The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පශ්චාද් ජනාධිපතිවරණ සමයේ උතුරේත් දකුණේත් පත්තර පිටු

T

The Leader Desk

October 8, 2024 • 12:08 PM

පශ්චාද් ජනාධිපතිවරණ සමයේ උතුරේත් දකුණේත් පත්තර පිටු

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පශ්චාද් මැතිවරණ සමයේ උතුර නැ‍ගෙනහිර ජනතාවගේ අපේක්ෂා දෙමළ පත්තර පිටුවල ලියැවුණු අයුරු ජනාධිපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත්වීමෙන් පසු එළැඹුණු සතියේ දෙමළ පුවත්පත් තුළ දැක්වුණු පිළිබිඹුව මූලිකව කොටස් දෙකකට වෙන් කළ හැකිය.
  • එක් පාර්ශවයක් කළේ මෙතෙක් පැවති පාලන තන්ත්‍රය අහෝසි කර දමා පත් වූ නව ජනාධිපතිවරයාට සුබ පතමින් ඔහු පිළිබඳ සුබවාදී අපේක්ෂාවන් ඇතිව අදහස් දැක්වීමය.
  • අනෙක් පාර්ශ්වය තමන් නියෝජනය කළ දේශපාලන මතවාදය, අපේක්ෂා කළ අන්දමින් ජයග්‍රහණය නොකළ නිසා පත්වන ඉච්ඡා භංගත්වය ප්‍රකට කරන අතරවාරේ, නව මානයක ‍දේශපාලන ක්‍රියාමාර්ගයක ඇති අවශ්‍යතාව පිළිබඳව ප්‍රකාශ කර සිටිමය.
  • ඒ සුමන්දිරන් පවසා තිබුනේ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය විශාල ප්‍රගතිශීලී පියවරක් වන අතර, ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කළ හැකි සියලු කටයුතුවලට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

පශ්චාද් මැතිවරණ සමයේ උතුර නැ‍ගෙනහිර ජනතාවගේ අපේක්ෂා දෙමළ පත්තර පිටුවල ලියැවුණු අයුරු

 

ජනාධිපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත්වීමෙන් පසු එළැඹුණු සතියේ දෙමළ පුවත්පත් තුළ දැක්වුණු  පිළිබිඹුව මූලිකව කොටස් දෙකකට වෙන් කළ හැකිය. එක් පාර්ශවයක් කළේ මෙතෙක් පැවති පාලන තන්ත්‍රය අහෝසි කර දමා පත් වූ නව ජනාධිපතිවරයාට සුබ පතමින් ඔහු පිළිබඳ සුබවාදී අපේක්ෂාවන් ඇතිව අදහස් දැක්වීමය. අනෙක් පාර්ශ්වය තමන් නියෝජනය කළ දේශපාලන මතවාදය, අපේක්ෂා කළ අන්දමින් ජයග්‍රහණය නොකළ නිසා පත්වන ඉච්ඡා භංගත්වය ප්‍රකට කරන අතරවාරේ, නව මානයක ‍දේශපාලන ක්‍රියාමාර්ගයක ඇති අවශ්‍යතාව පිළිබඳව  ප්‍රකාශ කර සිටිමය.

‘අනුර කුමාර දිසානායක මෙරට 9 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.’ යන සිරස්තලයෙන් සහ ‘දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සහයෝගයෙන් දැවැන්ත ජයග්‍රහණයක්’ යන අනුසිරස්තලයෙන් යුතුව සැප්තැම්බර් 23 වැනි දා රජයේ දෙමළ පුවත්පතක් වන තිනකරන් පුවත්පතේ විශාල ඉඩක පුවතක් පළ වී තිබුණි. 

 

SEP 23 THINAKARAN PAGE 1 Mr. Anura Kumara Dissanayake A huge victory with the support of Tamils and Muslims‘දෙමළ සහ මුස්ලිම් ජනතාවගේ සහයෝගයෙන් දැවැන්ත ජයග්‍රහණයක්’ - 24.09.23


සැප්තැම්බර් 23 වැනි දා කාලෙයිමුරුසු, තිනකරන්, පුදියසුහන්දිරන් යන පුවත්පත්වල පිළිවෙලින් 5,3, 7 යන පිටුවල, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, නව ජනාධිපතිවරයාට ඔහුගේ නිල X සමාජ මාධ්‍ය අඩවිය ඔස්සේ කරන ලද සුබ පැතුම් පණිවිඩයක් සහිත වාර්තාවක් පළ කර තිබුණි. ඔහු එහි සඳහන් කොට තිබු‍ණේ ‘අනුරගේ ජයග්‍රහණය සමාජ සාධාරණත්වය වැළඳ ගන්නා නව ශ්‍රී ලංකාවක ආරම්භය වනු ඇත,’ යන්නය. 

SEP 23 KALEIMURASU PAGE 5 Mano Ganesan a report with a congratulatory message to the new President through his official X websiteකාලෙයිමුරුසු වාර්තාව - 24.09.23

SEP 23 PUDIYASUHANTHIRAN PAGE 7 Mano Ganesan a report with a congratulatory message to the new President through his official X websiteපුදියසුහන්දිරන් වාර්තාව - 24.09.23

SEP 23 THINAKARAN PAGE 3 Mano Ganesan a report with a congratulatory message to the new President through his official X websiteතිනකරන් වාර්තාව - 24.09.23


සැප්තැම්බර් 24 වැනි දා කාලෙයිකදිර් 5 වැනි පිටුවේ සහ ඊළනාඩු පුවත්පතේ 12 වැනි පිටුවේ පළවුණු වාර්තාවක, නැගෙනහිර පළාත්සභාවේ හිටපු මන්ත්‍රී මුරුගේසු රාජේෂ්වරන්, නව ජනාධිපතිවරයා ජාතිවාදී නොවන පාලනයක් ගෙනයනු ඇතැයි කී බවත්, අම්පාරේ මෙතෙක් නොවිසඳුණු ප්‍රශ්න විසඳනු ඇතැයි බලාපොරොත්තු පළ කළ බවත් සඳහන් කොට තිබුණි. 

 

SEP 24 EELANAADU PAGE 12 Former Eastern Provincial Council member Murugesu Irajeswaran says that President Anura will form a government without racismඊළනාඩු වාර්තාව - 24.09.24

SEP 24 KALEIKATHIR PAGE 5 Former Eastern Provincial Council member Murugesu Irajeswaran says that President Anura will form a government without racismjpgකාලෙයිකදිර් වාර්තාව - 24.09.24


එදිනම ඊළනාඩු පුවත්පතේ 7 වැනි පිටුවේ දෙමළ දේශපාලකයන් දෙදෙනෙක් අදහස් දක්වා තිබුණි.  

එම්. ඒ සුමන්දිරන් පවසා තිබුනේ අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණය විශාල ප්‍රගතිශීලී පියවරක් වන අතර, ඔහු ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු කළ හැකි  සියලු කටයුතුවලට ඔවුන්ගේ පූර්ණ සහයෝගය ලබා දෙන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්ථන් පෙන්වා දි තිබුනේ දිසානායකගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය විශාල වෙනසක් ඇති කරන බවත් ඔහුට ශ්‍රී ලංකාව, දූෂණයෙන් වංචාවෙන් තොර පිවිතුරු රටක් බවට පරිවර්තනය කළ හැකි බවට විශ්වාස කරන බවත්ය. එසේම දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම පිළිබඳ ප්‍රශ්නය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සිහි කැඳවීමක් ද කර තිබුණි.

SEP 24 EELANAADU PAGE 7 Sumandhiran MP and Siddharthan MP say that they will talk to Anura about the political solution. ඊළනාඩු වාර්තාව - 24.09.24
එසේම සැප්තැම්බර් 25 වැනි දින තමිලන් පුවත්පතේ 6 පිටුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝවින්දන් කරුණාකරම් පැවසූ අදහසක් වාර්තා කර තිබුනි. නව ජනාධිපතිවරයාත් මේ රටේ ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කළ අතර ඔවුන් ද ජනතාවගේ නිදහස වෙනුවෙන් සටන් කළ යුතු බවය. එසේම ජනතා විමුක්තිය මැනවින් අවබෝධ කරගත් පුද්ගලයකු ලෙස ඔහු දෙමළ ජනතාවට ජීවත්විය හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කළ යුතු බවට තවදුරටත් සදහන් කොට තිබුණි. 


IMG 20241008 WA0027තමිලන් වාර්තාව - 24.09.25
එවැනි අපේක්ෂා සහගත සුබ පැතුම් පිළිබඳ වාර්තා වලට අමතරව දෙමළ දේශපාලනය තුළ කිසියම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇඟවෙන පුවත් වාර්තා ද පළවී තිබුණි. 

 

SEP 23 KALEIKADIR PAGE 1 Sumandhiran alleges that the act of fielding a common Tamil candidate was a complete failure. කාලෙයිකදිර් වාර්තාව - 24.09.23

සැප්තැම්බර් 23 වැනි දා කාලෙයිමුරුසු සහ කාලෙයිකදිර් පුවත්පත් වල පළමු පිටුවේ, පොදු අපේක්ෂයකු ඉදිරිපත් කිරීමේ ක්‍රියාව දරුණු ලෙස අසාර්ථක වී ඇති බවට එම්. ඒ සුමන්දිරන් චෝදනා කරන අතර, මින් මතුවට එවැනි උත්සාහයන් නොගෙන දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා සාධනීය උත්සාහයක යෙදිය යුතු බව ඉල්ලා සිටින වාර්තා පළ වී තිබුණි.

SEP 23 KALEIMURASU PAGE 1 Sumandhiran alleges that the act of fielding a common Tamil candidate was a complete failure. කාලෙයිමුරුසු වාර්තාව - 24.09.23

SEP 25 EELANAADU PAGE 4 The need for a Tamil political movement oriented towards a new directionසැප්තැම්බර් 25 වැනි දා ඊළනාඩු පුවත්පතේ 4 වැනි පිටුවේ මැතිවරණ ප්‍රතිපලය පිළිබඳව කණස්සල්ල කියා පාන අතරවාරේ නව ‍දිශානතියකට හැරුණු දෙමළ දේශපාලන ගමන් මාර්ගයක් පිළිබද අවශ්‍යතාව පිළිබිඹු වෙන වාර්තාවක් පළ වි තිබුණි. එහි මුලිකව විමසුමට නඟා තිබුනේ, දකුණේ සිංහල ජනතාව කිසියම් වෙනසක් වෙනුවෙන් ඡන්දය භාවිතා කොට තිබුණත් දෙමළ ජනතාව එවැනි වෙනසකට සූදානම් ද යන්නයි. එම වාර්තාවට අනුව සම්ප්‍රදායික දෙමළ නායකත්වය සිය නොහැකියාව පෙන්නුම් කර ඇත. එහෙත් දෙමළ ජනතාව ඔවුන්ට දිගටම සහයෝගය දෙති. එම වාර්තාවේ අවධාරණය කොට තිබුනේ, දෙමළ ජනතාව තවදුරටත් වෙනසක් ගැන නොසිතන්නේ නම් ඔවුන්ට දේශපාලන විමුක්තියක් නැති බවය.

 


පශ්චාද් මැතිවරණ සමයේ දකුණේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත්  

 

A resident reads a newspaper featuring the news on the results of the presidential election in Colombo, Sri Lanka, on Monday, Sept. 23, 2024. Sri Lankans elected a leftist political outsider as president, rebuking elites who bankrupted the nation and imposed stringent austerity measures backed by the International Monetary Fund following a financial crisis two years ago. Photographer: Buddhika Weerasinghe/Bloomberg via Getty Images
ජනාධිපතිවරණය අවසන් වීමත් සමග, මැතිවරණ ව්‍යාපාරය සක්‍රියව පැවතුණු කාලයේ දකුණේ දක්නට තිබුණු මහා මාධ්‍ය ඝෝෂාව එකවරම පහව ගිය අතරම ප්‍රධාන දහරාවේ පුවත්පත්වලට ද උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව පිළිබඳව ද එකවරම අමතක වූවාය සේය. පශ්චාද් මැතිවරණ සමයේ එළැඹුණු පළමු සතියේ, දකුණේ සිංහල ඉංග්‍රීසි ප්‍රධාන දහරාවේ පුවත්පත් වල එම ජනතාව පිළිබඳව වාර්තා පළ වුයේ නැති තරම්ය. සිංහල පුවත්පත් අතරින් දෙමළ ජනතාව පිළිබඳ කුඩා වාර්තා එකක් හෝ දෙකක් පළ වී තිබුණේ මව්බිම පුවත්පතේ පමණි. එහෙත් සිංහල පුවත්පත් වලට සාපේක්ෂව ඉංග්‍රීසි පුවත්පත්  උතුරු නැගෙනහිර ජනතාවගේ දේශපාලන ප්‍රවණතා පිළිබද වාර්තා කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබුනි. 

ද ඩේලි මෝර්නින් පුවත්පතේ සැප්තැම්බර් 23 වැනිදා පළමු සහ දෙවැනි පිටුවල හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී විග්නේෂ්වරන් විසින් දෙමළ පොදු අපේක්ෂකත්වය සහ එහි දේශපාලන ගමන් මග පිළිබඳ අදහස් දක්වන වාර්තාවක් පළ කර තිබුණි. ඔහු ප්‍රථමයෙන් දෙමළ යනුවෙන් ජනතාවක් ඉන්නා බව පිළිගැනීමත්, 13 වැනි ව්‍යවස්ථාව බලාත්මක කරන ලෙසත් නව ආණ්ඩුවෙන් ඉල්ලීම් කර තිබුණි. උතුර නැ‍ගෙනහිර දෙමළ ජනතාව ජාතික ජනබලවේගයේ අනුර කුමාර දිසානයකට වඩා රනිල් වික්‍රමසිංහට සහ සජිත් ප්‍රේමදාසට ඡන්දය ලබා දුන්නේ, ජනතා විමුක්ති පෙරමුණ මෙහෙයවන ජාතික ජනබලවේගය දෙමළ ජනතාවගේ අපේක්ෂාවන්ට විරුද්ධව වැඩ කළ නිසා යැයි සිහිපත් කොට තිබුණි. එම වාර්තාවට අනුව ඡන්ද ප්‍රමාණය තරමක් අඩු සංඛ්‍යාවක් වුවත්, දෙමළ පොදු අපේක්ෂකයා යනු දෙමළ ජනතාවගේ එක්සත් වීම සළකුණු කරන්නක් බව ඔහු පවසා තිබුණේය. එසේම සිංහල ජනතාව රටේ කිසියම් වෙනසක් උදෙසා ඡන්දය පාවිච්චි කළා සේම දෙමළ ජනතාව ද එවැනි වෙනසට සූදානම් විය යුතු බව ද ඔහු අවධාරණය කළ  බව සඳහන් කොට තිබුණි.

c.v Wigneswaran the daily morning sep 23 pg 1 2ද ඩේලි මෝර්නින් වාර්තාව - 24.09.23


සැප්තැම්බර් 24 වැනි දා සි‍ලෝන් ටු‍ඩේ පුවත්පතේ තුන්වැනි පිටු‍වේ ‘මුස්ලිම් සහ දෙමළ පක්ෂ නව ජනාධිපතිවරයාට සුභ පතයි’ යන සිරස්තලය යටතේ වාර්තාවක් පළ වී තිබුණි. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (EPDP) මහ ලේකම් සහ ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාද, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (ACMC) සභාපති සහ හිටපු අමාත්‍ය අමීර් අලි වැනි විවිධ දේශපාලන කඳවුරුවල සිටි මුස්ලිම් සහ දෙමළ පක්ෂවල නායකයන් දැක්වූ අදහසක් එහි පළකර තිබුණි. එම නායකයන් නව ජනාධිපතිවරයාට සුබ පතා තිබුණු අතර, පොදු කාරණයක් ලෙස  සඳහන් කොට තිබුණේ රටේ බහුතරයක් ජනතාව තැබූ විශ්වාසය කඩ නොකර, නව ජනාධිපතිවරයා රටේ ආර්ථිකය නංවන අතරවාරයේ ජනවර්ග අතර සංහිඳියාව ඇතිකිරීමටත් සියළු පුරවැසියන්ට සමාන අයිතිවාසිකම් ලබා දීමටත් මැදිහත් වනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවයි. 


IMG 1104සි‍ලෝන් ටු‍ඩේ වාර්තාව
එදිනම මව්බිම පුවත්පතේ පළමු පිටුවේ, දෙමළ අපේක්ෂකයා පිළිබඳ දෙමළ ජනතා සභාව දැක්වු අදහස් වාර්තා කිරීමට ඉඩක් වෙන් ‍කොට තිබුණි. එහි සිරස්තලය වූයේ “පොදු අපේක්ෂකයා උතුරු නැගෙනහිර එක් කළා - දෙමළ සභාව” යන්නය.

 

common cadidate north and east MB 1 pg copyමව්බිම වාර්තාව
නීතියෙන් වෙන්කරනු ලැබූ උතුරු නැගෙනහිර පළාත් හදවතින් එක් කළ ජනාධිපති අපේක්ෂකයා පාක්‍යසෙල්වම් අරියනේත්‍රන් බව දෙමළ ජනතා සභාව ප්‍රකාශකොට තිබුණි. එම වාර්තාවේ සඳහන් වූ පරිදි ඔහු ඉදිරිපත් වූයේ දෙමළ ජනතාවගේ අභිලාෂය ලොවට පෙන්වා දීමටය. එම සභාව නව ජනාධිපති අනුර කුමාර දිසානායකට සුබපැතූ අතරම රටේ බහුසංස්කෘතිකවාදය රැකගැනීමට හැකිවන්නේ, දෙමළ ජනතාවගේ පැවැත්ම මෙන්ම ස්වයං නිර්ණය සදහා අයිතිය පිළිගැනීමෙන් පමණක් බව ද සිහිපත් කර තිබුණි.

ඉංග්‍රීසි පුවත්පත් දෙකක් වන ඩේලි මිරර් සහ සිලෝන් ටුඩේ පුවත්පත් වල පිළිවෙලින් සැප්තැම්බර් 24 සහ 25 යන දෙ‍දින තුන්වැනි පිටුවල දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කළ ප්‍රකාශයක් සහිත වාර්තාවක් පළ කර තිබුණි. එම වාර්තා දෙකේම මුඛ්‍ය අදහස වූයේ ෆෙඩරල් විසඳුමක් පිළිබද සාකච්ඡා කිරීමට එකඟතාව පළ කරන්නේ නම් නව ජනාධිපතිවරයාට සහාය දීමට එම පක්ෂය සූදානම් බවයි. එම වාර්තාවේ තව දුරටත් සඳහන් වී තිබුනේ, සිංහල ජනතාව ඡන්දය පාවිච්චි කොට තිබුණේ වෙනසක් ඇති කිරීම සඳහාය, එම නිසා, එම නව පාලන තන්ත්‍රය දෙමළ ජනතාව සමඟ අර්ථාන්විත ලෙස දේශපාලනයේ නියැලීම පිළිබඳව ද නව ආරම්භයක් ගනිවී යැයි එම පක්ෂය අපේක්ෂා කරන බවය.

Gajendra daily mirror sep 24ඩේලි මිරර් වාර්තාව - 24.09.24

Gajendrakumar ready to suprt prezidnt CT 3 pg copyසිලෝන් ටුඩේ වාර්තාව


සැප්තැම්බර් 26 වැනි දා සිංහල ඉංග්‍රීසි කිසිදු පුවත්පතක දෙමළ හෝ මුස්ලිම් හෝ වතුකරයේ ජනතාව පිළිබඳ කිසිදු පුවතක් පළ වි නොතිබුණු අතර සැප්තැම්බර් 27 දා මව්බිම පුවත්පතේ පළමු පිටුවේ මහ මැතිවරණයේදි දෙමළ මුස්ලිම් පක්ෂ එකට තරග කිරීමේ සූදානමක් ඇතිබවට මුලාශ්‍ර නොදැක්වූ  වාර්තාවක් පළ වි තිබුණි.  

all together for general electoin MB 1 pg copyමව්බිම වාර්තාව - 24.09.27

මේ ආකාරයෙන් එම ගෙවුණු සතියේ සිංහල ඉංග්‍රීසි පුවත්පත් වල උතුරු නැගෙනහිර හෝ වතුකරයේ හෝ වෙනත් පරිධියේ ජන කොටස් පිළිබඳව පළ වී තිබුනේ දහයකට වඩා අඩු පුවත් වාර්තා ප්‍රමාණයකි. එය මැතිවරණ සමයට සාපේක්ෂව පුදුම එළවන සුළු සංඛ්‍යාත්මක අඩු වීමකි. දකුණේ නව පත්වීම්, දිවුරුම් දීම්, වෙනසක් වෙනුවෙන් ඇති දකුණේ අපේක්ෂාවන් සහ පරාජය වීමේ පශ්චාත්තාපයන් හමුවේ ගිණිකන වැටී සිටින ජනතාව සේම මාධ්‍ය ද, තමන්ගේ අවම අයිතීන් ඉල්ලා සිටින ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳ මැතිවරණ සමයේ කරළියට ගෙනා සීමිත සංවාදය එසැණින්ම අමතක කර දැමුවා සේය. එසේම ඒ බොහෝමයකට ඒ ජනතාව නැවත සිහිපත් වන්නේ තවත් මැතිවරණයක් ආසන්නයේදි පමණි.

 

සටහන : සුභාෂිණී චතුරිකා 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...