The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

තමන්ගේම බෙහෙත් බොන්නට වීම - (එරන්ද ගිනිගේ)

T

The Leader Desk

October 29, 2024 • 4:28 PM

තමන්ගේම බෙහෙත් බොන්නට වීම - (එරන්ද ගිනිගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙන වෙදෙක්ට තමන්ගේම කසාය බොන්නට දීම වගේ.
  • ඇත්ත කතාව තමයි ආණ්ඩුවට සල්ලි නැහැ.
  • විදුලි බිල අඩු කරනවා කිව්වට කරගන්න බැහැ.
  • අනුර හරි නම් පැය 24 ම කරන්න ඕනා ලංකාවට අමතර ආදායම් ගේන්න හිස ගිනි ගත්ත මිනිහෙක් වගේ වැඩ කරන එක.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙන වෙදෙක්ට තමන්ගේම කසාය බොන්නට දීම වගේ. අනුරගේ ආණ්ඩුවටත් වෙලා තියෙන්නේ ඒක. විපක්ෂයේ ඉන්න කාලේ ගහපු ඔක්කොම ටෝක් කස්තිරම් ජල්ලි දැන් ඒ අයටම පාරාවළල්ලක් වෙලා එනවා. විජිත හේරත්ට හැමදාම උදේට මාධ්‍යයට ඇවිල්ලා ඒවාට උත්තර දෙන්න වෙලා. දෛවයේ සරදම කියන්නේ ඕකට තමයි.

ගෝඨාභයගේ කාලේ මතකද ඔය NPP ඔස්තාර්ලා පොළොවේ පස් කෑවා මුදල් අච්චු ගහනවා කියලා? අච්චරක් ගැහුවා… මෙච්චරක් ගැහුවා… කිය කිය ජනතාවට කිව්වා තව ටික දවසකින් පොල් ගෙඩියක් ගන්න කඩේ යනකොට සල්ලි ගෝනියක් ගෙනියන්න වෙයි කියලා. ලංකාවේ ඉන්නේ ආර්ථික විද්‍යා දැනුම තියා හරියට වැසිකිළියකට ගිහිල්ලා එන්නවත් දැනුමක් නැති නූගත් මෝඩ හැත්තක්. එවැනි අමු ගොබ්බ සමාජයකට රටක මුදල් පාලනය කරන හැටි ගැන කියලා දෙන්න බැහැ. දුන්නට වැඩක් නැහැ. ඒවා තේරුම් ගන්න තරම් දියුණු මනසක් උන්ට නැහැ.

4we53f
එදා ඒ විදිහට කියපු අයට අද ඒ කතාවම කැරකිලා ඇවිල්ලා. ඇත්ත කතාව තමයි ආණ්ඩුවට සල්ලි නැහැ. මෝඩ ජනතාවගෙන් හූරලා ගන්න බදු සල්ලිවලින් බාගයක් යනවා ණය පොලිය විතරක් ගෙවන්න. පරිප්පු ඇටේටත් වැඩිපුර බද්දක් ගහන්න වෙලා තියෙන්නේ ඒකයි. කුණු උම්බලකඩ කෑල්ලටත් බදු ගහන්න වෙලා තියෙන්නේ ඒකයි. හමුදාවට, ගුරුවරුන්ට සහ අනෙකුත් රාජ්‍ය සේවකයන්ට යම්තම් මාසේ පඩිය ගෙව්වට පස්සේ සල්ලි ඉතුරු වෙන්නේ නැහැ. අධ්‍යාපනයට සෞඛ්‍යයට හෝ වෙනත් සංවර්ධනයකට යොදවන්න සල්ලි නැහැ. මේක තමයි යහපාලන ආණ්ඩුවෙන් අටවපු උගුල. මේකෙන් ගැලවීමක් නැහැ. 2015 කරගත්ත ගොන්කමට රටේ හැමෝම තාමත් වන්දි ගෙවනවා. ඉදිරියටත් ගෙවනවා.

drw34
අනුරලට මේක විසඳන්න බැහැ. මොකද අනුරලා යන්නෙත් IMF පාරේ. ආපු ගමන් පඩි වැඩි කරනවා කිව්වට කරගන්න බැහැ. තෙල් මිල අඩු කරනවා කිව්වට කරගන්න බැහැ. විදුලි බිල අඩු කරනවා කිව්වට කරගන්න බැහැ. පාස්පෝට් පොත් ටික ගෙන්න ගන්න බැහැ. සල්ලි නැහැ. පොඩ්ඩ පොඩ්ඩ ගේන්නේ. ජනාධිපතිට හරි නම් මේ දවස්වල ලංකාව වටේ ඡන්ද රැස්වීම්වල කතා කර කර නාස්ති කරන්න කාලයක් නැහැ. ලංකාව වේගයෙන් ප්‍රපාතයට පෙරළෙමින් තිබෙන්නේ. අනුර හරි නම් පැය 24 ම කරන්න ඕනා ලංකාවට අමතර ආදායම් ගේන්න හිස ගිනි ගත්ත මිනිහෙක් වගේ වැඩ කරන එක. එයාට ඒක කරගන්න තේරෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන පරිණත නායකත්වය ඔහුට නැහැ. අත්දැකීම් නැහැ. පෞරුෂය නැහැ. ඒ සඳහා අවශ්‍ය කණ්ඩායම ඔහුට නැහැ.

මම නම් කියන්නේ මේක මෙහෙම වෙන්නම ඕනා. මේකට තමයි කර්ම-විපාක කියන්නේ. මේ රටේ ඉන්නේ නූගත් වනචර අහංකාර ගොබ්බ හැත්තක්. එවැනි ජනතාවකට කවදාවත් දියුණු වෙන්න බැහැ. ගෝඨාභය ක්‍රියාත්මක කළ දේශීය ආර්ථික යාන්ත්‍රණය විතරයි මේකට විසඳුම වුණේ. නමුත් ඒ අවස්ථාව අනුරලා විසින්ම විනාශ කළා. ඊනියා අරගලය නොකරන්න ලංකාව අද වේගයෙන් සංවර්ධනය වෙන රටක්. දැන් පරක්කු වැඩියි. රනිල් විසින් නැවත වතාවක් රට IMF උගුලේ හිර කළා. 2027 වෙනකොට තත්ත්වය ඉතාම දරුණු අතට හැරෙනවා. එතකල් ණය නොගෙවා මේ විදිහට ලෙව කාලා ඉන්න පුළුවන් වුණොත් ලොකු දෙයක්. මිනිස්සු රටින් යන්නේ ඒකයි. මාලිමාවට කතිරය ගහපු අයට මට කියන්න තියෙන්නේ ධර්මය ඔබට මග වේවා!

eranda. ginige(එරන්ද ගිනිගේ)
BSc. (Genetics), Ind., (MPM, Sp. Business Management), Aus.
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශක
eranda.ginige@gmail.com

2024 ඔක්තෝබර් 29

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

තමන්ගේම බෙහෙත් බොන්නට වීම - (එරන්ද ගිනිගේ) | The Leader