The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

November 8, 2024 • 7:26 AM

ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බව අප බොහෝ දෙනා විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ.
  • ශ්‍රී ලාංකීය පොල් කර්මාන්තය, විශේෂයෙන්ම කුඩා වතු හිමියන්ගේ අංශය ඵලදායිත්වය අතින් පසුගාමී බව පුළුල් ලෙස පිළිගෙන ඇති කාරණයකි.
  • ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකක සාමාන්‍ය අස්වැන්න, දේශගුණික තත්ත්වයන් අතින් වෙනසක් නැති ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි අස්වැන්නෙන් අඩකටත් වඩා අඩු බව වාර්තා වී ඇත.
  • තොරතුරු පද්ධතිය ආදර්ශවත් වූ නමුත්, ඒ සියල්ල තේරුමක් නැතැයි පෙනීයන බව මා නිගමනය කළේ වැඩි වැඩියෙන් පොල් නිෂ්පාදනය කිරීමේ සහ වගාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අවසාන අරමුණු එමගින් ඉටු නොවීම නිසා ය.
අකුරු ප්‍රමාණය (Font Size):

බව අප බොහෝ දෙනා විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ.

කාලයෙන් කාලයට අපගේ නියෝජිතයන් වෙනස් කිරීම හොඳ නමුත්, එයින් පමණක් කාර්යය සිදුවන්නේ නැත. ක්‍රම වෙනස් නොකළහොත් යහපත් ප්‍රතිඵල අත්වන්නේ නැත. ප්‍රධාන - නියෝජිත න්‍යාය පොල් කර්මාන්තයට අදාළ කර ගැනීමෙන් ලබා ගන්නා අන්තර්දෘෂ්ටිය අපගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අයහපත් රෝග විනිශ්චය කිරීමට සහ ප්‍රතිකර්ම හඳුනා ගැනීමට උපකාරී වෙයි.

ශ්‍රී ලාංකීය පොල් කර්මාන්තය, විශේෂයෙන්ම කුඩා වතු හිමියන්ගේ අංශය ඵලදායිත්වය අතින් පසුගාමී බව පුළුල් ලෙස පිළිගෙන ඇති කාරණයකි. ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකක සාමාන්‍ය අස්වැන්න, දේශගුණික තත්ත්වයන් අතින් වෙනසක් නැති ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි අස්වැන්නෙන් අඩකටත් වඩා අඩු බව වාර්තා වී ඇත. මෙම ගැටලුව අලුත් දෙයක් නොවේ.

 

ශ්‍රී ලංකාවේ හෙක්ටයාර් එකක සාමාන්‍ය අස්වැන්න, දේශගුණික තත්ත්වයන් අතින් වෙනසක් නැති ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි අස්වැන්නෙන් අඩකටත් වඩා අඩු බව

මීට වසර තිහකට පෙර, පොල් පර්යේෂණායතනය මගින් පාලනය වන පොල් තොරතුරු පද්ධතිය ඇතුළු තොරතුරු ව්‍යාපෘති කිහිපයක් ඇගැයීමට ලක්කරන ලෙස මට ඉල්ලීමක් ලැබිණි. තොරතුරු පද්ධතිය ආදර්ශවත් වූ නමුත්, ඒ සියල්ල තේරුමක් නැතැයි පෙනීයන බව මා නිගමනය කළේ වැඩි වැඩියෙන් පොල් නිෂ්පාදනය කිරීමේ සහ වගාකරුවන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අවසාන අරමුණු එමගින් ඉටු නොවීම නිසා ය. සම්පූර්ණ අධ්‍යයන කාලය තුළ දිගින් දිගටම අස්වැන්න අඩු වෙමින් පැවතිණි. ඒ නිසාදෝ එයින් පසු ඇගයීම් කිරීමට මට ඇරයුම් ලැබුනේ නැත.

තොරතුරු සැපයුම කොතරම් හොඳ වුවත්, අයිතිකරුවන් ආයෝජනය කිරීමට පෙළඹෙන්නේ නම් මිස, ඵලදායිතාව වැඩිදියුණු කළ නොහැකි ය. අනුපූරක සාධක හරිහැටි නොමැති නම් ඩිජිටල් මැදිහත්වීම් මගින් අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගත නොහැක. 1970 ගණන්වල ඉඩම් ප්‍රතිසංස්කරණවල පසු විපාක නිසා විය හැකි, අක්කර 50 කින් යුත් පොල් ඉඩම් බොහොමයක ප්‍රවාසී හිමිකරුවන් පහළ මට්ටමේ සමතුලිතතාවයක සිරවී සිටින බව පෙනෙන්නට තිබේ. අඩු අස්වැන්න/ප්‍රතිලාභ නිසා ආයෝජන අධෛර්යමත් කරනු ලබයි. අඩු ආයෝජනය අඩු අස්වැන්නක්/ප්‍රතිලාභයක් උත්පාදනය කරයි. වඩා හොඳ තොරතුරු වැඩියෙන් සැපයීමෙන් පමණක් පොල් අස්වැන්න පහත වැටීම වැළැක්විය නොහැකි ය..

ප්‍රධාන-නියෝජිත න්‍යාය

පොල් කර්මාන්තයේ අඩු අස්වැන්න පිළිබඳ ගැටලුව ප්‍රධාන-නියෝජිත න්‍යාය අනුව රාමුගත කිරීම උපකාරී වෙයි. ප්‍රධානියා කොළඹ හෝ වෙනත් ප්‍රදේශයක පදිංචි වී වෙනත් කටයුතුවල යෙදී සිටින ඉඩමේ හිමිකරු ය. මෙම විග්‍රහය සඳහා මම විශාල සමාගම් සතු වතු බැහැර කරමි.

 

p04w6prgමුරකරුවන්ගේ වුවමනාව වන්නේ අනවසර පොල් අලෙවිය හරහා ලැබෙන අමතර ආදායමක් සහිත නිහඬ ජීවිතය යි.

ඉඩම අක්කර 50ක් හෝ ඊට අඩු බැවින් නිසි ස්ථානීය කළමනාකරුවෙකු යොදා ගැනීම සාධාරණීකරණය කිරීම අපහසු විය හැකි බැවින්, ප්‍රවාසී හිමිකරු ඔහුගේ නියෝජිත(යින්) ලෙස සේවය කිරීම සඳහා, සාමාන්‍යයෙන් අඩු වැටුප් ලබන මුරකරුවෙකු හෝ දෙදෙනෙකු යොදවා, ඉඳහිට පැමිණීම සිදුකරයි. ඔහුගේ වුවමනාව වන්නේ උරුම වූ භූමියෙන් ප්‍රශස්ත ප්‍රතිලාභ ලබා ගැනීම යි. මුරකරුවන්ගේ වුවමනාව වන්නේ අනවසර පොල් අලෙවිය හරහා ලැබෙන අමතර ආදායමක් සහිත නිහඬ ජීවිතය යි.

p04rsmrn

පත් කරන ලද නියෝජිතයින් තම කැමැත්ත ඉටු කරන බව සහතික කිරීම ප්‍රධානියාගේ කැමැත්ත වනු ඇතැයි උපකල්පනය  කෙ‍රෙයි.  න්‍යාය මගින් පවසන්නේ නියෝජිතයාගේ මනාපයන් ප්‍රධානියාගේ මනාපයන්ට වඩා වෙනස් වන නිසාත්, ප්‍රධානියාට වඩා භූමියේ  තත්ත්වය පිළිබඳ වැඩි තොරතුරු නියෝජිතයා සතුව ඇති නිසාත්, මෙය අපහසු වනු ඇති බව යි. තමාට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීමට කැමති නම්, ප්‍රධානියා නිසි සැලකිල්ලෙන් නියෝජිතයන් තෝරාගෙන නිරතුරුව (උදාහරණ ලෙස, දුරස්ථ අධීක්ෂණ තාක්ෂණය භාවිතයෙන්, අහඹු ලෙස අනපේක්ෂිත සංචාර මගින් සහ වාර්තා කරන ලද පොල් අස්වැන්න හෝ විකුණුම් මත ප්‍රතිලාභ ගෙවීම ආදිය මගින්), නියෝජිතයින්ට නිසි දිරිගැන්වීම් ලබා දෙමින් ඔවුන්ගේ ක්‍රියාවන් උනන්දුවෙන් අධීක්ෂණය කළ යුතු ය.


මේ සියල්ල සඳහා ඉහළ ආයෝජන අවශ්‍ය වෙයි. නිදසුනක් වශයෙන්, කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රතිලාභ ගෙවීමේ දී, ඉහළ අස්වැන්නක් ලබා දෙන ශාක සහ විද්‍යාත්මකව පොහොර යෙදීම පිළිබඳ ප්‍රශ්නය අවශ්‍යයෙන් ම මතුවනු ඇත. අයිතිකරු මෙම  පිරිවැය දැරීමට කැමතිද? අස්වැන්න වැඩි වන විට, සොරකම් වැළැක්වීමේ ප්‍රශ්නයට අවධානය යොමු කළ යුතු වෙයි. වැටවල්, කැමරා, අනතුරු ඇඟවීමේ සංඥා, ආදී සියල්ලට ම මුදල් වැය වෙයි. ජනනය කරන ලද ප්‍රතිලාභවලින් කොටසක් මුරකරුට හිමි වන විට අතිරේක ආයෝජනයේ සම්පූර්ණ බර අයිතිකරු විසින් දැරීම සාධාරණද? අවදානම් සහ ආයෝජන බෙදාගැනීමේ ආකෘතියක් වඩාත් තිරසාර වේද? ඉහළ අස්වැන්නක් ලබා දෙන ශාක සහ විද්‍යාත්මක කෘෂිකාර්මික භාවිතයන් සඳහා වත්මන් මුරකරුට වඩා දක්ෂ සහ මිල අධික පුද්ගලයෙකුගේ සේවය අවශ්‍ය විය හැකි ය.

dirt path leads palm tree filled with coconuts 1134821 564

leibensteinහාවි ලයිබන්ස්ටයින් ඉහත අන්තර් පරායක්ත සාධක මගින් ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තයේ පහළ මට්ටමේ සමතුලිතතාවයේ අඛණ්ඩ පැවැත්ම පැහැදිලි කරයි. මෙය ප්‍රධාන-නියෝජිත බලපෑම මත පදනම් වූ x-කාර්යක්ෂමතාවය ලෙසද විස්තර කළ හැකි ය. X-කාර්යක්ෂමතාව යනු සමාගම් අවශ්‍ය තරම් කාර්යක්ෂමව ක්‍රියා නොකරන්නේ මන්දැයි පැහැදිලි කිරීම සඳහා හාවි ලයිබන්ස්ටයින් (Harvey Liebenstein) විසින් හඳුන්වා දෙන ලද සංකල්පයකි. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ තරගකාරී පීඩනය නොමැතිකම යි. නමුත් ප්‍රධාන - නියෝජිත බලපෑම් ද x-කාර්යක්ෂමතාවයට හේතු විය හැකි ය.


පොල් කර්මාන්තයේ ප්‍රශ්න විසඳීම මෙම ලිපියේ අරමුණ නොවේ. මෙහි දී අපගේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ රෝග අවබෝධ කර ගැනීමට උපකාර කිරීම සඳහා කුමන ආකාරයේ අවබෝධයක් ජනනය කළ හැකිද යන්න සලකා  බැලීම යි.

ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු හදා ගැනීම

 

1724665830 650x433"සියලු ම දේශපාලඥයන් අර්බුදකාරී තත්ත්වයට වගකිව යුතු හොරුන්" ය  යන අරගලයෙන් මතු වූ ආඛ්‍යානය ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සාර්ථක ලෙස යොදා ගනු ලැබී ය.

කෝපයට පත් පුරවැසියෝ, මාස ගණනාවක් පුරා පැවති බොහෝ දුරට සාමකාමී වූ විරෝධතා හරහා, අදක්ෂ ජනාධිපතිවරයෙකුට ඉල්ලා අස්වීමට බල කළහ. අනභිභවනීය ලෙස පෙනී සිටි පාලක පවුලක් අරගලයෙන් පසු පැවැති පළමු මැතිවරණයේ දී ප්‍රකාශිත ඡන්දවලින් සියයට 2.57 දක්වා අඩු මට්ටමට වැටිණි. "සියලු ම දේශපාලඥයන් අර්බුදකාරී තත්ත්වයට වගකිව යුතු හොරුන්" ය  යන අරගලයෙන් මතු වූ ආඛ්‍යානය ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා සාර්ථක ලෙස යොදා ගනු ලැබී ය. මන්ත්‍රීවරුන්ව සිටි 60කට අධික පිරිසක් මේ වන විට දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඇති අතර ඉදිරි මහ මැතිවරණයේ දී තවත් හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් පරාජයට පත්වීමට ඉඩ තිබේ.

එහෙත්, තීරණාත්මක මොහොතක පාර්ලිමේන්තුවට පහර දෙන ලෙස ඉල්ලා සිටි විට පුරවැසියෝ නතර වූහ. බංග්ලාදේශයේ මෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බලය මාරු වීම සිදුවීය. ආර්ථිකය අඩු වැඩි වශයෙන් ස්ථාවර වූ පසු මැතිවරණ පැවැත්විණි. සියයට 42ක ඡන්ද ප්‍රතිශතයකින් වුව ද, පරිධියේ සිටි පක්ෂයක් ඡන්දදායකයින් විසින් බලයට ඔසවා තබනු ලැබ ඇත. මහ මැතිවරණයේ දී ප්‍රකාශ කෙරෙන අඩු ඡන්ද සංඛ්‍යාවෙන් වැඩි ප්‍රතිශතයක් ජාතික ජන බලවේගය ලබා ගැනීමට ඉඩ ඇත.

ජනාධිපතිවරයෙකු එලවා දමා වසර දෙකකට පසුවත්, පිටස්තරයෙකු තේරී පත්වී මාසයකට පසුවත්, කෝපය, අවලාද කීම තවමත් පවතියි. තවමත් අවසන් වී නැති ආර්ථික අර්බුදයට සහ ආර්ථික වර්ධන මාවතකට පැමිණීමේ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති රටකට මෙය ඵලදායි තත්ත්වයක් නොවේ.

 

coconute පොල් වංචා කළා යැයි සැක කළ ප්‍රධාන මුරකරු දොට්ට දමා, අවංකව කටයුතු කරන බවට පොරොන්දු වූ අලුත් අයෙක් අප පත්කර ගෙන ඇත. ඒ පුද්ගලයා තම කැපවීම පෙන්වීමට ඉඩමේ වැඩ කරන අනෙක් අයගේ වැටුප් කප්පාදුවක් පවා යෝජනා කර ඇත.

පොල්-ඉඩම් පිළිබඳ පැහැදිලි කිරීමට ආපසු යන්නේ නම්, පොල් වංචා කළා යැයි සැක කළ ප්‍රධාන මුරකරු දොට්ට දමා, අවංකව කටයුතු කරන බවට පොරොන්දු වූ අලුත් අයෙක් අප පත්කර ගෙන ඇත. ඒ පුද්ගලයා තම කැපවීම පෙන්වීමට ඉඩමේ වැඩ කරන අනෙක් අයගේ වැටුප් කප්පාදුවක් පවා යෝජනා කර ඇත.

නමුත් මෙම ඔළුගෙඩි මාරුව ප්‍රමාණවත් නැත. ඉහළ අස්වැන්නක් ලබා දෙන පැල සහ විද්‍යාත්මකව පොහොර යෙදීම සඳහා අපි වැඩි ආයෝජනයක් කළ යුත්තෙමු. අපගේ ආයෝජන කළමනාකරණය කිරීම සඳහා අප බඳවා ගන්නා පුද්ගලයින්ගේ සුදුසුකම් සහ කුසලතා පිළිබඳව අප ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නේද?

 

p04w3j0n අඩු වැටුප් ලබන සේවකයින් පොල් හොරකම් කිරීමට සහ පොහොර පිටතට විකිණීමට පෙළඹීමට හේතු විය හැකි බැවින් යෝජිත වැටුප් කප්පාදුව මුදල් වශයෙන් අනුවණ ක්‍රියාවක් නොවන්නේද?

පිටස්තරයින් සහ/හෝ මුරකරුවන් විසින් ම අපව නැවත කොල්ලකෑමට ලක් නොකරන බවට සහතික වීමට අප නිවැරදි ආරක්ෂක පද්ධති ස්ථාපනය කරනවාද? අපගේ නියෝජිතයින්ගේ අවශ්‍යතා අපගේ අවශ්‍යතා සමඟ එකට ගැළපෙන ලෙස අප නිවැරදි දිරිගැන්වීම් සකස් කරනවාද? අඩු වැටුප් ලබන සේවකයින් පොල් හොරකම් කිරීමට සහ පොහොර පිටතට විකිණීමට පෙළඹීමට හේතු විය හැකි බැවින් යෝජිත වැටුප් කප්පාදුව මුදල් වශයෙන් අනුවණ ක්‍රියාවක් නොවන්නේද?

අප වෙනුවෙන් පාලනය පැවරී ඇති නියෝජිතයින්ගේ ගුණගරුක බවින් පමණක් ප්‍රජාතන්ත්‍රවාදය වැඩි ප්‍රතිලාභ ලබා දෙනු ඇතැයි සිතිය නොහැකි ය. අප සිරවී සිටින පහළ  මට්ටමේ සමතුලිතතාවයෙන් මිදීමට නම්, යහපත් චේතනා සහ සදාචාරාත්මක වටිනාකම්වලට වඩා වැඩි යමක් අවශ්‍ය වෙයි.

Aragala 2022.07.09

අරගලයේ  විරෝධතාකරුවන්ට වැටහුණු පරිදි අපට ක්‍රමයේ වෙනසක් අවශ්‍ය ය. 2023 දී පනවන ලද පනත් දෙකක් වන දූෂණ විරෝධී පනත සහ මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත වැනි නව නීති සම්පාදනය කිරීමත් සමඟ ක්‍රමයේ වෙනස ආරම්භ විය. අපේක්ෂකයන්ගේ වත්කම් ප්‍රකාශ සියලු දෙනාට ම දැකගත හැකි වීම (දූෂණ විරෝධී පනතේ ප්‍රතිඵලයක්) සහ මහ මැතිවරණයේ දී අඩු වියදම් ප්‍රචාරක ක්‍රම වෙත මාරුවීම (මැතිවරණ වියදම් නීතියේ ප්‍රතිඵලයක්) සමඟින් ප්‍රතිඵල පෙනෙන්නට පටන් ගෙන තිබේ.


දොස් පැවරීමේ ක්‍රීඩාව දිගට ම කරගෙන යාම වෙනුවට මෙම සාර්ථකත්වයන් මත ගොඩනැගීමට අපට ක්‍රියා කළ හැකිද?

 

(මහාචාර්ය රොහාන් සමරජීව)
දේශපාලන හා සමාජ ක්‍රියාකාරික  

rohan@lirneasia.net

(මෙම ලිපිය 'අනිද්දා' ජාතික පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...