The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සමන් දෙවියන් වැඩ සිටින පන්සලක් ගැන දන්නවද? - (රේණුකා දමයන්ති ගමගේ)

T

The Leader Desk

October 17, 2024 • 4:02 PM

සමන් දෙවියන් වැඩ සිටින පන්සලක් ගැන දන්නවද? - (රේණුකා දමයන්ති ගමගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිතුරියක් මා වෙත අපූරු යෝජනාවක් ඉදිරිපත් කළා ය.
  • “සමන් දෙවි හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල තියෙන්නේ මේ කිට්ටුවමයි අපි වෙලාවක ඒක බලන්න යමු” මිතුරිය ගේ ඒ වදන් ඇසූ සැනින් මගේ සිත තුළ බලවත් විමතියක් ඇති විය.
  • ඒ අප රූප සහ ප්‍රතිමා වලින් පමණක් දැක ඇති සමන් දෙවියන් ජීවමානව පන්සලක වැඩ වෙසෙන බව ඇසීමෙනි.
  • අප කවුරුත් දන්නා අන්දමට සමන් දෙවියන් උදෙසා ඉදි කරන ලද මහ සමන් දේවාලය පිහිටා ඇත්තේ රත්නපුරයේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

මිතුරියක් මා වෙත අපූරු යෝජනාවක් ඉදිරිපත් කළා ය.

“සමන් දෙවි හාමුදුරුවෝ වැඩ ඉන්න පන්සල තියෙන්නේ මේ කිට්ටුවමයි අපි වෙලාවක ඒක බලන්න යමු”

මිතුරිය ගේ ඒ වදන් ඇසූ සැනින් මගේ සිත තුළ බලවත් විමතියක් ඇති විය. ඒ අප රූප සහ ප්‍රතිමා වලින් පමණක් දැක ඇති සමන් දෙවියන් ජීවමානව පන්සලක වැඩ වෙසෙන බව ඇසීමෙනි. එහෙත්, මගේ මිතුරිය එලෙස පවසා සිටියේ උඳුවප් පොහොයෙන් ඇරඹෙන ශ්‍රී පාද සමයේ ශ්‍රී පාද ඉහළ මළුවට වැඩමවන සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ ශ්‍රී පාද වන්දනා සමය නිමා වන වෙසක් පුන් පොහොය දිනයේ සිට ඊළඟ ශ්‍රීපාද සමය ඇරඹෙන තෙක් උපරිම ගෞරවාදරයෙන් යුතුව තැන්පත් කර තැබෙන පැල්මඩුල්ල, ගල්පොත්තාවල රජ මහා විහාරය සම්බන්ධයෙනි.

sdewr
අප කවුරුත් දන්නා අන්දමට සමන් දෙවියන් උදෙසා ඉදි කරන ලද මහ සමන් දේවාලය පිහිටා ඇත්තේ රත්නපුරයේ ය. ඊට අමතරව බලන්ගොඩ, බොල්තුඹේ, දැරණියගල සහ මහියංගනයේ තවත් සමන් දේවාල තුනක් තිබේ. ඒ සියල්ල එක් කර ගත් විට සමන් දේවාල හතරකි. එහෙත්, සමන් දෙවි හාමුදුරුවන් වැඩ සිටින යනුවෙන් ප්‍රදේශ වාසීන් මහත් ගරු බුහුමන් සහිතව පවසන ගල්පොත්තාවල රජ මහා විහාරය පන්සලක් ලෙස මිස දේවාලයක් ලෙස ප්‍රකට වී නැත. ඊට හේතුව සෝවාන් ඵලයට පත් බෞද්ධ උපාසකයකු වන සමන් දෙවියන් දේවාලයක වැඩ සිටීමට වඩා බෞද්ධ විහාරයක වැඩ සිටීමට කැමැත්ත පළ කිරීම නිසා යැයි ඒ ප්‍රදේශයේ පැරණි ගැමියන් තුළ පැවැති විශ්වාසයක් බව මට පසු කලෙක දැන ගන්නට ලැබිණ.

zdfer

මෙම ගල්පොත්තාවල රජමහා විහාරය මහනුවර රජ කළ කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේ ( 1747-1782) ඉදි කරන ලද්දක් බව පැවසෙයි. ඉන් පෙර කලෙක රජ කළ සීතාවක රාජසිංහ රජු සමයේ (1581-1593 ) හින්දු ආදි පූජක වරුන්ගේ ග්‍රහණයට නතු වී තිබූ ශ්‍රී පාදස්ථානය කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් නැවත බෞද්ධ භික්ෂුන්ගේ භාරකාරත්වයට පත් කරන ලදුව මුල්ම ශ්‍රී පාදස්ථානාධිපති පදවිය වේහැල්ලේ ධම්මදින්න නාහිමිපාණන්ට පැවරූ බව සනාථ කෙරෙන සාක්ෂි තිබේ. එවක කුඩා ආවාසයක් ව තිබූ ගල්පොත්තාවල පන්සලේ ආධිපත්‍යය එම නාහිමියන් විසින් දරන ලද මුත් ශ්‍රීපාද සමය අවසානයේ එම සමන් දේව ප්‍රතිමාව සහ දේවාභාරණ සිරිපා කඳු පාමුල පිහිටි පලාබද්දල විහාරස්ථානයේ ය.

එහෙත් 1934 වසරේ එවක ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය දැරූ සබරගමු ප්‍රභූ පරපුරකින් පැවැත එන සිඟිති එල්ලාවල බස්නායක නිලමේ තුමන් විසින් ගනු ලැබූ තීරණයක් අනුව එවක ශ්‍රීපාදස්ථාන භාරකාර මණ්ඩලය විසින් ශ්‍රීපාද සමයට එහි මළුවේ තැන්පත් කෙරෙන සමන් දේව ප්‍රතිමාව ආරක්ෂාව සඳහා ගල්පොත්තාවල රජ මහා විහාරයේ තැන්පත් කිරීමට තීරණය කරන ලද බව පැවසෙයි.

jhcd
ඒ සම්බන්ධ තවත් තොරතුරකට අනුව ශ්‍රීපාද වාරයට උඩ මළුවේ තැන්පත් කෙරෙන සමන් දේව ප්‍රතිමාව වර්ෂ 1752 සිට එහි අධිපති ධූරය හොබවන ලද භික්ෂුන් වහන්සේලා වැඩ වාසය කළ පලාපද්දල, පැල්මඩුල්ල සහ ගල්පොත්තාවල යන විහාරවල ශ්‍රී පාද අවාරයේ සමන් දේව ප්‍රතිමාව තැන්පත් කළ යුතු බවට සම්ප්‍රදායක් තිබී ඇත. එහෙත්,ඒවා බොහෝ විට තැන්පත් කොට තිබී ඇත්තේ ශ්‍රීපාදස්ථානය ආසන්නයේම පිහිටි පලාබද්දල විහාරයේ ය. එවක සෙසු විහාර හා ශ්‍රීපාදස්ථානය සම්බන්ධයෙන් පැවැති මාර්ග, ප්‍රවාහන අපහසුව ඊට බලපා තිබේ. නමුත් 1913 වසරේ ශ්‍රීපාද ස්ථානයේ අධිපති ධූරයට පත් වූ රඹුක්පොත පඤ්ඤාරාම නාහිමියන් 1934 අපවත් වීමෙන් පසු හටගත් පරිපාලනමය අර්බුදයක් මත එවක ශ්‍රී පාදස්ථානාධිපති හිමියන් ගේ නිල ආරාමය වූ පැල්මඩුල්ල,ගල්පොත්තාවල රජ මහා විහාරය සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ තැන්පත් කිරීම පිණිස සුදුසු නිත්‍ය ස්ථානය ලෙස යොදා ගෙන තිබේ.

ඒ අනුව ඉන් පසු සමන් දේව ප්‍රතිමාව ඇතුළු දේවාභරණ ශ්‍රීපාද සමයට උඩ මළුවට වැඩමවීම සහ ශ්‍රීපාද සමය අවසානයේ යළි ආපසු වැඩම කිරීම සම්බන්ධ ගල්පොත්තාවල රජ මහා විහාරය හා සබැදි පූජා චාරිත්‍ර සම්ප්‍රදායක් ගොඩනැගීම මත අදත් එය සමන් දෙවි හාමුදුරුවන් වැඩ සිටින පන්සල හෙවත් ශ්‍රී පාද පන්සල ලෙස ප්‍රකට වී තිබේ. පැල්මඩුල්ල බස් නැවතුමට මීටර් පන්සියයක් පමණ මෙපිටින් වමට හැරෙන විද්‍යාල මාවත ඔස්සේ ගමන් කිරීමෙන් මෙම සිද්ධස්ථානයට පිවිසිය හැක.

hdfec

jkzdfe

kzjkhdfje
සටහන සහ ඡායාරූප:

Renuka Damayanthi(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම - vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමන් දෙවියන් වැඩ සිටින පන්සලක් ගැන දන්නවද? - (රේණුකා දමයන්ති ගමගේ) | The Leader