The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

වගවීම් ක්‍රියාවලියේදී පොලිස් කොමිෂම අසමත් ද? - (නිමල් අබේසිංහ)

T

The Leader Desk

October 11, 2024 • 8:07 AM

වගවීම් ක්‍රියාවලියේදී පොලිස් කොමිෂම අසමත් ද? - (නිමල් අබේසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්බන්ධයෙන් වගවීමට බැඳී සිටී.
  • මෙම ආයතනය තමන් වෙත ලැබුණ මහජන මුදලින් සිදු කර ඇති සේවාවන් සම්බන්ධයෙන් සිය වගවීම නිසියාකාරව ඉටු කර තිබේද?
  • ''රයිට් ටු ලයිෆ්'' මානව හිමිකම් සංවිධානය සිදු කරන ලද අධ්‍යයනය වාර්තාවක් සහ ජාතික පොලිස් කොමිෂමේ 2022 වසරේ කාර්ය සාධන වාර්තාවයි.
  • ජාතික පොලිස් කොමිෂමට ලැබෙන මහජන පැමිණිලි වර්ග 25කට වර්ගීකරණය කර ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

සම්බන්ධයෙන් වගවීමට බැඳී සිටී.  

එනම් එම අරමුදල් යොදවමින් සිදු කළ සේවාවන්වලින් සත්‍ය වශයෙන්ම නිසියාකාර මහජන සේවාවක් වෙනුවෙන් වියදම් කළේද? එම ක්‍රියාකාරකම්වලින් සැබෑ මහජන සේවාවක් ඉටු කර තිබේද? ඉන් යහපත් ප්‍රතිඵල ඉටු වී තිබේද? යන්න එකී වගවීමට බන්ධනය වේ.  ජාතික පොලිස් කොමිෂමද එසේ මහජන මුදලින් නඩත්තු වන ආයතනයකි.  

මෙම ආයතනය තමන් වෙත ලැබුණ මහජන මුදලින් සිදු කර ඇති සේවාවන් සම්බන්ධයෙන් සිය වගවීම නිසියාකාරව ඉටු කර තිබේද? යන්න ගැන විමසුමක් මෙම ලිපිය ඔස්සේ සිදු කිරීමට උත්සාහ කෙරේ.

 

මෙහිදී ජාතික පොලිස් කොමිෂමේ සමස්ත ක්‍රියාවලියම විමසුමට ලක් කිරීමක් සිදු නොවන අතර 2022 වසර තුළ කොමිෂමට ලැබුණ මහජන පැමිණිලි සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරනු  ලබන අතර ඊට පාදක කරගනුයේ ''රයිට් ටු ලයිෆ්'' මානව හිමිකම් සංවිධානය සිදු කරන ලද අධ්‍යයනය වාර්තාවක් සහ ජාතික පොලිස් කොමිෂමේ 2022 වසරේ කාර්ය සාධන වාර්තාවයි.  

 ''රයිට් ටු ලයිෆ්'' මානව හිමිකම් සංවිධානය සිදු කරන ලද අධ්‍යයනය වාර්තාවක් සහ ජාතික පොලිස් කොමිෂමේ 2022 වසරේ කාර්ය සාධන වාර්තාවයි.  

ජාතික පොලිස් කොමිෂමට ලැබෙන මහජන පැමිණිලි වර්ග 25කට වර්ගීකරණය කර ඇත. ඒවා නම්,

1. මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමේ ක්‍රියා

2. පොලිස් අත් අඩංගුවේ සිටියදී සහ පොලිස් නිලධාරියෙකුගේ කිසියම් ක්‍රියාවක් මගින් මහජනයාගෙන් කෙනෙකුට වධ හිංසා පැමිණවීම සහ හෝ කෘර අමානුෂික හෝ අවමන් සහගත ලෙස සැලකීම සහ තුවාල සිදු කිරීම

3. පොලිස් අත් අඩංගුවේ සිටියදී පුද්ගලයකු මරණයට පත් වීම

4. පොලිස් නිලධාරියෙකු විසින් උසාවියට අසත්‍ය නඩු ඉදිරිපත් කිරීම සහ ව්‍යාජ වාර්තා ප්‍රකාශ ඉදිරිපත් කිරීම

5. ජනමාධ්‍ය මගින් ස්වාධීන පරීක්ෂණයක් ඉල්ලා පුළුල් ප්‍රසිද්ධියක් ලබා දෙන මහජන අවධානය දිනා ගත් කිසියම් චෝදනාවක්

 



6. පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද සංඥය වැරදි

7. විමර්ශනයට ලක්කරන සිද්ධීන් හෝ විනය පරීක්ෂණ හෝ අධිකරණ නඩුවලදී ඔවුන් විසින්ම හෝ යොදා ගත් අතරමැදියන් විසින් ඍජුවම අපරාධයට ලක්වූවන් හා සාක්ෂිකරැවන් සම්බන්ධයෙන් මැදිහත් වීම, ඔවුන් බියගැන්වීම හා ඔවුන්ට තර්ජනය කිරීම

8. වෛද්‍ය නිලධාරියෙකු හෝ ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු අසත්‍ය වැරදි වාර්තා ඉදිරිපත් කිරීමට හෝ රාජකාරි පැහැර හැරීමට බලයෙන් නම්මවා ගැනීම හෝ බියගැන්වීම, සාක්ෂි හෝ වාර්තා විනාශ කිරීමට දරන ඕනෑම ප්‍රයත්නයක්

9. බලය අනිසි ලෙස යෙදීම, රාජකාරි පැහැර හැරීම සහ රාජ්‍ය සේවයට අපකීර්තියක් ගෙන දෙන ක්‍රියා

 

silhouette policeman handgun on white 260nw 254106595පොලිස් නිලධාරීන් විසින් වෙඩිතැබීමේ සිද්ධීන්

10. පොලිස් නිලධාරීන් විසින් වෙඩිතැබීමේ සිද්ධීන්

11. නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවා තබා ගැනීම

12. පැමිණිලි සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම

13. පහරදීම, බියගැන්වීම, අපයෝජනය සහ තර්ජනය කිරීම

14. ප්‍රශ්නයක් සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීම / අසමත් වීම /  කල් දැමීම

15. සටහන් කර ඇති ප්‍රකාශවල කරැණු හිතාමතා විකෘති කිරීම

16. වාර්තා මකා දැමීම හෝ වෙනත් ආකාරයකින් වෙනස් කිරීම මගින් වාර්තා පවත්වා ගෙන යෑමට අපොහොසත් වීම

17. රාජකාරි කටයුතු සිදු කිරීමේදී දේශපාලන පක්ෂවල සාමාජිකයන් වෙත පක්ෂපාතීත්වය දැක්වීම

18. පොලිස් නිලධාරියෙකු විසින් සිදු කරන විෂමාචාරයක් හේතුවෙන් සාධාරණ යුක්තියක් ඉටු නොවීම

 

sanath nishantha accident පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් වාහනයක් සම්බන්ධ වන මාරක රිය අනතුරු

19. පොලිස් නිලධාරියෙකු හෝ පොලිස් වාහනයක් සම්බන්ධ වන මාරක රිය අනතුරු

20. පොලිස් සේවයේ දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරැන් කොට්ඨාස හා දිස්ත්‍රික්ක භාර නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරැන්ගේ සහ සාමාන්‍ය පොලිස් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාව

21. චුදිත පුද්ගලයන්ට එරෙහිව දෝෂ සහගත හෝ අසම්පූර්ණ සාපරාධි චෝදනා සිතාමතා ඉදිරිපත් කිරීම

22. සාමාන්‍ය ගාස්තු ගෙවීමෙන් පසු යම් පුද්ගලයෙකුට පොලිසියට කරන ලද ප්‍රකාශවල ලබා ගත හැකි සහතික කළ පිටපත් ලබා දීම අනවශ්‍ය ලෙස ප්‍රමාද කිරීම

23. පැමිණිලිකරැවන් හෝ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශයක් කරනු ලැබීම අධෛර්යමත් කිරීම

24. පැමිණිලිකරැවන්ට හෝ සාක්ෂිකරුවන්ට අපහාස වචනයෙන් බැන වැදීම, තර්ජන කිරීම හෝ බිය වැද්දීම

25. කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසිය විසින් පක්ෂපාතිත්වය දැක්වීම සහ ක්‍රියා නොකිරීම

 

                               'රයිට් ටු ලයිෆ්' ආයතනය ජාතික පොලිස් කොමිෂමට යොමු කරන ලද තොරතුරු  ඉල්ලීමට අනුව ජාතික පොලිස් කොමිෂම ලබාදී තිබෙන තොරතුරැ අනුව 2022 වසර තුළ ජාතික පොලිස් කොමිෂමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 542කි.

මෙම පැමිණිලි සම්බන්ධයෙන් 'රයිට් ටු ලයිෆ්' ආයතනය ජාතික පොලිස් කොමිෂමට යොමු කරන ලද තොරතුරු ඉල්ලීමට අනුව ජාතික පොලිස් කොමිෂම ලබාදී තිබෙන තොරතුරැ අනුව 2022 වසර තුළ ජාතික පොලිස් කොමිෂමට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 542කි.

ඔවුන් විසින් එම පැමිණිලි සම්බන්ධව සිදු කර ඇති වර්ගීකරණය අනුව ඒවා පහත පරිදිය.

පොලිසිය විසින් ක්‍රියා නොකිරීම - 516
වධහිංසා පැමිණවීම  - 05
නීති විරෝධී ලෙස රඳවා තැබීම් - 20
පොලිස් අත්අඩංගුවේදී සිදු වූ මරණ  - 01

එකතුව = 542



මෙම පැමිණිලි සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂම ගෙන ඇති ක්‍රියා මාර්ග ගැන විස්තරය මෙලෙස දැක්විය හැක.

විමර්ශන ආරම්භ කර ඇති පැමිණිලි -542

විමර්ශන අවසන් කර ඇති පැමිණිලි - 200

නිර්දේශ ලබා දී ඇති පැමිණිලි - 200

ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම - 200


දක්වා තිබෙන සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වන්නේ, සමස්ථ පැමිණිලි සංඛ්‍යාව වන 542න් 200ක් පමණක් ගැන කොමිෂම ක්‍රියාත්මක වී ඇති බවය.

මතවාද - Results from #300

ජාතික පොලිස් කොමිෂමේ 2022 කාර්ය සාධන වාර්තාව අනුව සඳහන් මහජන පැමිණිලි සංඛ්‍යාව ඉහත සංඛ්‍යාවට වඩා බෙහෙවින් වැඩි බව පෙනේ. එය ගණනින් වැඩි බව පෙනේ. එය ගණනින් 1676කි. මෙම පැමිණිලිවලින් 688ක් විමර්ශනය අවසන් කර පළාත් සම්බන්ධීකාරකවරුන්ට යවා ඇති බවද 2022 කාර්ය සාධන වාර්තාවේ සඳහන්ය.


කොමිෂන් සභාව විසින් විමර්ශනය සිදු කර අවසන් තීන්දුව ගැනීම සඳහා ලිපි ගොනු (පැමිණිලි) 236ක් යොමු කර ඇති බවත් විමර්ශන සිදු කර අවසන් නැති සංඛ්‍යාව 988ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.

රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානය සිය අධ්‍යයන වාර්තාවේ සඳහන් කරන පරිදිම ඔවුන්ගේ තොරතුරැ ඉල්ලීමට කොමිෂම ලබා දුන් සංඛ්‍යා හා ජාතික පොලිස් කොමිෂම නිකුත් කළ 2022 කාර්ය සාධනන වාර්තාවේ සඳහන් සංඛ්‍යා අතර බරපතළ පරස්පරයක් පවතී.

 

 115867835 102969181 006.png 2022 වසරේදී පොලිස් අත් අඩංගුවේදී මරණයට පත්ව ඇති ගණන එකකි.  

මෙම පරස්පරතාව සනාථ කරන තවත් සාක්ෂිද 2022 වාර්තාවෙන් නිකුත් කර ගත හැකිය. තොරතුරැ ඉල්ලීමට අනුව ජාතික පොලිස් කොමිෂම විසින් රයිට් ටු ලයිෆ් ආයතනයට දී ඇති තොරතුරැ අනුව 2022 වසරේදී පොලිස් අත් අඩංගුවේදී මරණයට පත්ව ඇති ගණන එකකි.  

එහෙත් එම වසරේ කාර්ය සාධන වාර්තාවට අනුව මිය ගිය ගණන 27ක් ලෙස සඳහන් වේ. තොරතුරැ ඉල්ලීමට එක් තොරතුරකුත් කාර්ය සාධන වාර්තාවේ තවත් තොරතුරකුත් වශයෙන් සංඛ්‍යා ලේඛනවල විශාල පරතරයක් තිබීම කොමිසමේ වගවීම පිළිබඳ ගැටළු මතුවීම අසාමාන්‍ය නොවේ.

ජාතික පොලිස් කොමිෂම සම්බන්ධයෙන් විගණාධිකාරීවරයා විසින් 2022 වසරට අදාළව නිකුත් කර ඇති වාර්තාවේ පැමිණිලි විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රගතිය 27%  ක් බව සඳහන්ය. 2020 හා ඊට පෙර වර්ෂවල එහි ප්‍රගතිය දක්වා 70%  දක්වා ඉහළ මට්ටමක තිබූ බවද එම විගණන වාර්තාවේ සඳහන්ය.


පුවත් - Results from #465
2022 වසරට අදාළව පැමිණිලි විමර්ශනයේදී අඩුම ප්‍රතිශතයක් ඇත්තේ උතුරු පළාතේය.  එය 7%  ක් බව විගණන වාර්තාවේ සඳහන්ය.

2022 වසරට අදාළව පැමිණිලි විමර්ශනයේදී අඩුම ප්‍රතිශතයක් ඇත්තේ උතුරු පළාතේය. එය 7%  ක් බව විගණන වාර්තාවේ සඳහන්ය.

රයිට් ටු ලයිෆ් ආයතනය වෙනුවෙන් තොරතුරු අයදුම්පත පොලිස් කොමිසමට ඉදිරිපත් කර ඇත්තේ, නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දුය.  එසේ 2022 වසරේ පැමිණිලි සම්බන්ධ තොරතුරු ඉල්ලා අයදුම්පත යොමු කර ඇත්තේ 2023.02.27 දිනදීය. පොලිස් කොමිෂමේ තොරතුරු නිලධාරිනී එල්.පී.චාමිකා ප්‍රබෝධිනීගේ අත්සනින් යුතුව ඊට පිළිතුරු ලිපිය යවා ඇත්තේ 2023.06.01 දිනදීය.

කෙසේ හෝ රයිට් ටු ලයිෆ් ආයතනයට පොලිස් කොමිෂම එවා ඇති තොරතුරු හා පොලිස් කොමිෂමේ 2022 වාර්තාවේ තිබෙන තොරතුරු අතර පවතින පරස්පරතාවය සම්බන්ධයෙන් කොමිෂමේ ලේකම් තමරා ඩී.පෙරේරාගෙන් විමසූ විට ඇය පැවසුවේ අදාළ ඉල්ලීම ලිඛිතව ලබා දෙන ලෙසටය. කොමිසමේ තොරතුරු සම්බන්ධයෙන් තනි නිලධාරියෙකුට පිළිතුරක් ලබා දිය නොහැකි බැවින් එය කොමිෂමට ඉදිරිපත් කර කොමිෂම මගින් පිළිතුරු ලබාදිය යුතු බවද ඒ සඳහා දින ගණනක් ගතවිය හැකි බවද ඒ සඳහා දින ගණනක් ගතවිය හැකි බවද ලේකම්වරිය පැවසුවාය.

 

dsgtfreරයිට් ටු ලයිෆ් ආයතනයට පොලිස් කොමිෂම එවා ඇති තොරතුරු හා පොලිස් කොමිෂමේ 2022 වාර්තාවේ තිබෙන තොරතුරු අතර පවතින පරස්පරතාවය සම්බන්ධයෙන්

මේ සම්බන්ධයෙන් රයිට් ටු ලයිෆ් ආයතනයෙන් විමසූ විට එහි ප්‍රකාශකයෙකු පැවසුවේ ජාතික පොලිස් කොමිෂමට තොරතුරු අයදුම්පත ඉදිරිපත් කළ නීතිඥ ලක්ෂාන් ප්‍රනාන්දු මේ වන විට ආයතනයේ සේවය නොකරන බවයි. ඒ නිසා වැඩිමනත් විස්තර කිව නොහැකි නමුත් ජාතික පොලිස් කොමිෂම ලබා දී තිබූ තොරතුරු සහ ඔවුන්ගේ 2022 කාර්ය සාධන වාර්තාව ඇසුරු කර ගෙන සිය අධ්‍යයන වාර්තාව සකසා ඇති බවත් ඔහු කීවේය.  

Nimal Abesinghe
(නිමල් අබේසිංහ)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
nabesinghe13@gmail.com



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

වගවීම් ක්‍රියාවලියේදී පොලිස් කොමිෂම අසමත් ද? - (නිමල් අබේසිංහ) | The Leader