The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්! - (තිලක් සේනාසිංහ)

T

The Leader Desk

October 30, 2024 • 5:26 AM

සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්! - (තිලක් සේනාසිංහ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ අතර සතුන් සහ මිනිසුන් අතර සිදු වන කතා බස් පිළිබඳ කතා පුවත් ද අපි කොතෙකුත් අසා ඇත්තෙමු.
  • ඒ අනුව අප සිතා සිටියේ අප කුඩා කල ඇසූ සතුන් ගේ කතා බස් කිරීම් පිළිබඳ පුවත් අතීතයේ විවිධ පුද්ගලයන් විසින් අපට විවිධ ගුරුහරුකම් හා ආදර්ශ ලබාදීමට කෘත්‍රිම ලෙස ප්‍රබන්ධය කළ ඒවා බව ය.
  • සතුන් විසින් ඒ සඳහා ශබ්ද සේම ශරීරාංග චලනයන් මත පදනම්ව දේහ භාෂාව (Body language ) ඉතා සාර්ථක ලෙස භාවිතා කරන බව විද්‍යාඥයන් ගේ මතය වී තිබේ.
  • චාල්ස් හොකට් කීර්තිමත් ඇමරිකානු ජාතික මානව විද්‍යාඥ චාල්ස් හොකට් (Charles Hockett 1916-2000) ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇති පරිදි මිනිස් සන්නිවේදනය සහ සත්ව සන්නිවේදනය එකි`නෙකට වෙනස් මාධ්‍ය දෙකක් මත පැවැතීම නිසා මිනිසා තුළ මේ අනවබෝධය ඇතිව තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ අතර සතුන් සහ මිනිසුන් අතර සිදු වන කතා බස් පිළිබඳ කතා පුවත් ද අපි කොතෙකුත් අසා ඇත්තෙමු. ඒ අතුරින් දයානන්ද ගුණවර්ධන සූරීන් විසින් 1960 වසරේ නිපදවනු ලදුව තවමත් ජනප්‍රියත්වයේ ඉහළම මට්ටමක පවතින “නරි බෑණා” නාට්‍යයට පදනම් වූ “නරියා සහ ගම දුව’ සහ ‘කළ උපකාරය පස්සෙන් එළවීම’ වැනි ජන කතා මිනිස් සත්ව කතා බහ පිළිබඳව විස්තර කෙරෙන අතිශය ජනප්‍රිය ජන කතා බව නිසැක ය. 

 

“නරි බෑණා”
නමුත් වයසින් මුහුකුරා යත්ම ඒවා හුදෙක් මිනිසුන් විසින් ප්‍රබන්ධය කරන ලද ඒවා බවක් අපට වටහා ගත හැකි විය. ඒ අනුව අප සිතා සිටියේ අප කුඩා කල ඇසූ සතුන් ගේ කතා බස් කිරීම් පිළිබඳ පුවත් අතීතයේ විවිධ පුද්ගලයන් විසින් අපට විවිධ ගුරුහරුකම් හා ආදර්ශ ලබාදීමට කෘත්‍රිම ලෙස ප්‍රබන්ධය කළ ඒවා බව ය.

එහෙත්, මිනිසාගේ බුද්ධි පරිනාමයත් සමඟ අප දැරූ ඒ මතය යළි වෙනස් කර ගැනීමේ යුගය එළඹෙමින් තිබේ. ඒ  මිනිසුන්ට මෙන් සතුන්ට ද කතා කළ හැකි මේ වන විට විද්‍යාත්මකව අනාවරණය වෙමින් තිබීම නිසා ය.

communicating with animals e1550614989445 768x432

“අපට වගේම ඔවුන්ටත් කතාකරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ගේ හැගීම් ආවේග සියල්ල එළි දක්වන්න පුළුවන්. නමුත් ප්‍රශ්නය තිබෙන්නේ මිනිස් බුද්ධියට මේ දක්වා ඒ සත්ව කතා බහ තේරුම් ගැනීමට නොහැකි වීමයි”. ඒ සම්බන්ධයෙන් විවිධාකාර පර්යේෂණ සිදු කළ විද්‍යාඥයන් ගේ පොදු මතය වනුයේ එයයි. නමුත් මෙහි දී මිනිස් අපට සතුන් ගේ එම කතා බහ වටහා ගැනීමට නොහැකි ප්‍රධානතම හේතුවක් ද මේ වන විට අනාවරණය වෙමින් පවතී. එනම් සතුන් ගේ කතා මාධ්‍යය මිනිසුන් ගේ මෙන් භාෂාත්මකව සිදුවන්නක් නොවීම ය. සතුන් විසින් ඒ සඳහා ශබ්ද සේම ශරීරාංග චලනයන් මත පදනම්ව දේහ භාෂාව (Body language ) ඉතා සාර්ථක ලෙස භාවිතා කරන බව විද්‍යාඥයන් ගේ මතය වී තිබේ.

5c3a44c0 27d3 11ef a74e 9d61efed4dbb

Charles Francis Hockett 19162000චාල්ස් හොකට්
කීර්තිමත් ඇමරිකානු ජාතික මානව විද්‍යාඥ චාල්ස් හොකට් (Charles Hockett 1916-2000) ඇතුළු විද්වතුන් පෙන්වා දී ඇති පරිදි මිනිස් සන්නිවේදනය සහ සත්ව සන්නිවේදනය එකි`නෙකට වෙනස් මාධ්‍ය දෙකක් මත පැවැතීම නිසා මිනිසා තුළ මේ අනවබෝධය ඇතිව තිබේ. ඒ අතර හංගේරියානු- ඇමරිකානු වාග් විද්‍යාඥ තෝමස් ඒ සෙබෙක් (Thomas Sebeok1920-2001) පෙන්වා දී ඇත්තේ අප විසින් සන්නිවේදන කටයුතු සඳහා යොදා ගන්නා භාෂා මාධ්‍යය යොදා නොගැනීම මත සතුන්ට කතා කිරීමට නොහැකිය යන මතය ගෙන හැර දැක්වීම බරපතල අනුවණ කමක් බව ය.

thomas sebeokතෝමස් සෙබෙක්මෙහිදී සත්ව ලෝකයේ බොහෝ සත්ව විශේෂ තම වර්ගයා සඳහා අනතුරු සංඥා නිකුත් කිරීම පිණිස ඊට ආවේණික ධවනියකින් යුතු ශබ්ද භාවිතා කරන බවත් විවිධ කරුණු මත තම වර්ගයා කැඳවා ගැනීම පිණිස හා ලිංගික සන්නිවේදන සඳහා ඊට ඉඳුරාම වෙනස් ධවනියකින් යුතු ශබ්ද භාවිතා කරන බවත් අනාවරණය වී තිබේ. 

එමෙන්ම ක්ෂිරපායි, පක්ෂි, උරග, ආදී වන එක් එක් සත්ව වර්ගයාට පොදු සේම ඔවුන් ගේ විවිධ ප්‍රභේද අනුව වෙන් වූ දියුණු සන්නිවේදන රටා පවතින බව මේ වන විට අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධ තොරතුරු හා දත්ත එක් රැස් කිරීම් ද මේ වන විට ලොව පුරා ශීඝ්‍රයෙන් සිදු වේ. ඒ අතුරින් ස්කොට්ලන්තයේ ශාන්ත ඇන්ඩෲස් විශ්ව විද්‍යාලයේ චර්යාත්මක පරිසර විද්‍යාඥ ක්‍රිස්ටින් රූට්ස් (Christian Rutz ) ගේ පර්යේෂණ විශිෂ්ට මට්ටමක පවතී.

 

1660772909174

එමෙන්ම මෑතක දී මිනිස් සමාජයට හිමි වූ විශිෂ්ටතම මානව සම්පතක් වන කෘත්‍රිම බුද්ධිය (A.I-Artificial intelligence ) මගින් ද මෙම සත්ව සන්නිවේදනය සම්බන්ධයෙන් සාමාන්‍ය මිනිස් බුද්ධියට ග්‍රහණය කර ගත නොහැකි බොහෝ තොරතුරු උකහා ගැනීමට හැකිවීම සත්ව ලෝලීන්, සත්වවේදීන්, සත්ව විද්‍යාඥයන්, වාග් විද්‍යාඥයන් ආදීන් අත්පත් කරගත් සුවිසල් ජයග්‍රහණයක් බව නොකියාම බැරි ය.

ඇමරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයීය පර්යේෂක කණ්ඩායමක් විසින් හඳුන්වා දුන් සත්වාරක්ෂක සහ භාවිත වැඩ සටහන (Animal care and use program) ලොව නවීන සමාජය සත්ව හිමිකම් පිළිබඳව පළ කරන උනන්දුව හුවා දක්වන කැඩපතක් මෙනි. එහි පරීක්ෂණ, නිරීක්ෂණ සහ අධ්‍යයන කටයුතු වල දී සත්ව හිමිකම් සහ සුබ සාධන කටයුතු සම්බන්ධ ඉහළම අගැයුමක් ලබා දෙමින් විශිෂ්ඨත්වය හා දයානුකම්පාව මත පදනම් ව කටයුතු කළ යුතුය යන සම්මුතියේ පිහිටා කටයුතු කිරීම විශේෂත්වයකි.

 

TAFE NSW Animal 2

එහි දී  කෘත්‍රිම බුද්ධිමය මෘදුකාංග මගින් මෙතෙක් මිනිසා හමුවේ අනාවරණය නොවූ සත්ව ලෝකයේ රහස් අති විශාල සංඛ්‍යාවක් අනාවරණය කර ගැනීමේ හැකියාව හිමි ව තිබේ. එම මෘදුකාංගය මගින් ක්ෂිරපායී, උරග, පක්ෂි යන සත්ව කොට්ඨාශ වල සේම උරග හා මත්ස්‍ය යන සත්ව කොට්ඨාශ වල චර්යාත්මක සහ සන්නිවේදන හැකියාවන් සම්බන්ධයෙන් බොහෝ කරුණු අනාවරණය කර ගත හැකිවීම විශේෂත්වයකි. එහි දී ඔවුන් ඇතැම් අංශ වලින්  මිනිසුන්ට සිතා ගැනීමට වත් නොහැකි බුද්ධිමය පාරාසයනට හිමි කම් කියන බව අනාවරණය වී තිබේ. ඒ අතර පාරිසරික සංවේදීතාව ප්‍රධාන ය.

PHOTO 2024 10 30 10 06 58

නිදසුනක් ලෙස සුනඛාදී සතුන්ට තම හාම්පුතුන් පියවර හඬින් පවා හඳුනා ගත හැකි බව මේ වන විටත් ප්‍රසිද්ධ රහසකි. ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයන් පවසනුයේ මිනිසාට සුනඛයන් හඳුනා ගැනීමට ඇති හැකියාවට වඩා සුනඛයන්ට මිනිසුන් හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඇති බව ය. එමෙන්ම මිනිසුන් මිනිසුන් හඳුනා ගැනීමට යොදන සමාජයීය සාධක වැනි බාහිර කරුණු වලින් තොරව මිනිසුන් හඳුනා ගැනීම සම්බන්ධ වඩාත් නිවැරදි කුශලතාවයන් සමූහයක් සුනඛයන් තුළ පවතින බව ද මේ වන විට අනාවරණය වී තිබේ. එහි දී වඩාත් හොඳින් තහවුරු වූ අන්දමට කළ ගුණ සැලකීම අතින් ද සුනඛයා මිනිසා අභිබවන බවකි. මේ ඇතැම් බුද්ධිමය කටයුතු වල දී සුනඛයා මිනිසා ඉක්මවා යාමකි.

PHOTO 2024 10 30 10 34 44මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී සිටින කෙෂාල් ජයසිංහ

 

අද වන විට මෙම විද්‍යා තාක්ෂණික දියුණුව අප සමාජය වෙත යොමුව නැතත් අපට ඉතා ආසන්න ඉන්දියාවේ පවා සත්ව චර්යාව (Ethology) සහ සුනඛ වේදය (Cynology) යන විෂයන් එහි අධ්‍යාපන ධාරාවන්ට පවා එක්ව  ඇත. එමෙන්ම නූතන තරුණ පෙළ එම විෂයයන් සම්බන්ධ සුවිසල් උනන්දුවක් පළ කරන අතර සත්ව චර්යාවේදීන් වශයෙන් කටයුතු කිරීම ඉහළ ආදායමක් ලබා දෙන වෘත්තියක් ද වී තිබේ. 

 

Boa Constrictor and Python Care
විශේෂයෙන් සුනඛයන් සහ බළලුන් ඇති කරන්නවුන් මුහුණ දෙන එම සතුන්ට වැළඳෙන පශු වෛද්‍යමය නොවන කායික මානසික අර්බුද හමුවේ මෙම සත්ව චර්යාවේදීන් ගේ සහාය ලබා ගැනීමේ දී එම සතුන්ගේ ප්‍රශ්න ගැටලු අර්බුද ඔවුන් හා “කතා කොට” සාර්ථකව විසඳුම් දිය හැකි තරුණ වෘත්තික පරපුරක් මේ වන විටත් ලොව බොහෝ රටවල දක්නට ලැබෙන එක්තරා අතකින් අපට ද යම් සැනසුම්දායක පුවතකි. ඒ අනුව ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් ව ඇති එම ආයතන වලින් වෘත්තීය සුදුසු කම් ලබන්නවුන්ට සත්ව චර්යා වේදීන් වශයෙන් හොඳ ආදායම් ලද හැකි වෘත්තීනට පිවිසීමේ කදිම අවකාශයක් තිබේ. නමුත් අප දන්නා තරමින් අප රටේ එවන් එකම වෘත්තිකයකු වත් නැත.

මේ අතර සතුන් තුළ පවත්නා මේ සුවිශේෂ ගුණාංග අනාවරණය වන අතරේ ඇමරිකානු පශු වෛද්‍ය සංගමය (American veterinary medical association) සතුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී පිළිපැදිය යුතු කරුණු අටක් දක්වා තිබේ. සතුන් තුළ පවත්නා කායික මානසික අවශ්‍යතා නිසි ලෙස සංතෘප්ත කිරීම සතුන් ගේ බිය, දුක, වේදනාව ආදිය සම්බන්ධයෙන් නිරතුරු විමසිලිමත් ව ඒවා පහ කිරීමට කටයුතු යෙදීම මානව භාවිතයන් සඳහා සතුන් භාවිතා කිරීමේ දී ඒක පාර්ශවීය ලෙස කටයුතු නොකොට ඔවුන් ගේ සුබ සාධනය හා යහ පැපැවැත්ම පිළිබඳව විචාර පූර්වක වීම එම කරුණු අටට අයත් ය.

blog 7 1080x675

 

ලොව දියුණු රට වල එවන් තත්වයක් තිබිය දී සත්ව නිෂ්පාදන ක්‍රියාවලිය පදනම් ව දිගු කලක් තිස්සේ අප රටේ ලබා දෙන යල් පැනගිය පශු වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලා ද මේ කාලීන අවශ්‍යතා මත පදනම් ව යාවත් කාලීන නොවී දැන් වසර ගණනාවක් ඉක්ම ගොසිනි. එය අප සමාජයේ මානව සංවර්ධයය හමුවේ ඇති ලොකුම බාධාවක් බව ද නොකියාම බැරි ය .මෙවන් තත්වයක් යටතේ සත්ව චර්යාවේදය අප රට තුළ වෘත්තීය මට්ටමක් තෙක් ඉහළ නැංවීමේ සමාජමය අවශ්‍යතාව සපුරාලීම සඳහා ඒ සම්බන්ධ ඩිප්ලෝමා සහ මූලික උපාධි පාඨමාලා ඇරඹීම කෙරෙහි පෞද්ගලික අංශය හෝ යුහුසුළු විය යුතු ය.

WhatsApp Image 2024 02 13 at 4.20.58 PM(තිලක් සේනාසිංහ)

ගවේෂණාත්මක මාධ්‍යවේදී
thilaksenasinghe@gmail.com

(උපුටා ගැනීම- vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සතුන් ගේ කතා බහ තේරුම් ගත හැකි කාලය ඇවිත්! - (තිලක් සේනාසිංහ) | The Leader