The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා :තෙවන කොටස - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

November 5, 2024 • 10:42 AM

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා :තෙවන කොටස - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනාධිපතිවරයා සහ අන්තර් වාර අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගෙන ඇති බොහෝ ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව සතුටු වන බව පෙනේ.
  • එහෙත් කළ යුතු තවත් බොහෝ දේ ඇත.
  • එහි ආර්ථික ප්‍රතිපත්ති රාමුව ආරක්ෂණවාදී ආර්ථිකයක් ඇති කරන්නට අපේක්ෂා කරන බවට NPP ය වෙත මෑත දී කරන ලද චෝදනා ද පදනම් විරහිත ය.
  • ප්‍රායෝගික පාර්ලිමේන්තු බහුතරයක් ජනාධිපතිවරණයේ දී NPP ය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 3 සිට 42 දක්වා ඉහළ ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ජනාධිපතිවරයා සහ අන්තර් වාර අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගෙන ඇති බොහෝ ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාව සතුටු වන බව පෙනේ. එහෙත් කළ යුතු තවත් බොහෝ දේ ඇත. එහි ආර්ථික ප්‍රතිපත්ති රාමුව ආරක්ෂණවාදී ආර්ථිකයක් ඇති කරන්නට අපේක්ෂා කරන බවට NPP ය වෙත මෑත දී කරන ලද චෝදනා ද පදනම් විරහිත ය. ආහාර, බලශක්ති සහ ජල සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ආර්ථිකයක් ආරක්ෂණවාදී විය යුතු ම නැත. විවෘත යැයි කියනු ලබන බොහෝ සංවර්ධිත සහ නව ලිබරල් ආර්ථිකයන් එවැනි ආර්ථික උපාය මාර්ග වෙත යොමු වී තිබේ.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මත විශ්වාසය තැබීමෙන් රටට සහ ජනතාවට වර්තමාන බහු-අර්බුද තත්වයෙන් ගොඩ එන්නට ආධාර වේද යන්න ගැන අප සැලකිලිමත් විය යුතුය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දෙන විසඳුම දැඩි ප්‍රතිකාර ක්‍රමයක ස්වරූපය ගනියි. එනම්, ජාතික ආණ්ඩුවක් සතුව පවත්වා ගත යුතු ආර්ථික, ජාතික සහ සමාජීය වැදගත්කමක් සහිත වත්කම් සහ අනෙකුත් සම්පත් වැඩිදුරටත් පෞද්ගලීකරණය කිරීම මගින් ජාතික ආර්ථිකය තවදුරටත් ලිබරල් කරණය කිරීමයි. එවැනි ක්‍රියාමාර්ගවලට අනුකූල නොවීමෙන් ලෝකයේ බොහෝ කලාපවල ශීඝ්‍රයෙන් උත්සන්න වන බාහිර අභියෝග ආදී අවදානම්/අර්බුදකාරී අවස්ථාවල දී ජනතාවට අවශ්‍ය කරන ආරක්ෂාව ලබා දිය හැකිය.

ප්‍රායෝගික පාර්ලිමේන්තු බහුතරයක්

 

ජනාධිපතිවරණයේ දී NPP ය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 3 සිට 42 දක්වා ඉහළ ගියේය. ඡන්දදායකයින්ගෙන් සියයට 58 ක් NPP යට ඡන්දය නො දුන්හ.
ජනාධිපතිවරණයේ දී NPP ය ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 3 සිට 42 දක්වා ඉහළ ගියේය. ඡන්දදායකයින්ගෙන් සියයට 58 ක් NPP යට ඡන්දය නො දුන්හ. එසේ වුවද, මෙම ඡන්දදායකයින්ගෙන් අතිමහත් බහුතරය NPP යට සපුරා එරෙහි වූවන් බව මෙයින් කිසිසේත්ම නො හැඟේ. ශ්‍රී ලංකාවේ සිටියදී ජනාධිපතිවරණ සමයේ NPP යට ඡන්දය නොදුන් බොහෝ ඡන්දදායකයන් හමුවීමට අපට අවස්ථාව ලැබුනි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජනාධිපතිවරයා දැනටමත් ආරම්භ කර ඇති වැඩකටයුතු වෙත සහාය පළ කලහ. එහෙත් ඇතැමෙක් පැවසූයේ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී NPP යට පක්ෂව දේශපාලන තීන්දුවක් ගැනීමට තරම් තවම කල් වැඩි බව යි.

ජනාධිපතිවරණයේ දී NPP ට සහය දුන් අයගේ අපේක්ෂාව වන්නේ NPP යට පාර්ලිමේන්තුවේ ප්‍රබල නියෝජනයක් ලැබෙනු ඇති බවයි. මෙතෙක් දී ඇති මැතිවරණ ප්‍රතිඥා ඉටු කරන්නට සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව කටයුතු කරන්නට නම්, NPP යට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් තිබිය යුතුය. එසේ නැතහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු යෝජිත ව්‍යවස්ථාමය වෙනස්කම් කරන්නට සහය දක්වන හෝ ඊට ඉඩකඩ සලසන විපක්ෂයක් සිටිය යුතුය.


Pre 2021.07.12

 

ප්‍රධාන වශයෙන් රටේ මූල්‍ය කඩාවැටීමට මග පෑදූ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට සහ දූෂණය, නාස්තිය සහ අවපාලනය මැඩ ලන්නට කරන කිසියම් යෝජනාවකට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම බොහෝ තේරී පත් වූ මන්ත්‍රීවරුන්ට අතිශයින් දුෂ්කර වන හෙයින් මෙය ඉටු කර ගත නොහැකි කටයුත්තක් නොවිය හැකිය. අනෙක් අතට, පාර්ලිමේන්තුවේ NPP යට තුනෙන් දෙකක බහුතරයක් ලැබීම බණ්ඩාරනායක මැතිනිය, ජයවර්ධන මහතා සහ රාජපක්ෂ වරු බලයේ සිටි කාලයේ ඇති වූවා හා සමාන අන්දමින් විනාශකාරී තත්වයන්ට මඟ පෑදිය හැකි බවට ද මතයක් පවතී.


විධායක ජනාධිපති ධුරය

ඇමෙරිකාවේ හෝ ප්‍රංශයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද නව ජනාධිපතිවරයා රජයේ සහ ආණ්ඩුවේ ද ප්‍රධානියා වෙයි. ජනාධිපතිවරයාට විධායක නියෝග යොදා ගනිමින් රට පාලනය කිරීමට බලය තිබේ. කෙසේ වෙතත්, නව ප්‍රතිපත්ති රාමු සම්පාදනය කරන්නට සහ සුදුසු නීති පනවන්නට, විශේෂයෙන් අවශ්‍ය ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ කරන්නට සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට, NPP යට ව්‍යවස්ථාදායකය තුළ පුළුල් සහයෝගයක් අවශ්‍ය වේ.

 

parlimetපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ NPP ආණ්ඩුව සමඟ වැඩ කිරීමට හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත බහුතර විපක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක් තිබිය යුතුය.

NPP ය දැනට මුහුණ දී සිටින දේශපාලන අභියෝගය මෙයයි. ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා, එයට අවම වශයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් හෝ NPP ආණ්ඩුව සමඟ වැඩ කිරීමට හැකි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත බහුතර විපක්ෂයක් සහිත පාර්ලිමේන්තුවක් තිබිය යුතුය.

එළඹෙන මහ මැතිවරණයේ දී එබඳු තත්ත්වයක් ඇති නොවුවහොත්, අපට සහවාස ආණ්ඩුවක් සඳහා අවශ්‍ය වාතාවරණයක් පැවතිය හැකිය. එය වෙනස් දේශපාලන කණ්ඩායම් දෙකකට අයත් ජනාධිපතිවරයෙක් සහ අගමැතිවරයෙක් සහිතව 2015 දී ශ්‍රී ලංකාවේ පැවතියාක් මෙන් විය හැකිය. සැබැවින් ම එකිනෙකා ව යටපත් කර දමන්නට උත්සාහ කරමින් ඔවුහු, එකිනෙකට වෙනස් පුද්ගලික/දේශපාලන න්‍යාය පත්‍ර දෙකක් ක්‍රියාත්මක කිරීමට ප්‍රයත්න දැරූහ. බොහෝ දෙනාගේ බලාපොරොත්තු සහ ආශාවන් පැවතුන ද, එවැනි තත්වයක් තුළ සම්මුතියක් ගොඩනගා ගැනීම අතිශය වෙහෙසකර සහ උඩු ගං බලා යන කටයුත්තක් වනු ඇත.

 

images 9එළඹෙන මහ මැතිවරණයේ දී එබඳු තත්ත්වයක් ඇති නොවුවහොත්, අපට සහවාස ආණ්ඩුවක් සඳහා අවශ්‍ය වාතාවරණයක් පැවතිය හැකිය.
එසේ සිදු වුවහොත් එය විනාශකාරී තත්වයක් වනවා ඇත. මක්නිසාද යත්, ඡන්දදායකයින් අපේක්ෂා කරන, බොහෝ සෙයින් අවශ්‍ය ස්ථාවරත්වය, සමානාත්මතාවය සහ සමෘද්ධිය සාක්ෂාත් කර ගැනීම සඳහා NPP යට සිය දේශපාලන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බැවිනි. එතෙකුදු නොව, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පැවති ආණ්ඩු සිහි කරවන අකර්මණ්‍ය සහ ස්ථිතික ආණ්ඩුවක් කරා ශ්‍රී ලංකාව ආපසු ගමන් කරනවා ඇත.

ජාතික ප්‍රශ්නය වෙත NPP යේ ප්‍රවේශය

සිය මංගල කතාවේ දී ජාතික සමගිය සඳහා ආයාචනය කල ජනාධිපතිවරයා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරන අතරම වඩා පිරිසිදු දේශපාලනයක් සඳහා ප්‍රතිඥා දුන්නේය. කෙසේ වෙතත්, ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් දේශපාලනිකව කටයුතු කරන ආකාරය පිළිබඳව NPP ය පැහැදිලි සහ ස්ථිර ස්ථාවරයක් ප්‍රකාශයට පත් කර නොමැත. විවිධ කථිකයන් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඇතැම් වියවුල් සහගත ප්‍රකාශ කරන්නට මෙම තත්ත්වය හේතු වී ඇති බව පෙනේ.

92cddd174cf9540b324adb97f1c1267f XLජාතික සමගිය සඳහා ආයාචනය කල ජනාධිපතිවරයා යහපත් දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කටයුතු කරන අතරම වඩා පිරිසිදු දේශපාලනයක් සඳහා ප්‍රතිඥා දුන්නේය.
මෙම අවාසනාවන්ත තත්ත්වයන් මධ්‍යයේ වුවද, ජාතික ප්‍රශ්නය විසින් මතු කර ඇති ගැටලු විසඳා ලීමේ දී උපදේශන සහ සහභාගීත්ව ප්‍රජාතන්ත්‍රවාදය වෙත යොමු වන බවට NPP යේ පැවති ස්ථාවරයේ රැඳී සිටින බව පෙනේ. අන්තර්ග්‍රාහී, සහභාගිත්වවාදී සහ උපදේශනාත්මක ප්‍රවේශයක් වෙතින් සිදු කරන ඕනෑම බැහැර වීමක් විසින් නැවත වරක් ප්‍රජාවන් එකිනෙකාට එරෙහිව එදිරිවාදී කරවන ක්‍රියාවලියකට මඟ පාදනවා ඇත.

වෙනම දෙමළ ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම වෙනුවෙන් පෙනී සිටි දෙමළ සටන්කාමිත්වය යුදමය වශයෙන් පරාජය කරනු ලැබුව ද දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ට බලපාන ප්‍රශ්නවලට දේශපාලනික වශයෙන් මෙතෙක් විසඳුම් ලබා දී නැත. මේ ප්‍රශ්නවලට එම ප්‍රජාවන් මුහුණ දෙන්නේ හුදෙක් ඔවුන් බහුතරය වන ප්‍රජාවන්ගේ කොටසක් නොවන නිසාය.


එක්සත් ජනපදයේ සිට පැරණි සෝවියට් සංගමය සහ රුසියාව ඇතුළු බොහෝ රටවල ජගත් ඉතිහාසය අත්දැක ඇත්තේ ඒ රටවල වසන බහුතරයට අයත් නොවන ජන කොටස්වලට අදාල ජාතික අනන්‍යතාවය හා සම්බන්ධ ගැට‍ළු හුදු ආර්ථික සංවර්ධනයක් විසින් ආමන්ත්‍රණය නොකරන ලද ඛේදජනක අවස්ථා බොහොමයකි.

සමාජවාදී වුවත් නැතත් සරල ආර්ථික සංවර්ධනය විසින් ලෝකයේ කොතැනකවත් මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් ලබා දී නොමැත.

සංසන්දනාත්මක ව ගත් විට, ලබාගත් ඡන්ද සංඛ්‍යාව අනුව NPP ය දෙමළ කතා කරන ජනතාවගෙන් ජනාධිපතිවරණයේ දී තරමක හොඳ ප්‍රතිචාරයක් ලබා ඇත.

 

ranil sajith දෙමළ කතා කරන ඡන්දදායකයින්ගෙන් (ITAK සහාය ලැබූ) සජබ නායකයා සහ හිටපු ජනාධිපතිවරයා යන දෙදෙනාට ම ඊටත් වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබේ.
කෙසේ වෙතත්, දෙමළ කතා කරන ඡන්දදායකයින්ගෙන් (ITAK සහාය ලැබූ) සජබ නායකයා සහ හිටපු ජනාධිපතිවරයා යන දෙදෙනාට ම ඊටත් වඩා හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබේ. මෙසේ සිදුව ඇත්තේ අතීතයේ බලයේ සිටි කාලවල දී ඔවුන් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් දෙමළ ජන ප්‍රජාවන්ට කර ඇති සැබෑ හානිය පවා නොතකා ය.

කෙසේ වෙතත්, NPP ය විවිධ දේශපාලන කුමන්ත්‍රණ කරුවන්ගේ කූටෝපායයන්ට හසු නොවනු ඇතැයි ද, පසුගිය වසර හැත්තෑ හයක කාලය තුළ පසුගිය ආණ්ඩු කළ ආකාරයට කටයුතු නොකරනු ඇතැයි ද යන ප්‍රාර්ථනාවන් සහිතව අපි දිවි ගෙවමු. ඒ බලාපොරොත්තුව යථාවක් කර ගත හැක්කේ සිවිල් සමාජය නොකඩවා සක්‍රීය ලෙස හා ගතික ලෙස කටයුතු කරමින්, NPP ය විසින් ශ්‍රී ලංකාවේ බහුවිධ ඡන්ද දායකත්වය වෙත දෙන ලද පොරොන්දු ඔවුන්ට යලි යලිත් මතක් කර දෙමින්, ඔවුන් දී තිබෙන ඒ පොරොන්දු වලට අනුව වග කීමෙන් හා වග වීමෙන් යුක්තව කටයුතු කරන්නට සැලැස්සීමෙන් ම පමණකි.

සබැඳි ලිපි :
ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : දෙවන කොටස - (ලයනල් බෝපගේ)

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා - (ලයනල් බෝපගේ)


lIONAL bOPAGE
(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

 


2024 ඔක්තෝබර් 31 වන දා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...