The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සමෘද්ධිය කරා - පස් වන සහ අවසාන කොටස - (ලයනල් බෝපගේ)

T

The Leader Desk

November 10, 2024 • 11:20 AM

ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සමෘද්ධිය කරා - පස් වන සහ අවසාන කොටස - (ලයනල් බෝපගේ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • IMF වැඩසටහන් සහ සාධාරණත්වය අප කලින් පෙන්වා දී ඇති පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් සංවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවක් පෙනෙන්නට තිබුණද, ඒවා සමාජ-ආර්ථික සාධාරණය සහ සම අවස්ථාවන් ලබා දීම සඳහා බලපාන කරුණු සම්බන්ධයෙන් සළකා බලන්නේ හෝ කටයුතු කරන්නේ නැත.
  • ඔවුන්ගේ එකම සූත්‍රය වන්නේ සමාජ සුබසාධන ප්‍රතිලාභ දැඩි ලෙස කප්පාදු කිරීම් සහ වැඩි ආදායමක් සඳහා බදු පදනම පුළුල් කිරීම ත් සමග ආයෝජකයින්ට වැඩි ලාභ උපදවා ගැනීම සඳහා වෙලඳපොලවල් ලිබරල් තත්වයට පත් කිරීම යි.
  • කෙසේ වෙතත්, ක්‍රියාවට නැංවීමෙන් පසු ආර්ථික සංවර්ධනය, සමාජ ස්ථාවරත්වය සහ මූල්‍ය බර සාධාරණ ලෙස බෙදා හදා ගැනීම අතින් කිසි තැනක මෙම සිද්ධාන්තය සාර්ථක වී නැත.
  • සාක්‍ෂිවලින් පෙනී යන්නේ IMF නිර්දේශ අනුගමනය කරන රටවල බහුතරයක් ජන කොටස් මූල්‍ය වශයෙන් ආතතියට, බොහෝ අවස්ථාවල දී උග්‍ර ආතතියට ගොදුරු වී ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

IMF වැඩසටහන් සහ සාධාරණත්වය

අප කලින් පෙන්වා දී ඇති පරිදි, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන් සංවර්ධනය කෙරෙහි පමණක් අවධානය යොමු කරන බවක් පෙනෙන්නට තිබුණද, ඒවා සමාජ-ආර්ථික සාධාරණය සහ සම අවස්ථාවන් ලබා දීම සඳහා බලපාන කරුණු සම්බන්ධයෙන් සළකා බලන්නේ හෝ කටයුතු කරන්නේ නැත. ඔවුන්ගේ එකම සූත්‍රය වන්නේ සමාජ සුබසාධන ප්‍රතිලාභ දැඩි ලෙස කප්පාදු කිරීම් සහ වැඩි ආදායමක් සඳහා බදු පදනම පුළුල් කිරීම ත් සමග ආයෝජකයින්ට වැඩි ලාභ උපදවා ගැනීම සඳහා වෙලඳපොලවල් ලිබරල් තත්වයට පත් කිරීම යි.

 

IMF අනුමත වූ පසු කැබිනට් සංශෝධනයක් !

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව ඇතුළුව ලොව පුරා බොහෝ සමාජවල බහුල ව සහ ප්‍රමුඛ ව පවතින සමාජ-ආර්ථික සාධාරණත්වය පිළිබඳ ගැට‍ළු ගැන සොයා බලන්නේ නැත. පහළට කාන්දු වීමේ ආර්ථික විද්‍යා සිද්ධාන්තය ඔවුන්ගේ භාවිතාවට පදනම සපයයි. කෙසේ වෙතත්, ක්‍රියාවට නැංවීමෙන් පසු ආර්ථික සංවර්ධනය, සමාජ ස්ථාවරත්වය සහ මූල්‍ය බර සාධාරණ ලෙස බෙදා හදා ගැනීම අතින් කිසි තැනක මෙම සිද්ධාන්තය සාර්ථක වී නැත.

IMF වැඩසටහන: ශ්‍රී ලංකාව ඉටු කර නැත්තේ මොනවාද?

 

සාක්‍ෂිවලින් පෙනී යන්නේ IMF නිර්දේශ අනුගමනය කරන රටවල බහුතරයක් ජන කොටස් මූල්‍ය වශයෙන් ආතතියට, බොහෝ අවස්ථාවල දී උග්‍ර ආතතියට ගොදුරු වී ඇති බවයි. IMF අරමුදලේ සංඛ්‍යාලේඛනවලට අනුව, එහි නිර්දේශ පිළිපැදීමෙන් පසු පවා, 2027 වන විට ශ්‍රී ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 30ක් එහි විදේශ ණය ගෙවීම සඳහා යෙදවීමට සිදු වනු ඇත. IMF අරමුදලේ නිර්දේශ මත පමණක් රඳා පවතිනවාට වඩා, මෙම ප්‍රශ්නය බරපතල ලෙස සලකා බැලිය යුතුය.  

සාධාරණත්වය පිළිබඳ ගැට‍ළු ආමන්ත්‍රණය කිරීම සඳහා විකල්ප මාර්ග වෘත්තීයමය වශයෙන් සැලසුම් කොට, වැඩි දියුණු කොට, ක්‍රියාත්මක කළ යුතු වේ.

සැප්තැම්බර් විසි දෙක ම අපි වැඩ පටන් ගන්නවා - AKDවෛද්‍ය නිහාල් අබේසිංහ

එසේ නොකළහොත්, සමාජ-ආර්ථික වශයෙන් ඇති බලාපොරොත්තු සුන් වීම්, වීදි උද්ඝෝෂණ හා විරෝධතා දක්වා වර්ධනය වෙනවා ඇත. NPP යේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ සහෝදරයා විසින් විස්තර කර ඇති පරිදි, සාකච්ඡා සහ ගිවිස ගැනීම් මගින් එවැනි වෙනස්කම් නිරාකරණය කර ගැනීමේ ප්‍රවේශය, ප්‍රශංසනීය එකක් වෙයි. එසේ වුවද, IMF අරමුදල පනවා ඇති මූල්‍ය සීමාවන් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය මර්දනය සහ බලහත්කාරය යොදා ගන්නා බොහෝ උදාහරණ ලෝකයේ වෙනත් තැන්වල සමාජ යථාර්ථයන් විසින් දක්වා ඇත.

නිගමනය

මහා මැතිවරණය කල් යයි ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
සිය වසකට ආසන්න කාලයක සිට දුටු සිහින සැබෑ කර ගැනීමට ඇති හැකියාවත් සමග ශ්‍රී ලංකා වාසී ජනතාවට උද්යෝගිමත් කාලයක් එළඹී තිබේ. ශ්‍රී ලංකාවේ නව දේශපාලන පසුබිමත් සමඟ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ වදිමින් නැවුම් මුහුණු රැසක් දිස් වී තිබේ. අනාගතයේ දී පළාත් / පළාත් පාලන මැතිවරණ පවත්වන අවස්ථාව වන විට මෙම විවිධත්වය තවත් පුළුල් විය හැකිය.

පාර්ලිමේන්තුව යනු ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා අවධානය යොමු කරන උත්තරීතර ආයතනය වෙයි. ශ්‍රී ලංකාව වැනි බහුත්වවාදී සමාජයක් තුළ ඉහළම මට්ටමේ ඇතුළත් කර ගැනීම්, සහභාගිත්වය, උපදේශනය සහ සම්මුති ගොඩනැගීම සඳහා එය ඉඩ සැලසිය යුතුය.

 

විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව 18 දා කොළඹ දි කතිකාවක්

එසේම, අපේ අනාගතය රඳා පවතින්නේ මැතිවරණ ක්‍රියාවලිය ද ඇතුළුව සියලු අහිතකර ගුණාංග ඇතුළත් කර ගන්නා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නව ව්‍යවස්ථාදායකයට තිබෙන හැකියාව මතයි. නව ව්‍යවස්ථාදායකය ශ්‍රී ලංකාවේ බහුත්වවාදී සමාජය සමන්විත කරන සියළුම පුරවැසියන් අතර සමානාත්මතාවය, සාධාරණත්වය සහ සමගිය පෝෂණය කරන නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත යුතුය.

එය ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම වාසය කරන විවිධ ජන ප්‍රජාවන්ට දායක විය හැකි සියළු දෙනා ඇතුළත් කර ගන්නා පාලන තන්ත්‍රයකට ඉඩ සකසා දිය යුතුය. අනාගත පරම්පරාවන් වෙනුවෙන් එවැනි පරිසරයක් සකස් කිරීමේදී ව්‍යවස්ථාදායකය සාධනීය සංවාදයක් ඇතුළත් කර ගන්නා අන්දමට පහසුකම් සලසා දෙන විවෘත එකක් විය යුතුය.

 



අනෙක් අතට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ ඇතිව හෝ නැතිව ශ්‍රී ලංකාවට සිය ආර්ථික අගාධයෙන් ගොඩ ආ යුතුව ඇත. NPP ය ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට තිබෙන එකම විසඳුම ලෙස IMF නිර්දේශ සලකන බවක් නො පෙනේ. කෙසේ වෙතත්, පසුගිය ජනාධිපතිවරයා සහ ඔහුට සහය දුන් පාලන තන්ත්‍රය විසින් එළැඹි ගිවිසුම ඊට පිටින් කටයුතු කිරීමට NPP යට දැනට ඉඩ ලබා දෙන්නේ නැත.

මතු වී ඇති ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා NPP යට විකල්ප මාවත් ඇති බව පෙනේ. ඒවා නුදුරු අනාගතයේ දී IMF අරමුදල සමඟ සාකච්ඡා කොට සම්පූර්ණ කිරීම සඳහා නියමිත ය. මහ මැතිවරණය හේතුවෙන් ඒ සාකච්ඡා ප්‍රමාද වී ඇති බවක් පෙනේ.

NPP ය ජනතාව වෙත ලබා දී ඇති ප්‍රතිඥාවන් ඉටු කරන්නට සහ තම ප්‍රතිපත්ති වේදිකාව ක්‍රියාත්මක කරන්නට පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් නියෝජනයක් අපේක්ෂා කරයි. මෙය යථාර්ථයක් වීමට නම්, NPP යට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක නියෝජනයක්, හෝ ප්‍රමාණවත් දේශපාලන සංවේදීතාවක් සහිත ජනතාවාදී විපක්ෂයක් තිබිය යුතුය. එවැනි විපක්ෂයක් විසින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ද ඇතුළුව පද්ධතිමය වෙනසක් කිරීම සඳහා පාලන තන්ත්‍රය තුළ සිදු කළ යුතුව තිබෙන දැඩි වෙනස්කම් කරන්නට සහය දීම හෝ අනුග්‍රහය දැක්වීම කල යුතු වේ.

තේරී පත් වනු ලබන ව්‍යවස්ථාදායකය ප්‍රශ්න දෙස සාකල්‍ය ලෙස බැලීමට සූදානම් නැත්නම්, එක තනි ප්‍රජාවක, තනි භාෂාවක, තනි භක්තියක හෝ තනි දේශපාලන පක්ෂයක දෘෂ්ටිකෝණවලට සීමා වී ඒ ප්‍රශ්න දෙස බලන්නේ නම්, ඉදිරියට යාම දුෂ්කර වනු ඇත.

 

වර්තමාන පාර්ලිමේන්තුව ජනතාවගේ මුදල් නාස්ති කරන තැනක් නොවේ'
ව්‍යවස්ථාදායකයට අප ජීවත් වන බහුවිධ සමාජයේ ප්‍රශ්න ගැන සලකා බැලිය හැකි සියල්ල වැළඳ ගන්නා දැක්මක් තිබිය යුතු වේ. ඓතිහාසික වශයෙන් ගත් විට, පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ මෙම කාර්යභාරය ඉටු කර නොමැත. එවැනි විපක්ෂයක් නව පාර්ලිමේන්තුවට පත් කර ගනු ඇත්ද යන්න පවතින උභතෝකෝටික ප්‍රශ්නය වේ.

NPP යට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් ලැබීම උදව්වක් නොවනු ඇති බවට මතයක් තිබේ. තවත් මතයක් වන්නේ තේරී පත් වනු ලබන බොහෝ සාමාජිකයින්ට දූෂණය, නාස්තිය සහ අවකළමනාකරණය මැඩපැවැත්වීම සඳහා ඉදිරිපත් කරන යම්කිසි ව්‍යවස්ථාදායක පියවරකට විරුද්ධ වීමට දුෂ්කර වනු ඇති බවයි. එසේ වුවද, කළ යුතුව තිබෙන අත්‍යවශ්‍ය වෙනස්කම් කිරීම සඳහා ධනාත්මක ලෙසත්, නිර්මාණාත්මක වත් සහයෝගය දෙන සැලකිය යුතු පාර්ලිමේන්තු බහුතරයක් නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය එහි නිෂේධාත්මක උපාංග සහිත ව අහෝසි කිරීමේ වැදගත් ම ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම කල නොහැකි වනවා ඇත.

නොවැම්බර් 14 වෙනිදා ශ්‍රී ලංකාවේ ඡන්දදායකයෝ තීරණ ගන්නා අය වනවා ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, ඡන්දදායකයින් වෙත අප කරන ආයාචනය වන්නේ තුනෙන් දෙකක හෝ ඊට වැඩි කටයුතු කල හැකි බහුතර බලයක් සහිත නව ව්‍යවස්ථාදායකයක් තෝරා පත් කර ගන්නා ලෙසයි. එම බහුතරය NPP යේ සාමාජිකයින්ගෙන් සමන්විත විය හැකිය; එසේ නැතහොත් සිදු කළ යුතුව තිබෙන බරපතල වෙනස්කම් කරන්නට ඉඩ සලසන්නට කැමති ප්‍රගතිශීලී න්‍යාය පත්‍රයක් සහිත අනෙකුත් සාමාජිකයින් ඊට ඇතුළත් විය හැකිය.

ජනාධිපතිවරණය: ඡන්දය ලකුණු කරන හැටි මෙන්න

 

රටේ පාලන තාන්ත්‍රික ව්‍යුහය වඩාත් ගතික බවට පත් කරන්නට සහ ජනතාවගේ අවශ්‍යතාවලට වඩා හොඳින් ප්‍රතිචාර දැක්වීමට එවැනි වෙනස්කම් අවශ්‍ය කෙරේ. එසේ නොවුවහොත්, ස්ථාවර, සාධාරණාත්මක සහ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් දෙසට කටයුතු කරන්නට ඇති අයිතිය ඔවුන් විසින්ම අහිමි කර ගනිමින්, අප නොකඩවා ඒ අකර්මණ්‍ය ස්ථිතික ව්‍යවස්ථාදායකය තුළම පල් වෙමින් සිටිනවා ඇත.

ඡන්දදායකයා වන ඔබට අපේ ආයාචනය වන්නේ නොවැම්බර් 14 වැනි දින බුද්ධිමත් ව ඔබේ තීරණය ගන්නා ලෙසයි. පාලන තන්ත්‍රයේ අවශ්‍ය සහ අත්‍යවශ්‍ය වෙනස්කම් සිදු කර ලීමට භාර ගන්නා වඩා හොඳ සහ ඵලදායී ව්‍යවස්ථාදායකයක් තෝරා ගැනීමට ඔබේ තීරණය දායක වනවා ඇත. ඒ අනුව, එයින් ඔබේ අනාගතය සහ ඉදිරියට එන පරම්පරාවල අනාගත අපේක්ෂාවන් තීරණය කෙරෙනවා ඇත.

අවසානය...

සබැඳි ලිපි:

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : සිව් වන කොටස -(ලයනල් බෝපගේ)

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා :තෙවන කොටස - (ලයනල් බෝපගේ)

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා : දෙවන කොටස - (ලයනල් බෝපගේ)

ශ්‍රී ලංකාව: ස්ථාවරත්වය, සාධාරණත්වය සහ සෞභාග්‍යය කරා - (ලයනල් බෝපගේ)

ලංකාවේ පද්ධතිමය වෙනසකට මාවත: සහාය දීමත්, සුපරීක්ෂාකාරිත්වයත් අවශ්‍යයි - (ලයනල්  බෝපගේ)(ආචාර්ය ලයනල් බෝපගේ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
(ජවිපෙ හිටපු ලේකම්වරයෙකි)
lionel.bopage@gmail.com

2024 නොවැම්බර 8 වනදා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...