The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නව යොවුන් දරුවන් සියදිවි නසා ගැනීමට හේතු වන කරුණු මොනවා ද?

T

The Leader Desk

October 13, 2024 • 9:26 AM

නව යොවුන් දරුවන් සියදිවි නසා ගැනීමට හේතු වන කරුණු මොනවා ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එයින් ඇතැම් සිදුවීම් එකින් එකට සම්බන්ධ බව ද පොලිසිය විසින් මේ වන විට තහවුරු කරනු ලැබ තිබේ.
  • මහාචාර්යවරයා පැවසුවේ නවයොවුන් වයසේ දරුවන් තම සිරුරට හානි කරගැනීමේ ප්‍රවණතාවය දෙගුණ වී ඇති බවයි.
  • "මීට අවුරුදු 3කට කලින් කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ එකතු වෙලා නවයොවුන් වියේ ළමුන්ගේ මානසික ස්වභාවය ගැන මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් කළා.
  • එම තත්ත්වයට බලපෑ හැකි හේතු අතරින් "කෝවිඩ් තත්ත්වය සහ පාසල් ගමන කඩාකප්පල් වීම, ආර්ථික අර්බුදය, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තිර භාවිතය," යන හේතු කිහිපයක් ඇති බව මහාචාර්යවරයා පවසයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එයින් ඇතැම් සිදුවීම් එකින් එකට සම්බන්ධ බව ද පොලිසිය විසින් මේ වන විට තහවුරු කරනු ලැබ තිබේ. නවයොවුන් වයසේ සිටින දරුවන් මේ ආකාරයෙන් තමාට හානිදායක දේ සිදුකරගැනීමට පෙළඹෙන්නේ ඇයි?

නවයොවුන් වියේ සිටින ඔබේ දරුවා හෝ ඔබේ පාසලේ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යයාව එම තත්ත්වයෙන් මුදවා ගතහැකි වන්නේ කෙසේ ද? මේ ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල කළ සොයා බැලීමකි.

'දරුවන් තමන්ට ම හානි කර ගැනීමේ ප්‍රවණතාව දෙගුණයකින් වැඩි වෙලා'

 

මෑත කාලීනව ලොව පුරා ම නවයොවුන් වියේ දරුවන් තුළ සියදිවි නසාගැනීමේ සිතිවිලි හෝ තමාට ම හානිකරගැනීමේ අවස්ථාවල වැඩිවීමක් තිබෙන බව බීබීසී සිංහල කළ විමසීමක දී රාගම වෛද්‍ය පීඨයේ මනෝ වෛද්‍ය අධ්‍යනාංශයේ අංශාධිපති හා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පෙන්වා දුන්නේ ය.

මහාචාර්යවරයා පැවසුවේ නවයොවුන් වයසේ දරුවන් තම සිරුරට හානි කරගැනීමේ ප්‍රවණතාවය දෙගුණ වී ඇති බවයි.

"මීට අවුරුදු 3කට කලින් කොළඹ විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ එකතු වෙලා නවයොවුන් වියේ ළමුන්ගේ මානසික ස්වභාවය ගැන මනෝවිද්‍යාත්මක පර්යේෂණයක් කළා. ඒ පර්යේෂණයේ දී හඳුනාගන්න පුළුවන් වුණා මානසික පීඩනය නිසා දරුවන් තමා විසින් තමන්ට ම හානි කරගැනීමේ ප්‍රවණතාවය දෙගුණයකින් වැඩිවෙලා කියන එක."

"ඒ අනුව පහුගිය කාලයට සාපේක්ෂව දරුවන්ගේ මානසික පීඩනය ඉහළ ගිහින් තියෙනවා. මානසික ස්වභාවය ව්‍යාකූල වෙලා තියෙනවා. සියදිවි නසාගැනීමේ සිතිවිලි සහ තමන්ගේ ම සිරුරට හානිකරගැනීම වැඩිවෙලා තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකේ පුරා ම නවයොවුන් වයසේ දරුවන්ගේ මානසික ස්වභාවයේ ගැටළු ගොඩක් වැඩිවෙලා තියෙනවා," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.

 


එම තත්ත්වයට බලපෑ හැකි හේතු අතරින් "කෝවිඩ් තත්ත්වය සහ පාසල් ගමන කඩාකප්පල් වීම, ආර්ථික අර්බුදය, සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තිර භාවිතය," යන හේතු කිහිපයක් ඇති බව මහාචාර්යවරයා පවසයි.

'ළමුන්ට සවන් නොදීම ප්‍රශ්නයක්'

මහාචාර්ය මියුරු චන්ද්‍රදාස පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වැනි රටවල්වල මානසික ගැටළු සම්බන්ධයෙන් එතරම් සැලකිලිමත් බවක් නොදැක්වීම ප්‍රශ්නයක් බව ය.

"සාමාන්‍යයෙන් ලංකාව වගේ මානසික සෞඛ්‍යට සම්ප්‍රදායිකව ම ඒ තරම් තැනක් දෙන්නේ නැති රටවල්වල අය ගොඩක් වෙලාවට හිතනවා මීට අවුරුදු 30කට විතර කලින් පාවිච්චි කරපු ක්‍රම ම පාවිච්චි කරලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. උදාහරණයක් විදිහට 'ඕවා ගණන් ගන්න එපා, ඕවා හරියනවා, ඕවත් ප්‍රශ්න ද වගේ උපදෙස් දීම සහ ළමයින්ට සවන් නොදීමේ ක්‍රමවලින් මේක හරිගස්සන්න පුළුවන් කියලා හිතන එක ලොකු ප්‍රශ්නයක්."

වසංගත සමයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සාධනීය සැලැස්මක් ? -සුජාතා ගමගේ හා  ටාරා ද මෙල්

එනිසා නවයොවුන් වියේ දරුවන් දෙමව්පියන්ගෙන් උදව් බලාපොරොත්තුවන අවස්ථාවක දී එය මඟ හැරීමට ඉඩ ඇති බව ඔහු පෙන්වා දෙයි. "මීට අවුරුදු 30කට පෙර තිබුණ තත්ත්වයට සාපේක්ෂව දැන් කාලේ නවයොවුන් වයසේ දරුවන් සමාජ මාධ්‍ය සහ විද්‍යුත් තිර භාවිත කිරීම ඉහළ නිසා එයාලටම තමන්ගේ පීඩනය අඳුනගන්න පුළුවන් සහ ඒ වෙනුවෙන් උදව් ඉල්ලීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒ උදව් ඉල්ලීම අපි හරියට හඳුනා නොගැනීම නිසා තමයි ප්‍රශ්න ඇති වෙන්නේ."

නවයොවුන් දරුවන්ගේ මානසික තත්ත්වයට සංස්කෘතිය බලපෑම් කරන්නේ කොහොමද?

 

කැනඩාවේ සය පුද්ගල මිනී මැරුම අපට කියන කතාව - (වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර  සුබසිංහ)
"නවයොවුන් වියේ දරුවන්ගේ මානසික ගැටළු වැඩිවීම ලංකාව විතරක් නෙවෙයි බටහිර රටවල්වලත් සිදුවෙලා තියෙන දෙයක්. ඒ නිසා ඒකට ලංකාවේ දෙමාපිය ශෛලියම ද බලපාන්නේ කියන එක නිශ්චිතව ම කියන්න අමාරුයි," මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.

"නමුත් ධනවත් රටවල් සහ අපේ රටවල් අතර තියෙන වෙනස තමයි ඒ සඳහා තියෙන පිළිගැනීම සහ පහසුකම් සීමා වීම. සාමාන්‍යයෙන් ධනවත් රටක කෙනෙකුට මානසික ගැටළුවක් ආවම ඒක ඇතිවිය හැකි තත්ත්වයක්, ඒකට විසඳුම් සෙවිය යුතුයි කියන එක තියෙනවා. ලංකාවේ දී ඒක ගැටළුවක්, ප්‍රශ්නයක් කියලා හඳුනාගන්න තියෙන අවස්ථාව අඩු නිසා ඒ සඳහා පිළියම් නවයොවුන් වියේ දරුවන්ට නොලැබෙන්න පුළුවන්."

'විද්‍යුත් තිර සමඟ ගත කරන කාලය වැඩිවීම කාංසාව සහ විශාදය ඇතිවීමේ හැකියාව වැඩි කරනවා'

 

දුරකතන ළමයින්ගෙන් ඈත් කරන්න – UN


බීබීසී සිංහල මහාචාර්ය මියුරු චන්ද්‍රදාසගෙන් විමසා සිටියේ කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සහ දෙමාපියන්ගේ කාර්ය බහුලත්වය හේතුවෙන් දරුවන් වැඩි වශයෙන් ජංගම දුරකතන භාවිතයට පෙළැඹීම මානසික සෞඛ්‍යට බලපෑම් කරනවා ද යන්නයි. එහි දී මහාචාර්යවරයා ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.
 
"මනෝවෛද්‍ය පර්යේෂණවලින් කියන්නේ විද්‍යුත් තිර සමඟ ගත කරන කාලය වැඩිවීම කාංසාව සහ විශාදය ඇතිවීමේ හැකියාව වැඩිවෙනවා කියන එක. බටහිර රටක වුණත් පෙරදිග රටක වුණත් නවයොවුන් වයසේ දරුවෝ විද්‍යුත් තිර භාවිත කරන කාලය වැඩිවෙනකොට එයාලගේ මනෝ ස්වභාවයේ ව්‍යාකූලතා ඇතිවීම වැඩියි."
"ඒ වගේ ම තමන්ගේ පෞරුෂත්වයේ සහ හැඟීම් ප්‍රකාශනයේ දුර්වලත්වය, ඔරොත්තු දීමේ හැකියාව අඩු බව, සංවේදී බව වැඩි දරුවෝ සැබෑ ලෝකයේ යාළුවන් සමඟ යාළු වෙනවාට වඩා වැඩි ඉක්මනට සමාජ මාධ්‍යයේ යාළුවන් සොයාගැනීමේ අවස්ථාව වැඩියි. ඒ වගේ කෙනෙක්ට සැබෑ ලෝකයේ යාළුවෙක් හොයාගන්න එක අමාරු නිසා එයා ඔන්ලයින් යාලුවෙක් හොයාගන්නවා. ඒ වගේ සිදුවීම් නිසාත් නවයොවුන් වයසේ දරුවන්ට මානසික ගැටළු ඇති වෙන්න පුළුවන්."
 
විද්‍යුත් තිර සමඟ ගත කරන කාලය වැඩිවීම කාංසාව සහ විශාදය ඇතිවීමේ හැකියාව වැඩිකරන බව මහාචාර්ය මියුරු චන්ද්‍රදාස කියා සිටියේය
 
නව යොවුන් වියේ දරුවෙක් සමඟ සංවාදයක් ගොඩනගා ගන්නේ කෙසේ ද?

දෙමව්පියන් කාර්ය බහුල වීම නිසා සහ දරුවන් ද දෙමව්පියන් සමඟ කතා කිරීමට අකමැති වීම නිසා ඔවුනොවුන් අතර සංවාදයක් ඇති නොවීම ද නවයොවුන් දරුවන්ගේ මානසික සෞඛ්‍යට බලපාන බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

"කාර්ය බහුලත්වය නිසා දෙමව්පියන්ට දරුවන්ට සවන් දෙන්න අවස්ථාවක් නෑ වගේ ම දරුවන් විද්‍යුත් තිර භාවිතය වැඩි වුණා ම දරුවොත් දෙමව්පියන්ට සවන් දෙන්නේ නෑ."

එනිසා ම දරුවන් බොහෝවිට දෙමව්පියන් සමඟ කතා කරනවාට වඩා විද්‍යුත් තිර මඟින් සතුටක් ලැබීම තෝරාගන්නා බවත් එය දරුවාගේ මාන්සික සෞඛ්‍යට අහිතකර බවත් මහාචාර්යවරයා පවසයි.
 
"අම්මා, තාත්තා වැඩ ඇරිලා ගෙදර ආවට පස්සේ එයාලා එක්ක කතා කරන එකයි, ටික්ටොක් වීඩියෝ එකක් බලන එකයි අතරින් ගොඩක් වෙලාවට නවයොවුන් දරුවෙක් තෝරාගන්නේ එයාට ඉක්මනට සතුටක් ලබන්න පුළුවන් ටික්ටොක් වීඩියෝ එක බලන එක. ඒ වගේ දරුවා දිගටම විද්‍යුත් තිරයේම ඉන්නකොට වචනවලින් එයාගේ පීඩනය හෝ ප්‍රශ්න හෝ පිටකරන්නේ නැති නිසා ඒක එකතු වෙලා ලොකු මානසික ප්‍රශ්නයක් දක්වා යන්න පුළුවන්. ඒ වගේ ම දෙමව්පියන් තමන්ගේ නවයොවුන් දරුවාට ගැටළුවක් තියෙනවා ද කියලා අඳුරගන්නේ නෑ දරුවා කතා කරන්නේ නැති නිසා."
ඉගෙනුම එපා කරවන ඔන්ලයින් ඉගෙනුම -ආචාර්ය ප්‍රදීප් වීරසිංහ
 
ඇතැම්විට දෙමව්පියන් අවස්ථාවක් ලබා දුන්නත් බොහෝ දරුවන් ඔවුන් සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමට උනන්දු නොමැති අවස්ථා ද තිබේ. "සමහරවෙලාවට දෙමව්පියෝ කියනවා 'අපි දවස් දෙකතුනක ට්‍රිප් එකක් ගියා. මුළු ට්‍රිප් එකේම මෙයා ෆෝන් එකේමයි හිටියේ,' කියලා. ඒ වගේ දෙමව්පියන් කතා කරන්න අවස්ථාවක් දීලා තියෙද්දි දරුවා ඒ අවස්ථාව ගන්නේ නැති වෙන්න පුළුවන්. දෙමව්පියන් දරුවා කැමති දේවල් හඳුනාගෙන නැතිවීම ඒකට හේතුවක් වෙන්න පුළුවන්," මහාචාර්ය මියුරු පෙන්වා දුන්නේ ය.

ඔහු පවසන්නේ පරම්පරා අතර චින්තනයේ වෙනස දෙමව්පියන්ට දරුවන්ව තේරුම් ගැනීම අපහසු කළත් දෙමව්පියන් දරුවන් කැමති දේවල් ගැන යම් අවබෝධයකින් සිටීම දරුවන් සමඟ සංවාදයක් ගොඩනගා ගැනීමට ප්‍රමාණවත් බවයි.
 
"අනිවාර්යයයෙන් ම පවතින පරම්පරාවල චින්තනයේ තියෙන වෙනස නිසා නවයොවුන් වයසේ දරුවන් කැමති දේවල් දෙමව්පියන්ට තේරුම් ගැනීමේ අපහසුවක් තියෙනවා. ඒ නිසා සමහරවෙලාවට දෙමව්පියන් හිතනවා නවයොවුන් වයසේ දරුවන් කැමති දේවල්වලට අපිත් කැමති වෙන්න ඕනෑ, එහෙම වුණොත් විතරයි අපට දරුවන් එක්ක කතා කරන්න පුළුවන් කියලා. නමුත් එහෙම අවශ්‍ය නෑ. දරුවා කැමති දේවල් ගැන සාකච්ඡාවක් ඇති කරගන්න පුළුවන් තරමේ අවබෝධයක් තිබුණා නම් ප්‍රමාණවත්."
 
"දරුවා මොකක් හරි ටීවී සීරිස් එකක් හරි ඇනිමේෂන් මූවි එකක් හරි බලනවා නම් දෙමව්පියන් ඒකට අකමැතිවුණත් ඒ ගැන ටිකක් විස්තර හොයාබලන එක වැදගත් වෙනවා දරුවා එක්ක සංවාදයක් ගොඩනගාගන්න."

'තාත්තාට පුළුවන් දුවෙක් එක්ක හොඳ සංවාදයක් ගොඩනගා ගන්න'
 
Conversation skills narrow
දියණියක් වැඩිවිය පැමිණීමෙන් පසු ඇතැම්විට ඇයට සිය පියා සමඟ පෙර පැවති ආකාරයේ සම්බන්ධතාවයක් තබාගෙන යාමට සංස්කෘතිකමය කාරණා බාධාවක් විය හැකියි. එවැනි අවස්ථාවක එම තත්ත්වය කළමනාකරණය කරගෙන පියෙකු සහ දියණියක් අතර ඇති සම්බන්ධතාවය පවත්වාගෙන යා හැකි වන්නේ කෙසේදැයි බීබීසී සිංහල විසින් මහාචාර්යවරයාගෙන් විමසන ලදි.

"දරුවෙක් සහ අම්මා, තාත්තා එක්ක තියෙන බන්ධනය ඒ ඒ කාලෙ දි දරුවාගේ තියෙන සංජානන බුද්ධිය සහ පෞරුෂත්ව ලක්ෂණ අනුව කාලයෙන් කාලයට වෙනස් වෙනවා. පොඩි කාලේ දි අපි එයාට ආරක්ෂාව දීලා ටික ටික ලොකු වෙනකොට එයාට නිදහස දීලා අපි එයාගේ ස්වාධීනත්වයට ගරු කරන්න පටන් ගන්නවා. ගෙදරක තාත්තා සහ දුව අතර තියෙන දෙමාපිය සම්බන්ධය ක්‍රමානුකූලව අනුවර්තනය කරගන්න දෙමව්පියන් දැනගන්න ඕනෑ," මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.
 
"පොඩි කාලේ දි දුවව වඩාගෙන එයාට ශාරීරිකව ආරක්ෂාව දෙනවා වගේ ම අපට ලොකු වුණාම එයාට හැඟීම්වලින් ආරක්ෂාවක් දෙන්න පුළුවන්. දැන් එයාව වඩාගෙන ඉන්නේ නැතිවුණාට එයා එක්ක කතා කරන්න, අදහස් බෙදාගන්න තාත්තට පුළුවන්. අම්මා එක්ක කතා කරන්න බැරි, පිරිමි ළමයෙක් ගැන අදහසක්, පිරිමි ළමයි කැමති මොන දේවල්වලට ද වගේ මාතෘකාවක් තාත්තා එක්ක කතා කරන්න පුළුවන්. නැතිනම් සමහරවෙලාවට තාත්තයි දුවයි කතා කරන වෙන ම මාතෘකා තියෙනවා. තාරකා විද්‍යාව, පොත් ගැන මේ වගේ මාතෘකා කතා කරන්න පුළුවන්. තාත්තා දුවව ඉස්කෝලෙ එක්ක යන වෙලාව, තාත්තා වැඩ ඇරිලා ඇවිල්ලා දෙන්නම ඉස්තෝප්පුවේ ඉඳගෙන ඉන්න වෙලාවක වගේ මේ සංවාදය ඇති කරගන්න අවස්ථාවක් තියෙනවා."
 
සංස්කෘතික සීමාකම් තුළ වුවත් ඒ ආකාරයෙන් පියෙකුට සහ දියණියකට හොඳ සබඳතාවයක් පවත්වාගෙන යාමට හැකි බව මහාචාර්යවරයා පවසයි.
 
BBCd3
 
'පොඩි කාලේ දි දුවව වඩාගෙන එයාට ශාරීරිකව ආරක්ෂාව දෙනවා වගේ ම අපට ලොකු වුණාම එයාට හැඟීම්වලින් ආරක්ෂාවක් දෙන්න පුළුවන්'
 
ඔබේ දරුවා මානසික රෝගවලින් ආරක්ෂා කරගන්නේ කොහොම ද?

නවයොවුන් වියේ දරුවෙකුට මානසික පීඩන තත්ත්වයක් තිබේදැයි හඳුනාගන්නා ආකාරය මහාචාර්යවරයා පැහැදිලි කළේ ය.
 
නවයොවුන් වයසේ දරුවෙකුට මානසික පීඩනය වැඩිවුණාම එයාට ගොඩක් තරහ යනවා. ඒ වගේ ම දහවල් කාලයේ දී නිදි මත වෙලා රෑට නින්ද නොයන තත්ත්වය. ඒ වගේ ම දරුවාගේ ආහාර රුචිය අධික ලෙස වැඩි වීම හෝ අධික ලෙස අඩු වීම සහ අධ්‍යාපනයට තියෙන උනන්දුව හෝ අවධානය අඩු වීම තමයි මූලිකවම මානසික පීඩනයේ ලක්ෂණ කියලා හඳුනාගන්න පුළුවන්."
එවැනි තත්ත්වයක් නිරීක්ෂණය වන්නේ නම් දරුවාව වහාම ළඟ ම සිටින රජයේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ යුතු බව මහාචාර්යවරයා පවසයි.
 
දරුවන් කෙරෙහි වන මායා-නින්දෙන් අවදි වෙන්න - (අරවින්ද හෙට්ටිආරච්චි)
ඒ වගේ ලක්ෂණ නවයොවුන් දරුවෙක්ගෙන් නිරීක්ෂණය වෙනවා නම් දෙමව්පියන් දරුවාට අවස්ථාවක් දෙන්න ඕනෑ 'ඔයාට කොහොමද, ඔයාට තියෙන ප්‍රශ්න අපි එක්ක කතා කරන්න,' කියලා.නැතිනම් ළඟ ම ඉන්න රජයේ වෛද්‍යවරයෙක් හමුවෙන්න යන එක තමයි කරන්න තියෙන හොඳව ක්‍රියාමාර්ගය."

"ඔබේ රජයේ රෝහලේ ඉන්න සුදුසුකම්ලත් වෛද්‍යවරයා වෛද්‍ය ශිෂ්‍යයෙක් විදිහට හිටපු හැටියට මනෝ වෛද්‍ය විද්‍යාව සම්බන්ධයෙන් පුහුණුවක් ලබලා තියෙනවා. ඒක තමයි ගන්න පුළුවන් හොඳ ම සහ ලේසිම විසඳුම. එතකොට ඒ වෛද්‍යවරයා කියනවා මේ තත්ත්වය විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් ළඟට යන්න ඕනෑ ද මනෝ උපදේශකයෙක් ගාවට යන්න ඕනෑ තත්ත්වයක් ද කියලා."
 
"ඕනෑම දිස්ත්‍රික්කයක මූලික රෝහලේ හෝ දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් ඉන්නවා. විශේෂඥ මනෝ වෛද්‍යවරයා දරුවාව පරීක්ෂා කරලා ඒක ගොඩක් ලොකු ගැටළුවක් නම් ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා," ඔහු පෙන්වා දුන්නේ ය.
දරුවා වෛද්‍යවරයෙකු මුණ ගැසීමට මැළි කමක් දක්වන්නේ නම් කළ යුතු දේ සම්බන්ධයෙන් මහාචාර්යවරයා මෙලෙස පැහැදිලි කළේ ය.
 
118961760 2348171015491480 6907051099391958791 n
 
"දරුවා වෛද්‍යවරයෙක් මුණගැහෙන්න යන්න අකමැති නම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දවස් 7ම පැය 24ම වැඩ කරන '1926' දුරකතන අංකයට කතා කරලා උපදේශයක් ලබා ගන්න දෙමව්පියන්ට පුළුවන්. දෙමව්පියන්ට හිතෙනවා නම් දරුවා ඒ ප්‍රශ්නයට උදව් ගන්න කැමති නෑ කියලා, ඒත් එයාව වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න යන්න කොහොමහරි කැමති කරගන්න සිදුවෙනවා. නැත්තම් ඒ තත්ත්වය තවත් සංකූලතා ඇති කරන්න පුළුවන් නිසා."
 
"නවයොවුන් වයසේ දරුවෙකුට මානසික රෝගයක් නැතිව මානසික පීඩනය තියෙනවා නම් විතරක් මනෝ උපදේශකයෙකු හමුවෙලා ඒ පීඩනය අඩු කරගන්න පුළුවන්. නමුත් විශාදය තත්ත්වය හෝ කාංසාව තත්ත්වය වගේ රෝගයක් තියෙනවා නම් වෛද්‍යවරයෙක් හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් බලලා රෝගය විනිශ්චය කරලා තමයි මනෝ උපදේශකයෙක් වෙත යනවාද, එහෙම නැතිනම් වෛද්‍යවරයා හෝ විශේෂඥ මනෝ වෛද්‍යවරයා ම ඒ සඳහා ප්‍රතිකාර කරනවා ද කියලා තීරණය කරන්නේ," මහාචාර්යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ගුරුවරයෙකුට තම ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව වෙනුවෙන් කළ හැකි කුමක් ද?
 
සාරිය ගැටලුවක් වුණේ ඇයි? - ගුරුවරියකගෙන් පිළිතුරු
පාසලේ දී නවයොවුන් දරුවන් මානසික පීඩනයෙන් සිටින බවට ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ග ද මහාචාර්යවරයා පැහැදිලි කරයි.
 
"මම කලින් පෙන්වා දුන්න ලක්ෂණ සමඟ දරුවා පන්තියේ දි නිදි මතෙන් ඉන්නවා නම්, අවධානය අඩු නම්, සහ ඔලුව රිදීම සහ බඩ රිදීම ගැන නිතර කියනවා නම් දරුවාගේ මානසික තත්ත්වයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා ගුරුවරයෙක්ට හඳුනාගන්න පුළුවන්. පාසලේ මනෝ උපදේශන ගුරුවරියක් ඉන්නවා නම් දරුවාව එතැනට යොමු කරන එක තමයි හොඳ ම දේ. ඒ නිසා තමයි දැන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් කියලා තියෙන්නේ එක පාසලකට එවැනි ගුරුතුමියක් පුහුණු කරන්න කියලා."
 
රට තුළ ඉන්නේ සීමිත විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක්
 
ශ්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය පිලිබඳ පනත වහාම වෙනස් කරන්න ඉල්ලයි
මේ වන විට රට තුළ සිටින්නේ සීමිත විශෙෂඥ වෛද්‍යවරුන් පිරිසක් බව මහචාර්යවරයා පැවසුවේ ය. එනිසා යම් දෙමව්පියෙකුට ගැටළුවක් තිබේ නම් ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ දුරකථන අංකය අමතා සිදු කළ යුතු දේ වඩාත් යෝග්‍ය බව ඔහු පැවසුවේ ය.

"අපි සියලුම දෙමව්පියන්ට කිව්වොත් විශේෂඥ මනෝ වෛද්‍යවරයෙක් හමුවෙන්න කියලා, රට තුළ ඉන්නේ සීමිත විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් නිසා අපට ඇත්තටම උදව් අවශ්‍ය දරුවන් මඟ හැරෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නයට දැනට හරියට ම උත්තරයක් නෑ."

"නමුත් මම හිතනවා ඒ වගේ වෙලාවක දි කරන්න ඕනෑ හොඳම දේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 1926 අංකයට කතා කරලා මේ වගේ තත්ත්වයක දී කරන්න ඕනෑ මොනවාද කියලා උපදෙසක් ගන්න එක කියලා."

ඔබට සහයක් අවශ්‍ය ද?
 
මානසික සෞඛ්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් හදිසි ආධාර අවශ්‍ය නම් මහජනතාවට ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ක්ෂණික ඇමතුම් අංකය (1926) ඇමතීමට හැකි ය.

දිවි නසා ගැනීම් වැළක්වීමේ සහ ඉන් වැළකී සිටීමට උපදේශන සේවා ලබා දෙන ශ්‍රී ලංකාවේ ආයතන:

ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - දුරකථන අංකය: 011 2696666 හෝ +94 112 682 535

ධෛර්ය, දයානුකම්පාව, කැපවීම (CCC) පදනම - දුරකථන අංකය: 1333 හෝ +94 112 692 909
 
(සටහන :අමන්දිකා කුරේ)

බීබීසී සිංහල සේවය 




The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

නව යොවුන් දරුවන් සියදිවි නසා ගැනීමට හේතු වන කරුණු මොනවා ද? | The Leader