The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඉන්දු - ශ්‍රී ලංකා සිනමා ව්‍යාපෘතිය: උඩරට දුම්රියට සිදුවන්නේ කුමක් ද?

T

The Leader Desk

October 9, 2024 • 4:16 PM

ඉන්දු - ශ්‍රී ලංකා සිනමා ව්‍යාපෘතිය: උඩරට දුම්රියට සිදුවන්නේ කුමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තම මෙහෙවර බවට ප්‍රකාශ කරන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එකවර ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.
  • ඉන්දියානු චිත්‍රපටයක රූගත කිරීම වෙනුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (ඔක් 09) දින සිට සතියක කාලයක් සීමා කිරීමට තීරණය කර තිබීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.
  • මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකරන්නේ දෙමෝදර ආරක්කු නමයේ පාලම මත බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.
  • 'අපිට කණගාටුයි මේ ගැන' ඒ අනුව සිනමා පටයේ රූගත කිරීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය අතර උදෑසන 07.30 සිට සවස 5.30 දක්වා මෙලෙස දුම්රිය ධාවන කටයුතු සීමා කෙරෙන බව සඳහන් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

තම මෙහෙවර බවට ප්‍රකාශ කරන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් එකවර ගනු ලැබූ තීරණයක් සම්බන්ධයෙන් ජනතාව තුළ ප්‍රශ්නාර්ථයක් මතුව තිබේ.

ඉන්දියානු චිත්‍රපටයක රූගත කිරීම වෙනුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (ඔක් 09) දින සිට සතියක කාලයක් සීමා කිරීමට තීරණය කර තිබීම ඊට ප්‍රධාන හේතුව වී ඇත.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුකරන්නේ දෙමෝදර ආරක්කු නමයේ පාලම මත බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය.


'අපිට කණගාටුයි මේ ගැන'

ඒ අනුව සිනමා පටයේ රූගත කිරීම හේතුවෙන් කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය අතර උදෑසන 07.30 සිට සවස 5.30 දක්වා මෙලෙස දුම්රිය ධාවන කටයුතු සීමා කෙරෙන බව සඳහන් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ යටතේ අද (ඔක්: 09වැනිදා) සිට ලබන 15 වැනිදා දක්වා දින 7ක් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කෙරෙනු ඇත.

බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ පැවසුවේ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමෙන් මගී ජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධයෙන් සිය දෙපාර්තමේන්තුව කණගාටුව ප්‍රකාශ කර සිටින බව ය.

iseroe

ගමනා ගමනයට වඩා චිත්‍රපටයක් වැදගත් ද ?

ඉන්දීය සිනමා රූගත කිරීමක් වෙනුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනා විවිධ අදහස් පළකර තිබේ. ඒ අතර 'චිත්‍රපටියක් දෛනික ගමනාගමනයට වඩා වැදගත් වන්නේ කෙසේද යන්න' පිළිබඳව ජනතාව ප්‍රශ්න මතුකර තිබේ.

එක් සමාජ මාධ්‍ය පරිශීලකයෙක් විමසා ඇත්තේ දෛනික ගමනාගමනයට වඩා චිත්‍රපටයක් වැදගත් වුයේ කෙසේ ද යන්න ය. එමෙන්ම දුම්රිය මාර්ගය වසා තැබීම දිනකට පෙර දැනුම් දීම ගැන ද එම පරිශිලිකාව ප්‍රශ්න කර සිටියි.

lkjaser
ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලකයින් පෙන්වා දී තිබුනේ මෙවැනි කටයුතු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය බවය.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පරිශීලකයින් විමසා සිටින්නේ උඩරට දුම්රිය මාර්ගයේ සිය ගමනාන්තයන් සඳහා තමන් මීට පෙර සිදුකළ දුම්රිය ආසන වෙන් කර ගැනීම් වලට මේ හේතුවෙන් කුමන බලපෑමක් එල්ල වෙයිද යන්නයි.

එමෙන්ම මෙම චිත්‍රපටය රූගත කිරීමට අදාළව දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව අයකර ගැනීමේ ක්‍රමවේදයක් ගැන කටයුතු කළ යුතු බවත් ඒ සඳහා කටයුතු කර තිබේද යන්න ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයින් ප්‍රශ්න කර සිටියි.

iere4ඇතැම් සමාජ මාධ්‍ය පරිශිලකයින් පෙන්වා දී තිබුනේ මෙවැනි කටයුතු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ දියුණුවට අවශ්‍ය බවය. @facebook

'අපිට මුදල් වගේම ඇප තැන්පතුවක් ලැබිලා තියෙන්නේ'

සතියකට ආසන්න කාලයක් ඇල්ල සහ බදුල්ල අතර දුම්රිය ධාවනය සීමා කිරීම නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවන පාඩුව පියවා ගැනීමට කටයුතු කර තිබේද යන්න පිළිබඳ බීබීසී සිංහල විමසීමක් කළේය.

ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ පැවසුවේ මෙම චිත්‍රපටය රූගත කිරීම් කරන කාල සීමාව වෙනුවෙන් මුදලක් අය කර ගැනීමට කටයුතු කර ඇති බවයි.

"මෙම චිත්‍රපටය රූගත කිරීම සිදුකරන ආයතනය දැනටමත් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 230ක් ගෙවලා අවසන්. ඊට අමතරව තවත් රුපියල් මිලියන් 48ක් ඇප විදිහට තැන්පත් කරලා තියෙනවා.''

''දුම්රිය මාර්ගයට යම් හානියක් සිදුවුණොත්, එහෙමත් නැත්නම් වෙනත් සිදුවීමක් නිසා අපට මුදලක් අය කර ගන්න වුණොත් ඇප මුදලින් ඒක අය කර ගන්න අපි කටයුතු කරනවා." නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

" ගොඩක් වෙලාවකට ඇල්ලේ ඉදලා බදුල්ල දක්වා දුම්රියේ ගමන් කරන්නේ ඉතා සීමිත මගීන් සංඛ්‍යාවක්. මොකද ගොඩක් සංචාරකයින් ගේ ආකර්ෂණය තියෙන්නේ

sdrt5643නානුඔය සිට ඇල්ල ප්‍රදේශය දක්වා දුම්රියෙන් ගමන් ගැනීමට විදේශීය සංචාරකයින්ගේ විශාල ආකර්ෂණයක් පවතී

කලින් ආසන වෙන්කර ගත් මගීන්ට මොකද වෙන්නේ ?

දුම්රිය ධාවනය සීමා කිරීම නිසා කලින් දුම්රිය ආසන වෙන් කර ගත් දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවය ගැන බීබීසී සිංහල විමසීමක් කළේය.

නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේ මගීන්ට අපහසුවකින් තොරව ඇල්ල දුම්රිය ස්ථානයේ සිට බදුල්ල දක්වා ගමන් කිරීමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයා ඇති බවයි.

"ගොඩක් වෙලාවකට ඇල්ලේ ඉදලා බදුල්ල දක්වා දුම්රියේ ගමන් කරන්නේ ඉතා සීමිත මගීන් සංඛ්‍යාවක්. මොකද ගොඩක් සංචාරකයින්ගේ ආකර්ෂණය තියෙන්නේ නානුඔය ඉදලා ඇල්ල කියන ප්‍රදේශයට.''

''ඇල්ල දක්වා දුම්රිය ධාවනය කිසිම කරදරයක් නැතිව සිදුවෙනවා. ඒ එක්කම එතන ඉඳල බදුල්ල දක්වා ගමන් කරන මගීන්ට අපි බස් රථ යොදා තියෙනවා. මේ බස් සුදානම් කරලා තියෙන්නේ මෙම චිත්‍රපටය රූගත කරන පිරිසමයි. අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙක් ඒ වැඩ ගැන සොයා බලන්න අපි යොදවලා තියෙන්නේ.''

''ආසන වෙන්න කරගෙන යන දුම්රිය මගීන්ට ඇල්ලේ ඉදල බණ්ඩාරවෙලට යන්න වායු සමනය කරන ලද බස් රථයක් යොදවලා තියෙනවා. ඒ වගේම අනිත් මගීන්ටත් බස් සේවාවන් යොදවලා තියෙනවා.''

''අනිත් කාරණාව තමයි මේ චිත්‍රපටය රූගත කිරීම් නිසා කොළඹ ඉදලා බදුල්ල බලා රාත්‍රී කාලයේදී ධාවනය කෙරෙන තැපැල් දුම්රියට කිසිම බාධාවක් එල්ල වෙන්නේ නැහැ. " ඔහු පැවසීය.

lkkiaeor

'මේ වගේ චිත්‍රපටයකින් රටට ප්‍රයෝජනයක් තියෙනවා'

මෙය ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් බවත් එය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව මෙරට කෙරෙහි සංචාරක ආකර්ෂණයක් ඇතිවන බැවින් ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව එම රූගත කිරීම සඳහා අවසර හිමිව තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසුවේය.

"මිට වසර ගණනාවකට කලින් ලංකාවේ පටිගත කරපු හොලිවුඩ් චිත්‍රපටයක් වුන 'The Bridge on the River Kwai' එක බලපු විදේශිකයින් ලංකාවේ සංචාරය කරන්න ආවා. ඒ වගේ මේ චිත්‍රපටය හරහා ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කරගන්න අවස්ථාව උදාවෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා." ඔහු පැවසීය.

(BBC සිංහල සේවය)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...