සහ අඩු ආදායම් රටවලදී අඩු සෞඛ්‍ය සම්පන්න බවකින් යුක්තව අලෙවි කරන බව නවතම සමීක්ෂණ වාර්තාවකින් අනාවරණය කර තිබේ.
නෙස්ලේ, පෙප්සිකෝ සහ යුනිලිවර් වැනි සමාගම් විසින් ලොව පුරා අලෙවි කෙරෙන නිෂ්පාදන රැසක් 'ඇක්සස් ටු න්‍යුට්‍රිෂන් ඉනිෂියෙටිව්' (Access to Nutrition Initiative - ATNI) ආයතනය මගින් ඇගයීමට ලක් කර, අදාළ දර්ශක වාර්තාව ප්‍රකාශයට පත් කර තිබේ.
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල නිර්මාණය කෙරුණු විශේෂ සෞඛ්‍ය තරු ශ්‍රේණිගත කිරීමේ පද්ධතියක් මගින් සිදු කරන ලද මෙම සමීක්ෂණයේදී, ලොව පුරා බහු ජාතික සමාගම් 30 කට අධික සංඛ්‍යාවක් මගින්, අඩු ආදායම් රටවල අලෙවි කෙරෙන ඇසුරුම් ගත ආහාර පාන නිෂ්පාදනවල සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක බව, වැඩි ආදායම් රටවල එම සමාගම් මගින් අලෙවි කෙරෙන නිෂ්පාදන වලට වඩා අඩු බව අනාවරණය කෙරිණි.
සෞඛ්‍ය තරු ශ්‍රේණි ගත කිරීම් මගින් පිරිනැමෙන ඉහළම ලකුණු 5 ක සීමාවේ සිට අදාළ නිර්ණයන් සිදු කෙරේ. අගය ලකුණු 5ක් ලබා ගන්නා ආහාර පාන නිෂ්පාදන ඉහළම සෞඛ්‍ය සම්පන්න බවින් යුත් නිෂ්පාදන සහ ලකුණු 3.5ක් ලබා ගන්නා නිෂ්පාදන පරිභෝජනයට හිතකර සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක බවින් යුත් නිෂ්පාදන ලෙස ශ්‍රේණි ගත කෙරේ.
අඩු ආදායම් රටවලදී එම බහු ජාතික සමාගම් සතු ආහාර නිෂ්පාදන බොහොමයක් 1.8ක ලකුණු ප්‍රමාණයක් හිමි කරගත් අතර වැඩි ආදායම් රටවල බොහෝ නිෂ්පාදනවල එම අගය 2.3ක් විය.
බහු ජාතික ආහාර නිෂ්පාදන අලෙවි සමාගම් ඉතා සක්‍රීයව සිය මෙහෙයුම් සිදු කරන දරිද්‍රතාවෙන් පෙලෙන රටවල, ඔවුන් අලෙවි කරන බොහෝ ඇසුරුම් ගත අහාර පාන නිෂ්පාදන, සෞඛ්‍ය සම්පන්න ගුණාත්මක භාවයෙන් තොර බව මෙම සමීක්ෂණය මගින් මොනවට පැහැදිලි වෙතැයි, සමීක්ෂණායතනයේ පර්යේෂණ අධ්‍යක්ෂ මාර්ක් විජ්නේ (Mark Wijne) පවසයි.
සිය සමීක්ෂණය, එවැනි රටවල රජයන් අවදි කිරීමට සිදු කළ කාලීන දැනුම් දීමක් බව ද ඔහු කියා සිටී. එම සමීක්ෂණායතනය මගින් ආහාර නිෂ්පාදන ඇගයීම අඩු ආදායම් සහ වැඩි ආදායම් රටවල් ලෙස වර්ගීකරණය කර සිදු කළ පළමු අවස්ථාව ද මෙය වේ.
ඇසුරුම් ගත ආහාර පාන නිෂ්පාදන, ගෝලීය ස්ථුල තාවය කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරන බවට අවධාරණය කෙරෙන මොහොතක සිය සමීක්ෂණය මගින්, ඒ පිලිබඳ ලොව පුරා ජනතාව දැනුම්වත් කිරීම පිණිස කටයුතු කර ඇතැයි ද, එම ආයතනය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව ලොව පුරා බිලියන 10 ක ට අධික පිරිසක් ස්ථුල තාවයෙන් පෙළෙමින් සිටිති. ජෛව ස්කන්ධ දර්ශකයට අනුව අධික බරින් සහ ස්ථුල තාවයෙන් පෙලෙන 70% ක ට අධික පිරිසක්, අඩු සහ මාධ්‍ය ආදායම් සහිත රටවලින් වාර්තා වන බව ලෝක බැංකු වාර්තා පෙන්වා දෙයි.
සිය පාරිභෝගිකයින් සමබර ආහාර භාවිතයට නැඹුරු කරනුවස්, වැඩි පෝෂදායී බවකින් යුත් ආහාර නිෂ්පාදන අලෙවිය ප්‍රවර්ධනය පිණිස කටයුතු කරන බව සහ සංවර්ධනය වන රටවල පෝෂණ පරතරය අඩු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව, නෙස්ලේ සමාගමේ ප්‍රකාශකයකු ඊ මේල් පණිවුඩයකින් දන්වා ඇතැයි රොයිටර්ස් පවසයි.
පෙප්සිකෝ සමාගම මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කර තිබේ. එහෙත්, ඉකුත් වසරේ එම සාමාගම සිය, අල පෙති වැනි ඇතැම් ආහාර නිෂ්පාදනවල අඩංගු සෝඩියම් සාන්ද්‍රණ අඩු කිරීම සහ පූර්ණ ධාන්‍ය වැඩි වශයෙන් එක් කිරීම වැනි ආහාර ප්‍රවර්ධන සැලසුම් වෙත නැඹුරු වූ බව ද වාර්තා වේ.
එහෙත්, අසුරන ලද ආහාර පාන නිෂ්පාදන කර්මාන්තයේ සහ ව්‍යාපාරයේදී සුපෝෂණය පතා මීට වඩා තව බොහෝ අගය එක් කළ යුතුව ඇතැයි, එම ආහාර ශ්‍රේණි ගතකිරීම් හි ප්‍රථමස්ථානය හිමි කරගත් ඩනොන් (Danone) සමාගමේ පර්යේෂණ, තත්ත්ව සහ ආහාර සුරක්ෂිතතා ප්‍රධානී ඉසබෙල් ඒසර් (Isabelle Esser) පවසයි.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මුලාශ්‍රය :
Food companies sell products that are less healthy in poorer countries, says report



