අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ රාජකාරී ඉටු කිරීමේදී සුවිශේෂී දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරීන්ට සහ ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරඟයේ ජයග්‍රාහකයන්ට මුදල් ත්‍යාග හා පොලිස්පති ප්‍රශංසා ප්‍රධානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඒ බව කියා සිටියේය.
මෙරට තුල විශාල පරිවර්ථනයක් සිදු කරමින් 2023 දෙසැම්බර් මස 17 වන දින අරම්භ කල “යුක්තිය” මෙහෙයුම සියලු දෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් වූ බවත්, එය සාර්ථක ලෙස 178 වන දිනයද පසුකල බව ද පොලිසිය බාර ප්‍රධානියා සඳහන් කළේය.
යුක්තිය මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එක් ලක්ෂ තිස්අට දහස් එකසිය දහසයක් සහ ලැයිස්තුගත අපරාධ කල්ලි 91ක සාමාජිකයන් 965 ක් අතුරින් අපරාධකරුවන් 703 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව ද ඔහු පැවසීය.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාවේ එකමුතුකම තුලින් 2024 වර්ෂය අවසන් වන විට මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය මුළුමනින්ම අවසන් කරන බවත්, ඒ සඳහා ශ්‍රී ලංකා පොලීසියේ කාකි නිල ඇඳුම අඳින නිලධාරීන් වෙන කවරදාටත් වඩා තම උපරිම කැපවීමෙන් අවංකව ක්‍රියා කරන බවයි පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.
සුළු පිරිසක් හැර රටේ මහජනතාව ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි ඉමහත් බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියේය.
(චතුරංග මේදිස්)
2024 අවසන් වන විට මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම නිහඬ කරනවා - පොලිස්පති
T
The Leader Desk
June 13, 2024 • 3:54 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- 2024 වර්ෂය අවසන් වන විට මෙරටින් මත්ද්‍රව්‍ය සහ පාතාලය මුළුමනින්ම නිහඬ කරන බව පොලිස්පතිවරයා ප්‍රකාශ කර තිබේ.
- යුක්තිය මෙහෙයුමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් එක් ලක්ෂ තිස්අට දහස් එකසිය දහසයක් සහ ලැයිස්තුගත අපරාධ කල්ලි 91ක සාමාජිකයන් 965 ක් අතුරින් අපරාධකරුවන් 703 දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇති බව ද ඔහු පැවසීය.
- සුළු පිරිසක් හැර රටේ මහජනතාව ශ්‍රී ලංකා පොලීසිය කෙරෙහි ඉමහත් බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


