The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

බොජුන් හල්වලින් සිදු වන ගසා කෑම් මැඩලන්න බැරි ද? - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

October 15, 2024 • 9:56 AM

බොජුන් හල්වලින් සිදු වන ගසා කෑම් මැඩලන්න බැරි ද? - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එහි සේවකයින් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත්කර ඇති බවක් වාර්තා වෙයි.
  • මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 13 වන දා රාත්‍රී කාලයේදී ය.
  • නුවරඑළිය බෝමුරුඇල්ල පුහුණු ඒකකයේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා මෙම නිලධාරියා කොළඹ සිට ගමන් කර ඇත්තේ මගී බස් රථයකිනි.
  • බස් රථය කොත්මලේ දී තේ පානය කිරීමට හෝටලයක් අසල නවතා ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

එහි සේවකයින් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත්කර ඇති බවක් වාර්තා වෙයි.

මෙම පහරදීම සිදුව ඇත්තේ ඉකුත් 13 වන දා රාත්‍රී කාලයේදී ය.

නුවරඑළිය බෝමුරුඇල්ල පුහුණු ඒකකයේ පැවැත්වෙන පුහුණු පාඨමාලාවක් හැදෑරීම සඳහා මෙම නිලධාරියා කොළඹ සිට ගමන් කර ඇත්තේ මගී බස් රථයකිනි. බස් රථය කොත්මලේ දී තේ පානය කිරීමට හෝටලයක් අසල නවතා ඇත. එහිදී මෙම නිලධාරියා ද සෙසු මගීන් සමඟ හෝටලය තුළට ගොස් ප්ලේන්ටියක් ඉල්ලා තිබේ. එහිදී ඒ සඳහා රුපියල් පනහක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් ය. එවිට එම නිලධාරියා ප්ලේන්ටියක් සඳහා රුපියල් පනහක් අය කිරීම අසාධාරණ බව පවසා තිබේ. එහිදී ඇතිවුණු බහින්බස් වීමක් දුරදිග ගොස් බුද්ධි නිලධාරියාට හෝටලයේ සේවකයින් පහරදී ඇති බව පොලීසිය කියයි.


මේ සම්බන්ධයෙන් මෙම බුද්ධි නිලධාරියා නුවරඑළිය පොලීසියට පැමිණීල්ලක් කර නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබේ. පසුව එම බුද්ධි නිලධාරියා තමන්ට පහරදුන් බව සඳහන් කරමින් අදාල හෝටලයේ සේවකයෙකු ද කොත්මලේ පොලීසියට පැමිණිලිකරමින් රෝහල්ගතව ඇතැයි පොලීසිය සඳහන් කරයි.

 

Polish 20220323 092640644 2කොත්මලේ හෝටලයක ප්ලේන්ටියක් සඳහා රුපියල් පනහක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ගිය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට එහි සේවකයින් පිරිසක් පහරදීමෙන් තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුලත්කර ඇත
මෙම සිදුවීම සමඟම මගේ මතකයට නැඟෙන තවත් සිදුවීමක් ද තිබේ.

 

මෑත දිනයක අප ගේ හිතවත් යුවලක් සිද්ධස්ථානයක් හා සම්බන්ධ නගරයකට ගියහ. ඔවුන් දහවල් ආහාරය ගන්නා ලද්දේ වැවක් අද්දර පිහිටි බොජුන් හලකිනි. ඇනවුම් කළ බත් සහ මාළු පිණිවලින් කිවුල් රසට වැඩි රසයක් මතු නොවූයෙන් ඔවුහු අතිරේක වශයෙන් බැදපු මාළු පෙති දෙකක් ද ගෙන්වා ගත්හ. කෑම කා අවසානයේ පැමිණි බිල්පත දුටු ඔවුනට අදහාගත නොහැකි වුණි. එහි සඳහන්ව තිබූ ගණන රුපියල් එක් දහස් නව සීයකි. මෙය වැරදීමකින් මාරුවී පැමිණි බිලක් යැයි මගේ හිතවතා සිතීය. එබැවින් හෙතෙම ඒ බව කෑම සැපයූ පුද්ගලයාට දැන්වීය.


‘කෑම එකක් රුපියල් හාර සිය පනහයි බැඳපු මාළු පෙත්තක් රුපියල් පන්සීයයි.’ ඔහු රුපියල් එක් දහස් නව සීයට සරිලන සේ ගණන් සෑදීය.

‘එක මාළු පෙත්තට රුපියල් පන් සීයක්?’ මිතුරා අසන ලද්දේ විස්මයෙනි.

 

resturant‘කෑම එකක් රුපියල් හාර සිය පනහයි බැඳපු මාළු පෙත්තක් රුපියල් පන්සීයයි.’

”ඕවා අලුත්ම වැව් මාළු. බයිට් වලට දෙන්නෙත් ඔය ගාණට තමයි” කෑම සැපයූ පුද්ගලයා කීය.

”ඒත් අරකේ තියෙන්නේ බැදපු මාළු රුපියල් දෙසීයයි කියලනේ” කිසිත් තේරුම් ගත නොහැකි අපේ හිතවතා එහි සඳහන් මිල දර්ශනය දක්වමින් ඇසීය.

”රුපියල් දෙසීයට දුන්නු ඒ මාළු ඉවරයි. මේවා දැන් බැදපු අළුත් මාළු. මේවා ඒ ගාණට දෙන්න තියා හිතන්නවත් බෑ” හෝටලයේ සිටි මිනිසාගේ ක්ෂණික පිළිතුර එය විය.

කෙසේ හෝ ඒ දෙදෙනා උඩින් පල්ලෙන් කෑ බත් වේලක් සඳහා රුපියල් එක් දහස් නව සීයක් ’ පූජා කළ’ ඔව්හු නම්බුව බේරාගෙන එතැනින් පිටවූහ.

මෙම සිදුවීම මොවුනට පමණක් මුහුණ දීමට සිදු වූ අකරතැබ්බ නොවේ. නමුත් නැති බැරි මිනිහාගෙන් සිදු වන මෙබඳු ගසා කෑම් මේ වන විට අතිශයින් සුලබ ය.

 

තරු පහේ හෝටල්වල අලෙවි කෙරෙන ආහාර පාන ඒවායේ මිල ගණන් සහිතව මෙනූ කාඩ් පතක් මගින් පාරිභෝගිකයාට පළමු කොටම දක්වති

සමාජයේ ඉහළ පැලැන්තියේ උදවිය යනු ලබන තරු පහේ හෝටල්වල සේම සාමාන්‍ය වත් පොහොසත් කම් ඇති උදවිය භාවිතා කරන භෝජනාගාරවල මෙම කණගාටුදායක තත්ත්වය දක්නට නැත. එහි අලෙවි කෙරෙන ආහාර පාන ඒවායේ මිල ගණන් සහිතව මෙනූ කාඩ් පතක් මගින් පාරිභෝගිකයාට පළමු කොටම දක්වති. ඉන් තමන්ගේ සිතට සරිලන ආහාර පාන තෝරා ගෙන නිරවුල් මනැසින් භුක්ති විඳීමේ අවකාශය ඔවුනට ලැබේ.


ඒවායින් නිකුත් කරන බිල් පත් නිරවුල් ය. පාරිභෝගිකයා විසින් ගනු ලැබූ ආහාර පානවල නම් සමග ඒවායේ මිල ගණන් ඉතා පැහැදිලිව දැක්වේ. මේ අනුව කූඨ ව්‍යාපාරිකයන් වෙතින් මිල පාරිභෝගික දූෂණයට ලක්වීම අද කාලයේ පුංචි මිනිහාගේම සමාජමය උරුමයක් වී තිබේ.

 

Know Your Options When Eating Outශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති අනුව සියළුම ආහාර පාන වර්ග අලෙවියේදී නියමිත මිල ගණන් පාරිභෝගිකයන් හට ප්‍රදර්ශනය කිරීමට බැඳී සිටිති
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන නීති අනුව සියළුම ආහාර පාන වර්ග අලෙවියේදී නියමිත මිල ගණන් පාරිභෝගිකයන් හට ප්‍රදර්ශනය කිරීමට බැඳී සිටිති. මිල දර්ශකයක්, මෙනූ පතක්, මගින් හෝ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍යවල ලේබල් මගින් ඒවායේ මිල පාරිභෝගිකයනට දැක්වීමට ව්‍යාපාරිකයනට පුළුවන. ඒ සම්බන්ධ නීති බලාත්මක කරනු පිණිස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත 2003 ජනවාරි මස 09 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පිහිටුවා ඇත්තේ එම පනත යටතේ ය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙළඳ වාණිජ පාරිභෝගික කටයුතු හා අලෙවි ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත වුවකි. මෙම පනත සම්මත වීමත් සමඟම 1987 අංක 01 දරණ සාධාරණ වෙළඳ කොමිෂන් සභා පනත (173 වන අධිකාරය වු) මිල පාලන පනත යන පනත් අහෝසි විය. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත බලාත්මක වීමත් සමඟ පැවති සමහර නීති ඉවත් වූ අතර පාරිභෝගික ආරක්ෂාව තහවුරු කෙරෙන නීති අලුතින් එකතු විය.


Customer 15වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හා වෙළඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම අධිකාරියේ මුලික ඉලක්කය වේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත නිර්මාණය කිරීමේ මුලික අභිප්‍රාය වූයේ පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම ය. වර්තමානයේ පවතින ආර්ථික තත්ත්වයන් හා වෙළඳ ක්‍රියාකාරකම් හමුවේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව සහතික කිරීම අධිකාරියේ මුලික ඉලක්කය වේ. අසාධාරණයට ලක්වන පාරිභෝගිකයන් පමණක් නොව වෙළෙදුන්ගේ ද අයිතිවාසිකම් රැකගැනීම සඳහා අධිකාරිය මැදිහත් වේ. පනත මඟින් භාණ්ඩ හා සේවා යන අංශ දෙකම පිළිබඳව ක්‍රියා කිරීමේ බලතල අධිකාරිය වෙත පවරා ඇත. නමුත් ඒවා කොතෙක් දුරට බලාත්මක වන්නේ ද යන්න ගැටළුවකි.

නමුත් මේ වන විටත් සාමාන්‍ය ජනතාව පරිහරණය කරන බොජුන් හල්වල ආහාර මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම් බිල් පතක් ඉදිරිපත් නොකිරීම සුලබ විලාසිතාවක් වී තිබේ. ඒ පිළිබඳ පාරිභෝගිකයා තදින් සැක උපදවා ගැනීම යුක්ති සහගත ය. ඒ සැකය පාරිභෝගිකයන් ගේ යහපතටම හේතුවෙයි. මිල දර්ශනයක් හෝ වෙනයම් ක්‍රමයක් මගින් ආහාර පාන මිල නොදක්වන අවස්ථාවල ඒවායේ මිල කලින් දැන ගන්නට පාරිභෝගිකයාට ක්‍රමයක් ඇත්තේම නැත.

එසේම යමෙකු එම බොජුන් හලෙන් කන බොන සියල්ලේම මිල ගණන් එකතු කොට මුද්‍රිත බස් ටිකැට්ටුවක් තරම් කුඩා තුණ්ඩුවකට මා එම ආහාර පානවල මිල ගණන් පාරිභෝගික ලදුපතක් වශයෙන් තැකිය නොහැකි එම බිල්පත් ද බොජුන් හලේ මුදල් අයකැමි තැන සිය කවුන්ටරයේ පසෙක ඇති යකඩ කූරෙහි අමුනනුයේ තමන් මිලදී ගත් භාණ්ඩ වල මිල ගණන් දැන ගැනීමට ඇති පාරිභෝගික අයිතිය උල හිඳුවා මරන්නාක් මෙනි.


1520213809925POS Point-of-sale

අපගේ වැටහීම අනුව ඕනෑම බොජුන් හල් හිමියකුට එහි අලෙවි කරනු ලබන ආහාර පානවල මිල දර්ශකයක් මගින් ඉදිරිපත් කිරීමේ කිසිදු අසීරුවක් නැත. යමෙකු අනුභව කළ ආහාර පාන සමඟ ඒවායේ මිල ගණන් ද සහිත තුණ්ඩුවක් ලියා ලදු පතක් ලෙස ඔවුන් අතට පත්කිරීම ද බොජුන් හල් හිමියෙකුට මහ ලොකු කාරියක් නොවේ. එමෙන්ම ඒ වෙනුවෙන් POS Point-of-sale ක්‍රමවේදය ඔස්සේ ඉලෙක්ට්‍රොනික බිල් පත් නිකුත් කිරීම ද එතරම් අසීරු කාරියක් නොවේ. මක් නිසා ද යත් මේ වන විට බැටරියෙන් ක්‍රියා කරන ජංගම එබඳු උපකරණ ද තිබේ. බස් කොන්දොස්තර වරුන් ගේ ටිකට් මැෂින් වලට සමාන මෙම යන්ත්‍ර භාවිතා කළ හැකිව තිබිය දීත් එසේ නොකිරීමට පැහැදිලි හේතුවක් තිබිය යුතු ය. එසේ තිබේ නම් ඔවුන්ගේ සංවිධානයක් මගින් හෝ එය  පාරිභෝගිකයන්ට ඉදිරිපත් කිරීම ඔවුන්ගේ යුතුකමකි.

නමුත් සෙසු බොහෝ පාරිභෝගික ද්‍රව්‍ය වල මෙන් බොජුන් හල් වල අලෙවි කෙරෙන ආහාර පාන ආදිය සඳහා නිශ්චිත මිල ගණන් සැකසීම ඉතා අසීරු බව අප පිළිගත යුතු ය. මක් නිසා ද යත් ඕනෑම ආහාරයක් පිසීම සඳහා යොදා ගනු ලබන ද්‍රව්‍යවල ඒකීයත්වයක් නොමැති බැවිනි. නිදසුනක් ලෙස බොජුන් හල් වලින් ලබා ගන්නා ආහාර පාන අතරින් ජන වහරට අනුව “බත් එක” ලෙස හැඳින්වෙන ආහාර වේලක් සඳහා යොදා ගනු ලබන සහල් වර්ගයේ සිට මස්, මාළු සහ සෙසු ව්‍යංජන සඳහා යොදා ගනු ලබන එළවළු වර්ගය සහ ඒවායේ ප්‍රමිතිය අනුව නිෂ්පාදන පිරිවැය උච්ඡාවචනය වීම මත ඒ මිල ගණන් විෂමතාව පවතී.

 

sri lanka sri lanka food street food hoppers kottu roti curry rice short snacks 18 10 2012 2 44 28 PMසාමාන්‍යයෙන් අඩුම නිෂ්පාදන පිරිවැයක් යටතේ වැඩිම ලාභයක් අපේක්‍ෂා කරන ව්‍යාපාරිකයන් තමන් ගේ නිෂ්පාදන අඩුම පිරිවැයක් සහ වැඩිම ලාබයක් යන අරමුණ පෙරදැරිව පාරිභෝගිකයන් අතට පත් කරති.

එමෙන්ම බොජුන් හල් වල අලෙවි කෙරෙන සෙසු ආහාර නිෂ්පාදන සම්බන්ධ තත්ත්වය ද එයමය. සාමාන්‍යයෙන් අඩුම නිෂ්පාදන පිරිවැයක් යටතේ වැඩිම ලාභයක් අපේක්‍ෂා කරන ව්‍යාපාරිකයන් තමන් ගේ නිෂ්පාදන අඩුම පිරිවැයක් සහ වැඩිම ලාබයක් යන අරමුණ පෙරදැරිව පාරිභෝගිකයන් අතට පත් කරති. ඒ අනුව බොජුන් හල් වල අලෙවි කෙරෙන අසවල් ආහාරයේ උපරිම මිල අසවල් ගණනක් විය යුතු යයි නිගමනය කිරීමට කිසිවකුටත් නොපුළුවන. නමුත් අප ජන සමාජයේ වැඩිම දෙනකු ආහාරයට ගන්නා සහල් වර්ගයක් සහිතව හාල් මැස්සන්, බිත්තර, පරිප්පු, පොල් සම්බෝල සමඟ වානිජ නොවන බෝගයකින් සැදුම්ලත් ව්‍යංජනයක් සමඟ නියමිත ප්‍රමාණයක ආහාර වේලක් සඳහා අය විය යුතු මුදල අනුමාන කිරීමට අපට පුළුවන.

 

අප සිතනුයේ එවැනි බත් පතක් රුපියල් දෙසීයකට හෝ දෙසිය පනහකට මිල කළ හැකි බවකි. නමුත් අද වෙළඳ පළේ බත් එකක් ඒ ගණනට වඩා වැඩි ය. රයිස්, කොත්තු වැනි කඩ කෑම සම්බන්ධ තත්ත්වය එයම වේ. නමුත් අප රටේ ඇති මහා පරිමාන හෝටල්, මධ්‍යම පාන්තික බොජුන් හල් සහ තේ කඩ, පෙට්ටිකඩ ආදී වශයෙන් හැඳින්වෙන අනේක විධ භෝජනාගාර සේවාවන්හි ආහාර පාන මිල ගණන් එම ව්‍යාපාර වල පැවැත්ම හා සම්බන්ධ තත්වයන් මත එකි’නෙකට වෙනස් වීම ද වලකනු නොහැක. එකී තත්වයන් මත මේ වන විට ක්‍රියාත්මක වන පාරිභෝගික ආරක්ෂණ පනත අනුව එලෙස එක් එක් ආහාර පාන සම්බන්ධයෙන් උපරිම මිලක් පැනවීම සඳහා වන නීතිමය අවකාශයක් නැත. නමුත් කිසියම් ගමනක් බිමනක් සඳහා නිවසින් පිටතට යන්නකු හට ඒ දවසේ ආහාර වේලක්, දෙකක් පිටතින් සපයා ගැනීම පිණිස වැය කළ යුතු මුදල පිළිබඳව සාධාරණ අනුමානයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් බොජුන් හල් වල ආහාර පාන වල මිල ගණන් දැන ගැනීමට ජනතාව සතු හිමිකම තහවුරු කිරීම ද රජය සතු වගකීමකි.


රටේ පොදු මහජනතාව සතු එම හිමිකම අහිමි කරමින් ඔවුන් ගේ ඉන ඉහ ගසා කන කෑම බොජුන් හල් හිමිකරුවන් හට නිරන්තරයෙන් නීතිමය දඬුවම් පැමිණවීම එම අගතිය දුරලීමට ඇති හොඳම උපාය මාර්ගය බව අපගේ වැටහීමයි.

 

telephone

මේ වන විට ද මෙබඳු පාරිභෝගික පැමිණිලි අධ්‍යක්ෂ ජනරාල්,පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, අංක 27, වොක්ෂෝල් වීදිය, කොළඹ 02 යන ලිපිනයට හෝ 1977 යන ක්ෂණික ඇමතුම් අංකයට නැතහොත්  011-7755481-2-3 යන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ පැමිණිලි අංශයට යොමු කළ හැකි බව පැවසෙයි. එහෙත් ඒ ඔස්සේ විධිමත් විමර්ශන සිදු කොට පාරිභෝගිකයනට යහපතක් කිරීමට ඔවුනට ඇති අවකාශය “හාවා හඳ දැකීමක්”ම වනු ඇත. එබැවින් මේ තත්වයට ක්ෂණික පිළියම් සෙවීම නව රජයේ ප්‍රමුඛතම අවශ්‍යතාවක් ව පවතී.


නැතහොත්  ප්ලේන්ටියක් සඳහා රුපියල් 50ක් අය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ගිය රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකුට කොත්මලේ හෝටලයක දී පහර කෑම සිදු වූ පුවත එබඳු මිල ගණන් විමසීම සම්බන්ධයෙන් පාරිභෝගිකයන් ප්‍රබල ලෙස පසුගන්වනු නියත ය.


renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...