The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : සූකර ගැසට්ටුව

T

The Leader Desk

November 3, 2024 • 9:29 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : සූකර ගැසට්ටුව

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සූකර උණ, වඳුරු උණ, මී උණ, ඩෙංගු ආදී වශයෙන් සතුන් ඇසුරින් හැදෙන ලෙඩරෝග ගැන දැන් දැන් වැඩි වැඩියෙන් අසන්නට ලැබේ.
  • මෑතකදී, සූකර උණට අදාළ, ගැසට්ටුවක්ද රජය මගින් නිකුත් කිරීමෙන් පෙනී යන්නේ තත්ත්වය එතරම් හොඳ නැති බවය.
  • තිරිසනුන්ගේ ලෙඩ හැදෙන්නට නම්, මිනිසා ද තිරිසන් වී සිටිය යුතු යැයි, සර්ව අශුභවාදියකු තර්ක කිරීමට ද ඉඩ ඇත.
  • අපට එය පිළිගැනීමට, අපගේ මිනිස් ආඩම්බරය ඉඩ නොදෙතත්, තිරිසන් වැඩ කරන මිනිසුන් නම් ලෝකයේ සිටින බව අසන, දකින පුවත් මගින් පෙනී යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

සූකර උණ, වඳුරු උණ, මී උණ, ඩෙංගු ආදී වශයෙන් සතුන් ඇසුරින් හැදෙන ලෙඩරෝග ගැන දැන් දැන් වැඩි වැඩියෙන් අසන්නට ලැබේ. මෑතකදී, සූකර උණට අදාළ, ගැසට්ටුවක්ද රජය මගින් නිකුත් කිරීමෙන් පෙනී යන්නේ තත්ත්වය එතරම් හොඳ නැති බවය.

තිරිසනුන්ගේ ලෙඩ හැදෙන්නට නම්, මිනිසා ද තිරිසන් වී සිටිය යුතු යැයි, සර්ව අශුභවාදියකු තර්ක කිරීමට ද ඉඩ ඇත. අපට එය පිළිගැනීමට, අපගේ මිනිස් ආඩම්බරය ඉඩ නොදෙතත්, තිරිසන් වැඩ කරන මිනිසුන් නම් ලෝකයේ සිටින බව අසන, දකින පුවත් මගින් පෙනී යයි.

 

“මේ වගේ වැඩ තිරිසනෙක්වත් කරන්නේ නැතැ”යි කියුමක්, ජනවහරේ යෙදෙන්නේ එහෙයිනි. එබඳු තත්වයක් තුළ, සතුන්ගෙන් පැතිරෙන රෝග, මිනිසුන් අතර පැතිර යාම, අර කියූ මිනිස් ආඩම්බරයට නම් විශාල කැළලකි.

ජීවත් වීම සඳහා කෑම බීම අවශ්‍යය. නමුදු, මිනිසා බොහෝ විට ලෙඩ වන්නේද කෑම බීම තුළිනි. ඇතැම් ආගමක ඌරු මස් කෑම තහනම්ය. (හලාල්ය.) තවත් ආගමක ගව මස් කෑම සාපයකි. ලැජ්ජාවට කරුණකි. බෞද්ධාගමේ මාංශ අනුභවයට තහනමක් නැතත්, නිර්මාංශික වීම උතුම් අහිංසාවාදී ප්‍රතිපත්තියක් ලෙස සැලකේ.

 

consuming crocodile meat can be dangerous for people with fish allergies 361801 960x540

හොඳ සංචාරකයකුට ඌරු හොටක් සහ බූරු පිටක් තිබිය යුතු යැයි, කියමනක් ඇත. ඉන් ඌරු හොටින් අදහස් වන්නේ, ලැබෙන ඕනෑම දෙයක් කෑමට සූදානමින් සිටිය යුතු බවය. බූරු පිටක් අවශ්‍ය වන්නේ, ඕනෑම තැනක, වැටී නිදා ගැනීමටය.

සංචාරක වෙබ් අඩවි පවත්වාගෙන යන ‘යූටියුබර්ස්’ ලා, විවිධ රටවල – විවිධ පළාත්වල ඇති කෑම බීම ආහාරයට ගන්නා අයුරු පෙන්වති. සර්පයන්, කිඹුලන්, වඳුරන් පමණක් නොව, අලි මස් හා බලු මස් ද ඒ කෑම අතර වෙයි.

 

භාරත රස සරණි - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
එක රටක ජනප්‍රිය කෑමක් තවත් රටකදී ජනප්‍රිය නැත. අපේ රටේ පානුයි පරිප්පුයි නැත්නම්, එය හෝටලයක් නොවේ. ඉන්දියාවේ, පාන් යනු දුර්ලභ කෑමකි. හැමතැනම පාන් නැත. ඒ වෙනුවට ඇත්තේ චපාති, තෝසෙ, නාන්, පූරි වැනි දෑය. ඉන්දියාවේදී ‘පාන්’ යන වචනයෙන් අදහස් වන්නේ, බුලත් විට විශේෂයකි. අපේ රටේ ද, බුලත් විට නැතුවම බැරි මිනිස්සු සිටිති. එහෙත් යුරෝපයට බුලත් කෑම අරහංය. විටක් කා පාරේ කෙළ පාරක් ගැසුවොත්, දඩක් ගෙවා, හිරේ යාමටත් සිදුවෙයි.

“ඌරු මස් සමඟ පොල් රොටී” සිරි ලංකාවේ මග දෙපස නිතර ඇස ගැසෙන පුවරුවකි. ඇතැම් තැනක නිකම්ම ඌරු මස් නොව වල් ඌරු මස්ය. එහෙත් මේ දිනවල නම්, ඊට ලැබෙන ප්‍රතිචාරය කෙසේදැයි නොදනිමු. එම පුවරු “සූකර උණ සමඟ පොල් රොටී” යැයි වෙනස් වුවහොත් පුදුම විය යුතු නැත.

අර්බුදයෙන් උපන් - අරගලයෙන් සරු කළ වීදි ආහාර සංස්කෘතිය -(ඉරෝෂිණී දීපිකා)

ඌරා, ජරාව කන සතකු යැයි පිළිගැනීමක් ඇත. ඌ, කසළ ශෝධකයෙකි. දේශපාලනඥයෝ ද ජරාව කති. ඒ ජරාවත්, ඌරන් කන ජරාවත් අතර වෙනසක් ඇත. ඌරා, ජරාව කන්නේ කුසගින්නටය. දේශපාලනඥයා ජරාව කන්නේ, තණ්හාවටය. එය නිකං කෑමක් නොව හොරා - කෑමකි.

ජරාව කෑ පළියට, ඌරාට සිදුවන විපතක් නැත. එහෙත්, ජරාව කා අසුවුවහොත්, දේශපාලනඥයාට සිදුවන්නේ, කල්දේරම් බත බුදීමටය.

image 08293267fa

 

ජරාව දුගඳය. ඒ නිසා, ජරාව කන අය යන යන තැන දුගඳ හමයි. සුදු වතින්වත්, සුවඳ පැනින්වත්, වායු සමීකරණයෙන්වත්, ඒ දුගඳ වසාගත නොහැක.

බැලූ බැල්මට ඌරා අහිංසක සතෙකි. එහෙත් ඌරු මසට ප්‍රිය කරන සමහරුනට පණ පිටින් සිටින ඌරා දුටු විටත් කටට කෙළ උනයි.

වල් ඌරා නම් වැඩකාරයෙකි. ඌට තබන වෙඩිල්ල වැරදුණොත්, වෙඩික්කාරයාට සොරි ඩොට්කොම්ය.

ඉංග්‍රීසියෙන් ඌරාට කියන්නේ “පිග්” වුවද, ආහාරයට ගන්නා විට, උගේ මස “පෝක්”ය. වතු බංගලාවක මුළුතැන්ගෙට, වල් ඌරකු කඩා වැදුණු විට, බියට පත් දමිළ කෝකියා පෙරියදොරේ හමුවට දිවගොස්, “දොරේ, දොරේ, දෙයාර් බිග් පෝක් ඉන්සයිඩ් ද කිචන්” යැයි කෑගැසුවේ එහෙයිනි.

 

fdarm
ජෝර්ජ් ඕවල් නමැති, සුප්‍රකට ඉංග්‍රිසි නවකතාකරුගේ “ඇනිමල් ෆාම්” කියවන්නකුට, ජරාව සෝදාගත් කල, ඌරා ද රජකමට සුදුසු යැයි සිතෙන්නට බැරි නැත.

මෙම නවකතාවේ එන සත්ව ගොවිපළේ සිටින සත්තු, ජෝන් නමැති එහි අයිතිකරු පලවා හැර පාලනය අතට ගනිති. ඒ අතුරින්, වැඩි බලය ලැබෙන්නේ ඌරන්ටය. උන් අතර සිටින නැපෝලියන් නම් ඌරෙක්, සැහැසි බල්ලන් කණ්ඩායමකගේ සහායෙන්, අනෙක් ඌරන් මැඩ, ඒකාධිපති පාලනයක් පිහිටුවා ගනී. මෙහිදී නැපෝලියන් නමැති ඒ ඌරා කළේ, ඌරගෙ මාළු ඌරගෙම පිට තබා කැපීමකි. (ඕවල්, සංකේතවත් කළේ සෝවියට් විප්ලවය පසුව විකෘති වූ ආකාරයයි.)

මේ දවස්වල ඌරු මස් ආහාරයට ගැනීම හොඳ නැද්ද?

 

සූකර උණ පැතිරීම ගැන, ඌරන් දෙආකාරයකින් සතුටු වනු ඇත. එක, ටික කාලයකටවත්, තම පණ බේරාගත හැකිවීම ගැනය. දෙක, මිනිසා සහ ඌරා අතර, සමානත්වයක් ඇතිවීම පිළිබඳවය. එහෙයින්, ‘සූකර උණ’ යන නම ඉවත් කර, ඊට වෙනත් නමක් යොදා, මනුෂ්‍යයාගේ ගෞරවය රැකදෙන මෙන්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප ඉල්ලා සිටිය යුතුය.

වැඩිදුරටත් පැහැදිලි කරනවා නම්,
ඌරා යුද්ධ කරන්නේ නැත.
ඌරා අනුන් සතු දෑ සොරා ගන්නේ ද නැත.
ඌරා, ගැහැනු සතුන් දූෂණය කරන්නේ ද නැත.
ඌරාට මඩ භූමි මිස නිජභූමි සංකල්පය ද නැත.
ඒ කෙසේ වෙතත්, ඌරා මිනිසාට වඩා පහත් සත්වයෙකි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk)


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...