The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : සිව් වන කොටස -(ලයනල් බෝපගේ)

T

The Leader Desk

November 6, 2024 • 5:29 PM

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : සිව් වන කොටස -(ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කවර අත්දැකීම් සහිත අපේක්ෂකයන් ද?
  • නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මැතිවරණයෙන් පළපුරුද්ද සහිත සාමාජිකයන් නැවත පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දදායකයින්ගෙන් ඉල්ලා තිබේ.
  • ඔහු කියා සිටින්නේ පසුගිය කාලයේ ඔහු සමඟ එක්ව කටයුතු කළ අයවළුන් ට ආණ්ඩුව පවත්වාගෙන යාමට සහ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවීණතාවය තිබෙන බවයි.
  • මේ අතර සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය (SJB) ද ප්‍රකාශ කර ඇත්තේ තෝරා පත් කර ගත යුතුව තිබෙන වඩාත්ම සුදුසුකම් සහ පළපුරුද්ද සහිත කණ්ඩායම ඔවුන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):


කවර අත්දැකීම් සහිත අපේක්ෂකයන් ද?

srt345

නොවැම්බර් 14 වනදා පැවැත්වෙන මැතිවරණයෙන් පළපුරුද්ද සහිත සාමාජිකයන් නැවත පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දදායකයින්ගෙන් ඉල්ලා තිබේ. ඔහු කියා සිටින්නේ පසුගිය කාලයේ ඔහු සමඟ එක්ව කටයුතු කළ අයවළුන් ට ආණ්ඩුව පවත්වාගෙන යාමට සහ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවීණතාවය තිබෙන බවයි.

මේ අතර සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දෙන සමගි ජන බලවේගය (SJB) ද ප්‍රකාශ කර ඇත්තේ තෝරා පත් කර ගත යුතුව තිබෙන වඩාත්ම සුදුසුකම් සහ පළපුරුද්ද සහිත කණ්ඩායම ඔවුන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම බවයි. ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ ආර්ථික වැඩපිළිවෙළ මගින් රටේ මූලික ගැට‍ළු සඳහා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.

පසුගිය දා මාධ්‍යවේදියෙකු එවැනි ම ප්‍රශ්නයක් ඇසූ විට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊට හොඳම ප්‍රතිචාරය ලබා දුන්නාය. වික්‍රමසිංහ මහතා ද ඇතුළුව එම ව්‍යවස්ථාදායකයේ හිටපු සාමාජිකයන් රටත් ජනතාවත් මූල්‍යමය හා දේශපාලනික වශයෙන් විනාශයට පත් කිරීමෙන් සිය දක්ෂතා සහ අත්දැකීම් පුන පුනා ඔප්පු කර ඇතැයි යන කරුණ ඇය පෙන්වා දුන්නාය.

s4535f

ඊට අමතරව, දැන් ඒවා තරයේ විමර්ශනයට භාජනය කරමින් තිබෙන රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණය, ආර්ථික අවකළමණාකරණය සහ රටේ සම්පත් නාස්ති කර දැමීම සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත. ජනතාවගේ වියදමින් සුඛෝපභෝගී ලෙස ජීවත් වීම ඔවුන්ගේ සිරිත වී තිබිණ. ඔවුන්ගේ නව ලිබරල්වාදී අගයයන් ගෙන් සහ සම්ප්‍රදායයන් ගෙන් මිදී යෑම හැරෙන්නට ඔවුන්ගේ අත්දැකීම්වලින් ශ්‍රී ලංකාවේ ජනතාවට ලබාගත හැකි අන් කිසිදු දෙයක් නැත.

නොවැම්බර් 14 වැනි දා තේරී පත් වන බොහෝ මන්ත්‍රීවරුන් දේශපාලන නවකයන් විය හැකි නමුත් ඔවුන්ගෙන් බහුතරය සාධාරණ, සමෘද්ධිමත් සහ එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අවංකව කැපවී කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙය කල හැක්කේ ඔවුන්ගේ රාජ්‍යමය සහ පෞද්ගලික ගනුදෙනුවල දී සියළු දෙනා අඩංගු කර ගැනීම, උපදේශනය සහ විනිවිදභාවය දෙසට වැටී තිබෙන උචිත සහ අව්‍යාජ ප්‍රවේශයන් යොදා ගැනීමෙනි. රටේ අනාගතය සහ එහි ආර්ථිකය කළමනාකරණය කිරීමේදී ඔවුන් ගන්නා තීරණ සඳහා වග කියන සහ වග වන පුද්ගලයින් අනුව ද එය ප්‍රකාශයට පත් වනවා ඇත.

drt3456
මෙසේ සිදු වන්නේ නම්, ප්‍රජාවන් එකමුතු කිරීමේ දී සහ සියළු දෙනා වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩ නැගීමේ දී අළුත් විදියකින් බලන්නට, ඉගෙන ගන්නට සහ වඩා හොඳින් කටයුතු කරන්නට ඔවුන්ට හැකි වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. අනුර කුමාර දිසානායක, විජිත හේරත්, සුනිල් හඳුන්නෙත්ති සහෝදරවරුන් වැනි පෙර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඇතැමෙක් සිය ජීවන අත්දැකීම්වලින් පෝෂණය වෙමින්, සහ ප්‍රතිපත්ති සම්පාදනයට සහ ක්‍රියාවේ යොදන්නට සැලකිය යුතු ලෙස දායක වීම සඳහා ඉගෙන ගන්නට හා කුසලතා අත් කර ගන්නට පරිශ්‍රමයක යෙදෙමින් ජීවන ගමනේ නියැලී ඇත.

ව්‍යවස්ථාදායකයට තේරී පත් වන්නන්ගේ මෙහෙවර

se5t345

පෙර පැවැති මහ මැතිවරණවල දී මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගත්තේ ප්‍රතිපත්ති සකසන්නට නොව දේශපාලන වාසි වෙනුවෙන් ඡන්දදායකයන් යොදා ගන්නට ය. වරදකරුවන් කරන ලද අපරාධකරුවන් හෝ රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් නිදහස් කිරීම, දීමනා කිරීම සහ ඡන්ද වෙනුවෙන් ප්‍රජා උත්සවවලට සහභාගි වීම, මුල් ගල් වලට හා ගොඩනැගිලිවලට ඔවුන්ගේ නම් යෙදීම, රාජ්‍ය සේවා තනතුරු සඳහා කුසලතා මත පදනම් ව කරන ලද තෝරා ගැනීම් සහ උසස් වීම් නීති විරෝධී ලෙස ප්‍රතික්ෂේප කිරීම යනාදී වශයෙන් නොමනා කටයුතු බොහොමයකට ඔවුහු මැදහත් වූහ. ඊට අමතරව, කොන්ත්‍රාත් ලබා දීම හෝ විවිධ ආකාරයේ මිල දී ගැනීම් වෙනුවෙන් කොමිස් මුදල් සහ අල්ලස් ලබා ගැනීම පිළිබඳව බොහෝ චෝදනා පවතී. ඔවුහු සාමාන්‍යයෙන් නිසි ටෙන්ඩර පටිපාටි සහ ප්‍රසම්පාදන පිළිවෙත් මඟ හරිති. කරන ලදැයි කියන යම් අන්දමක අයථා පරිහරණයක් හෝ දූෂණයක් හා සම්බන්ධ ඉතිහාසයක් ඇති තක්කඩි අපේක්ෂකයන්ගෙන් කිසිවෙක් තෝරා නොගන්නට ඡන්දදායකයින්ට මූලික වගකීමක් පැවරී ඇත්තේ එහෙයිනි.

ප්‍රායෝගික දේශපාලනයේ දී බොහෝ විට ඔප්පු කර ඇති අන්දමට, රජයේ හෝ පුද්ගලිකව කරන මීළඟ කටයුත්තේ දී තමන් මුදල් උපයා ගන්නේ කෙසේදැයි කල්පනා කරන, දැනටමත් දූෂිත මනසක් සහිතව තේරී පත් වන ඕනෑම සාමාජිකයෙකු පුරුදු කිරීමේ හෝ පුහුණු කිරීමේ කිසිදු වැඩසටහනකින් නතර කල නොහැකිය. පසුව පසුතැවිලි වෙනවාට වඩා මුලින්ම පරෙස්සම් වීම වඩා යහපත් වේ.

ඡන්ද දායකයන්ට මැතිවරණ කාලයේ දී මේ සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇත. තෝරා පත් කර ගන්නට ඡන්ද දායකයන්ට නම් කොට තිබෙන සියළුම අපේක්ෂකයින්ට අදාලව, ඔවුන්ගේ චරිතය, කැපවීම සහ තේරී පත් වුවහොත් ඔවුන්ගේ භූමිකාවන් ඉටු කරන්නට අවශ්‍ය කුසලතා හෝ ඒ කුසලතා අත් කර ගැනීමට ඇති හැකියාව අනුව තක්සේරුවක් කරන්නට ඡන්දදායකයන්ට සිදු වනවා ඇත.

as3423sd

මෙම මැතිවරණයේ දී, තේරී පත් වන මන්ත්‍රීවරයෙකුගේ ප්‍රධාන වගකීම සහ වගවීම වන්නේ අව්‍යාජ සාක්ෂි මත පදනම් වෙමින්, සහභාගීත්ව වාදී ව, උපදේශනාත්මක ව, අන්තර්ග්‍රාහී ව සහ සම්මතික වාදී ආකාරයකින් නීතිරීති ස්වරූපයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම බව ඡන්දදායකයින් මතක තබා ගත යුතුව ඇත. පුරවැසියන් හා අනාගත පරපුර වෙනුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීම සඳහා ගන්නා තීරණ අපගේ බහුත්වවාදී සමාජය තුළ කරන ජනනාත්මක හා නිර්මාණශීලී සංවාදයක් මත පදනම් විය යුතුය.

අළුතින් තේරී පත් වන අය සඳහා සහාය ලබා ගැනීමට සිවිල් සමාජ සංවිධාන සහ දේශීය මෙන්ම ඩයස්පෝරාව හා සම්බන්ධ තාක්ෂණික විශේෂඥයින් ආදී වශයෙන් බොහෝ මූලාශ්‍ර පවතී. උපදේශක කමිටු සහ මණ්ඩල, උපදේශන සේවා, නීතිපති දෙපාර්තමේන්තුවේ නීති කෙටුම්පත් කිරීමේ කුසලතා ඇති පුද්ගලයින්, අධිකරණ මණ්ඩල ආදියෙන් ද උදව් ලබා ගත හැකිය. ඔවුන්ට තේරී පත් වූ සාමාජිකයෙකු ගත යුතු තීරණ හැසිරවීමෙහි ලා සහාය විය හැකිය. සියළුම වගකිවයුතු ආණ්ඩුවල සහ තේරී පත් වූ සාමාජිකයන්ගේ තීරණය හෝ ඡන්දය අවශ්‍ය වන ඕනෑම ප්‍රශ්නයක දී ඔවුන් සම්බන්ධයෙන් පැවතිය හැකි බැඳියා ගැටුම් පිළිබඳව පරීක්ෂාකාරී වෙමින් ඒවා වළකා ලන්නට කටයුතු කිරීම ඉතාමත් ම වැදගත් කාරණාවලින් එකක් වෙයි.

සබැඳි ලිපි :

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා :තෙවන කොටස - (ලයනල් බෝපගේ)

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : දෙවන කොටස - (ලයනල් බෝපගේ)

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා - (ලයනල් බෝපගේ)


lIONAL bOPAGE(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)

lionel.bopage@gmail.com

2024 නොවැම්බර් 3 වන දා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...