The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දෙමෝදර දී රූප ගත කළ ඉන්දීය චිත්‍රපටය රාවණාගේ ගෙල සිඳීමක් ද?

T

The Leader Desk

October 13, 2024 • 6:05 AM

දෙමෝදර දී රූප ගත කළ ඉන්දීය චිත්‍රපටය රාවණාගේ ගෙල සිඳීමක් ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හමුවන ආකර්ෂණීය ස්ථානයක් වන ආරුක්කු නවය පාලම අවට ප්‍රදේශයේ රූප ගත කිරීම දැඩි අවධානයක් යොමු වූ කාරණයක් බවට පත්ව තිබේ.
  • එයට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ මේ රූප ගත කිරීම නිසා මෙම ප්‍රදේශය හරහා දුම්රිය ගමනාගමනය සිදු කිරීම ඔක්තෝබර් 9 වැනිදා සිට 15 වැනිදා දක්වා සීමා කරන්නට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළ බැවිනි.
  • මේ රූප ගත කිරීම වෙනුවෙන් අදාළ චිත්‍රපට සමාගම මගින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 230 ක මුදලක් ගෙවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ.
  • ඊට අමතරව නැවත ගෙවීමේ පදනම යටතේ රුපියල් මිලියන 48 ක ඇප තැන්පතුවක් ද කර ඇති බව ඔහු තවදුරටත් පවසා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

හමුවන ආකර්ෂණීය ස්ථානයක් වන ආරුක්කු නවය පාලම අවට ප්‍රදේශයේ රූප ගත කිරීම දැඩි අවධානයක් යොමු වූ කාරණයක් බවට පත්ව තිබේ.

එයට ප්‍රධාන හේතුවක් බවට පත්ව ඇත්තේ මේ රූප ගත කිරීම නිසා මෙම ප්‍රදේශය හරහා දුම්රිය ගමනාගමනය සිදු කිරීම ඔක්තෝබර් 9 වැනිදා සිට 15 වැනිදා දක්වා සීමා කරන්නට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කළ බැවිනි. මේ රූප ගත කිරීම වෙනුවෙන් අදාළ චිත්‍රපට සමාගම මගින් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 230 ක මුදලක් ගෙවන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්.ජේ. ඉඳිපොලගේ පැවසුවේය.

ram2

 

ඊට අමතරව නැවත ගෙවීමේ පදනම යටතේ රුපියල් මිලියන 48 ක ඇප තැන්පතුවක් ද කර ඇති බව ඔහු තවදුරටත් පවසා සිටියේය. කෙසේ වෙතත් දුම්රිය ගමන් සීමා කිරීම පිළිබඳ කලින් දැනුම් දෙන්නට ඕනෑ තරම් ඉඩකඩක් තිබිය දී එය දැනගන්නට ලැබුණේ 9 වැනිදා සවස් යාමයේ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති චෝදනා මුඛයෙන් කතා කරනු ද අසන්නට ලැබිණි.

 

singham1

ඉන්දීය රුපියල් කෝටි 350 – 375 අතර මුදලක් වැය කරන ඉතා දැවැන්ත සිනමා නිර්මාණයක් වන සිංහම් අගේන් චිත්‍රපටය සඳහා අධ්‍යක්ෂණයෙන් රෝහිත් ෂෙට්ටි දායක වන අතර අජේ දේව්ගන්, කරීනා කපූර්, අක්ෂේ කුමාර්, දීපිකා පදුකොන්, රන්වීර් සිං, ජැකී ෂෙරොප්, ටයිගර් ෂෙරොප්, අර්ජුන් කපූර් ඇතුළුව ඉන්දියාවේ සුපිරි නළුනිළියන් රැසක්ම සම්බන්ධ වන බව පෙනෙන්නට තිබේ. මෙහි ප්‍රධාන චරිතය සඳහා දායක වන අජේ දේව්ගන් විසින් මෙයට පෙර ද ප්‍රධාන චරිතය නිරූපණය කළ සිංහම්, සිංහම් රිටර්න්ස් යන චිත්‍රපට මාලවේ තුන්වැන්න ලෙස මෙය නිර්මාණය කෙරේ.

සීතා දේවිය වෙනුවෙන් කැප කළ එකම කෝවිල වන සීතා අම්මාන් හි ද රූපගත කිරීම් සිදුවේ.

 

මෙයට පෙර නිෂ්පාදනය වූ සිංහම් චිත්‍රපට සඳහා පදනම් වූයේ යුක්තිය වෙනුවෙන් සටන් කරන පොලිස් නිලධාරියකුගේ චරිතයක් පමණක් වුව ද මේ චිත්‍රපටය සඳහා ඉන්දීය පුරාණෝක්තියක් වන රාමායනය දැඩි ලෙස පදනම් වී ඇති බව පෙනෙන්ට තිබේ. මේ චිත්‍රපටය පිළිබඳ පළවන සෑම පුවතකම සඳහන් වන්නේ පැරණි රාමායන වෘතාන්තය සමකාලීන නිර්මාණයකට දායක කර ගැනීම සම්බන්ධ කාරණාය. මෙහි චරිත මෙන්ම කතාව ගොඩ නැගී ඇත්තේ ද ඒ ආකාරයටය.

විදෙස් රටකින් ඉන්දියාවට රැගෙන එන රෝහල් අපද්‍රව්‍ය ඉන්දියාව තුළ මිහිදන් කිරීමේ ජාවාරමක් පසුපස හඹා යන බජිරාවෝ සිංහම් නමැති නිර්භීත පොලිස් නිලධාරියා වටා කතාව ගොඩ නැගී තිබේ. මේ ජාවාරමුන් කොටුකර ගැනීමට දරනා උත්සාහයේ දී සිංහම්ගේ පෙම්වතිය වන අව්නිව පැහැර ගැනීමට ලක් වෙයි. මේ පැහැර ගැනීම සිදුකරනුයේ ‘ඩේන්ජර් ලංකා’ නම් ත්‍රස්තවාදියා විසිනි. ඔහු විසින් අව්නිව රැගෙන එනු ලබන්නේ ශ්‍රී ලංකාවටය.

 

රාමායනය ප්‍රති නිර්මාණය වී ඇත්තේ මේ ආකාරයටය. සිය පෙම්වතිය වූ අව්නිව බේරාගැනීමේ මෙහෙයුමේ දී සිංහම් නම් පොලිස් නිලධාරියා තුළට රාමාගේ චරිතය ද, ඩේන්ජර් ලංකා තුළට රාවණාගේ චරිතය ද ඇතුළු කර ඇති බව පෙනේ. සිංහම් සිය පෙම්වතිය බේරා ගැනීම සඳහා තමාගේම හමුදාවක් ගොඩ නගයි. මේ හමුදාව සඳහා දායක වන්නේ ටයිගර් ෂෙරොප්, රන්වීර් සිං සහ අක්ෂේ කුමාර් ය. ඔවුන්ගේ චරිත තුළින් රාමායනයේ රාමාගේ හමුදාවේ සිටි ලක්ෂමන, හනුමන් සහ ජටායු නිරූපණය වේ. මෙහි එක් තැනක සිංහම් විසින්, “මම තමයි රාමායනයේ රාම්’ යනුවෙන් පවසනු ඇසිය හැකිය.

zdfser5gශ්‍රී රාමායන් ට්‍රේල්ස් ව්‍යාපෘතිය
ඓතිහාසික සාධක අනුව ශ්‍රී ලංකාව යනු රාමායනයේ සඳහන් ‘ලංකා පුරය’ නොවූව ද එය ශ්‍රී ලංකාවම බව ඉන්දියාව තුළ මෙන්ම ශ්‍රී ලංකාව කුළ ද බව ස්ථාපිත වී හමාරය. ශ්‍රී ලංකාව තුළ ඇති රාමායනයේ සිදුවීම්වලට සම්බන්ධ ස්ථාන සංචාරක ස්ථාන ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා සාකච්ඡා කිරීම සඳහා දැනට කලකට පෙර ඉන්දීය නියෝජිතයකු ද ශ්‍රී ලංකාවට පැමිණි බව බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනවා විය හැකිය. 

අතීතයේ සිටම ඉන්දියාව සැලකුණේ රාමාගේ දේශය වශයෙන් වූ අතර ශ්‍රී ලංකාව සැලකුණේ රාවණාගේ දේශය වශයෙනි. මේ විශ්වාසයන් මත පදනම්ව ශ්‍රී ලංකාව තුළ ඉතා දැඩි ලෙස රාවණ සංකල්පය මුල්බැස ගත්තේය. රාවණ යනු පුලස්ති නම් ඍෂිවරයාගේ මුණුබුරකු බව ද, හෙළ වෙදකම ඔහුගෙන් පැවත එන බවට ද විශ්වාසයන් පවතී. රාවණ රජු දීර්ඝ නින්දකට පත්ව ඇති බවත්, ශ්‍රී ලංකාව අවදානමකට ලක් වන තීරණාත්මක මොහොතක දී ඔහු නින්දෙන් අවදි වී ශ්‍රී ලංකාව ගලවා ගනු ඇති බවට විශ්වාසයන් ද පවතී.

 

15 2

ආරුක්කු නවය පාළම

රට ජාතිය ආගම පිළිබඳ ඉතා ඉහළ මතවාදයක් පැතිර ගිය පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ රාවණ සංකල්පය ද ඉතා ශීඝ්‍ර ලෙස වර්ධනය වනු දකින්නට හැකි වූ අතර මේ සංකල්පය පිළිගත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් එවනු ලැබූ අරමුදල්වලින් විවිධ රාවණ සංවිධාන ද බිහි වනු දකින්නට හැකි විය. කෙසේ නමුත් අවසන් රාජපක්ෂ ජනාධිපතිවරයා වන ගෝටාභය රාජපක්ෂගේ පාලනය අවසන් කිරීමත් සමග රාවණ සංකල්පය ද ජනතාවගෙන් ඈත් වූ බව පෙනෙන්නට තිබිණි. අද වන විට එය ප්‍රබල තත්ත්වයක නැත. එසේ තිබුණේ නම් ඉන්දීය සමාගමට මේ චිත්‍රපටය ආරුක්කු නවය ප්‍රදේශයේ මෙසේ නිදහසේ රූප ගත කරන්නට හැකියාව ලැබෙන්නේ නැත. මන්ද සිංහම් එගේන් චිත්‍රපටයෙන් උත්සාහ කරන්නේ අප රටේ රාවණා රජුව ජාත්‍යන්තරය හමුවේ හෑල්ලුවට ලක් කොට නැවත වරක් ගෙල සිඳීමකට යැයි මේ සංවිධාන දැන ගත්තේ නම් මේ චිත්‍රපටය ශ්‍රී ලංකාව තුළ රූප ගත කිරීමට එරෙහිව මොවුන් හඬ නගනු ඇත. එසේ වූවා නම් රාජ්‍ය අනුග්‍රහය පවා ඇතිව පවා විවිධ රාවණ සංවිධාන මේ ප්‍රදේශයට පැමිණ උද්ඝෝෂණ සිදු කරනු නො අනුමානය.

hq720

 

කෙසේ වෙතත් නූතන සමාජය තුළ, විශේෂයෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්දියාවේ තරමට රාමායනය සහ එහි ඇතුළත් කතා, එය සත්‍ය ද නැති ද යන්න ආදිය පිළිබඳ සැලකිය යුතු තරම් උනන්දුවක් නැත. රාවණ සංකල්පය ද යල්පීනු අදහස් බවට පත්ව තිබේ. රාවණ පිළිබඳ යම්කිසි පිරිසක් තුළ උනන්දුවක් පවතින බව පෙනෙන මුත්, බහුුතරයක් තුළ එවැන්නක් දක්නට නැත. රාවණා නමින් ඉඳහිට මතුවන චරිත පවා සමාජ ජාල තුළ සරදමට ලක්වීම සුලභය.

එසේ හෙයින් රාවණාගේ දේශයට පැමිණි රාමාගේ දේශයේ මිනිසුන් රාවණගේ ගෙල සිඳීම යන්න වැදගත් කාරණයක් නොවේ. එයට වඩා වැදගත් වන්නේ නූතන ලෝකයේ ප්‍රගමනය සඳහා වැදගත් වන කාරණාය. දෙමෝදර පවතින ඇල්ල ප්‍රදේශය දැනටමත් සංචාරක කලාපයකි. මේ චිත්‍රපටයේ රූප ගත කිරීමත් සමග මේ ප්‍රදේශය කෙරෙහි සංචාරක ආකර්ෂණය තව තවත් වර්ධනය වන අතර එය අප රටේ සංචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් ගත් කල ඉතා වාසි සහගත තත්ත්වයකි. එසේ නොමැතිව අතීත ප්‍රවාද තවදුරටත් කරපින්නා සිටියහොත් රටක් ලෙස අපට ඉදිරි ගමනක් නොමැති වනු ඇත.


(නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk

සබැඳි ලිපි :
ඉන්දු - ශ්‍රී ලංකා සිනමා ව්‍යාපෘතිය: උඩරට දුම්රියට සිදුවන්නේ කුමක් ද?


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...