The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඇමෙරිකන් බොක්සිං

T

The Leader Desk

November 10, 2024 • 9:17 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : ඇමෙරිකන් බොක්සිං

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • බොක්සිං ක්‍රීඩාව මිනිස් ඉතිහාසයේ ඉතා ඈතට දිව යන්නකි.
  • ක්‍රිස්තු පූර්ව 688 දී පමණ, එය ඔලිම්පික් තරගාවලියටද ඇතුළත් කෙරිණි.
  • තම ප්‍රතිවාදිනිය කමලා හැරිස් හා බොක්සිං ශූර මයික් ටයිසන් අතර බොක්සිං තරගයක් පැවැත්වුවහොත්, එය ඉතා උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයි ඔහු පැවසුවේ සුපුරුදු සරදම් ස්වරයෙනි.
  • ටයිසන් මුහුණ දුන් තරග 21 කදීම, ඔහු මුල් වටයේදීම ප්‍රතිවාදියා බිම හෙළීමට සමත් විය.
අකුරු ප්‍රමාණය (Font Size):

බොක්සිං ක්‍රීඩාව මිනිස් ඉතිහාසයේ ඉතා ඈතට දිව යන්නකි. එහි ආරම්භය දැකගත හැක්කේ, ඊජිප්තුවේ හා සුමේරියාවේ පැරණි කැටයම් තුළය. ක්‍රිස්තු පූර්ව 688 දී පමණ, එය ඔලිම්පික් තරගාවලියටද ඇතුළත් කෙරිණි. ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, කියුබාව වැනි රටවල මහත් සේ ජනප්‍රිය ක්‍රීඩාවක් වන බොක්සිං සඳහා විශේෂ ප්‍රේක්ෂක සමූහයක්ද වෙති.

 

බොක්සිං ඉතිහාසය දෙසට, අද ‘හීසරය’ යොමු වුණේ, පසුගියදාක, ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබූ කතාවක් නිසාය. තම ප්‍රතිවාදිනිය කමලා හැරිස් හා බොක්සිං ශූර මයික් ටයිසන් අතර බොක්සිං තරගයක් පැවැත්වුවහොත්, එය ඉතා උණුසුම් ස්වරූපයක් ගනු ඇතැයි ඔහු පැවසුවේ සුපුරුදු සරදම් ස්වරයෙනි.

කෙසේ වෙතත් ඇමෙරිකානු කාන්තා පක්ෂයෙන් නම් එයට විරෝධතා එල්ල වුණි. ට්‍රම්ප්ගේ මුඛරි කට ගැන කවුරුත් දනිති.

 

මයික් ටයිසන්
ඇමෙරිකානු කළු ජාතිකයකු වන මයික් ටයිසන්, බොක්සිං ක්ෂේත්‍රය තුළ හැඳින්වුණේ ‘යකඩ මිනිසා’ (Iron Man) යන විරුද නමිනි. ඉන් පළ වූයේ ඔහුගේ ප්‍රහාරක ශක්තියයි. ටයිසන් මුහුණ දුන් තරග 21 කදීම, ඔහු මුල් වටයේදීම ප්‍රතිවාදියා බිම හෙළීමට සමත් විය.

ලෝක දේශපාලනයේදී, ‘යකඩ ගැහැනිය’ (Iron Lady) ලෙස නම් ලැබුවේ, එක්සත් රාජධානියේ අගමැතිනියකව සිටි මාග්‍රට් තැචර්ය. එහෙයින්, ට්‍රම්ප්ගේ කතාව වඩාත් ගැලපෙන්නේ අදට නොව එදාට යැයි, මාධ්‍යවේදියෝ කියති. ඔවුන් අනුමාන කරන විදිහට, මයික් ටයිසන් හා මාග්‍රට් තැචර් අතර බොක්සිං තරගයකදී, තැචර් දිනන්නටත් ඉඩ තිබේ.

කවුද මේ කමලා හැරිස්? ඇමරිකානු ජනාධිපතිවරණයේ දකුණු ආසියානු 'නෙළුම'කමලා හැරිස්

කමලා හැරිස්ට නම්, බොක්සිං බැරිය. ඇය සුරූපී කාන්තාවකි. ඇගේ සිනාවට ට්‍රම්ප් පවා වසඟ විය.

මෑතකදී ඇමෙරිකාවේ කළ සමීක්ෂණයකදී එරට සිටි ජනාධිපතිවරුන් අතරින් ‘සරාගීතම ජනපති’ ලෙස තේරුණේ, බැරක් ඔබාමාය. දෙවැනියා ෆ්‍රැන්ක්ලින් ඩි. රුස්වෙල්ට්ය. තෙවැනියා ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඒබ්‍රහම් ලින්කන්ටත් තැනක් හිමි වූ මේ සමීක්ෂණයේදී, කඩවසම් ජෝන් එෆ්. කෙනෙඩි මගහැරී යාම පුදුමයකි.

සිරි ලංකාවේ එබඳු තරගයක් හෝ සමීක්ෂණයක් පැවැත්වුවහොත්, කවරකු ‘සරාගීතම ජනපති’ වනු ඇත්දැයි නිගමනය කිරීම පාඨක ඔබට පවරමි. මගේ කෝණයෙන් නම්, එහි මුල් තැන ගනු ඇත්තේ, ජනාධිපතිවරයකු නොව ජනාධිපතිනියකි. ඇයට තිබුණේ, කමලා හැරිස්ටද නැති තරමේ, මිහිරි සිනාවකි.

හේ ඩොනල්ඩ් ට්‍රම්ප් නම් විය...- මහේෂ් හපුගොඩඩොනල්ඩ් ට්‍රම්ප්

 

ඇමෙරිකාවේ ජනාධිපතිවරණය, ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා අතර කරට කර තරගයක් වී ඇතැයි සැලකුණත්, අවසානයේ ට්‍රම්ප් ජය ගත්තේ සුන්දර කමලාවගේ මුහුණ අඳුරු කරමිනි.

ට්‍රම්ප්, ගබ්සාවට එරෙහි ප්‍රතිපත්තියක් ඇත්තෙකි. එහෙයින්, ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ඇමෙරිකාවේ ජනගහනය ශීඝ්‍රයෙන් වැඩිවීමට නියමිතය. එක් කාටූනයක දැක්වුණු අන්දමට, ගබ්සාවකට සූදානමින් සිටින, අවිවාහක තරුණ යුවළක්, ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු, මෙසේ කතා වෙති.

“දැන් අපි මොකද කරන්නෙ?” තරුණිය අසයි.

“ඇබෝෂන් එක පැත්තකට දාලා, කසාද බඳිමු. දරුවට නම දාමු ඩොනල්ඩ් කියලා.” තරුණයා කියයි.

තවත් කාටූනයක මෙසේ දැක්වුණි.

 

විදේශ
“ට්‍රම්ප්, සංක්‍රමණිකයන්ට රස්සාවල් දෙන එක නවත්තනවලු. ඒ විතරක් යැ, යුද්ධවලට මැදිහත් වෙන එකත් නවත්තනවලු.”

ඇමෙරිකාවට පැමිණ සිටින, අප්‍රිකානුවෙක් තම, අරාබි මිතුරකු හා පවසයි.

“ඒවා ‘අයි.එස්.අයි.එස්’ එක බලා ගනීවි” අරාබියා පවසයි.

මේ දිනවල, අන්තර්ජාල වෙබ් අඩවිවලද, ට්‍රම්ප් ගැන රස කතා පළ වෙයි. මේ, ඉන් එකකි.

ගැහැනියක හා වාද කර, දෙවරක්ම ජයගත්, එකම පිරිමියා, ඩොනල්ඩ් ට්‍රම්ප්ය.(මීට පෙර ඔහු, හිලරි ක්ලින්ටන්වද පරාජයට පත් කර තිබුණි.)

ට්‍රම්ප් හා තරග වැදී සිටි, ජෝ බයිඩ්න්ට ඉන් ඉවත් වීමට සිදුවූයේ, ඔහුගේ කායික දුබලතා නිසාය. ඔහු තැන තැන, පය පැකිළී ඇද වැටුණි. කතා අතරමැද, නම් ගම් අමතක වුණි. බයිඩ්න්ගේ ලේකම්වරිය, ඔහුට, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ගැන සැල කළාය.

ට්‍රම්ප් කුණාටුව ඩිමොක්‍රටික් සිහින වනසයි! - (රංජිත් කුමාර සමරකෝන්)බයිඩ්න් - කමලා

 

“ඇයි මේ පාර ජෝ බයිඩ්න් ඉල්ලුවෙ නැද්ද?”

බයිඩ්න් අසයි. ඔහුට තමාවත් අමතකව ගොසිනි.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...