The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලංකාවේ පද්ධතිමය වෙනසකට මාවත: සහාය දීමත්, සුපරීක්ෂාකාරිත්වයත් අවශ්‍යයි - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

November 8, 2024 • 6:42 AM

ලංකාවේ පද්ධතිමය වෙනසකට මාවත: සහාය දීමත්, සුපරීක්ෂාකාරිත්වයත් අවශ්‍යයි - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහුගේ ප්‍රවේශය සනිටුහන් කරනු ලබන්නේ සහකම්පනය, විනිවිදභාවය සහ සභාගයකින් දිව වෙන ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයක් අවධාරණය කිරීම මඟිනි.
  • එම ප්‍රවේශය නියෝජනය කරන්නේ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ආධිපත්‍යය දැරූ දේශපාලන ප්‍රභූ පැලැන්තිය අනුගමනය කල ප්‍රවේශයෙන් සැලකිය යුතු ලෙස වෙනස්ව යෑමකි.
  • ඔහුගේ ජයග්‍රහණය අධිපතිවාදී දේශපාලනය, ඥාති සංග්‍රහය, දූෂණය සහ වග වීම් රහිත බව ප්‍රතික්ෂේප කිරීම ක් දක්වා ලයි.
  • එහෙත් ඉදිරියට ඇති ගමන අභියෝගාත්මක එකක් ලෙස පවතියි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහුගේ ප්‍රවේශය සනිටුහන් කරනු ලබන්නේ සහකම්පනය, විනිවිදභාවය සහ සභාගයකින් දිව වෙන ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයක් අවධාරණය කිරීම මඟිනි. එම ප්‍රවේශය නියෝජනය කරන්නේ 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු ආධිපත්‍යය දැරූ දේශපාලන ප්‍රභූ පැලැන්තිය අනුගමනය කල ප්‍රවේශයෙන් සැලකිය යුතු ලෙස වෙනස්ව යෑමකි.

 

නව අග්‍රාමාත්‍යවරිය දිවුරුම් දෙයි
ඔහුගේ ජයග්‍රහණය අධිපතිවාදී දේශපාලනය, ඥාති සංග්‍රහය, දූෂණය සහ වග වීම් රහිත බව ප්‍රතික්ෂේප කිරීම ක් දක්වා ලයි. එය “අරගලය” ව්‍යාපාරය විසින් සැබෑ වෙනසක් සඳහා කරන ලද ඉල්ලීම සමඟ පිළිරැව් දෙන ජයග්‍රහණයක් වේ. මුල් ඇද තිබෙන දේශපාලන භාවිතාවෙන් බිඳී යාමක් පෙන්වා දෙමින් ගෞරවාදරයට පත් මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරිය වශයෙන් පත් කිරීම, මෙම විතැන් වීම අවධාරණය කරයි.

එහෙත් ඉදිරියට ඇති ගමන අභියෝගාත්මක එකක් ලෙස පවතියි. මහජන ඡන්දයෙන් සියයට 17ක් පමණක් ලැබූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කතිකා කර ගත් කප්පාදු කිරීමේ පියවර වලින් පිට පනිනවාට එරෙහිව ‘දැනමුතුකම්’ දී ඇත. එසේ කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසාධනය සඳහා බාහිර මූල්‍ය ආධාර ලබා ගැනීම කෙරෙහි බල පෑ හැකි බවට ඔහු අනතුරු අඟවා තිබේ. ඉදිරියට යෑමේ දී, නව පරිපාලනය, සිය ආධාරකරුවන්ගේ අනුබලය ද ඇතිව, අතීතයේ කල වැරදි යලි සිදු නොකරන බවට වග බලා ගත යුතුය. මෙම ප්‍රතිසංස්කාරක මාවත පිළිබඳව විශ්වාසනීයත්වය පවත්වා ගැනීම සඳහා - දිසානායක ජනාධිපතිවරයා පමණක් නොව මහජනතාව ද - සුපරීක්ෂාකාරී ව සිටීම අත්‍යවශ්‍ය වේ.

ප්‍රධාන කරුණු තුනක්: බැඳියා ගැටුම, දූෂණය සහ සුදුසුකම

1. බැඳියා ගැටුම :

ජනපති අනුර තනතුරු දෙන්නේ හිතවතුන්ට ද?'
බැඳියා ගැටුමක් පැන නඟින්නේ පොදු යහපතට ප්‍රමුඛත්වය දිය යුතු තීරණ කෙරෙහි කෙනෙකුගේ පුද්ගල සම්බන්ධතා හෝ මූල්‍ය පරදු හෝ බලපෑම් කරන විට යි. ලොව පුරා රජයේ ආයතන, විශේෂයෙන් මහජන සේවයේ නිරත ආයතන, එවැනි ගැටුම්වල තිබෙන බරපතලකම හඳුනා ගනී. පොදුවේ ගත් කල, එවැනි තත්වයන් ආමන්ත්‍රණය කිරීම සඳහා නියාමන පනවා තිබේ.

රජයේ සේවකයින් පුද්ගලික අවශ්‍යතාවලට වඩා සිය රාජකාරි කටයුතුවලට මුල් තැන දෙන බව සහතික කිරීම මත මහජන විශ්වාසය රඳා පවතියි. සියලු පත්වීම් කිරීමේ දී විය හැකි ගැටුම් පිළිබඳව ඒවා ස්ථිර කරන්නට පෙර සියුම් අන්දමින් පරීක්ෂාවට ලක් කිරීමෙන්, ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මෙම ප්‍රතිපත්තිය වෙත කැපවී කටයුතු කල යුතු වේ.

 

රාජපක්ෂ දේශපාලන ඉතිහාසය සහ අනාගතය !
ඉතිහාසය දෙස බලන විට, සේනානායක වරු, බණ්ඩාරනායක වරු සහ රාජපක්ෂ වරු වැනි බලගතු අධිපති පවුල් ශ්‍රී ලංකා දේශපාලනය අභිභවනය කර තිබුනි. ඔවුහු බොහෝ විට ආණ්ඩුවේ ප්‍රධාන තනතුරුවලට සිය ඥාතීන් සහ හිතවතුන් පත් කළහ.

ඥාති සංග්‍රහය සහ අනිසි ලෙස අනුග්‍රහ දැක්වීම යලි හිස එසවීම වළකා ලීමට නම් තනතුරු සඳහා කරන පත් කිරීම් නව පරිපාලනය විසින් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු ය. ජනතාවට සේවය කිරීම සඳහා තෝරා ගන්නා ලද අය ජාතික ඵල ප්‍රයෝජන වෙනුවෙන් ඉහළම මට්ටමේ අවංක භාවයෙන් හා පක්ෂපාතිත්වයෙන් යුතුව කටයුතු කිරීම අනිවාර්යය වේ. ඔව්හු පරිපාලනයේ ප්‍රගතිශීලී ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගය දක්වන වග වීමේ සංස්කෘතියක් පෝෂණය කළ යුතුය.


2. දූෂණය :


පසුගිය පාලන තන්ත්‍ර, විශේෂයෙන් ම රාජපක්ෂ පරිපාලනය යටතේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය දැඩි ලෙස වළක්වා ලමින් දූෂණය අරුම සහගත මට්ටම් කරා ළඟා වූයේය. හම්බන්තොට වරාය සහ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වැනි ව්‍යාපෘති අවකළමනාකරණය පිළිබඳ මිල අධික සංකේත ලෙස පවතී. මෙවැනි ව්‍යාපෘති තුලින් මහජන අරමුදල් යොමු කරන ලද්දේ ජාතියේ යහපත වෙනුවෙන් නොව කිහිප දෙනෙකුගේ ඵල ප්‍රයෝජන වෙනුවෙනි. මෙම ආයෝජන ප්‍රමාණයට අනුකූල ප්‍රතිලාභ ජනතාවට ලබා දීමෙන් තොරව රට ණය බරෙහි ගිල්වා ලීය. මේ අනුව, එවැනි ආයෝජන පවත්නා ආර්ථික අර්බුදයට සැලකිය යුතු අන්දමින් දායක වී ඇත.

තීරණාත්මක ලෙසත්, අප්‍රමාදවත් දූෂණය ආමන්ත්‍රණය කරනු ලබන බව තහවුරු කරන්නට නම් නව ආණ්ඩුව වග වීමේ ක්‍රම පද්ධතීන් ස්ථාපිත කල යුතුය.

විනිවිදභාවයත්, මහජන අධීක්ෂණයත් ආණ්ඩුවේ ආර්ථික උපාය මාර්ග සහ එහි ක්‍රියාකාරිත්වයන් යන දෙකටම අත්‍යවශ්‍ය විය යුතුය. පාලනයක් නැතිව කරනු ලබන වියදම් සහ මූල්‍ය අවකළමනාකරණය සඳහා පවතින අවස්ථා එයින් අවම කල හැකි වනු ඇත. මහජන විශ්වාසය යථා තත්වයට පත් කිරීම සඳහා ත් තිරසාර ආර්ථික සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ත් එවැනි පියවර තීරණාත්මක වනවා ඇත.


3. සුදුසුකම :

ජන රැල්ලත් මුහුදු රැල්ල වගේ - (මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)
රජයේ පත් කිරීම් වලදී බොහෝ විට අවධානය යොමු කරන්නේ විධිමත් සුදුසුකම් කෙරෙහි යි. එසේ වුවත්, මෙම අවධාරණය කිරීම මගින් හැම විටම නිපුණතාවය සහතික කොට හෝ දූෂණය හා අකාර්යක්ෂමතාව වළක්වා නොමැත. ඒ වෙනුවට, අධ්‍යයන සුදුසුකම් පමණක් නොව අත්දැකීම, සදාචාරාත්මක අවංකත්වය සහ ජනතා සේවය වෙත තිබෙන අව්‍යාජ කැපවීම ද ඇතුළත් කර ගන්නා ලෙස තෝරා ගැනීමේ ක්‍රියාවලිය ඒ සඳහා යොදා ගන්නා නිර්ණායක පුළුල් කළ යුතුය. තනතුරු පිරිනැමිය යුත්තේ දේශපාලන බල වේග කෙරෙහි දක්වන පක්ෂපාතිත්වය ට වඩා ජාතික ඵල ප්‍රයෝජන වෙනුවෙන් කටයුතු කරන්නට කෙනෙකු සතුව තිබෙන ඔප්පු කරන ලද ඉතිහාසයත්, ඒ සඳහා ඔහු සතු හැකියාවත් පදනම් කර ගෙන යි.

සමාප්තිය

නව පාලනයක් නායකත්වයේ ඇතිව ශ්‍රී ලංකාව තීරණාත්මක සන්ධිස්ථානයකට අවතීර්ණ ව සිටී. දිසානායක ජනාධිපතිවරයාත්, අමරසූරිය අග්‍රාමාත්‍යවරියත් ජනතාවගේ සුබසාධනයට ප්‍රමුඛත්වය දෙන්නට ඔවුන් සතු අභිප්‍රාය පෙන්වා තිබේ. කෙසේ වෙතත්, ඔවුහු නිසැකවම කලින් බලයේ සිටියවුන් ගේ විරෝධයට ලක් වෙනවා ඇත.

බැඳියා ගැටුම, දූෂණය සහ සුදුසුකම් පිළිබඳව තිබෙන පටු දැක්මක් වැනි ඉදිරි ගමනට එල්ල විය හැකි තර්ජනවලට එරෙහිව සුපරීක්ෂාකාරී ව සිටිමින් මෙම පරිපාලනයේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතා සහයෝගය අත්‍යවශ්‍ය වේ. සාධාරණත්වය, වගවීම සහ තිරසාර වර්ධනය මඟින් අර්ථ දක්වන ලද අනාගතයක් දෙසට ශ්‍රී ලංකාවට ගමන් කළ හැක්කේ මෙම ප්‍රතිපත්ති වෙත කරන සාමූහික කැපවීමක් තුළින් පමණකි.


ආර්ථික අර්බුදය ගැන ආචාර්ය ලයනල් බෝපගේ විග්‍රහයක් - (පළමුවන කොටස)(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

2024 නොවැම්බර 6 වන දා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...