The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අලුතින් පත්වන ආණ්ඩුවට ඇති අභියෝග සහ විසඳුම් සෙවීමට ඇති ගැටලු මොනවාද?

T

The Leader Desk

October 16, 2024 • 6:59 AM

අලුතින් පත්වන ආණ්ඩුවට ඇති අභියෝග සහ විසඳුම් සෙවීමට ඇති ගැටලු මොනවාද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කරනු ඇතැයි යන්න අවිවාදිත කාරණයක් බවට පත්ව තිබේ.
  • පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.
  • යුද්ධය, ත්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදය පරජය කිරීම, ජාතික ආරක්ෂාව, ආර්ථිකය හා සංවර්ධනය සහ සහනාධාර යන මාතෘක කලක පටන් මෙරට මැතිවරණ වේදිකාවල ප්‍රධාන තේමා බවට පත්විය.
  • නමුත් 2024 මහ මැතිවරණයේදී එම මාතෘකාවලට කිසිදු වටිනාකමක් ඇති අයුරු දක්නට නොලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

කරනු ඇතැයි යන්න අවිවාදිත කාරණයක් බවට පත්ව තිබේ.

මීට හේතුව සාම්ප්‍රදායික සහ පවුල් බලය පැවති ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් රැසක් මැතිවරණයට පෙර ස්වයං විශ්‍රාම ගැනීමට තීරණය කිරීම ය. පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් මෙවර මහ මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

යුද්ධය, ත්‍රස්තවාදය පරාජය කිරීම, අන්තවාදය පරජය කිරීම, ජාතික ආරක්ෂාව, ආර්ථිකය හා සංවර්ධනය සහ සහනාධාර යන මාතෘක කලක පටන් මෙරට මැතිවරණ වේදිකාවල ප්‍රධාන තේමා බවට පත්විය.

 



නමුත් 2024 මහ මැතිවරණයේදී එම මාතෘකාවලට කිසිදු වටිනාකමක් ඇති අයුරු දක්නට නොලැබේ.

ඒ වෙනුවට ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම, අල්ලස හා දුෂණය පිටුදැකීම, දුෂිත ක්‍රියාවන්ට එරෙහිව විමර්ශන නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම සහ දුෂිත සහ වයස්ගත දේශපාලනඥයින් ගෙදර යැවීමට ජනතාවගේ වැඩි උනන්දුවක් පවතින බව පෙනීයන කරුණකි.


එසේ නම් අලුතින් පත්වන ආණ්ඩුවට ඇති ආර්ථික, සමාජීය හා දේශපාලනික අභියෝග මොනවා ද?



ආර්ථික අභියෝගය

* ආර්ථික අර්බුදය කළමනාකරණය :

2023 වසරේ සෘණ අගයක පැවති ආර්ථික වර්ධන වේගය මේ වසරේ පළමු කාර්තුව තුළ 5.3%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. නමුත් රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීමට රජය බදු ප්‍රතිශත ඉහළ දැමීම නිසා තවමත් ජනතාව ආර්ථිකමය වශයෙන් පීඩාවට පත්ව සිටිති. බංකොලොත් බවින් රට යළි ගොඩ ගැනීම සහ IMF ණය වැඩසටහන ඉදිරියට ගෙන යාම නව රජයට පැවරෙන කාර්යයක් වනු ඇත.

 

IMF newබංකොලොත් බවින් රට යළි ගොඩ ගැනීම සහ IMF ණය වැඩසටහන ඉදිරියට ගෙන යාම
* ජීවන වියදම :

උද්ධමනය සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබුණ ද රටේ භණ්ඩ මිල ගණන්වල හෝ ජීවන වියදමේ අඩුවීමක් දක්නට නොමැත. උපයන විට ගෙවීම් බද්ද සහ වැට් බදු ඉහළ දැමීම නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ ජීවන විදයම අඩුකර ඔවුන්ට ජීවත් වීමට පහසු වට පිටාවක් නිර්මාණය කිරීම නව ආණ්ඩුවට පැවරෙන ප්‍රධාන වගකීමක් වනු ඇත.


sackcloth money bag with loan inscription and metal coins isolated on grey ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37.04කි.

* රාජ්‍ය ණය:

ශ්‍රී ලංකාව ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 1039%කි. එයින් ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 37.04කි.

* පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන්:

පාඩු ලබන තත්ත්වයක පැවති බව කියන රාජ්‍ය ව්‍යවසායන් රැසක් ප්‍රතිව්‍යුගත කරණය කිරීමට පැවති රජය සැලසුම් කළ තිබුණි. පසුගිය කාලසීමාව තුළ පෞද්ගලිකරණය කිරීමට සූදානම් වූ ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා නොදමන බව වත්මන් ජනාධිපතිවරයා අවධාරණය කළේය. පාඩු ලබන රාජ්‍ය ආයතන මහාභාණ්ඩාගාරයට සහ මහජනතාවට බරක් නොමැති වන සේ පවත්වා ගැනීම මෙන්ම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වැන ඌණ උපයෝජන වත්කම් රටට වාසිදායක ලෙස කළමනාකරණය කිරීමද නව ආණ්ඩුවට පැවරෙන කාර්යක් වනු ඇත.

 

SriLankan Airlines 2021.10.13ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා නොදමන බව වත්මන් ජනාධිපතිවරයා අවධාරණය කළේය

නීතිය හා සාමය පිළිබඳ අභියෝගය


* අල්ලස හා දුෂණය:

අල්ලස හා දුෂණය වළක්වා ගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති කොන්දේසි රැසක් ශ්‍රී ලංකා රජය තවමත් ඉටුකර නොමැත.

 

pandora 1පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ලාංකිකයින් නීතිවිරෝධීව එම වත්කම් උපයා ඇත්නම් ඒවා යළි මෙරටට අත්පත් කරගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම

* විදෙස් රටවලට රැගෙන ගිය බව කියන වත්කම් ආපසු ලබා ගැනීම:

දේශපාලනඥයින් ඇතුළු විවිධ පුද්ගලයින් මෙරටින් නීතිවිරෝධීව උපයන ලදැයි කියන ධනය විදෙස් රටවලට රැගෙන ගොස් ඇතැයි, කලක සිට දේශපාලන වේදිකාවල අසන්නට ලැබුණු කරුණකි. එමෙන්ම පැනමා සහ පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් ලාංකිකයින් නීතිවිරෝධීව එම වත්කම් උපයා ඇත්නම් ඒවා යළි මෙරටට අත්පත් කරගැනීම සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද අලුතින් පත්වන රජයට පැවරෙන කාර්යයක් වනු ඇත.

* මත්ද්‍රව්‍ය ජාවාරම, සංවිධානත්මක අපරාධ සහ පාතලය මර්දනය:

 

 105652046 5165eb7d 1ccb 43d8 841c dedf8ee80836.jpg

මේ වසර ආරම්භයේ සිටිම වෙඩිතැබීමේ සිද්ධි ගණනාවක් වාර්තා වූ අතර ඉන් බොහොමයකට හේතු වී තිබුණේ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානත්මක අපරාධ කල්ලි අතර ගැටුම් බව පොලිසිය පවසයි. වසරේ මුල් මාස 6 තුළදී පමණක් වෙඩි තැබීමේ සිදුවීම් 40කට වඩා සිදුව තිබුණි.


ඇතැම් මනුෂ්‍ය ඝාතන මෙහෙයවා තිබුණේ, විදෙස් ගතව සිටින බව කියන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් විසිනි. ඒ අනුව විදෙස් රටවල සැඟව සිටින අපරාධ කල්ලි නායකයින් අත්අඩංගුවට ගැනීම සහ ගිනිඅවි ප්‍රචන්ඩත්වය තුරන් කිරීම නව රජයට ඇති අභියෝගයක් වනු ඇත.

* පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහ මොලකරු සෙවීම:

 

paskuපස්කු ඉරු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය

පස්කු ඉරු දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් එම ප්‍රහාරයේ වින්දිතයෝ තවදුරටත් යුක්තිය අපෙක්ෂාවෙන් පසුවෙති. ප්‍රහාරයෙන් පසු මේවන විට ජනාධිපතිවරුන් තිදෙනෙකු පත්ව ඇතත්, වින්දිතයින් බලාපොරොත්තුවන සාධාරණය මෙතෙක් ඉටුවී නොමැත.

වින්දිතයින් අවධාරණය කර සිටින්නේ මෙම ප්‍රහාරයට සම්බන්ධ මහ මොළකරු කවුද? ජනතාව ඉල්ලා සිටින්නේ වගකිවයුතු පුද්ගලයින් පිළිබඳ අනාවරණය කර ඔවුන්ට දඬුවම් පමුණුවන ලෙස ය. ඒ අනුව මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිසි විමර්ශනයක් පවත්වා වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීම ද අලුතින් පත්වන ආණ්ඩුවට ඇති අභියෝගයක් වනු ඇත.

සමාජීය අභියෝගය

* නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම:

නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම අලුතින් පත්වන ආණ්ඩුවට පැවරෙන ප්‍රමුඛ වගකීමක් වනු ඇත. රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම සහ මහජනතාවට සපයනු ලබන රාජ්‍ය සේවා විදිමත් කිරීම මහජනතාව බලාපොරොත්තුවන කාර්යයකි.

* ජාතීන් හා ආගම් අතර එකමුතුව සහ සහජීවනය:

 

gfgdfgdfg

සිවිල් යුද්ධය, පාස්කු ප්‍රහාරය සහ අන්තවාදී කළහකාරී සිදුවීම් හේතුවෙන් දුරස්ව ගිය ජාතීන් අතර සමගිය, එකමුතුකම සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමද අලුත් ආණ්ඩුවට පැවරෙන කාර්යකි.


* බුද්ධි ගලනය:

ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය උගතුන් රට හැර යාමට හේතුවිය. බොහෝ පුහුණු වෘත්තීයවේදීහූ විදේශයන්හි වඩා හොඳ අවස්ථා සොයා තවමත් රට හැර යති.

උපයන විට ගෙවීම් බද්ද ඇතුළුව වෘත්තිකයින් බලපානු ලබන බදු සංශෝධනය කරන බවට ඉකුත් ජනාධිපතිවරණ සමයේද වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක පෙරොන්දු විය.


ඒ අනුව එම බදුපතිපත්ති සංශෝධනය කර වෘත්තිකයින්ට යළි මෙරටට පැමිණි සේවය කළ හැකි වාතාවරණක් සැකසීම අලුතින් පත්වන රජයට පැවරෙන කාර්යක් වනු ඇත.

* නිදහස් සෞඛ්‍ය සේවය ගැන බිඳ වැටුණු විශ්වාසය ගොඩ නැඟීම:

 

free health largeරජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය මෙන්ම සැත්කම් සඳහා දිගු කලක් පොරොත්තු ලේඛනවලට සිටින රෝගීන්ට අස්වැසිලක් වන සේ ඒවා කළමනාකරණය කිරීම

ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ශක්තිමත් නිදහස් සෞඛ්‍ය සේවයක් පවතින රටකි. ශ්‍රී ලංකාවේ කාන්තාවකගේ අපේක්ෂිත ආයු කාලය 76.6ක් වන අතර පිරිමියෙකුගේ අපේක්ෂිත අයු කාලය 72කි.


කෙසේවෙතත්, ඖෂධ හිඟය, සැත්කම් සඳහා දිගු පොරොත්තු ලේඛන මෙන්ම බාල ඖෂධ ගෙන්වීම හා එන්නත් ලබා දීමෙන් පසු රෝගීන් විවිධ සංකූලතාවන්ට ලක්ව මිය යෑම වැනි සිද්ධි නිසා නිදහස් සෞඛ්‍ය සේවය ගැන මහජන විශ්විසය පසුගිය කාලසීමාව තුළ දැඩි පරිහානියකට ලක්විය.

බිඳවැටුණු එම විශ්වාසය යළි ගොඩ නැංවීමද නව ආණ්ඩුවට පැවරෙන වගකීමක් වනු ඇත.

රජයේ රෝහල්වල පවතින ඖෂධ හිඟය මෙන්ම සැත්කම් සඳහා දිගු කලක් පොරොත්තු ලේඛනවලට සිටින රෝගීන්ට අස්වැසිලක් වන සේ ඒවා කළමනාකරණය කිරීම ද නව රජයට පැවරෙන කාර්යක් වනු ඇත.

* ජාතික විභාග පිළිබඳ විශ්වාසය නැංවීම සහ ප්‍රමාදයකින් තොරව විභාග පැවැත්වීම:

 



ශ්‍රී ලංකාවේ ජාතික විභාග පසුගිය කාලසීමාව තුළම අර්බුදකාරී තත්ත්වයකට පත්වුයේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම ඇතුළු සිදුවීම් හේතුවෙනි. ඉකුත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී මෙන්ම තවත් විභාග ගණනාවකදී මෙවැනි තත්ත්වයන් ඇතිවිය. පසුගිය කොවිඩ් වසංගත සමය හේතුවෙන් කල්දැමුණු ජාතික විභාග පැවැත්වීම සඳහා නිශ්චිත කාලරාමු සැකසීම සහ අනවශ්‍ය දිග්ගැස්ස වීමකින් තොරව සිසුන් පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපන ආයතන වලින් පිට කිරීමට ක්‍රමවේදයක් සැකසීම ද ප්‍රධාන අභියෝගයකි.

* මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම:

පොලිස් සංඛ්‍යා දත්තවලට අනුව රිය අනතුරු හේතුවෙන් දෛනිකව මෙරට මිය යන පුද්ගලයින් සංඛ්‍යාව 5-7ත් අතර අගයක් ගනී. තුවාල ලබන හා ආබාධිත තත්ත්වයට පත්වන පිරිස ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. අනතුරු වලින් වැඩිම බලපෑමට ලක්වන්නේ, රටේ ජාතික ආර්ථිකයට සේවය කළ හැකි තරුණ සහ මැදි ව්යේ පිරිසකි.

 c9064f50 e119 11ee 8bf3 195418ba9285.jpg රටේ මර්ග විනය සකසා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම
අනතුරු වළක්වා ගැනීම තුළින් විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව පවතී.

ඒ අනුව රටේ මර්ග විනය සකසා මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම ද නව රජයට පැවරෙන කාර්යක් වනු ඇත.

(සටහන - සම්පත් දිසානායක)
Twitter, @SampathDissa
බීබීසී සිංහල සේවය

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

අලුතින් පත්වන ආණ්ඩුවට ඇති අභියෝග සහ විසඳුම් සෙවීමට ඇති ගැටලු මොනවාද? | The Leader