The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පලාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ කාර්ය කර්තව්‍ය හා භුමිකාව කුමක් ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

October 26, 2024 • 8:41 AM

පලාත් සභා ආණ්ඩුකාරවරුන්ගේ කාර්ය කර්තව්‍ය හා භුමිකාව කුමක් ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගැන කතිකාවතක් නැවත ඇරඹී ඇත.
  • එය වෙනස් වූයේ, එනම් ආණ්ඩුකාරවරයාට තම භූමිකාව වෙනස් කරන්නට සිදුවූයේ 2019 වර්ෂයේ පළාත් සභාවල නිළ කාළය අවසන්වී ධූරධාරීන් නොමැති තත්වයක් තුළ පළාත් සභාවල සමස්ථ කාර්‍යභාරය ආණ්ඩුකාරවරුන්ගේ කරපිට වැටීමත් සමගිනි.
  • දැන් අළුත් ආණ්ඩුකාරුන්ට (විශේෂ ගැටළුවක් නොවුනොත් ) වසර පහක්ම ඇත.
  • උපාය මාර්ගික සැලසුම් හදාගෙන ක්‍රියාත්මක කරන්නට එමගින් ආණ්ඩුකාරධූරයේ වැඩ පෙන්වන්නට හා 13 වන සංශෝධනය සැබෑ ප්‍රතිලාභ ජනතාවට ගෙනයන්නට විශිෂ්ඨ අවස්තාවක් එළඹී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

ගැන කතිකාවතක් නැවත ඇරඹී ඇත.

1987 පළාත් සභා ඇරඹූ පසු දිගින් දිගටම ප්‍රධාන අමත්‍යවරුන් සහ පළාත් අමාත්‍යවරු සිටි බැවින් ආණ්ඩුකාරවරයාගේ ක්‍රියාකාරිත්වය ගෞරවණීය තනතුරකට සීමාවී තිබුණි. එය වෙනස් වූයේ, එනම් ආණ්ඩුකාරවරයාට තම භූමිකාව වෙනස් කරන්නට සිදුවූයේ 2019 වර්ෂයේ පළාත් සභාවල නිළ කාළය අවසන්වී ධූරධාරීන් නොමැති තත්වයක් තුළ පළාත් සභාවල සමස්ථ කාර්‍යභාරය ආණ්ඩුකාරවරුන්ගේ කරපිට වැටීමත් සමගිනි.  අද පවතින්නේ ද එම තත්වයමය.

දැන් අළුත් ආණ්ඩුකාරුන්ට (විශේෂ ගැටළුවක් නොවුනොත් ) වසර පහක්ම ඇත. උපාය මාර්ගික සැලසුම් හදාගෙන ක්‍රියාත්මක කරන්නට එමගින් ආණ්ඩුකාරධූරයේ වැඩ පෙන්වන්නට හා 13 වන සංශෝධනය සැබෑ ප්‍රතිලාභ ජනතාවට ගෙනයන්නට විශිෂ්ඨ අවස්තාවක් එළඹී ඇත.

 

නව රජය පළාත් ආණ්ඩුකාරවරුන් පත් කිරීම

ආණ්ඩුකාරවරුන්ගේ මේ භූමිකාව හරියට කරන්නට කරගත යුතු කටයුතු කීපයකි. ඉන් පළමුවැන්න ධූරයේ නෛතික වපසරිය නිවැරදිව හඳුනාගැනීමයි. ඒ සඳහා මහා නීතිපොත් ගොඩක් පරිශීලනය කළයුතු නැත. ප්‍රධාන නීති මූළාශ්‍ර තුනක් පරිශිලනය කිරීම සෑහේ. ආණ්ඩුකාරවරයෙකුට බලය ලැබෙන්නේ මේ නීති මුලාශ්‍ර තුනෙනි.

1.⁠ ⁠13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය
2.⁠ ⁠⁠පළාත් සභා පනත සහ එහි සංශෝධන
3.⁠ ⁠⁠පළාත් සභා ආනුෂංගික විධිවිධාන පනත


මේ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන්ට ප්‍රමාණවත් දැනුවත් කිරීමක් කිරීමට ජනාධිපති කාර්යාලයට හෝ පළාත් සභා අමාත්‍යාංශයට පුලුවන.

 

51585641 2234803606737541 3568685358423998464 n ආණ්ඩුකාරවරයෙකුට බලය ලැබෙන්නේ මේ නීති මුලාශ්‍ර තුනෙනි.

පලාත් සභා ක්‍රමය හෝ පළාත් පාලනයේ අත්දැකීම් නොමැති වැඩිම පිරිසක් වත්මන් ආණ්ඩුව යටතේ පළමු වරට මෙම තනතුරට පත්ව ඇති බැවින්, මේ දැනුවත් කිරිම අතිශයින්ම වැදගත් ය.

මේ නීති මූලාශ්‍ර තුන හරියට අධ්‍යයනය කළවිට,  පළාත් සභාවලට දී ඇති බලයෙන් වැඩක් ගෙන තිබෙන්නේ කොතරම් අල්ප ක්ෂේත්‍ර කිහිපයකද යන්න පෙනීයනු ඇත.  ආණ්ඩුකාරවරුන් තම බල කේෂ්ත්‍රය පුළුල් කිරීම වෙනුවට, තමන්ට බලය ඇති කේෂ්ත්‍රයන් නිවැරදිව වටහා ගත යුතුව ඇත.

අනෙක් අතට, ආණ්ඩුකාරවරුන් තම බල කේෂ්ත්‍රය පුළුල් කර ගැනීමට උත්සහ දැරීම, මධ්‍ය රජය සමඟ ගැටුම් අති කර ගැනීමකි. ඊටත් වඩා, තමාට පැවරී ඇති අසීමිත වගකීම් අතපසු වීමට හේතුවකි.

 

Sri Lanka Customs issues notice regarding phytosanitary certificates 960x750පළාතේ මානව සම්පතෙන් ප්‍රයෝජන ගත යුතුය. හරි තනතුරට හරි නිළධාරීන් පත් කරගත යුතුය.

 

මෙහි ලා ප්‍රමුඛතම උදාහරණයක් සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට බලය පැවරුණු, පළාත් පාලනය වැනි විෂයයන් කෙරෙහි පළාත් සභාවල මැදිහත් විමේ ප්‍රමාණය ඉතාම අල්ප බව දැක්විය හැකිය. තරුණ කටයුතු, කාන්තා කටයුතු, රැකිරක්ෂා වැනි විෂයන්ට පළාත් සභාවල වාර්ෂික අයවැයෙන් ප්‍රමාණවත් වෙන් කිරීම් සිදුකිරීමවත් කර නැති බව හඳුනාගත හැකිය.  

පළාත් සභාවල ප්‍රතිපත්ති සකස් කළ යුත්තේ ජාතික ප්‍රතිපත්ති අනුයමිනි.

ඊලඟ පියවර ඒ පළාත් ප්‍රතිපත්ති සකස් කර ගැනීමයි. ඉතින් එයට පළාතේ මානව සම්පතෙන් ප්‍රයෝජන ගත යුතුය. හරි තනතුරට හරි නිළධාරීන් පත් කරගත යුතුය. මේ කටයුත්ත වේදනාකාරී විය හැකි නමුත් අපේක්ෂිත ප්‍රතිඵල ලබන්නට නම් කරන්නටම සිදුවෙන දෙයකි. තෝරාගත් කණ්ඩායමට පැහැදිළි ඉලක්ක ලබා දිය යුතුය.

කාර්‍යසාධනය ඇගයිය යුතුය. ඉලක්ක ලඟා කරගත නොහැකිවූවන්ගේ හේතු විමසිය යුතුය. ගැටළුව නිළධාරියාගේ නම් විකල්ප සොයාගත් යුතුය. ගැටළුව ප්‍රතිපත්තියේ නම් ප්‍රත්පත්ති සකස් කරදිය යුතුය. ගැටළුව සම්පත් නම් සම්පත් සපයා දීම මුදල් කොමිසමේ වගකීමකි.


464284034 949406653885622 5767004766228004078 nආණ්ඩුකාරවරුන්ගෙන් වැඩ ගන්නට රජයට ඇති උවමනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සතියේ ආණ්ඩුකාරවරුන්ගේ රැස්වීමේ දී පැහැදිලිවම පෙන්වා ඇත.  


ආණ්ඩුකාරවරුන්ගෙන් වැඩ ගන්නට රජයට ඇති උවමනාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය සතියේ ආණ්ඩුකාරවරුන්ගේ රැස්වීමේ දී පැහැදිලිවම පෙන්වා ඇත.  

මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ජනපතිවරුන් යටතේ නොතිබූ සුවිශේෂ අවස්ථාවක් වත්මන් ආණ්ඩුකාරවරුන්ට හිමිවී ඇත. එයට අළුත් බලතල උවමනා නැත. තිබෙන බලය ඕනෑවටත් වැඩිය. පළාත් සභාවල විශිෂ්ඨ හැකියාවන් සතු නිළධාරීන් ඕනෑ තරම් සිටින බව අත්දැකීමෙන් දකිමි.

අපූරු ආදර්ශයන් ලබාදෙන මට්ටමට (bench marks) සැකසුණු ආයතන වෙති. දකුණේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය නරඹන්නට ආරාධනය කරමි. පළාත් අතර මේ විශිෂ්ඨත්වයන් බෙදාහදා ගත යුතුය. පළාත් ආණ්ඩුකාරවරුනේ සංසදය භාවිතා කළ යුත්තේ එයටය. ප්‍රශ්න සාකච්ඡා කරන්නට පමණක් නොවේ. මෙරට පරිපාලන සේවයේ, ඒකාබද්ධ සේවාවල නිර්මාණාත්මක නිලධාරීන් වැඩිම පිරිසක් සිටින්නේ පළාත් සභාවල බව මම පසුගිය වසර දෙක තුල අත්දැකීමෙන් ම අවබෝධ කර ගතිමි.

 

830594f4c81c8ce6daed64b437c916a9 XL 1230x640 පරිපාලන සේවයේ, ඒකාබද්ධ සේවාවල නිර්මාණාත්මක නිලධාරීන් වැඩිම පිරිසක් සිටින්නේ පළාත් සභාවල බව මම පසුගිය වසර දෙක තුල අත්දැකීමෙන් ම අවබෝධ කර ගතිමි.

පළාත් ආණ්ඩුකාරවරුන්ගෙන් වැඩ ගන්නට මධ්‍යම රජයේ සහායත් අත්‍යවශ්‍යවේ. පළාත් සභා අමාත්‍යාංශයට විශාල භූමිකාවක් ඇත. කළමණාකරණ සේවා දෙපාර්තමේන්තුව පලාත් සභා දෙස බලන ඇස මෙන්ම අළුත් විය යුතු වෙනස් විය යුතු ඇස් බොහොමයක් පවතින බවද අවසන් වශයෙන් සටහන් කරමි.

වත්මන් ආණ්ඩුවට පළාත් සභාවලින් වැඩක් කරන්නට අවශ්‍ය බව, සුදානම් බව පැහැදිලිවම පෙනෙමින් තිබේ. ජනාධිපතිවරයා ආණ්ඩුකාරවරුන්ට ඒ බව පැහැදිලිව සන්නිවේදනය කර ඇත. එය විශිෂ්ඨ ප්‍රවේෂයකි.

පළාත් සභා ක්‍රමය රාජ්‍ය පාලනයේ 65% ක් හෝ එයට වැඩි ප්‍රමාණයක් කලමනාකරණය කරයි. එහි අසාර්ථකත්වය සමස්ථ රාජ්‍ය සේවයේ ම බිඳවැටීමකි. මුලින්ම, ආණ්ඩුකාරවරුන්ගේ වගකීම්, බලතල, හා කාර්ය පටිපාටිය ගැන ඔවුන්නට පැහැදිලි අවබෝධයක්, විධිමත් ආකාරයෙන් ලබාදිය යුතුව ඇත. එයට අවශ්‍ය තරම් සම්පත් රාජ්‍ය සේවය තුලම පවතී.


Rajith Keerthi
(රජිත් කීර්ති තෙන්නකෝන්)
දකුණ හා ඌව හිටපු ආණ්ඩුකාර

rajith_tennakoon@yahoo.com


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...