The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මේ දේ නොකළහොත් ඩිජිටල්කරණය අසාර්ථක වනු ඇත - (මහාචාර්ය රොහාන් සමරජීව)

T

The Leader Desk

November 12, 2024 • 5:50 AM

මේ දේ නොකළහොත් ඩිජිටල්කරණය අසාර්ථක වනු ඇත - (මහාචාර්ය රොහාන් සමරජීව)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එය අපගේ සියලු රෝග සඳහා කෝකටත් තෛලයක් ලෙස සැලකෙයි.
  • අපි දශක දෙකකට වැඩි කාලයක් තාක්ෂනය මගින් රාජ්‍යය වඩා හොඳ තත්වයකට ගෙන ඒමට උත්සාහ දරා ඇත්තෙමු.
  • නමුත් ලබා ගෙන ඇත්තේ ඉතා අඩු ප්‍රතිලාභයන්ය.
  • ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කිරීමට ආචාර්ය හාන්ස් විජයසූරිය එකඟ වී ඇති මේ මොහොත නව ආරම්භයක් සඳහා අනගි අවස්ථාවකි.
අකුරු ප්‍රමාණය (Font Size):

එය අපගේ සියලු රෝග සඳහා කෝකටත් තෛලයක් ලෙස සැලකෙයි.

බදු දැල ව්‍යප්ත කිරීම, දූෂණය පිටුදැකීම, අකාර්යක්ෂම කෘෂිකර්මය,වැනි ඔනෑ ම ගැටලුවක් ඔබ නම් කරන්න. විසඳුම ඩිජිටල්කරණයයි. එසේ නැතහොත් අවම වශයෙන් එය විසඳුමේ කොටසකි. අපි දශක දෙකකට වැඩි කාලයක් තාක්ෂනය මගින් රාජ්‍යය වඩා හොඳ තත්වයකට ගෙන ඒමට උත්සාහ දරා ඇත්තෙමු. නමුත් ලබා ගෙන ඇත්තේ ඉතා අඩු ප්‍රතිලාභයන්ය.

Hans

 

අපගේ සාර්ථකත්වයන් සහ අසාර්ථකත්වයන් ආවර්ජනය කිරීමෙන් උකහා ගත හැකි පාඩම් කවරේද? ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කිරීමට ආචාර්ය හාන්ස් විජයසූරිය එකඟ වී ඇති මේ මොහොත නව ආරම්භයක් සඳහා අනගි අවස්ථාවකි.

සම්මතයෙන් පිට ලබා ගත් සාර්ථකත්වය

2022 මැද භාගය නැවත මතක් කරන්න. පෝලිම් ගැන සිතන්න. සමහර තැන් වල ඇසට පෙනෙන මානයේ සමාන්තර පෝලිම් තුනකි. ගමනාගමනය සඳහා ඉතිරිව ඇත්තේ එක් මංතීරුවක් පමණකි. පළමු අභියෝගය වූයේ ඉන්ධන ලබා ගැනීම යි. දෙවැන්න ඉන්ධන පෝලිම්වලින් අවහිර වූ මාර්ගවල ගමන් කිරීම යි.

 

අඩු සැපයුමක් පවතින විටදී පෝලිම් අවම කිරීම - (මහාචාර්ය රොහාන් සමරජීව)
අමාත්‍ය කාංචන විජේසේකරයන්ගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක කරන ලද QR යෙදුම ලෙස පොදුවේ විස්තර කරන ලද ඩිජිටල් විසඳුමකට ස්තුති වන්නට ජුලි මාසය අවසන් වන විට පෝලිම් අවසන් වී ය. පෝලිම් අතුරුදහන් වූවා පමණක් නොව, රටේ මනෝභාවය විනාශයේ සහ අඳුරේ සිට සන්සුන් එකක් බවට වෙනස් විය.

මෙය පැහැදිලිව ම, සාර්ථකත්වය පිළිබඳ  කතාවකි. නමුත් එය, රජය තුළ තොරතුරු තාක්ෂණ පද්ධති ක්‍රියාවේ යෙදවීමට භාවිතා කරන ක්‍රියා පටිපාටිවලට පරිබාහිරව ලබාගත් එකකි. සම්මත ක්‍රියා පටිපාටිවල ඇති වැරැද්ද කුමක්දැයි එමගින් අපට පැහැදිලි කරයි.

 

සියැටෙල් ලී ක්වාන් යූ සහ රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

ඉන්ධන හිඟය ඔඩු දුවන්නට පටන් ගැනීමත් සමඟ ම නිශ්චිත ඉන්ධන පිරවුම්හල්වල වාහන ලියාපදිංචි කර ඉන්ධන කෝටාවක් නිකුත් කිරීම පිළිබඳ යම් කතාබහක් ඇති විය. මෙය 1970 මැතිනියගේ යුගයේ මතකයන් මත පදනම්වූ හණමිටි අදහසකි. 1977න් පසු වාහන විශාල වශයෙන් වැඩිවීම සහ ජංගම මෙවලමක්වූ රථවාහන සඳහා විවිධ ස්ථාන වලින් ඉන්ධන පිරවීමේ අවශ්‍යතාවය එමගින්  නොසලකා හරිනු ලැබී ය. අංක තහඩුවල අවසාන ඉලක්කම් මත පදනම් වූ ක්‍රමයක් යොදා ගැනීමට උත්සාහ කළ නමුත් එය පෝලිම්වල අඩුවක් ඇති කිරීමට අසමත් විය. උචිත විසඳුම වූයේ ඩිජිටල් සලාක ක්‍රමයකි.

සම්මත ක්‍රියාපටිපාටිය යටතේ, සමහර විට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සිටින අයෙකු, සේවා විෂය පථයක් සකස් කිරීම සඳහා රේඛීය අමාත්‍යාංශය සමඟ කටයුතු කර ඒ සඳහා වැය වන මුදල ඇස්තමේන්තු කර තිබිය යුතු ය. ටෙන්ඩර් මණ්ඩලයක් සහ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කර විවිධ ක්‍රියා පටිපාටි අවශ්‍යතා තෘප්තිමත් වන ආකාරයට ලංසු ඉදිරිපත් කළ යුතුව තිබිණි.

 

ආර්ථිකය ගොඩදාන්න ඩිජිටල් පරිවර්තනයකට යා යුතුයි' - (අජන්ත සෙනවිරත්න)
තාක්ෂණික අවශ්‍යතා සපුරාලන ලංසු පෙර සැකසූ ලකුණු කිරීමේ ක්‍රමයකට අනුව ශ්‍රේණිගත කර තිබිය යුතු ය. එවිට තාක්ෂණික නිපුණතා සඳහා වන ලකුණු සහ මූල්‍ය ලංසු ඒකාබද්ධ කර ටෙන්ඩර් මණ්ඩලය විසින් තීරණයක් ප්‍රකාශයට පත් කළ යුතුව තිබිණි. කටයුතු හොඳින් ම සිදුවූයේ නම්, 2022 අවසානය වන විට ප්‍රසම්පාදනය හමාර කළ හැකි වනු ඇත.

කාර්යයේ විවිධ අංග (මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පිරිසිදු කිරීම, මෘදුකාංග යෙදුම සකස් කිරීම, ඉන්ධන පිරවුම්හල් සේවකයින් පුහුණු කිරීම, යනාදිය)  ආරම්භ වනු ඇත්තේ 2023 දී ය. එය රජයේ ව්‍යාපෘතියක් වූ බැවින් ඒ සියල්ල සමාන්තරව සිදුවනු ඇතැයි සිතිය නොහැකි ය. මෙම ක්‍රියාවලියට කොපමණ කාලයක් ගතවනු ඇත්දැයි සිතා ගන්නටත් අමාරුය.

ප්‍රමාදය පිළිබඳ සාධකය පසෙක තැබුව ද, මෙම සම්මත ක්‍රියා පටිපාටිය ක්‍රියාකාරී පද්ධතියක් ලබා දීමට අසමත් වනු ඇත. ටෙන්ඩර් පටිපාටියේ පදනම වන කාර්යයේ විෂය පථය නිර්වචනය කිරීම මගින් අපේක්ෂිත ප්‍රතිඵල පරිපූර්ණ ලෙස විස්තර කෙරෙනු ඇතැයි අපේක්ෂා කිරීම, සංකීර්ණ අන්තර් සම්බන්ධිත පද්ධතියකට කිසිසේත්ම යථාර්ථවාදී නොවේ. සරල තොරතුරු තාක්ෂණ පද්ධති සඳහා වුවද මෙම උපකල්පනය වලංගු නොවීමට ඉඩ ඇත.

මහා රෑ ඉන්ධන මිළ වැඩි කරයි - ඉන්ධනහල් 70%කට වඩා වැසෙයි !

 

ඉන්ධන සලාක පද්ධතිය සම්බන්ධයෙන් ගත් කල, නිර්මාණකරුවන්ට ඔවුන්ගේ කටයුතු කරගෙන යන විට තත්ත්වයන්ට අනුවර්තනය වීමට සිදුවිය. උදාහරණයක් ලෙස, චැසි අංකය භාවිතයෙන් සියලු ම වාහන ලියාපදිංචි කළ නොහැකි බව අතරමගදී සොයා ගන්නා ලදී. එබැවින් ඊට අමතරව ආදායම් බලපත්‍ර සඳහා පහසුකම් සැලසීමට සිදුවිය. දෘඩ ක්‍රියාකාරී විෂය පථයක් මත පදනම්ව පද්ධතිය සංවර්ධනය කර නොමැති නිසා, ගැටළු හඳුනාගන්නා පරිදි වෙනස්කම් සිදු කිරීමේ හැකියාව තිබිණි. සම්මත ක්‍රියා පටිපාටිය තුල අත්‍යවශ්‍ය නම්‍යශීලී බවට ඉඩ ඉතා සීමිතය.

රට පුරා ඉන්ධන පිරවුම්හල් 1000කට අධික සංඛ්‍යාවක සිටින, උගත්බවින් අනුන නොවූ පොම්ප ක්‍රියාකරුවන්ගේ විමසුම්වලට ක්ෂණික ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වන සංකීර්ණ පද්ධතියක් ස්ථාපනය කිරීම අති දුෂ්කර කාර්යයකි. සමාගම් දෙකක් (Dialog Axiata සහ පෙර Millennium IT ලෙස හැඳින්වූ LSEG) ඔවුන්ගේ හොඳ ම ඉංජිනේරුවන්ගේ කාලය පරිත්‍යාග කරමින්  සම්මත ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය මඟ හැරීමට ඉඩ සලසා දීම නිසා සති 6-8ක් ඇතුළත සම්පූර්ණයෙන් එය ක්‍රියාත්මක කිරීමට හැකි විය. 

සම්මතය තුළ සිදු වන්නේ කුමක් ද?

 

ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකල ද? ඖෂධ හිඟයක් ද? මාෆියාවක් ද?

බොහෝ රාජ්‍ය දෙපාර්තමේන්තුවලට තොරතුරු තාක්ෂණ පද්ධති ප්‍රසම්පාදනයේ හැකියාවක් නැත. විසඳුම වී ඇත්තේ ඒ සඳහා ම  විශේෂයෙන් පිහිටුවා ඇති ICTA ආයතනයේ සහය ලබා ගැනීම යි. සංජානනයට පටහැනිව, ව්‍යාපෘති සඳහා යෙදවිය හැකි මෘදුකාංග සංවර්ධකයින්, නිර්මාණ ශිල්පීන් යනාදී කාඩරයක් ICTA සතුව නොමැත. 2003 ආරම්භයේ සිටම අනුගමනය කරන ලද ආකෘතිය වූයේ පුද්ගලික සමාගම් තරගකාරී ලෙස තෝරා ගන්නා එකකි.

ලයිසන් මුද්‍රණය හමුදාවෙන් ඉවතට - කැබිනෙට්ටුවට බොරු කියලා!

 

ආදායම් බලපත්‍ර ක්‍රමය ක්‍රියාත්මකව පවතින විශාලතම පද්ධතියකි. පුරවැසියෝ සෑම වසරක ම රියදුරු බලපත්‍රයක් හෝ විදේශ ගමන් බලපත්‍රයක් ලබා නොගනිති. නමුත් සෑම වාහන හිමියෙක් ම ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා සෑම වසරක ම අදාළ පළාත් සභාව සමඟ සම්බන්ධ විය යුතු ය. මිලියන හයකට අධික වාහන (බොහෝ විට ද්විරෝද සහ ත්‍රිරෝද රථ) පාරේ ඇති අතර, වාර්ෂික ආදායම් බලපත්‍ර අලුත් කිරීම රාජ්‍ය සේවාවන් අතර වඩාත් වැදගත් වෙයි.

විමෝචන පරීක්ෂණ සහතික සහ රක්ෂණය වැනි වෙනත් ආයතන විසින් නිකුත් කරන ලද ලේඛන තත්‍ය කාලීනව සත්‍යාපනය කිරීම අවශ්‍ය වන වඩාත් සංකීර්ණ පද්ධතියක් ද වේ. කාලයක් තිස්සේ පරිගණක ගත පද්ධතියක් භාවිතා කරමින් සෑම වාහනයකට ම පාහේ වාර්ෂිකව බලපත්‍ර ලබා දී ඇත. එහි තේරුම නම් වැඩ කරන දවසකට ගනුදෙනු 25,000ක් සහ 30,000ක් අතර සංඛ්‍යාවක් සාමාන්‍යයෙන් සිදුවන බව යි.

 

kiossk
ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් කවුන්ටරයක සිටින නිලධාරියකු සමඟ ගනුදෙනු කිරීමෙන්  හෝ රජයේ කාර්යාලයක කියෝස්ක් (kiosk) ක්‍රමය භාවිතා කිරීමෙන් (උතුරු පළාතේ හඳුන්වා දී ඇත); හෝ ඕනෑ ම ස්ථානයක සිට අන්තර්ජාලය හරහා හෝ ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම  කළ හැකි ය. මෙම අතුරුමුහුණත් තුන ම එකම පසුඅන්තයකට සම්බන්ධ වේ. දුරස්ථ විකල්පය භාවිතා කිරීම තරමක් අඩු වන අතර එය පුරවැසියන්ගේ අඩුවක් ලෙස නිලධාරීන් විසින් සලකනු ලබයි.

කොවිඩ් අගුලු දැමීමේ බලපෑම් පිළිබඳ ලර්න්ඒෂියා (LIRNEasia) ආයතනයේ පර්යේෂණ මගින් පරිපූරණය කරන ලද රජයේ සමීක්ෂණ දත්ත වලට අනුව, මිලියන 22 ක ජනගහනයෙන් මිලියන 2.1 ක් 2021 දී රජයේ වෙබ් අඩවි භාවිතා කර ඇත. මෙය 2018 දී පැවති මිලියන 1.5 ට වඩා වැඩි වීමක් වන නමුත් තවමත් එය සෑම වසරක ම තම ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවශ්‍ය පුද්ගලයින් සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩුය. ඩෙස්ක්ටොප් හෝ ලැප්ටොප් පරිගණක සහිත කුටුම්භ සංඛ්‍යාව සියයට 22.8ක් ව පැවති  2017 වසරේ සිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව රජයේ දත්ත පෙන්වා දෙයි. 2019 දී එම සංඛ්‍යාව සියයට 22ක් විය.

ලයිසන් මුද්‍රණය හමුදාවෙන් ඉවතට - කැබිනෙට්ටුවට බොරු කියලා!

 

ඉහත දත්ත පෙන්නුම් කරන්නේ බලපත්‍ර අලුත් කිරීමේ ක්‍රියාවලිය ඉන්ධන සලාකනය කිරීමේ යෙදුම මෙන් ජංගම දුරකථනයට ප්‍රථම ස්ථානය දෙමින් ප්‍රතිනිර්මාණය කළ යුතුව තිබූ  බව යි. තාවකාලික බලපත්‍රයක් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාවය (දුරකථනයකින් කිරීමට අපහසු වීම) වැනි අඩුපාඩු සඳහා විසඳුම් ලබා දිය යුතු වෙයි. නැවතත් සුහුරු දුරකථන (ස්මාර්ට් ෆෝන්) සඳහා ප්‍රශස්තකරණය කරන ලද බහු විද ගෙවීම් විකල්ප සපයනු ලැබිය යුතු ය. එහෙත් තවමත් මාර්ගගත රාජ්‍ය සේවාවන් වෙත ප්‍රවේශ නොවන හෝ නොහැකි බොහෝ පුරවැසියන් සැලකිල්ලට ගෙන, මාර්ගගත මාදිලියට අමතරව කියෝස්ක් වැනි මාදිලි පවත්වාගෙන යා යුතුව ඇත.

2018 වන විට, පද්ධතියට සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් සහ ප්‍රතිනිර්මාණයක් අවශ්‍ය බව අවබෝධ වී තිබිණි. එහෙත් ටෙන්ඩර් මණ්ඩලයේ සිටි බාධාකාරී නිලධාරීන් නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුවූයේ ගොළුබෙල්ලෙකුගේ වේගයකිනි. 2019 රජය වෙනස් වන විට එය සම්පූර්ණ වී නොතිබිණි. පුරෝකථනය කර තිබූ පරිදි, වසර කිහිපයකට පසු පද්ධතිය බිඳ වැටිණි.

ඉහත විස්තර කර ඇති ඒවා හැර පවතින ආකෘතියේ බොහෝ අඩුපාඩු තිබේ. සේවා විෂය පථයට අත්සන් කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වැඩ අවසන් වීමට පෙර විශ්‍රාම යාම හෝ ස්ථාන මාරු කිරීම සිදුවෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, පද්ධතිය වෙනස් කිරීම සඳහා බොහෝ සහ සමහර විට පරස්පර විරෝධී ඉල්ලීම් සේවාදායකයාගෙන් ලැබෙයි. බොහෝ අවස්ථාවන්හි දී, තොරතුරු තාක්ෂණ පද්ධතියේ “හිමිකරු” අභ්‍යන්තර ධාරිතාව වර්ධනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එක්කෝ සැපයුම්කරුවා මත අධික ලෙස රඳා පැවැත්මට යටත් වීම හෝ පද්ධතිය ටික කලකට පසු අතහැර දැමීම සිදුවේ.


විකල්ප ආකෘතියක්

 

obamacare logo
එක්සත් ජනපදයේ රණවිරු අධිකාරියේ සෞඛ්‍ය වාර්තා පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීම ඩොලර් බිලියන ගණනක් වියදම් කිරීමෙන් පසුව වුවද අසාර්ථක වී ඇත. ඔබාමාකෙයාර් (Obamacare) වැඩ සටහනෙහි සාර්ථකත්වය සඳහා තීරණාත්මක වූ වෙබ් අඩවිය පළමු දිනයේ ම බිඳ වැටුණු අතර, සිලිකන් නිම්නය (Silicon Valley) වෙතින් ඉහළ ම මට්ටමේ ඉංජිනේරුවන් ගෙන්වා ගෙන එය ප්‍රතිනිර්මාණය කිරීමට සිදුවිය.

පළමු අවස්ථාවෙහි දී, අසාර්ථකත්වයට හේතුව වූයේ ශ්‍රී ලංකාවේ ආදායම් බලපත්‍ර ක්‍රමයේ භාවිතා වූ ආකාරයට ම සාම්ප්‍රදායික ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටියට අනුකූලව ක්‍රියා කිරීමයි.  ඔබාමාකෙයාර්  (Obamacare) ක්‍රමය බේරාගැනීම සිදු කරන ලද්දේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සලාකනය කිරීමේ යෙදුමේ භාවිතා කළ ආකාරයට ම වෙනස් ආකෘතියක් භාවිතා කිරීමෙනි. ලංකාවේ එම ප්‍රවේශයට තීරණාත්මක වූයේ තාක්‍ෂණ දැනුමැති සහ ආත්ම විශ්වාසයෙන් යුත් ICTA නිලධාරීන්ගේ ව්‍යාපෘති සම්බන්ධීකරණය සහ විජේසේකර අමාත්‍යවරයා විසින් සපයන ලද ප්‍රශස්ත නායකත්වයයි.

ඉන්ධන සලාකන පද්ධතියේ සාර්ථකත්වයේ පාඩම් සහ එක්සත් ජනපදයේ අත්දැකීම් වත්මන් අසාර්ථක ආකෘතියට විකල්පයක් නිර්මාණය කර ගැනීමට භාවිතා කළ යුතු ය. මෙය සඳහා ඔබාමාකෙයාර් (Obamacare) අත්දැකීමෙන් පසු ඇති කරන ලද එක්සත් ජනපද ඩිජිටල් සේවාවේ ආකෘතිය යාම වෙනස්කම් සහිතව අනුකරණ කිරීම සලකා බැලිය යුතු වන්නේය. මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීන වෘත්තිකයන් සීමිත කාල පරාසයන් සඳහා රජයේ සේවයට අනුගත කර ගත යුතුය.  ඩිජිටල්කරණය කල යුතු පද්ධති පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ඔවුන් යුගලනය වී කටයුතු කල යුතුය. නඩත්තුව අතිවැදගත් බැවින්, එක් එක් රාජ්‍ය ආයතනය තුළ ධාරිතාව ගොඩනැගීම ඉතා වැදගත් වෙයි. රජයේ තොරතුරු තාක්‍ෂණ පද්ධති යෙදවීමේ දී බොහෝ අසාර්ථක වීම්වලට හේතුව නිලධාරීන් තුල දැනුම නොමැතිකම සහ එම අඩුව පිළිගැනීමට ඔවුන්ගේ ඇති අකමැත්තයි.

රජයේ ඩිජිටල්කරණයට වගකීම දරන උදවිය වර්තමාන බිඳවැටුණු ප්‍රසම්පාදන ආකෘතියට විකල්පයක් නිර්මාණය කර හැකි ඉක්මනින් පවතින සම්මත ක්‍රමවේදය වෙනුවට නොයෙදවුවහොත් ඩිජිටල්කරණය කෙරෙහි තබා ඇති විශාල බලාපොරොත්තු ඉටුකරගත නොහැකි වනු ඇත.

මංගල : මහ ගසක් ඇද වැටිණි. එහි ප්‍රතිවිපාක කවරේද? -මහාචාර්ය රොහාන් සමරජීව(මහාචාර්ය රොහාන් සමරජීව)

දේශපාලන හා සමාජ ක්‍රියාකාරික 
rohan@lirneasia.net


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...