The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ට්‍රම්ප් කුණාටුව ඩිමොක්‍රටික් සිහින වනසයි! - (රංජිත් කුමාර සමරකෝන්)

T

The Leader Desk

November 6, 2024 • 5:01 PM

ට්‍රම්ප් කුණාටුව ඩිමොක්‍රටික් සිහින වනසයි! - (රංජිත් කුමාර සමරකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඒ මැතිවරණය මීට මිනිත්තු කිහිපයකට පෙර අවසන් විය.
  • එය අඳුරු ව්‍යාපාරයෙන් පසු විශ්මයජනක නැවත පැමිණීමක් බව නිව්යෝර්ක් ටයිම්ස් හඳුන්වා තිබේ.
  • 'මම ඔබේ 45 වැනි සහ 47 වැනි ජනාධිපතිවරයා.
  • අපේ දරුවන්ට ලැබිය යුතු සහ ඔබට ලැබිය යුතු ශක්තිමත්, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඇමරිකාව අපි ලබා දෙන තුරු මම විවේක ගන්නේ නැත." යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය සමරණ ප්‍රකාශය මීට ටික වෙලාවකට පෙර නිකුත් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඒ මැතිවරණය මීට මිනිත්තු කිහිපයකට පෙර අවසන් විය.

අති බහුතරයක් සමීක්ෂණ සියල්ල බොරු කරමින් ඩොන්ල්ඩ් ට්‍රම්ප් නැවත කුණාටුවක් සේ පැමිණියේය. එය අඳුරු ව්‍යාපාරයෙන් පසු විශ්මයජනක නැවත පැමිණීමක් බව නිව්යෝර්ක් ටයිම්ස් හඳුන්වා තිබේ.

'මම ඔබේ 45 වැනි සහ 47 වැනි ජනාධිපතිවරයා. මෙය ඇමරිකානු ජනතාවගේ විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර, එය ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමට අපට ඉඩ සලසයි, මම මගේ ශරීරයේ සෑම හුස්මකින්ම ඔබ වෙනුවෙන් සටන් කරන්නෙමි. අපේ දරුවන්ට ලැබිය යුතු සහ ඔබට ලැබිය යුතු ශක්තිමත්, ආරක්ෂිත සහ සමෘද්ධිමත් ඇමරිකාව අපි ලබා දෙන තුරු මම විවේක ගන්නේ නැත." යනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජයග්‍රහණය සමරණ ප්‍රකාශය මීට ටික වෙලාවකට පෙර නිකුත් කළේය. එය විනාඩි විස්සක දේශනයකි.


“දෙවියන් වහන්සේ මගේ ජීවිතය ඉතුරු කළේ හේතුවක් නිසා බව බොහෝ අය මට පැවසුවා,” ට්‍රම්ප් පැවසීය.

"ඒ හේතුව තමයි අපේ රට බේරාගෙන ඇමරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම. දැන් අපි එකට ඒ මෙහෙයුම ඉටු කරන්න යනවා." ඔහු කීවේය.


2004 දී ජෝර්ජ් බුෂ්ගෙන් පසු රිපබ්ලිකානුවෙකු මහජන ඡන්දය දිනාගත් පළමු අවස්ථාව මෙය යි.

 "ඇමරිකාව තමන්ට පෙර නොවූ විරූ සහ බලගතු වරමක් ලබා දී තිබෙන බව කී හෙතෙම ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රධාන කොටස්කරුවෙකු බවට පත්වූ එලොන් මස්ක් රිපබ්ලිකන් පක්ෂයේ "නව තරුවක්" ලෙස අභිශේක නැන්වීය.

ට්‍රම්ප් සිය ජයග්‍රාහී කතාව අතරතුර ප්‍රකෝටිපතියන්, පොප් සංස්කෘතික චරිත සහ ප්‍රබල රිපබ්ලිකන් නීති සම්පාදකයින් ඇතුළු පිරිසකට ස්තුති කළේය.

ට්‍රම්ප් තම ප්‍රතිවාදියා වූ උප ජනාධිපති කමලා හැරිස්ගේ - හෝ කිසිදු ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකුගේ නම, ඔහුගේ විනාඩි 20 ක දේශනය පුරාවට ප්‍රකාශ කළේ නැත.

 ඔහු ඇමෙරිකාවේ වයස්ගත ම ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වෙයි. දැන් ඔහුට වයස 78ක් වන අතර දෙවන ධූර කාලය අවසන් වන විට ඔහුගේ වයස 83ක් වනු ඇත.

sertw45


සමීක්ෂණ බොරු වූ හැටි!
බොහෝ දෙනා විශ්වාස කළේ තියුණු තරඟයකි. එය ඉතිහාසයේ තියුණුම තරඟය වෙතැයි ඇතැමුන් මත පල කළහ. එහෙත් එය එසේ නොවීය.

අති බහුතරයක් සමීක්ෂන වලින් කියැවුණේ සටන තියුනු වුවද දිනුම කමලා හැරිස්ට බවය. එක්සත් ජනපදයේ සමීක්ෂණද ඌණ සංවර්ධිත රටවල සමීක්ෂණ වලට කිට්ටු මුහුණුවරක් ගන්නා බව ඔප්පු වූයේ වරක් දෙවරක් නොවේ.

එපමණක් නොවේ, මෑත කාලීන ජනාධිපතිවරණ 10න් 9ක්ම නිවැරදිව පුරෝකථනය කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසඥයෙකු වන ඇලන් ලිච්ට්මන් ද පුරෝකතනය කළේ මෙවර හැරිස් දිනන බවටය. ලිච්ට්මන් ඔහුගේ දේශපාලන විවරණ සහ මැතිවරණ අනාවැකි සඳහා කීර්තිමත් වූ අයෙකි.

xdrte

 

ට්‍රම්ප් ජයගත්තේ කොහොමද?

අමෙරිකාවට සියල්ලටම වඩා වැදගත් වන්නේ එරට ආර්ථිකය යි. ඊට හානිවන කිසිවකට ඇමරිකානුවන් සහය දෙන්නේ නැත.

ඉකුත් කොරෝනා සමය අනපේකෂිත තත්ත්වයක් වූ අතර එවක ට්‍රම්ප් , ජීවිත වලට වඩා ආර්ථිකය ගැන සිතුවේය. කොවිඩ් නැමති අනපේකෂිත යක්ෂයා නිසා එවක බයිඩ්න් හිස එසෙව්වේය. ඒත් එය අතිශය තියුණු තරඟයකි.

බයිඩන් යටතේ ආර්ථිකය සසල විය.  “ඔබ වසර හතරකට පෙර සිටියාට වඩා දැන් ඔබට හොඳද?” කියා ට්‍රම්ප් අසන විට බයිඩ්න්ගේ පාක්ෂිකයින්ට පවා කට උත්තර නැති විය. ඒ වනවිටත් 1970 ගණන්වල සිට උද්ධමනය දක්නට නොලැබුණු මට්ටමට එසවෙමින් තිබිණි.

කොරෝනා බලපෑම් කළේ රටවල ආර්ථිකයට පමණක් නොවේ. කොවිඩ් සමයෙන් පසු ලොව පුරා සිටින ඡන්දදායකයින් කිහිප වතාවකදීම බලයේ සිටින පක්ෂය ඉවතට වීසි කරනු ලැබීය. ඒ ඉරණම අත් නොවූයේ මෝඩිට පමණි.

අමෙරිකානුවන්ද වෙනසක් බලාපොරොත්තු විය. එය ඉටුවිය.

කමලා හැරිස් මැතිවරණ සටනට ආවේ පමා වෙලාය. ඒ වනවිටත් ට්‍රම්ප් සෑහෙන දුරක් ගොස් තිබිණි. එපමණක් නොව බොහෝ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ද ඒ වෙනස පතමින් උන්හ. බයිඩ්න් නාකි(නොහැකි) පාලකයෙක් බව ඒ වන විටත් රටටම ඒත්තු ගොස් තිබුණි.

දේවල් සිදුවෙමින් පවතින ආකාරය ගැන ඔබ සෑහීමකට වනවා ද නැතහොත් අතෘප්තිමත් ද? යනුවෙන් ඉකුත් ඔක්තෝබරයේ එරට ජනතාවගෙන් මත විමසන විට ඔවුන්ගෙන් 62% ක් කීවේ තත්ත්වය නරක බවය. තුනෙන් දෙකක් ම රට යන අත ගැන අසතුටින්නම් තවත් කුමන තර්කද?. වෙනසක් කරන බව කියා තරඟයට ආවද හැරිස් වැසී සිටියේ බයිඩ්න්ගේ අඳුරු සෙවනැල්ලෙනි.

dry6t3

ට්‍රම්ප් ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පිළඹිබුවක් නොවේ. ඉකුත් පරාජයෙන් පසු ඔහු එක්සත් ජනපදයේ කළු පැල්ලමක් බවට පත් විය. එය එසේ තිබියදීත් ට්‍රම්ප්ට පවතින සහයෝගය වසර පුරා 40% හෝ ඊට වඩා වැඩි අගයක ස්ථාවරව පවත්වා ගත්තේය. ඒ තරමටම බයිඩ්ගේ සමය දුර්වල විය. ට්‍රම්ප්ට තිබුණේ තමන් පිළිබඳ ස්ථාවර දැක්මක් නොමැතිව තීරණය නොකළ ඡන්දදායකයින් කුඩා පිරිසක ප්‍රමාණයක් අලුතින් දිනා ගැනීමේ සටන පමණි.

එය ඔහු ඉතා පහසුවෙන් සිදුකර ඇත.

ආර්ථිකයෙන් පසු ඊළඟට ඔවුන් මුහුණ දෙන විශේෂ ප්‍රශ්නය සංක්‍රමණික ගැටලුවයි. බයිඩන් යටතේ එය දේශසීමා ආශ්‍රිත වාර්තාගත සංක්‍රමණ මට්ටමක් කරා ළඟා විය. එය එරට ආර්ථිකයට දැනෙන බර අගයක්ද විය.

 "ඇමෙරිකානු ඉතිහාසයේ විශාලතම දේශීය පිටුවහල් කිරීමේ මෙහෙයුම ආරම්භ කරන," බව ට්‍රම්ප්, පවසා ඇත.  ඔහු ජනාධිපති ධූරය දරද්දී ඇමෙරිකානු සරණාගතයින් නැවත පදිංචි කිරීමේ වැඩසටහන අත්හිටවූ අතර ඔහු එය නැවත ක්‍රියාත්මක කරනු ඇති අතර මුස්ලිම් බහුතරයක් වෙසෙන රටවල් කිහිපයක පුද්ගලයින්ට ඔහුගේ පෙර පැවති අතිශය මතභේදාත්මක සංචාරක තහනම තවත් දැඩි කරනු ඇත.

ඇමෙරිකාව, එක්සත් රාජධානිය, ජර්මනිය සහ ප්‍රංශය ඇතුළු රටවල් 32කින් සමන්විත නේටෝව ගැන ට්‍රම්ප්ට ඇත්තේ කේන්තියකි. නේටෝව පෝෂනය වන්නේ අමෙරිකාවේ සාරයෙන් බවත් සෙසු රටවල් ඊට දායක නොවන්නේනම් ඉන් ඉවත් වන බවත් ඔහු කීප විටක් කීවේය.

ට්‍රම්ප් නිතර කීවේ තමන් සාමය ගෙන එන බවය. "මම ඉතා ම ඉක්මනින් මැද පෙරදිග කලාපයේ සාමය ඇති කරනවා,යි ඔහු කීය.

"ගාසා සහ වෙනත් තැන් තුළ වඩාත් නිදහසක් ඊශ්‍රායලට ලබා දීම වෙනුවෙන් ට්‍රම්ප් පෙනී සිටින නමුත්, එරට අගමැති බෙන්ජමින් නෙතනියාහු ගැන ඉන්නේ කේන්තියකිනි.

2020 ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් පසු, ට්‍රම්ප් ප්‍රතිඵල සම්බන්ධයෙන් අභියෝග කරමින් සිටින අතරතුර ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයා, බයිඩ්න්ට සුබ පැතීම ඒ කේන්තියට හේතුවය.

යුක්ක්‍රේනය අනුගමනය කරන ගනුදෙනුව කපා හැරීමට උත්සහ කරන බව හඟවා තිබිණි.,

" රුසියානු යුක්‍රේන යුද්ධය පැය 24න් අවසන් කරන බවය. මෙම ප්‍රකාශය, රුසියාවට භූමිය පවරා දෙන ලෙස යුක්රේනයට බලපෑම් කරනු ඇතැයි කියා සමහරු අනුමාන කරන්නේ, 2022 වසරේදී රුසියානු පූර්ණ ආක්‍රමණයෙන් පසු යුක්රේනයට ගලා ගිය ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක ඇමෙරිකානු මිලිටරි ආධාර ගැන ඩොනල්ඩ් ට්‍රම්ප් දිගු කලක් තිස්සේ විවේචන එල්ල කළ නිසාය.

එමපණක් නොව හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන්, ඉකුත් මාර්තු මාසයේදී හිටපු ඇමෙරිකානු ජනාධිපතිවරයා බැලීමට ෆ්ලොරීඩාවේ කළ සංචාරයකින් පසු පැවසුවේ, තමන් ඡන්දයෙන් ජය ගතහොත් යුක්රේනයට "සතයක්වත් නොදෙන" බව ය.

එහෙත්, යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පතා තිබේ. ගෝලීය කටයුතුවලදී "ශක්තිය තුළින් සාමය" ප්‍රවේශය සඳහා ජනාධිපති ට්‍රම්ප්ගේ කැපවීම මම අගය කරමි. යුක්රේනයේ සාධාරණ සාමය ප්‍රායෝගිකව සමීප කළ හැකි මූලධර්මය මෙයයි. අපි එය එක්ව ක්‍රියාවට නංවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපති ට්‍රම්ප්ගේ තීරණාත්මක නායකත්වය යටතේ ශක්තිමත් ඇමරිකා එක්සත් ජනපදයක යුගයක් යැයි ඔහු පවසා ඇත.

ජනාධිපති ධූරය දරන සමයේ ට්‍රම්ප් චීනය සමග යම්කිසි අවුලක හිටියේය. චීනයට එරෙහිව 60%කට අධික බදු පැනවීමට ඔහු මෙවරත් යෝජනා කර ඇත.

2015 වසරේ දේශගුණික විපර්යාස පිළිබඳ පැරිස් සම්මුතියෙන් ඇමෙරිකාව ඉවත් කර ගත් ට්‍රම්ප් එය තවදුරටත් එලෙසම කරන බව පවසයි.

r45636

ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නැවත ජනාධිපති ධූරයට පත්වීම ගැන සුබ පැතුවේය. ට්‍රම්ප්ට “මගේ මිතුරා” යැයි කියමින් අගමැති මෝදි X වෙබ් අඩවියේ පළ කළේ, “ඔබේ ඓතිහාසික මැතිවරණ ජයග්‍රහණයට මගේ මිතුරා කියාය.

‘කමලා හැරිස් ලිබරල් ප්‍රශ්න සම්බන්ධයෙන් ඇයගේ ස්ථාවරයන් හරහා කිසියම් ඡන්දදායකයෙකු දිනා ගත්තාද? ඇතැම් විට ඇත්ත වශයෙන්. නමුත් සැබෑ ඇමරිකාව යනු ලිබරල්-වමේ මවාගත් ඇමරිකාවට වඩා වෙනස් ස්ථානයකි. එය 2016 දී පැහැදිලි විය, නමුත් එය ඉක්මනින් හා කණගාටුදායක ලෙස ඩිමොක්‍රටිකයින් විසින් අමතක කරන ලදී.’ දශක තුනක් තිස්සේ The Spectator පුවත්පතට ලියූ ප්‍රමුඛ ලේඛකයෙක් සහ තීරු ලිපි රචකයෙක් වන රොස් කලාක් පවසයි.

ඇත්ත වශයෙන්ම ඇමරිකානුවන්ට අවශ්‍ය වී ඇත්තේ ඇමරිකානුවන් වීමටය. මේ ප්‍රතිඵලයෙන් කියාපාන්නේ එයයි.

පසුගිය වසර හතර පුරා ට්‍රම්ප්ව ඉස්මතු කොට තිබුණේ නිර්දය 'ෆැසිස්ට්වාදියෙකු' ලෙසය, යක්ෂාවේශයෙකු ලෙසය. එහෙත් සියල්ල වෙනස් විය. දැන් ට්‍රම්ප් යුගය එළැඹ තිබේ.!

සබැඳි ලිපි :

නිල් රතු සටන ඉවරයි! - තීන්දුවට පැය කීපයයි.!

අමෙරිකානු ජනාධිපතිවරණය අද - ට්‍රම්ප්ගේ සහ කමලාගේ විදේශ ප්‍රතිපත්ති මොනවා ද?

ට්‍රම්ප්- කමලා වැල් පාලමේ සටනක!

සටහන :
Ranjith samarakoonරංජිත් කුමාර සමරකෝන්
(නිදහස් මාධ්‍යවේදී)
nethranjith@gmail.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...