The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජාතික ලැයිස්තුවේ වාසනාව

T

The Leader Desk

October 13, 2024 • 8:14 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ජාතික ලැයිස්තුවේ වාසනාව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතර හිටපු ජනපතිවරුන්ද හතර දෙනෙකි.
  • සමහරු, දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කියති.
  • තවත් සමහරු, නීතිඥ වෘත්තිය වැනි තම තමන්ගේ පරණ රස්සාවල්වලටම (work from home) යන බව කියති.
  • ඒ එසේ නම් ජාතික ලැයිස්තුවත් අහෝසි කළ යුතු යැයි නීතියක් ගෙන ආ යුතු යැයි ජන මතයක් නැගෙන්නට ඉඩ ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතර හිටපු ජනපතිවරුන්ද හතර දෙනෙකි. සමහරු, දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව කියති. තවත් සමහරු, නීතිඥ වෘත්තිය වැනි තම තමන්ගේ පරණ රස්සාවල්වලටම (work from home) යන බව කියති. මේ අතර, තව පිරිසක්, ඡන්දයට තරග නොකරම, ජාතික ලැයිස්තුවෙන්, මැතිසබයට යාමට බලාපොරොත්තු වෙති.

 

ජාතික ලැයිස්තු ක්‍රමයට පදනම් වූයේ, පරාජය වීමට නියමිත, දේශපාලනඥයන්ට පාර්ලිමේන්තු අසුනක් වෙන්කර තැබීමට නොවේ.

ජාතික ලැයිස්තු ක්‍රමයට පදනම් වූයේ, පරාජය වීමට නියමිත, දේශපාලනඥයන්ට පාර්ලිමේන්තු අසුනක් වෙන්කර තැබීමට නොවේ. දේශපාලනයට ඒමට නොකැමති (ඡන්දය ඉල්ලීමට) විවිධ වෘත්තිකයනට, උගතුනට, කලාකරුවනට හා සුළු ජාතිකයනට අවස්ථාවක් ලබා දීමටය. කලකට ඉහත, සෙනෙට් සභාව පැවතියේ ද එවැනි අරමුණකිනි.

නැවත මෙය ක්‍රියාත්මක වීම ඇරඹුණේ ජේ.ආර්. - ප්‍රේමදාස යුගයන්හිය.

 

FB IMG 1543269175835ඔවුන් කියපු බණකුත් නැත. කරපු වෙදකමකුත් නැත. නටපු නැටුමකුත් නැත.
ඇලෙක් රොබට්සන් වැනි, ගුවන්විදුලි ධර්ම දේශකයෙක් (ඉංග්‍රීසි මාධ්‍ය), ඩබ්ලිව්.ජේ. ප්‍රනාන්දු වැනි ආයුර්වේද වෛද්‍යවරයෙක් හා කාලිංග ඔබේවංශ වැනි රුහුණු නැටුම් ශිල්පියෙක්, ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගියේ ඒ කාලයේය. එහෙත් ඔවුන් කියපු බණකුත් නැත. කරපු වෙදකමකුත් නැත. නටපු නැටුමකුත් නැත.

බොහෝ විට, ජාතික ලැයිස්තුව යොදා ගැනුණේ, තම හිතවතුනට, චාන්ස් එකක් දීමටය. කළගුණ සැලකීමටය. දේශපාලනඥයන්, පිල් මාරු කරන්නේ ද, ‘නැෂනල් ලිස්ට් ඩීල්’ එක ඉස්සර කරගෙනය. “කතිරෙන් බැරි නම් ලැයිස්තුවෙන්” යනු ඔවුන්ගේ මොටෝ (Moto) එකය.

225 ම එපා යැයි ජනතාව මුර ගා කියද්දීත්, පරණ සෙට් එකක්, පාර්ලිමේන්තුවට රිංගා ගන්නේ, ඒ ක්‍රමයටය. ඒ එසේ නම් ජාතික ලැයිස්තුවත් අහෝසි කළ යුතු යැයි නීතියක් ගෙන ආ යුතු යැයි ජන මතයක් නැගෙන්නට ඉඩ ඇත.

ජනපතිගෙන් විශ්‍රාමිකයින්ට සහනයක්විශ්‍රාම යන්නේ, වැඩ කළ මිනිසුන්ය.

 

විශ්‍රාම යන්නේ, වැඩ කළ මිනිසුන්ය. කිසියම් සේවාවක යෙදී සිටි පුද්ගලයන්ය. එසේ නම්, කිසිම වැඩක් රාජකාරියක්, සේවාවක් නොකළ ඇතැම් දේශපාලනඥයන් විශ්‍රාම යනවා යැයි අඬගා කියන්නේ කෙසේද?

සිරි ලංකාව වැනි රටවල, දේශපාලනය යනු මහජන සේවාවක් නොව, රැකියාවකි. ඒ අර්ථයෙන් ගත් කල නම්, “පැන්ෂන් ගන්නවා” යැයි කිව හැකිය.

දේශපාලනයෙන් ඉවත් වන දේශපාලනඥයකු සමඟ, මාධ්‍යවේදියකු කළ සංවාදයක් සමාජ මාධ්‍ය ජාලයක, උපහාස තීරුවක පළ විය.

 

image 03744db7fa“ඔබතුමා, විශ්‍රාම ගියාට පස්සෙ, ජීවත් වෙන්න ආදායමක් තියෙනවද?”
“ඔබතුමා, විශ්‍රාම ගියාට පස්සෙ, ජීවත් වෙන්න ආදායමක් තියෙනවද?”

“මගෙ නෝනට බියුටි සැලුන් එකක් තියෙනවා. ලොකු පුතාට ජිම් එකක් තියෙනවා. පොඩි පුතාට හෝටලයක් තියෙනවා. දුව පිටරට එම්බසියක සෙකට්‍රි කෙනෙක්.”

“ඔබතුමා මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?”

“මම මගේ ජීවිත කතාව ලියන්නයි හිතං ඉන්නෙ.”

“ඔබතුමාට ලේඛන කුසලතාව තියෙනව ද?”

“මගෙ මාධ්‍ය ලේකම්නෙ ලියන්නෙ. මං පත්තරේට ලියපු තීරු ලිපිය ලිව්වෙත් මිනිහනෙ.. ඒකට සම්මානයක් හම්බවුණා.”

“ඔබතුමාගෙ ජීවිතේ හැම දෙයක්ම, පොතට ඇතුළත් කරනවද?”

“පිස්සු කතා කරනවද අයිසෙ. එතකොට පොත තහනම් කරයි. නැත්තං මට නඩු දායි.”

 

ප්‍රබන්ධය යනු කුමක් ද?සමහරුන්ගේ ජීවිත කතා ද, සත්‍ය කතා නොව, ප්‍රබන්ධ කතා ය

මෙයින් පැහැදිලි වන්නේ, සමහරුන්ගේ ජීවිත කතා ද, සත්‍ය කතා නොව, ප්‍රබන්ධ කතා බවය. ජීවිත කාලයම බොරුවෙන් ගත කළ පුද්ගලයන්ට, ජීවිත කතාවේදී පමණක් සත්‍යගරුක විය නොහැකිය. මගේ අදහසක් හැටියට නම්, දේශපාලනඥයකුගේ ජීවිත කතාව ලිවිය යුත්තේ ඔහු විසින් නොවේ. ඡන්දදායකයකු විසිනි. එහෙත් කිසිදු ඡන්දදායකයකු ඊට පෙළඹෙනු නැත. ඒ, ඔවුන් තම ජීවිතයට ආදරය කරන බැවිනි.

ලෝකයේ, විශ්‍රාමික ජනාධිපතිවරු, අගමැතිවරු, ඉන්පසු විවිධ සමාජ සේවා කටයුතුවල යෙදෙති. ලෝක සාමය උදෙසා සංවිධානගතව, යුද්ධයන් පවතින රටවල් හා සාකච්ඡා කරති.

 

බංකොලොත් වුවත් මහ බැංකු වැටුප් ඉහළට ම : වගකිව යුත්තා රජය ද? මහ බැංකුව ද?  IMF එකෙන් ගොඩ යයි ද? - (පි සමරසිරි)කෙමෙන්, සියලුම ජනාධිපතිවරු, තම තම රටවල සඟවා ඇති සිරි ලංකා මුදල් ආපසු දීමට එකඟ වූහ.

එබඳු එක් සමුළුවකදී, සිරි ලංකාව බංකොලොත් වීම ගැන ද සාකච්ඡා කෙරුණි.

“අපි ලංකාවට මුදලින් ආධාර කරමු.”

හිටපු ජනපති ඔබාමා කීය. සියල්ලෝම ඊට එකඟ වූහ. උගන්ඩාවේ හිටපු ජනාධිපති නැගිට්ටේය.

“මට පුළුවන් අපේ රටේ තියෙන, සිරි ලංකාවේ මුදල්, ආපහු ඒ රටටම දෙන්න.”

“මටත් පුළුවන් අපේ බැංකුවල තියෙන ලංකාවේ සල්ලි ටික අරන් දෙන්න.”

සීෂෙල්ස්හි හිටපු ජනාධිපති ද කීය.

 

ඩොලර් මිලියන 500 ණය නොගෙවා බංකොලොත් වීමෙන් බේරෙමු ! - ආචාර්ය නිශාන් ද මේල්“ලංකාව කියන රට බංකොලොත් වුණාට, රටේ හිටපු පාලකයෝ බංකොලොත් වුණේ නෑ.”

කෙමෙන්, සියලුම ජනාධිපතිවරු, තම තම රටවල සඟවා ඇති සිරි ලංකා මුදල් ආපසු දීමට එකඟ වූහ.

“බලාගෙන ගියාම, ලංකාව බංකොලොත් නෑනෙ. හැම තැනම සල්ලිනෙ.”

ඔබාමා පුදුමය පළ කළේය.

“ලංකාව කියන රට බංකොලොත් වුණාට, රටේ හිටපු පාලකයෝ බංකොලොත් වුණේ නෑ.”

කවුදෝ එසේ කියනු ඇසුණි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...