The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රතිඵලය මහ මැතිවරණයට කෙසේ බලපායි ද?

T

The Leader Desk

October 27, 2024 • 8:26 AM

ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රතිඵලය මහ මැතිවරණයට කෙසේ බලපායි ද?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාතික ජනබලවේගයට මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ, ජනාධිපතිවරණයෙන් අනතුරුව ලැබූ පළමු මැතිවරණ ජයග්‍රහණය වීම නිසාය.
  • ඇල්පිටිය පුංචි ඡන්දය පැවැත්වුණේ, නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයේ ඡන්ද උණුසුම මැදය.
  • ඡන්ද කොට්ඨාස මට්මින් සහ සමානුපාතික ක්‍රමයට පැවති මෙම මැතිවරණයේදී ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය.
  • සමගි ජනබලවේගය ආසන 6ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක් හිමිකර ගත්තේ ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ජාතික ජනබලවේගයට මෙය සුවිශේෂී ජයග්‍රහණයක් වන්නේ, ජනාධිපතිවරණයෙන් අනතුරුව ලැබූ පළමු මැතිවරණ ජයග්‍රහණය වීම නිසාය.

ඇල්පිටිය පුංචි ඡන්දය පැවැත්වුණේ, නොවැම්බර් මස 14 වැනිදා පැවැත්වීමට නියමිත මැතිවරණයේ ඡන්ද උණුසුම මැදය.

ඡන්ද කොට්ඨාස මට්මින් සහ සමානුපාතික ක්‍රමයට පැවති මෙම මැතිවරණයේදී ආසන 30කින් සමන්විත ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. සමගි ජනබලවේගය ආසන 6ක් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 3ක් හිමිකර ගත්තේ ය. ජනතා සන්ධානය සහ ස්වාධීන කණ්ඩායම ආසන 2 බැගින් දිනා ගත්තේය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා එක් ස්වාධීන කණ්ඩායමක් සහ දේශපාලන පක්ෂ 8ක් තරග කළහ.

ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ජනසෙත පෙරමුණ, සමගි ජනබලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් නිදහස් සන්ධානය, ජාතික ජනතා පක්ෂය, දෙවන පෙරමුණ එම පක්ෂ අතරට අයත් ය.

මහ මැතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමට දින 20කටත් අඩු කාලයක් තුළ පැවති මෙම මැතිවරණයේ ප්‍රතිඵලය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට කෙසේ බලපානු ලබයි ද?

ela
මේ ප්‍රතිඵලය මහ මැතිවරණයට බලපාන්නේ කෙසේ ද?

මැතිවරණ නිරීක්ෂකයින් පවසන්නේ, මෙම පුංචි ඡන්දයේ තීරණය මහ මැතිවරණයට විශාල බලපෑමක් නොකළද ජනාධිපතිවරණයේ තීරණය මහ මැතිවරණය කෙරෙහි සෘජුවම බලපාන බවය.

ජනාධිපතිවරණයට පෙර බොහෝ දෙනෙකු බලාපොරොත්තු වුයේ ඉදිරි මහා මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීමට නොහැකි ලෙස එල්ලෙන පාර්ලිමෙන්තුවක් නිර්මාණය විය හැකි බවට ය.

එහෙත්, ජනාධිපතිවරණයෙන් අනතුරව රටේ දේශපාලන වාතාවරණය මුළුමනින්ම පාහේ උඩුයටිකුරු වීමේ තත්ත්වයක් මෙව්න විට උත්ගත වී තිබේ.

පවුල් බලය පැවති, නම් දැරූ ප්‍රවීණ මන්ත්‍රීවරුන් සහ දීර්ඝ කලක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරු රැසක් ඉදිරි මහ මැතිවරණයට තරග නොකර ස්වයං විශ්‍රාම ගැනීමකට යොමු වී තිබේ.

ඒ අනුව විපක්ෂය තුළ දැඩි දේශපාලන රික්තකයක් මේවන විට නිර්මාණය වී ඇති අතර, පාර්ලිමේන්තුවේ සංයුතියට එය විශාල බලපෑමක් එල්ල කළ හැකිය.

“ප්‍රාදේශීය සභා මැතිවරණය තිබ්බත් නැතත්, ජනාධිපතිවරණයත් ඒකත් එක්ක හැදිච්චි වෙනස තාම තියෙනවා."

 

මැතිවරණය ගැන සැක ඇතිකර ගන්න එපා'!පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි
"ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පළාත් පාලන මැතිවරණයට බලපාන්න පුළුවන්. ළඟ ළඟ මැතිවරණ තියෙන කොට එක Flow එකකට යනවා.” නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පැවසුවේ, "සාමාන්‍යයෙන් පූර්වයෙන් පවතින මැතිවරණයේ ප්‍රවණතාවය, ඡන්ද දායක හැසිරීම සහ එහි අවසන් ප්‍රතිඵලය ඊළඟ මැතිවරණයට බලපානවා. කිසිවෙකුට කියන්න බැහැ ඒ මැතිවරණයේ ප්‍රතිඵලය අනිවාර්යෙන්ම ඊළඟ මැතිවරණයට බලනොපානවා කියලා."

“ඇල්පිටිය ප්‍රාදේශීය සභාව කවුරු දිනුවත්, ඒකේ ප්‍රතිඵලය පාර්ලිමේන්තු මැතිවරණයට බලපානවට වඩා වැඩි පරිමාණයකින් බලපානවා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය"

"ඇල්පිටියේ ප්‍රතිඵලය කවාරාකාර වුණාත් ඊට වඩා සිය ගුණයකින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව සිහිකරලා ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රවණාතාවක් ඇති. ඒක සාමාන්‍ය ස්වභාවය.” ඔහු පෙන්වා දුන්නේ ය.

දේශපාලන පක්ෂවලට මතක හිටින පාඩමක්…

 

ඇල්පිටියේ පුංචි ඡන්දය හෙට (26)
ඇල්පිටිය ප්‍රාදේශීව සභා මැතිවරණය පැවැත්වුණේ දිවයිනේ සෙසු සියළුම පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන්ව ඇති පසුබිමක ය. පළාත් පාලන මැතිවරණය 2023 වසරේදී පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබුවද, ඒ සඳහා අවශ්‍ය අරමුදල් රජය විසින් වෙන් නොකිරීම නිසා සැලසුම් කළ පරිදි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

එම පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් ඇතැම් අපේක්ෂකයින් මිය ගොස් ඇති අතර තවත් පිරිසක් විදෙස් ගතව තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය කැඳවන අවස්ථාවේ පැවති දේශපලන පක්ෂ හා සන්ධාන මේවන විට කැඩී ගොස් ඇත.

පසුගිය රජය විසින් දිගින් දිගටම ඡන්ද කල්දැමීමට ගත් තීරණය ඔවුන්ට විශාල පාඩමක් උගන්වා ඇතැයි, රෝහණ හෙට්ටිආරච්චි පැවසීය.

“දේශපාලන බලය ඉලක්කර ගෙන පළාත් පාලන මැතිවරණය උපහාසයට අපහාසයට ලක් කළා. එතකොට ඒගොල්ලන්ට ඉතිහාසයේ මතක හිටින පාඩමක් ඡන්ද දායකයෝ කියලා දීලා තියෙනවා. ඒ කරපු දේශපාලන තීන්දුව නිසා, ආණ්ඩුව මොකද්ද කිව්වේ සල්ලි නැහැ කිව්වා. සල්ලි තිබ්බත් ඡන්දය නැහැ කිව්වා. ජනාධිපතිවරණය වෙනකං පළාත් පාලන ඡන්දය තිබේබෙ නැහැ. දැන් මොකද්ද ප්‍රතිඵලය. ප්‍රතිඵලය දේශපාලන පක්ෂවලට මතක හිටින පාඩමක්.”

මැතිවරණ පැවැත්වීම ජනතාව ලැබූ ජයග්‍රහණයක්

manjula gajanayaka ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක
ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂක මංජුල ගජනායක පැවසුවේ, නැවත මැතිවරණ සමයක් පැමිණීම ප්‍රජාන්ත්‍රවාදය අතින් ඉතා වැදගත් පියවරක් බවය.

“ඡන්ද නැති කාලේක මරණාධාර සමිතියේ නිලයකට පත් කිරීමත් ප්‍රවණාවක් බවට පත් වෙනවා. දැන් මේක ඡන්ද තියන කාලයක් නිසා මේකත් යම් ප්‍රමාණයකට බලපායි.”

“මැතිවරණ කෝඩයක් තිබිලා නියඟයක් තිබිලා මැතිවරණ වැස්සක් දැන් වහින පටන් අරන් තියෙන්නේ. මේකේ පැහැදිලි කාරණය. මේකට වගකියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ.”

“ඔහු ඉතාම ශූර, චෞර පාලකයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා සඳහා . විශේෂයෙන් මැතිවරණ කල් දැමීම, මැතිවරණ නොපවත්වා බලයට පැමිණීමේ මංපෙත් හදා ගැනීම වගේ, නමුත් සෘජුව මැතිවරණයකට තරග කරලා ඒ ආශ්‍රයෙන් මහජන මතය උරගා බැලීමේ ශූරයක් නෙමේ.”

“මේ වෙලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් වල ප්‍රතිඵල මිසක් අන් කරක්වත් නෙමෙයි.”

“පළාත් පාලන ඡන්ද හැකි ඉක්මනින් පවත්වන්න ශ්‍රේෂ්ඨාධිකරණය තින්දුවක් ලබා දී තිබෙනවා.”

(BBC සිංහල සේවය)



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

ඇල්පිටිය පුංචි ඡන්දයේ ප්‍රතිඵලය මහ මැතිවරණයට කෙසේ බලපායි ද? | The Leader