The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාජන් අවුලක!

T

The Leader Desk

October 20, 2024 • 8:03 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සාජන් අවුලක!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මා දන්නා තරමින් නම්, ඔහු දෙන දෙයක් ලබාගත්තා මිස, කිසි දෙයක් ඉල්ලා ලබා නොගත්, අවංක, නීතිගරුක පොලිස් නිලධාරියෙකි.
  • “වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ මොකටද මා පොලීසියට එක්වුණේ” මගේ පොලිස් මිත්‍රයාට, විශාල කරදරයක් වී ඇති බව පැහැදිලිය.
  • මහත්තයා අපිට කියල තියෙන්නෙ, මහ මැතිවරණෙ ඉවර වෙනකල්, කට පරිස්සම් කර ගන්න කියලා” “මට නං හිතෙන්නෙ, මේ රටේ දේශපාලනඥයොයි, ආණ්ඩුවෙ ලොකු ලොකු නිලධාරිනුයි එකතුවෙලා ගහල තියෙන ගැහිලිවල හැටියට, රට බංකොලොත් වෙලා බේරුණා ඇති.
  • දැන් බැලින්නං බේත්වලටත් දාලනෙ.” මම කීවෙමි.
අකුරු ප්‍රමාණය (Font Size):

මා දන්නා තරමින් නම්, ඔහු දෙන දෙයක් ලබාගත්තා මිස, කිසි දෙයක් ඉල්ලා ලබා නොගත්, අවංක, නීතිගරුක පොලිස් නිලධාරියෙකි.

කලකට පසු මට ඔහු මුණගැසුණේ කුඩා හෝටලයකදීය. ප්ලේන්ටියට ඇඟිල්ලෙන් තට්ටු කරමින්, ඇසෙන නෑසෙන හඬින් ගීයක් මුමුණමින් සිටි නමුදු, ඔහුගේ මුහුණේ වූයේ දැඩි කනස්සලු ගතියකි.

“වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ

මොකටද මා පොලීසියට එක්වුණේ”

මගේ පොලිස් මිත්‍රයාට, විශාල කරදරයක් වී ඇති බව පැහැදිලිය.

මම ඔහු ඉදිරිපස අසුනේ හිඳගතිමි.

“මයිලේ... මොකද අප්සෙට් එකෙන් වගේ?”

“මොනවද මේ අහන්නෙ. මට දැන් ඉල්ලා අස්වෙන්ඩ හිතිල තියෙන්නෙ”

 

ෆයිල් එළියට දැම්මට ස්තුති. හැබැයි දේශපාලන අභියෝගය ගොඩක් ගැඹුරුයි - (මහේෂ්  හපුගොඩ)
“මොකක්ද කේස් එක!”

“අලුත් ජනාධිපති ආව විතරයි, එකපාරටම සුනාමියක් වගේ වැඩ එන්ඩ පටන් ගත්තනෙ. තමුසෙ ඇවිල්ල බලනවකො මගෙ මේසෙ උඩ ෆයිල් ගොඩ.. පරණ කේස්, ඔක්කොම ආපහු අදින්ඩ කියලනෙ.

“පහුගිය කාලෙ යටගහපුවා නේද...”

“ඔව් ඔව්... ඒ මදිවට, තැන් තැන්වල දාල තියෙන ආණ්ඩුවෙ අවභාවිත වාහන අල්ලන්නත් එපායැ”

 

රජයේ වාහන අවභාවිතය ගැන පරීක්ෂණයක්
“ඔව්.. බලාගෙන ගියාම, ආණ්ඩුවෙ වාහන භාවිතයට වඩා කරල තියෙන්නෙ අවභාවිතය නේද?”

“ඒවා ගරු අධිකරණයෙන් තීරණය කරන කල් මට මොකුත් කියන්න බෑ”

“ඒත් බැලූ බැල්මට පේනවනෙ, රටේ හැමතැනම වංචා දූෂණ වෙලා තියෙනව කියන එක... වාහන අවභාවිතය එක දෙයක් විතරයිනෙ.”

“ඕ.අයි.සී. මහත්තයා අපිට කියල තියෙන්නෙ, මහ මැතිවරණෙ ඉවර වෙනකල්, කට පරිස්සම් කර ගන්න කියලා”

 

රට තුළ මැතිවරණ නීතිය ක්‍රියාත්මකයි

“මට නං හිතෙන්නෙ, මේ රටේ දේශපාලනඥයොයි, ආණ්ඩුවෙ ලොකු ලොකු නිලධාරිනුයි එකතුවෙලා ගහල තියෙන ගැහිලිවල හැටියට, රට බංකොලොත් වෙලා බේරුණා ඇති. තව ටිකක් ගියා නං හැඳි ගෑවිලම යනවා.”

“අනේ මන්දා. මේ ඉලෙක්ෂන් ඉවරවෙන කල් නිදහසේ අඩියක්වත් ගහන්ඩ බෑ. කට වරදියි කියල බයයි.”

මයිලේගේ හඬ දුක් මුසුය.

 

බාල බෙහෙත් නිසා රෝගීන්ගෙන් සියයට 20ක් මළාට කමක් නැතිලු!
“ඉස්සර නං මුන් වතුර දැම්මෙ අරක්කුවලට විතරයිනෙ. දැන් බැලින්නං බේත්වලටත් දාලනෙ.”

මම කීවෙමි.

සාජන් මයිලේ, බියෙන් මෙන් වටපිට බැලුවේය.

“තමන් නීතිගරුක නං කිසිදේකට බය වෙන්ඩ ඕනෙ නෑ. රටක් හැදෙන්ඩ නං නීතිය හරියට ක්‍රියාත්මක වෙන්ඩ ඕනෙ.”

“මාත් බයේ ඉන්නෙ නීතිය ක්‍රියාත්මක වෙයි කියලා”

“ඒ මොකද?”

“පහුගිය දවස්වල, ආපු ඔත්තුවකට මම ගිහින් ගෙදරක ගරාජ් එකක තිබුණු වාහනයක් ඇල්ලුවා. පස්සෙ බැලින්නං ඒක, රට ගිහින් ඉන්න ලෝයර් කෙනෙක්ගෙ ප්‍රයිවට් වෙහිකල් එකක්. දැන් මිනිහ, මට නඩු දාන්ඩ යනවා.”

 

නීතිය අතට ගැනීම එකමුතු කම ද?
“කිසිදේකට බය වෙන්ඩ එපා මයිලේ. දැන් නීතියෙ දෙවඟන, තරාදිය හරියට අල්ලගෙන ඉන්නෙ.”

“ඉස්සර නං අපිට ඇමැතිතුමා හිටියා. ඕන දේකදි පිහිට වුණා. දැන් එයත් හිටපු ගමන්, තාවකාලිකව පැන්ෂන් ගත්තනෙ.”

“ඒ මොකද තාවකාලිකව?”

මම “නොදන්නා පාට්” එකෙන් ඇසුවෙමි.

“ආණ්ඩුව වැටුණොත්, ආයෙත් එන්න බලාගෙන ඉන්නෙ.”

“මම නං හිතන්නෙ, හුඟ දෙනෙක්ට විශ්‍රාම දිවිය ගත කරන්න වෙන්නෙ ගෙදර නෙවෙයි, හිරගෙදර.”

“අපි කොහොමද එහෙම කියන්නෙ. ඒවා ගරු අධිකරණය බලා ගනීවි”

සාජන් මයිලගස්දෙණිය, ඇස් ලොකු කර ගනිමින් යළිත් වටපිට බැලුවේය.

ටික වේලාවකින් පාර දෙසින් ඝෝෂාවක් ඇසුණි. සාජන්, කැෂියරය අසල සිටි වේටර්වරයකුට අඬගැසීය.

 

විශේෂාංග - Results from #1035
“මොකක්ද අයිසෙ ඒ සද්දෙ. නොමිනේෂන් දීපු කවුරු හරි පෙළපාලි යනවද? ඒව නීති විරෝධියි කියල මුන් දන්නෙ නැද්ද?”

සාජන් පැවසුවේ, පුටුව පසුපසට අදිමිනි.

“නෑ නෑ සර්, මේ පළාතේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් තාවකාලිකව විශ්‍රාම අරගත්ත එක ගැන සතුට පළ කරන්න, මිනිස්සු එකතු වෙලා.”

“සතුට පළ කිරීම, නීති විරෝධීද කියන්ඩ මං දන්නෙ නෑ. ඕ.අයි.සී. මහත්තයා ඒවා බලාගනී.”

සාජන්, ලේන්සුව ගෙන, මුහුණ පිසදා ගත්තේය.

“තාවකාලිකව විශ්‍රාම ගත්තම ජනතාවට ඔහොම සතුටු නං, කට්ටියම සම්පූර්ණයෙන් අභාවප්‍රාප්ත වුණු දාට, කොහොමට තියෙයිද?”

වේටර්ගේ මුවග නැගුණු, නක්කල් සිනාව දුටු, සාජන්, බිත්තිය දෙසට හැරී, සාමාන්‍ය කුණුහරුපයක් කීවේය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...