The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කතුන්ට හිජාබය අනිවාර්ය කළ ඉරානයේ යට ඇඳුම් පිටින් එළියට ආ තරුණිය

T

The Leader Desk

November 6, 2024 • 7:02 AM

කතුන්ට හිජාබය අනිවාර්ය කළ ඉරානයේ යට ඇඳුම් පිටින් එළියට ආ තරුණිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජාත්‍යන්තර වශයෙන් පවා ඉමහත් කීර්තියක් උසුලන ගල්ෆ් කලාපයේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක් වන ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබ මොබ ගිය තරුණිය පිළිබඳ පුවත මේ වන විට ලොව පුරා පියාපත් සළමින් ඉගිළ යමින් තිබේ.
  • ඒ අතර ඇය මේ වන විට බලහත්කාරී ලෙස අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇයව වහා නිදහස් කරන ලෙස ඉරාන රජයෙන් ඉල්ලා සිටින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද ප්‍රකාශ කොට තිබේ.
  • ඉරාන ජාතික ශිෂ්‍යාවක බව පැවසෙන ඇය එම විශ්ව විද්‍යාලයේ ඇඳුම් පිළිබඳ අන්තගාමී නීතිවලට විරෝධය පෑමට එලෙස ඇඳුම් ගලවා විශ්ව විද්‍යාල භූමියේ යට ඇඳුමෙන් සැරිසැරූ බවට ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් සහ ශිෂ්‍ය කණ්ඩායම් වෙතින් තොරතුරු ප්‍රකාශ වෙමින් තිබේ.
  • ඇය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අයත් බසීජ් නම් සන්නද්ධ කණ්ඩායමේ හිරිහැර වලට ලක්ව ඔවුන් විසින් ඇයගේ ඇඳුම් ඉරා දමා ඇති අතර ඉන් හටගත් කම්පනය මත ඇය මෙසේ හැසිරී ඇති බව ඉන් එක් අදහසකි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඉස්ලාමීය නීතියට අනුව හිජාබයකින් හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දෙමින්; සමාජ මාධ්‍යවලින් පවා හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයන් සඳහා අනිවාර්ය සිර දඬුවමක් නියම කෙරෙන ඉරානයේ පසුගිය නොවැම්බර් 02 වන දා සිදු වූ එබඳු සිදුවීමක් වෙත මේ වන විට ලෝක අවධානය යොමු වී ඇත.

ජාත්‍යන්තර වශයෙන් පවා ඉමහත් කීර්තියක් උසුලන ගල්ෆ් කලාපයේ ප්‍රමුඛතම අධ්‍යාපන නිකේතනයක් වන ටෙහෙරානයේ ඉස්ලාමික් අසාද් විශ්ව විද්‍යාල පරිශ්‍රයේ දී සිය ඇඳුම් ගලවා යට ඇඳුමෙන් ඔබ මොබ ගිය තරුණිය පිළිබඳ පුවත මේ වන විට ලොව පුරා පියාපත් සළමින් ඉගිළ යමින් තිබේ. ඒ අතර ඇය මේ වන විට බලහත්කාරී ලෙස අත් අඩංගුවට ගෙන ඇති බවත් ඇයව වහා නිදහස් කරන ලෙස ඉරාන රජයෙන් ඉල්ලා සිටින බවත් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ද ප්‍රකාශ කොට තිබේ.

 

ඉස්ලාමීය නීතියට අනුව හිජාබයකින් හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දෙමින්; සමාජ මාධ්‍යවලින් පවා හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයන් සඳහා අනිවාර්ය සිර දඬුවමක් නියම කෙරෙන ඉරානයේ

ඉරානයේ ඉස්ලාමීය කාන්තා ඇඳුම් පිළිබඳ නීති රීති සුනු විසුණු කොට මෙම තරුණිය යට ඇඳුමෙන් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ සිටින අයුරු දැක්වෙන වීඩියෝ විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ. ඉරාන ජාතික ශිෂ්‍යාවක බව පැවසෙන ඇය එම විශ්ව විද්‍යාලයේ ඇඳුම් පිළිබඳ අන්තගාමී නීතිවලට විරෝධය පෑමට එලෙස ඇඳුම් ගලවා විශ්ව විද්‍යාල භූමියේ යට ඇඳුමෙන් සැරිසැරූ බවට ඇතැම් මානව හිමිකම් කණ්ඩායම් සහ ශිෂ්‍ය කණ්ඩායම් වෙතින් තොරතුරු ප්‍රකාශ වෙමින් තිබේ.

නමුත් මෙම තරුණියගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ඊට ඉඳුරාම වෙනස් තොරතුරු ද පළවෙමින් පවතී. ඇය ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අයත් බසීජ් නම් සන්නද්ධ කණ්ඩායමේ හිරිහැර වලට ලක්ව ඔවුන් විසින් ඇයගේ ඇඳුම් ඉරා දමා ඇති අතර ඉන් හටගත් කම්පනය මත ඇය මෙසේ හැසිරී ඇති බව ඉන් එක් අදහසකි.

කෙසේ නමුත් විශ්ව විද්‍යාල පාලන අධිකාරිය ප්‍රකාශ කරනුයේ මෙම තරුණිය කිසියම් මානසික අබාධයකින් පෙළෙන්නියක් බවයි. එහෙත්, ඇය තුළ එවැනි තත්වයක් පැවති බවට පූර්ව වාර්තා ද නැත.

 2cbb0c81 6dd7 4cc5 a96e 445aed3a32c2 w408 r1මෙම තරුණිය ටෙහෙරානයේ ඉස්ලාමීය අසාද් විශ්ව විද්‍යාලයේ විද්‍යා හා පර්යේෂණ ශාඛාවේ පදික වේදිකාවක් දිගේ සිය යට ඇඳුමින් සැරසී ගමන් කරන අයුරු

සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක් සහ මානව අයිතිවාසිකම් සමූහයක් වන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් විසින් බෙදා ගන්නා ලද වීඩියෝවක දැක්වෙන්නේ මෙම තරුණිය ටෙහෙරානයේ ඉස්ලාමීය අසාද් විශ්ව විද්‍යාලයේ විද්‍යා හා පර්යේෂණ ශාඛාවේ පදික වේදිකාවක් දිගේ සිය යට ඇඳුමින් සැරසී ගමන් කරන, එහි පඩිපෙළක වාඩි වී සන්සුන්ව ගමන් කරන අයුරු හා ඇගේ යට ඇඳුම හිසකෙස් වලින් වසාගෙන වාඩි වී සිටින ආකාරයයි.

එමෙන්ම එම පරිශ්‍රය වටා සැරිසැරීමට පෙර ඇය තම සෙසු ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත සංඥා කරනු ද එහි දැක්වෙයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු කාන්තාවන් වන අතර ඔව්හු හිජාබ් ආවරණ පැළඳ සිටිති. තවත් වීඩියෝවක දැක්වෙන්නේ පිරිමින් පිරිසක් ඇයව වටකරගෙන ඇයව මෝටර් රථයකට නංවාගෙන යාමට පෙර ඇය උඩ ඇඳුම් ගලවා මාර්ගයක ඇවිද යන ආකාරයයි. ඇගේ එම හැසිරීම් රටාව අන්‍යයන් ගේ අවධානය තමන් වෙත යොමු කර ගැනීම පිණිස වූවක් බව අනුමාන කළ හැකි සාක්ෂි ද තිබේ.

 

female student university tehran stripped 92970538 edited

නමුත් ඇයගේ මෙම ක්‍රියා කලාපයට නිශ්චිත හේතුවක් මෙතෙක් හෙළි වී නොමැත. එහෙත් පිරිමින් කණ්ඩායමක් විසින් බලහත්කාරයෙන් ඇයව වාහනයක දමා ගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම මත තත්වය අතිශය උණුසුම් ව තිබේ. ඉරානයේ කාන්තාවක් මෙවැනි ආකාරයෙන් හැසිරීම බරපතළ වරදක් වන අතර එම වරදට දැඩි දඬුවම් හිමි වන බැවින් ඉරාන සදාචාරාත්මක පොලීසිය මේ ක්‍රියාව කරන්නට ඇතැයි සමහරෙක් කියති.

2022 වසරේදී ඉරානයේ ක්‍රියාත්මක ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් ඇති දැඩි නීති උල්ලංඝණය කළ බවට චෝදනා කරමින් සදාචාරත්මක පොලිසිය විසින් රඳවා ගනු ලැබූ 22 හැවිරිදි මහ්සා අමිනීගේ මරණයෙන් පසු එහි සුවිසල් ඛේදවාචකයකට මුල පිරුණි. මානව හිමිකම් කණ්ඩායම් පවසන අන්දමට එම මර්දනයේ දී සිය ගණනක් මිය ගිය අතර දහස් ගණනක් රඳවා තබා ගෙන තිබේ.

 130550558 iranrtr4c3ff5f385ca748abf4bc0b28abffcc4bb7d2fb40 272 3000 16881000x563.jpg

ඉරානයේ පවත්නා මෙම ඇඳුම් පැළඳුම් නීති පිළිබඳ දැඩි නීති ඇතුමුන් ගේ විරෝධයට හේතු වී තිබේ. ඉරාන පාලන තන්ත්‍රය කෙරෙහි ජනතා කෝපයක් ඇතිවීම තෙක් කාලයත් සමඟ එම ජනතා විරෝධතා පුළුල් වෙමින් පැවතිණ. ඒ සඳහා ජනතා විරෝධය මූලිකව එල්ල වූයේ ඉරානයේ සදාචාරත්මක පොලිසිය වෙතට ය. සාමාන්‍ය පොලිස් රාජකාරි වලට වඩා වෙනස් කාර්ය භාරයක් කරන සදාචාරත්මක පොලිසිය හෝ මාර්ගෝපදේශ මුර සංචාර යනු එරට ජාතික පොලිසියේ කොටසකි. 1979 ඉස්ලාමීය විප්ලවයෙන් පසුව හඳුන්වා දුන් ශිෂ්ට ඇඳුම් පැළඳුම් පිළිබඳ ඉස්ලාමීය සදාචාරය සහ නීති ආරක්ෂා කිරීම සඳහා 2005 වසරේ දී මෙම සදාචාරත්මක පොලිසිය පිහිටුවන ලදී. ඇඳුම් සම්බන්ධ නීති කඩ කරන්නවුන්ට අවවාද නිකුත් කිරීමට, දඩ නියම කිරීමට හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට 7,000ක් පමණ වන එහි නිලධාරීන්ට හා නිලධාරිනියන්ට බලය ඇත.


AP24140475273050 1716181102හෙලිකොප්ටර් අනතුරකින් මළ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි
2022 ඇති වූ නොසන්සුන්තාවට සති කිහිපයකට පෙර පසුගිය කාලයේ හෙලිකොප්ටර් අනතුරකින් මළ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි ඉරානයේ හිජාබ් සේම පතිව්‍රතා නීතිය දැඩි කිරීමට නියෝග කළ අතර එමගින් කාන්තාවන්ට විනීතව හැසිරීමට සහ විනීත ඇඳුම් ඇඳීමට අනිවාර්ය කෙරිණි. එලෙස හිස ආවරණය කර නොගත් කාන්තාවන් හඳුනා ගැනීම සඳහා නිරීක්ෂණ කැමරා හඳුන්වා දුන් අතර සමාජ මාධ්‍යවල හිජාබ් නීතිවලට විරුද්ධ වන පුද්ගලයන්ට පවා අනිවාර්ය සිර දඬුවමක් ද පනවන ලදී.

මේ අතර එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් එම තරුණිය අත්අඩංගුවට ගැනීමේ වීඩියෝව සහ වාර්තාව යන දෙකම නොසිදුවිය යුතු ලෙස විස්තර කළ අතර ඇය සිටින ස්ථානය ඉරානය පැහැදිලි කළ යුතු බව පැවසීය. නමුත් අසාද් විශ්ව විද්‍යාලය පැවසුවේ කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන අතර මනෝ වෛද්‍ය රෝහලකට ගෙන ගොස් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් ජාත්‍යන්තර තුළ නැත.


1a739c8044774d74bc6d1be4881ba829 එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් එම තරුණිය අත්අඩංගුවට ගැනීමේ වීඩියෝව සහ වාර්තාව යන දෙකම නොසිදුවිය යුතු ලෙස විස්තර කළ අතර ඇය සිටින ස්ථානය ඉරානය පැහැදිලි කළ යුතු බව පැවසීය
ඒ කෙසේ හෝ කාන්තාවන් ගේ ඇඳුම් විලාසිතා සරල හා ලිහිල් බවට පත් වීම යනු ඉස්ලාමීය සංස්කෘතිය පදනම් කර ගත් රාජ්‍ය බලය අස්ථාවර වීමක් සේ ඉරානය සිතන බව පෙනෙයි. ඒ සෙසු බොහෝ ඉස්ලාමීය රට වල් නොසිතන ලෙසිනි.

ඒ අනුවව මෙම සිදුවීම සම්බන්ධ ඉදිරි තත්වයන් කුමක් වුව ද මෙසේ යට ඇඳුම් පිටින් එළිපහළියට පැමිණි තරුණිය ඉරාන පාලන තත්ත්‍රයට එල්ල කළ බලපෑම නම් සුළුපටු නැත.



renuka damayanthi psd
(රේණුකා දමයන්ති ගමගේ)
නිදහස් මාධ්‍යවේදිනී
renudamayanthi2024@gmail.com

(උපුටා ගැනීම -  vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...