The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

October 29, 2024 • 9:36 AM

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ආරම්භය ශ්‍රී ලංකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය (NPP ය) ලැබූ ජයග්‍රහණය රටේ දේශපාලන භූමිකාව වෙනස් කර තිබේ.
  • "අරගල" ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම වූ අධිකාරවාදී, ඥාති සංග්‍රහ වාදී සහ යුදවාදී ප්‍රවේශය වෙතින් ආණ්ඩුවත් රජයත් ඉවත්ව යනු ඇතැයි ඡන්දදායකයෝ අපේක්ෂා කරති.
  • අලුතෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රටේ දේශපාලන භාවිතාවේ මූලික වෙනසක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ජනයා බොහෝ දෙනෙක් තමාට ත්, සිය සන්ධානයට ත් ජනවරමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමිනි.
  • NPP ය විසින් ශ්‍රී ලංකාව අර්බුදයට ලක්ව තිබෙන, ණය බරින් පෙළෙන රටක සිට වඩාත් ස්ථාවර හා සාධාරණ සමාජයකින් සමන්විත රටක් බවට පත් කරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කෙරේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ආරම්භය

ශ්‍රී ලංකාවේ පසුගිය දා පැවති ජනාධිපතිවරණයෙන් ජාතික ජන බලවේගය (NPP ය) ලැබූ ජයග්‍රහණය රටේ දේශපාලන භූමිකාව වෙනස් කර තිබේ. එම ජයග්‍රහණය විසින් පාලනය ගැන නවක සහ මූලික ව වෙනස් ආකාරයේ ප්‍රවේශයක් පිළිබඳ අපේක්ෂාවක් ජනිත කොට තිබේ. "අරගල" ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීම වූ අධිකාරවාදී, ඥාති සංග්‍රහ වාදී සහ යුදවාදී ප්‍රවේශය වෙතින් ආණ්ඩුවත් රජයත් ඉවත්ව යනු ඇතැයි ඡන්දදායකයෝ අපේක්ෂා කරති. දූෂණයට, නාස්තියට සහ සම්පත් අවභාවිතාවට එරෙහිව සටන් කිරීම NPP ව්‍යාපාරයේ එක් ප්‍රධාන තේමාවක් වූ අතර එය "අරගල" ව්‍යාපාරය දල්වා ලූ තේමාවක් ද වූයේය.

 

ජනපති අනුර තනතුරු දෙන්නේ හිතවතුන්ට ද?'
අලුතෙන් තේරී පත් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ රටේ දේශපාලන භාවිතාවේ මූලික වෙනසක් ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා ජනයා බොහෝ දෙනෙක් තමාට ත්, සිය සන්ධානයට ත් ජනවරමක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරමිනි. NPP ය විසින් ශ්‍රී ලංකාව අර්බුදයට ලක්ව තිබෙන, ණය බරින් පෙළෙන රටක සිට වඩාත් ස්ථාවර හා සාධාරණ සමාජයකින් සමන්විත රටක් බවට පත් කරනු ඇතැයි දැඩි ලෙස අපේක්ෂා කෙරේ. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා රට කෙටි කාලීනව සහ දිගු කාලීනව ඇතැම් ඉලක්ක සපුරා ගත යුතුව ඇත.

 

පුවත් - Results from #390

ඉදිරියේ පත් කර ගන්නා පාර්ලිමේන්තුවේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම මගින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂව පෙනී සිටි NPP ය රජය ප්‍රජාතන්ත්‍රවාදී බවට පත් කිරීමට ද ප්‍රතිඥා දුන්නේය. ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අනෙක් ප්‍රගතිශීලී බලවේගය ජන අරගල සන්ධානය (PSA) යි. ඔවුන්ගේ ප්‍රචාරක තේමා අතර ප්‍රධාන වෙනසක් පැවතුනි; NPP ය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ එකඟ වී තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පැකේජය යලි සාකච්ඡාවට ලක් කරන්නට ප්‍රතිඥා දුන් අතර PSA සන්ධානය මුළු ගිවිසුම සහමුලින් ම අවලංගු කර දැමීමට බලාපොරොත්තු විය. එහෙත්, වික්‍රමසිංහ ජනාධිපති ධුරයට සහ පාලන ක්‍රමයට එරෙහිව කෙරුණ ප්‍රධාන සමාජ බලමුළු ගැන්වීම සිදු වූයේ NPP ය හා සමඟ යි. බොහෝ දෙනා විශ්වාස කළේ PSA සන්ධාන අපේක්ෂකයා NPP ය ට එරෙහිව තරඟ නොකළ යුතුව තිබුන බව යි; එසේ නැතහොත් අඩු වශයෙන් NPP අපේක්ෂකයාට සහය දක්වමින් PSA සන්ධාන අපේක්ෂකයා අවසාන මොහොතේ හෝ මැතිවරණයෙන් ඉවත් විය යුතුව තිබුන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය

 

මැතිවරණ කොමිසම නැති බිල්ලෙක් මවනවා' !
පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 14 වෙනිදා පැවැත්වේ. නව ජනාධිපතිවරයා සහ NPP ය විවේචනය කල විවිධ සංවිධාන සහ පුද්ගලයන් විසින් බොහෝ අනාවැකි ඉදිරිපත් කර තිබුනේ වුවද, ජනාධිපතිවරණයෙන් පසුව ගත වී තිබෙන සති හතරක කාලය තුළ සාමය පැතිර පැවතිණි. බොහෝ විරුද්ධවාදීන් අපේක්ෂා කළේ ප්‍රචණ්ඩකාරී සිදුවීම්, ඉන්ධන සහ ආහාර සඳහා මිනිසුන් පෝලිම් ගැසී සිටීම, ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ ජාත්‍යන්තරය තුළ රට හුදකලා බවට පත් වීම යි. මේ කිසිවක් මෙතෙක් සිදු වී නැත.



වෙනස්කම් ක්‍රියාවේ යෙදීම සඳහා තිබෙන ගම්‍යතාව සහ වේගය රඳා පවතිනු ඇත්තේ බොහෝ සාධක මත, එහෙත් ප්‍රධාන වශයෙන් ම, NPP අන්තර් වාර ආණ්ඩුව පූර්ව පාර්ලිමේන්තු මැතිවරණ කාලසීමාව අතරතුර ගන්නට කැමැත්තෙන් සිටින මහජන හිතවාදී පියවර මත සහ බෙදා වෙන් කොට තිබෙන ජන ප්‍රජාවන් එම පියවර වටහා ගන්නා අන්දම මත ය. මෙය සිදු වනු ඇත්තේ NPP යේ විරුද්ධවාදීන් විසින් සිදු කරනු ලබන බිය වැද්දීම්, මඩ ගැසීම් සහ වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම් ද ඇතුළු ව රහසිගත හා ප්‍රසිද්ධ බලවේග බොහොමයක් විසින් කරන්නට උත්සාහ දරනු ලබන බොහෝ උපා මාරුවලින් සමන්විත පරිසරයක ය. NPP යේ මැතිවරණ ප්‍රකාශනය සමාජවාදී සමාජයක් ගොඩනැගීම දෙසට යොමු වූවක් නොවේ. එය සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රකාශනයකි.

අවදානමට ලක් විය හැකි අයට ලබා දෙන සමාජ ප්‍රතිලාභ ශක්තිමත් කරන අතරේ ම, අපනයන දිශානතිය සහ තරගකාරීත්වය අතින් ශක්තිමත් කරන ලද නිෂ්පාදනය තුලින් ප්‍රකාශයට පත් වන ආර්ථිකයක් ගොඩ නැගීමට NPP ය ප්‍රතිඥා දී ඇත. මෙම තත්වයන් යටතේ, යුහුසුලු ව කටයුතු කිරීම NPP යට වාසිදායක වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කරති. කෙසේ වෙතත්, සමාජ පරිනාමණ කාල පරිච්ඡේදයක් අතරතුර ඕනෑම වාම බලමුළු ගැන්වීමක දී සිදු වන අන්දමට, NPP ය සිය සහයෝගිතා පදනම පුළුල් කර ගෙන ඇත්තේ පසුගිය වසර තුන තුළ දී යි.

 

The Leader | We Lead the Nation - Results from #6127

NPP යට එක් වූ නව ඡන්දදායකයින් සහ ක්‍රියාකාරියන්ගෙන් බහුතරයක් සමන්විත වන්නේ පෙර පැවති දූෂිත, අකාර්යක්ෂම සහ අක්‍රියාකාරී පාලන තන්ත්‍රවලට ඡන්දය දෙන ලද කලකිරීමට පත් ඡන්දදායකයින්ගෙනි. ජනාධිපතිවරණයට පෙර NPP කේඩරයේ පදනම කුඩා එකක් වෙන්නට ඇත. එබැවින්, ජයග්‍රාහී NPP යට ඉදිරියට ගමන් කරන්නට නම්, බොහෝ දුරට එම නව සාමාජිකයින් හා ක්‍රියාකාරීන් මත මෙන්ම පවතින රජයේ නිලධරය මත ද එයට රඳා පවතින්නට සිදු වනු ඇත. ඒ හා සමාන සමාජ පරිනාමණ බොහොමයකින් ඇතැම් ඒවා අසාර්ථක වූයේ මන්දැයි යන්න ජාත්‍යන්තර අත්දැකීම්වලින් පැහැදිලි වෙයි. එසේ වූයේ යථා දේශපාලනයේ පරීක්‍ෂාවට ලක් නොකෙරුනු සහ මතු විය හැකි අනපේක්ෂිත තත්ත්වයන් පිළිබඳව දැනුවත්ව නොසිටි සහ පරීක්ෂාකාරී නොවූ එවැනි පුද්ගලයන් මත විශ්වාසය තබා කටයුතු කිරීමට බොහෝ සෙයින් ඔවුන්ට සිදු වූ බැවිනි.

මේ අතින් ගත් විට, ජනාධිපතිවරණයේ දී ලබන ලද ජයග්‍රහණය පාර්ලිමේන්තු මැතිවරණයේ දී අත් කර ගන්නා ප්‍රතිඵලය විසින් දැවැන්ත අභියෝගයකට ලක් කරනවා ඇත. එළඹෙන කාල පරිච්ඡේදය NPP යේ ශ්‍රේණීන්ට අළුතෙන් එකතු වූ සියළු දෙනා ප්‍රායෝගිකව දේශපාලන ක්‍ෂේත්‍රය තුළ පරීක්‍ෂාවට ලක් කරමින් පමණටත් වඩා සුපරීක්ෂාකාරී ලෙස ගත කළ යුතු එකක් වෙනවා ඇත. එවැනි තත්වයන් යටතේ ආශ්චර්යයන් අපේක්ෂා කිරීම බොහෝ දුරට හාන්සි පුටු විප්ලවවාදීන් විසින් පරිකල්පනය කරනු ලබන සිහිනයක් වන්නේය.

 

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය - (සුමිත් චාමින්ද)
කෙසේ වෙතත්, "ක්‍රමය වෙනස් කර ලීමේ" අවසාන සාර්ථක ප්‍රතිඵලය රඳා පවතිනු ඇත්තේ සිවිල් සමාජයේ සක්‍රීය සහ ගතික සහභාගීත්වය මත යි. සාර්ථක ක්‍රම වෙනසක් සිදු කරන්නට නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ව්‍යාපාර මෙන්ම අන්තර්ග්‍රාහී සාකච්ඡා දිරිමත් කිරීම ත් ශක්තිමත් කිරීම ත් අවශ්‍ය වේ. වගකීම, වගවීම, පාරදෘශ්‍ය භාවය සහ අන්තර්ග්‍රාහිත්වය පිළිබඳව දෙන ලද ප්‍රතිඥා වෙත රජයක් බැඳ තබා ගත හැක්කේ ගතික සිවිල් සමාජයකට පමණි.

ජනාධිපතිවරණය සහ අනාගතය

 

ජාත්‍යන්තර දර්ශකයක : බරපතල තත්වයක් - ශ්‍රී ලංකාව ඍණ වේ !
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තිබුනේ වුවද, උග්‍ර වන මැදපෙරදිග ගැටුම, රුසියන්-යුක්‍රේන යුද්ධය සහ කොරියානු අර්ධද්වීපයේ, තායිවාන සමුද්‍ර සන්ධියේ, ඉන්දියානු උප මහාද්වීපයේ මෙන්ම වෙනත් තැන්වල වර්ධනය වන භූ-දේශපාලනික අවිනිශ්චිතතා වැනි අභියෝග රැසකට මුහුණ නොදී පහසුවෙන් ඉදිරියට ගමන් කරන්නට හිතකර පරිසරයක් ගෝලීය වර්ධනයන් විසින් ශ්‍රී ලංකාවට සපයා දෙන්නේ නැත. මූල්‍ය තැන්පත් කිරීම් අඩු වීම, ඉන්ධන සහ ආහාර වැනි ආනයන වියදම් ඉහළ යෑම යනාදිය හේතුවෙන් රටට විදේශ විනිමය ගලා ඒම කෙරෙහි මේ භූ දේශපාලනික අභියෝග බලපානවා ඇත. මහ බැංකුවට අනුව, වැඩි වැඩියෙන් දිගු කාලීන සෘජු විදේශ ආයෝජන ගලා ඒමට සැලැස්වීමෙන් හානිපූරණය කරන්නට කටයුතු නොකළහොත්, වැඩිවෙන ආනයන ඉල්ලුමත් මූල්‍ය ප්‍රතිපත්ති සහ ආනයන සීමාවනුත් යන දෙකම ලිහිල් කිරීම විසින් අගය ඉහළ නගින රුපියල කෙරෙහි බලපෑම් ඇති කළ හැකිය.

 

මේ සමාජයේ පාර්ලිමේන්තු පත් කරන්නේ රට හදන්න නෙවෙයි - (කුසල් පෙරේරා)

ශ්‍රී ලංකාව සමාජීය, ආර්ථික හා දේශපාලන වශයෙන් විනාශයට පත් කරන ලද පැරණි පාලක පැලැන්තියේ බොහෝ දෙනෙක් දේශපාලන භූමියෙන් ඉවත් ව ගොස් ඇති බව පෙනේ; කෙසේ වෙතත්, අවාසනාවකට, මෙය තාවකාලික විය හැකිය. ඔවුන් පසු බැස ගියද, ප්‍රධාන විපක්ෂ කණ්ඩායම්වල ජාතික ලැයිස්තු දක්වන අන්දමට පාර්ලිමේන්තුවට පත් කරන්නට ඔවුන්ගේ ප්‍රමුඛ මන්ත්‍රීවරුන් සමහරක් දෙනාගේ නම් යෝජනා කොට ප්‍රමුඛත්වය දී ඇත. ඔවුන්ගෙන් සමහරක් දේශපාලන අනුග්‍රහයෙන්, පවුල් සංග්‍රහයෙන් සහ ගජ මිතුරු සංග්‍රහයෙන් සමන්විත ක්‍රමයක් පෝෂණය කරන්නට විවෘත ව හා සෘජු ව දායක වී ඇත. ඔවුන්ගේ අනර්ථකාරී දේශපාලන න්‍යාය පත්‍ර යළි ක්‍රියාත්මක කරන්නට ඉඩ සලසා දෙමින් මීළඟ පාර්ලිමේන්තුවට ඔවුන් තේරී පත්වන බවට ඔවුහු දිගින් දිගටම වහසි බස් දොඩවති. එවැනි අනාවැකි තිබුනද, ඔවුන්ගේ ශ්‍රේණීන් අතරේ ගැට‍ළු ඇවිල තිබෙන බව පෙනෙන්නට තිබේ. එසේ වුවත්, ඡන්ද දායකයින් තම අපේක්ෂකයින් පිළිබඳව වඩාත් දැනුවත් විය යුතු අතර ඔවුන් නව පාර්ලිමේන්තුවට තෝරා පත් කර ගන්නේ කවුරුන්ද යන්න ගැනද සුපරීක්ෂාකාරී විය යුතුය.


lIONAL bOPAGE(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

2024 ඔක්තෝබර් 25 වන දා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...