි ලංකාවට විකිණීම ඔවුන්ට සුළු දෙයකි. ඒ මාලිමාවේ කටුව, හැරෙන්නේ කොයි දිසාවට ද යන්න, ඉන්පසු බලාගත හැකිය. ඒවාට තව කල් තිබේ.

පසුගිය දිනෙක, කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලය අසල, ලිපි ගොනුවක් ද අතැතිව රැඳී සිටින, මා මිත්‍ර හිටපු ඇමැතිවරයකු දැක විමතියට පත්ව, ඔහු වෙත ගියෙමි.

“මොකද මෙතන?”

“බලනවකො, මං පාර්ලිමේන්තුවෙන් ණයට කෑවා කියල, බිලක් එවලනෙ.”

“ඉතින් ගෙවල දැම්මම ඉවරයිනෙ.”

“කොහෙන් ගෙවන්ඩද, පඩිත් නෑ. පැන්ෂනුත් නෑ. මම ජනාධිපති සහෝදරයට මගේ දුක කියන්ඩ යන්නෙ.”

 

කපිල කුමාර කාලිංගගේ හීසරය : 'ජාතිය' ඇමතීම

ශිෂ්‍යත්ව ප්‍රශ්නයේ සිට මන්ත්‍රී ණය ප්‍රශ්න දක්වා, විසඳීමට සිදුවී ඇත්තේ ජනාධිපතිටය. මේ විදිහට ගියොත්, රටේ ප්‍රශ්න විසඳීමට ඔහුට කාලයක් ඉතිරි වනු නැත. කෙසේ වෙතත්, හිටපු ඇමැතිවරු ද මනුෂ්‍යයෝය.

නව ජනාධිපතිතුමා ද ඒ බව දනී. ඔහු ද හිටපු ඇමැතිවරයෙකි. හිටපු ජනාධිපතිතුමා, ඔහුට තවමත්, හිටපු ‘කෘෂිකර්ම ඇමැතිතුමා’ යැයි අමතන්නේ ඒ නිසාය. නැතිනම්, ඔහුට ‘ජනාධිපති’ යැයි ඇමතීමට තවමත්, දිව නොනැමෙන නිසාය.

හිටපු ජනාධිපතිතුමා ද මනුෂ්‍යයෙකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...