මැතිවරණ කොමිෂන් සභාවෙහි “මෙහෙවර” යටතේ වන ප්‍රතිඥා 08 න් දෙවැන්න
මැතිවරණ කොමිෂන් සභාව ඇත්තේ මැතිවරණ සංවිධානය කර පැවැත්වීමේ කාර්ය මෙහෙයවීමට නොවේ. කොමිසමෙහි “මෙහෙවර” වන්නේ, “ජනතා පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා සබැඳි ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන පරිදි නිදහස්, සාධාරණ හා විශ්වසනීය මැතිවරණ ක්‍රියාවලියක් කාර්යක්ෂමව හා සඵලතාවයෙන් යුතුව මෙහෙයවීම” ය. ඉන් කියන්නේ, මැතිවරණ පැවැත් විය යුත්තේ ජනතා විශ්වාසය දිනා ගනිමින් පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා බැඳුණු ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යැයි කියා ය.
කොමිසමෙහි එකී මෙහෙවර ඉටු කරන්නට එහි “වගවීම” ලෙස සඳහන් වන්නේ, “මැතිවරණ කොමිෂන් සභාව හා එහි නිලධාරීන් තමන් කරන කියන සියලු කටයුතු පිළිබඳ වගවීම, ඒ කටයුතුවල වගකීම් වලට බැඳීම, තමන් කරන කටයුතුවල ප්‍රතිඵල විනිවිද පෙනෙන ලෙස ප්‍රකාශයට පත් කිරීම” යනුවෙනි.
අවුරුදු 30 ට පසු 2024 ජනාධිපතිවරණයට ලියාපදිංචි දේශපාලන පක්ෂ 24 ක සහ ස්වාධීන අපේක්ෂකයින් 15 ක් තරග කළහ.මැතිවරණ කොමිසම පිළිගත් එම මෙහෙවරට හා වගවීමට අනුව ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම ආරක්ෂා කරමින් පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නම්, මැතිවරණ කොමිසම පළමුවෙන්ම සහතික කළ යුත්තේ ඔවුන් ලියාපදිංචි කරන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන් හා සම්ප්‍රදායන් තහවුරු කරන, සමාජයෙහි හමුවන ක්‍රියාකාරී පක්ෂ බවය. “ස්වාධීන” මැතිවරණ කොමිසම් නොතිබුණු කාලයේ පක්ෂ ලියාපදිංචි කිරීමේ එවැනි සීමා තිබුණි. 1947 පළමු මහ මැතිවරණයෙන් අවුරුදු 37 ට පසු 1994 නොවැම්බර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ දේශපාලන පක්ෂ 04 ක අපේක්ෂකයින් සහ ස්වාධීන අපේක්ෂකයින් 02 කු පමණි. ඉන් අවුරුදු 30 ට පසු 2024 ජනාධිපතිවරණයට ලියාපදිංචි දේශපාලන පක්ෂ 24 ක සහ ස්වාධීන අපේක්ෂකයින් 15 ක් තරග කළහ.
ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරන්නට පෙර අවම වසර 04 ක දේශපාලන ක්‍රියාකාරිත්වයක් පෙන්විය යුතු වූවත් ඒ කාලය තුල අහම්බෙන් හෝ මාධ්‍ය ප්‍රකාශයක්වත් නොකළ, රටේ පුරවැසියන් කිසිවකු අසා නොමැති පක්ෂ දුසිමක් හමාරක්, මැතිවරණ කොමිසම යටතේ ලියාපදිංචිකර ඇත. 2024 අගෝස්තු 27 වන දින වන විට ලියාපදිංචි දේශපාලන පක්ෂ 77 න් (ඊට අමතර 06 ක් අක්‍රීයකර ඇත) 40 ට වැඩි සංඛ්‍යාවක් නාම මාත්‍රික හිස් දේශපාලන පක්ෂ විය. ඒවා ලියාපදිංචි කර ඇත්තේ, ජනප්‍රිය පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත්කර ගැනීමට අවශ්‍ය ලෙස සකස් කර ගනු ලබන සහතික, බිල්පත් ඇතුලු ලිපි ගොනු ඉදිරිපත් කරන්නාක් මෙන් ලියාපදිංචියට අවශ්‍ය අයුරින් අයිතිකාරයින් විසින් සකසා ගෙන ඉදිරිපත් කරනු ලබන ලිපි ගොනු පිළිගැනීමෙනි.
ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරන්නට පෙර අවම වසර 04 ක දේශපාලන ක්‍රියාකාරිත්වයක් පෙන්විය යුතු වූවත් ඒ කාලය තුල අහම්බෙන් හෝ මාධ්‍ය ප්‍රකාශයක්වත් නොකළ, රටේ පුරවැසියන් කිසිවකු අසා නොමැති පක්ෂ දුසිමක් හමාරක්, මැතිවරණ කොමිසම යටතේ ලියාපදිංචිකර ඇතලිපි ගොනු එළෙසින් වූවත් “සෑම පිළිගත් දේශපාලන පක්ෂයක් විසින්ම වර්ෂයකට එක් වරක් හෝ ඒ පක්ෂයේ ව්‍යවස්ථාවෙහි නිශ්චිතව දැක්වෙන පරිදි මහ සභා රැස්වීමක් පැවැත්විය යුතුය. එම රැස්වීමෙහි අනුගමනය කළ යුතු කාර්ය පටිපාටිය, එම ව්‍යවස්ථාවේ නිශ්චිතව දක්වා තිබිය යුතුය” යනුවෙන් 2009 අංක 58 දරණ පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනතේ අංක 08(2) වගන්තියෙන් කරන්නාවූ නියමය පිළිපදින්නේ දැයි මැතිවරණ කොමිසම සොයා බලන්නේ නම්, ඔවුන්ගේ ලියාපදිංචි පක්ෂ ලේඛනය දෙකෙන් පංගුවකට අඩු විය හැක. ප්‍රධාන ධාරාවේ පක්ෂ පවා ප්‍රජාතන්ත්‍රීය කිරීමකට බඳුන් වනු ඇත. එවැනි කිසිදු නියාමනයක් පරීක්ෂණයක් සිදු නොවන හේතුවෙන් පිළිගත් දේශපාලන පක්ෂ බහුතරයක් “ලේබල් පක්ෂ” පමණි. එබැවින් මැතිවරණ ආසන්න වනවිට රුපියල් ලක්ෂ, කෝටි ගණනින් ලේබල් පක්ෂ අලෙවි කෙරෙන, ප්‍රජාතන්ත්‍ර විරෝධී දූෂිත ගනුදෙනු සඳහා මැතිවරණ කොමිසම වගකීම් බාර ගත යුතුව ඇත.

ඉකුත් ජනාධිපතිවරණ කිහිපයේදීම ලියාපදිංචි දේශපාලන පක්ෂයක් මුදලට ගැනීමට දුව පැන ඇවිද්ද අපේකෂකයෝ වූහ. “එක්සත් ලංකා පොදුජන පක්ෂයේ” අපේක්ෂකයා ලෙස මෙවර නාමයෝජනා බාර දුන් මෑත කාලයේ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ලෙස ආන්දෝලනාත්මක චරිතයක් වූ ජනක රත්නායක එවැන්නෙකි. ඔහු වෙනුවෙන් ඇප මුදල් තැනපත් කළ පසු නාම යෝජනා අත්සන් කිරීමට රුපියල් මිලියන 30 ක අල්ලසක් පක්ෂයේ ප්‍රධාන ලේකම් ඉල්ලා සිටියේ යැයි අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ ජනක රත්නායක ගේ කතාව, පක්ෂ මිලට ගැනීමේ කතා වලින් එකකි.
එවැනි දූෂිත ගනුදෙනු වලට ඉඩ තැබෙන පසුබිමක මැතිවරණ කොමිසම තම පරම වගකීම් පවා අවභාවිත කිරීමත් බරපතල ප්‍රශ්නයකි. බොහෝවිට එසේ කෙරෙන්නේ ඔවුන්ද දේශපාලන කොන්තරාත් බාර ගන්නා බැවිනි. එවන් කොන්තරාත්තුවක් වෙනුවෙන් ජනතාවගේ “පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා එක්වුනු ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම” සහමුලින් යටපත් කෙරුණු මැතිවරණ කොමිසමෙහි තීන්දුවක් වූයේ 2017 දී පළාත් සභා මැතිවරණ නොතියන්නට යහපාලන ආණ්ඩුවේ අගමැති වික්‍රමසිංහත් පොහොට්ටුවේ තීරක බලය හිමිව තිබූ බැසිල් රාජපක්ෂත් අතර වූ එකඟතාව, මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් මැතිවරණ කොමිසම විසින් ක්‍රියාත්මක කිරීම ය. අශෝක පීරිස්ගේ සභාපතිත්වයෙන් වූ මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණ කමිටුවද හවුල්ව අවුරුද්දකට වැඩි කාලයක් දිගු ඇද ගෙන ගිය එහි වාර්තාව හැදීම, පාර්ලිමේන්තු ක්‍රියාදාමය තුල සම්මත නොවන්නට අගමැති වික්‍රමසිංහ පියවර ගැනීමෙන් පළාත් සභා මැතිවරණ පනත සංශෝධනය කිරීමට නොහැකි විය. ඒ කාරණය හේතුවක් කර ගනිමින් කොමිසමෙහි සභාපති මහින්ද දේශප්‍රිය කියුවේ, පළාත් සභා පනත යථා පරිදි සංශෝධනය කෙරෙන තුරු මැතිවරණ කොමිසමට පළාත් සභා මැතිවරණය පැවැත් විය නොහැකි බවය.
ජනතාවගේ “පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා එක්වුනු ප්‍රජාතන්ත්‍රවාදී මූල ධර්ම” සහමුලින් යටපත් කෙරුණු මැතිවරණ කොමිසමෙහි තීන්දුවක් වූයේ 2017 දී පළාත් සභා මැතිවරණ නොතියන්නට යහපාලන ආණ්ඩුවේ අගමැති වික්‍රමසිංහත් පොහොට්ටුවේ තීරක බලය හිමිව තිබූ බැසිල් රාජපක්ෂත් අතර වූ එකඟතාව, මහින්ද දේශප්‍රියගේ සභාපතිත්වයෙන් මැතිවරණ කොමිසම විසින් ක්‍රියාත්මක කිරීම යමැතිවරණ කොමිසමෙහි එකී තීන්දුව නීති විරෝධී යැයි මා ප්‍රසිද්ධියේ කියා සිටියේ අර්ථකතන ආඥා පනතට අනුව, නව නීතියක් හෝ සංශෝධනයක් බලාත්මක කෙරෙන තෙක් පවතින නීතිය ඒ ආකාරයෙන්ම බලාත්මක වන්නේ යැයි සඳහන්වන බව පැහැදිලි කරමින්ය. ඉන් අර්ථ ගැන්වෙන්නේ, නීති සම්පාදනයේදී රික්තයක්, නීතියක් නොමැති හිස් අවකාශයක් සඳහා ඉඩ නැතැයි යන්න ය. අනෙක නම්, කවදා හදන නීතියක් දැයි කිව නොහැකි පාර්ලිමේන්තු කටයුතු දෙස බලා ගෙන, ජනතාවගේ ව්‍යවස්ථාගත පරමාධිපත්‍ය (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි පළමු පරිච්ඡෙදය - 03 වන අනු ව්‍යවස්ථාව) අත්හිටු වන්නට මැතිවරණ කොමිසමට කිසිදු බලයක් නොමැති වීමය. අද වෙන තෙක් මගේ අභියෝගයට පිළිතුරු දීමට මහින්ද දේශප්‍රිය ඉදිරිපත් නොවුනා සේම, අවුරුදු 07 ක පමණ කාලයක් නව නීති සම්පාදනයක්ද නොමැතිව පළාත් සභා අහෝසි වූ තත්ත්වයෙන්ම පවතී.
වත්මන් මැතිවරණ කොමිසමේද එවැනි පක්ෂග්‍රාහී ගති ලක්ෂණ පසුගිය ජනාධිපතිවරණය සමග අපි දුටුවෙමු. ත්‍රීරෝද රථවල ප්‍රචාරක දැන්වීම් අලවා ගෙන ධාවනය කිරීම තහනම් කෙරුණාට, මාලිමාවේ දැන්වීම් අලවා ගෙන මග තොට ගිය ත්‍රීරෝද රථවල අඩුවක් අපි නොදුටුවෙමු. අනෙක් බරපතලම පක්ෂග්‍රාහී තීන්දුව වූයේ මාධ්‍යවේදී එරික් ගාමිණි ජිනප්‍රිය විසින් රචිත “ජා.ජ.බ කතාව හා ජ.වි.පෙ ක්‍රියාව” නමින් වූ කෘතිය සැප්තැම්බර 04 වන දින දොරට වැඩුම තහනම් කිරීම ය. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති ඕනෑම රටක, මැතිවරණ යනු පක්ෂ අතර වන විවේචන, දොස් නැගීම් සහ ඒවාට පිළිතුරු දීම මගින් ජනතාවගේ ඡන්දය වෙත බලපෑම් කිරීම බැව් මැතිවරණ කොමිසමේ සාමාජිකයින් දැන සිටිය යුතු විය. මැතිවරණ ප්‍රචාරය සඳහා තමන්ගේ පක්ෂය අනෙක් පක්ෂ හා අපේක්ෂකයින්ට වඩා වැදගත්, දක්ෂ හා පිරිසිදු වන්නේ කෙසේදැයි කියන්නේ සන්සන්දනයක් ඇතිව ය. මැතිවරණ ව්‍යාපාරයකිදී එය පක්ෂ අතර පමණක් නොව, දේශපාලන මත දරන්නාවූ පුද්ගලයින් අතරත් සිදු වන්නකි. එබැවින් අයෙකු පුවත් පතකට ලියනු ඇත. තවත් අයෙකු 1977 මහ මැතිවරණයේදී ප්‍රසිද්ධියේ අලෙවි කළ “බණ්ඩාරනායක පවුල් ගස” වැනි පොත් පිංචක් ප්‍රසිද්ධ කළ හැක. තවත් අයෙකු සවිස්තරාත්මක කරුණු දැක්වීමක් ඇති කෘතියක් ප්‍රකාශයට පත් කළ හැක.
ත්‍රීරෝද රථවල ප්‍රචාරක දැන්වීම් අලවා ගෙන ධාවනය කිරීම තහනම් කෙරුණාට, මාලිමාවේ දැන්වීම් අලවා ගෙන මග තොට ගිය ත්‍රීරෝද රථවල අඩුවක් අපි නොදුටුවෙමු.මැතිවරණ ප්‍රචාරණයේ සමස්ථ ගතිකය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 03 වන පරිච්ඡේදයේ අනු ව්‍යවස්ථා 14.1(අ) යටතේ මූලික අයිතියක් ලෙස තහවුරු කර ඇති “භාෂණයේ නිදහස සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස” වන්නේය. ඒ මූලික මානව අයිතිය අහෝසි කරමින් “නිදහස් සාධාරණ” මැතිවරණ පැවැත් විය හැකි යැයි මැතිවරණ කොමිසම ඉගෙන ගත්තේ කොහෙන්දැයි නොදනිමි. කොහෙන් කාගෙන් ඉගෙන ගත්තත් මාධ්‍යවේදී ජිනප්‍රිය ගේ “ජා.ජ.බ කතාව හා ජ.වි.පෙ ක්‍රියාව” කෘතිය එළිදැක්වීම එදා තහනම් කරනු ලැබුවේ, ඉතාම පැහැදිලිව, මාළිමාවේ වාසිය වෙනුවෙනි.
ඡන්දදායකයාගේ ප්‍රධාන අයිතියක් උල්ලංඝණය කළ අනෙක් අවස්ථාව වන්නේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් කිරීමෙහි ය. පළමු ගණන් කිරීමේ පූර්ණප්‍රතිපල ප්‍රකාශ කිරීමකින් තොරව, දෙවන මනාපය ගණන් කර අවසන් ප්‍රතිපල නිකුත් කිරීම, බරපතල වරදකි. ජනාධිපතිවරණයක පළමු ගණන් කිරීමේ ප්‍රතිපල ඉතා වැදගත් හෙයින්ම එය දැන ගැනීමේ අයිතිය ඡන්දදායකයාට ඇත. ජයග්‍රහණය සඳහා අවශ්‍ය සියයට 50 ක් සහ තව එක ඡන්දයක් කිසිවකුට නැති බව, ඒ ගණන් කිරීමේ පූර්ණ විස්තර සමගින් පළමුව ප්‍රසිද්ධ කළ යුතුව තිබුණකි. අනතුරුව දෙවන මනාපය ගණන් කිරීම, ඒ බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කිරීමෙන් පසු ආරම්භ කළ යුතුව තිබුණකි. ඔවුන්ගේම “මෙහෙවර” යටතේ වන “සියලුම කටයුතු වලදී මැතිවරණ කොමිෂන් සභාව හා එහි නිලධාරීන් සත්‍යවාදී ලෙස, සාධාරණ ලෙස හා විවෘත ලෙස ක්‍රියා කරන බව” එළෙසින් ඔප්පු කළ යුතුව තිබුණත් එදින ඔවුන් සතු විය යුතු පාරදෘෂ්‍යභාවය එළිපිට අත්හැර දමනු ලැබිණ.
ඡන්දදායකයාගේ ප්‍රධාන අයිතියක් උල්ලංඝණය කළ අනෙක් අවස්ථාව වන්නේ පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිපල නිකුත් කිරීමෙහි ය.එබැවින් “මේ මැතිවරණ කොමිසම කාගේ දැයි” අසන ප්‍රශ්නයට, “මේ මැතිවරණ කොමිසම ජනතාවගේ” යැයි කිව හැකි අයුරු, සභාපති ඇතුළු කොමිසමේ සියලු සාමාජිකයින් හා නිලධාරීන් “සත්‍යවාදී ලෙස, සාධාරණ ලෙස හා විවෘත ලෙස ක්‍රියා කරන බවට” ඉදිරි දෙසතියෙහි සමාජය හමුවේ විශ්වාසයක් දිනා ගත යුතුව ඇත.
(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
kusal.perera@gmail.com



