The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය - (රජිත් කීර්ති තෙන්නකෝන්)

T

The Leader Desk

November 12, 2024 • 8:40 AM

නිහඬ කාලය සහ සමාජ මාධ්‍ය පිළිබඳ නීතිය - (රජිත් කීර්ති තෙන්නකෝන්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • (පනතේ 77 සිට 82 දක්වා) සහ නීති විරෝධී ක්‍රියා (පනතේ 83 සිට 90 දක්වා) යටතට ද සමාජ මාධ්‍ය ගැනෙන්නේ නැත.
  • සංකල්පීයව, ලංකාවේ ක්‍රියාත්මක නීතිය/රෙගුලාසි බලපැවැත්වීමට ‘ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන්’ ආයතන බැදී ඇත.
  • සමාජ මාධ්‍ය ඒ අතරට ගැනෙන්නේ නැත.
  • එබැවින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන මගින් ද, සමාජ මාධ්‍ය ප්‍රචාරය තහනම් නැත.
අකුරු ප්‍රමාණය (Font Size):

(පනතේ 77 සිට 82 දක්වා) සහ නීති විරෝධී ක්‍රියා (පනතේ 83 සිට 90 දක්වා) යටතට ද සමාජ මාධ්‍ය ගැනෙන්නේ නැත. සමාජ මාධ්‍ය නිදහස් ය.

මෙටා අද දින දැන්වීම් සඳහා මුදල් බාර ගන්නේ නැත. නමුත්, කලින් මුදල් ගෙවා ගිවිසුම් ගත කිසිදු දැන්වීමක් ඉවත් කිරීමේ බලයක් ද මෙටා - පාරිභෝගික ගිවිසුම නිසා නැත. කලින් මුදල් ගෙවූ දැන්වීම් මේ වන විට ක්‍රියාත්මක ය.

2019 මැතිවරණ කොමිසම ‘ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන්’ සමඟ මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය නියාමනය සම්බන්ධයේ අවබෝධතා ගිවිසුමකට පැමිණියේය. 

 

metaකලින් මුදල් ගෙවා ගිවිසුම් ගත කිසිදු දැන්වීමක් ඉවත් කිරීමේ බලයක් ද මෙටා - පාරිභෝගික ගිවිසුම නිසා නැත. කලින් මුදල් ගෙවූ දැන්වීම් මේ වන විට ක්‍රියාත්මක ය.
2019 දී නම්, නිහඩ කාල සීමාවේ දී සමාජ මාධ්‍ය දැන්වීම් ඉවත් කිරීමේ වගන්තියක් මැතිවරණ කොමිසම හා ඉහත ආයතනය සමඟ පැවතුණි. එය සිදු කරනු ලැබූවේ මහින්ද දේශප්‍රිය, සුරංග රණසිංහ විසිනි. ඔවුන් දැන්වීම් ඉවත් කළේය. (කොමිසමට වඩා වේගයෙන් ඡන්ද ප්‍රතිඑල සන්නිවේදනය කළ නිසා පැය කිහිපයකට මාගේ පොෆයිල් ඒක බ්ලෝක් කළේය) මැතිවරණ සමයේ සමාජ මාධ්‍ය පිළිබඳ නීති සකස් කිරීමට, නියෝග නිකුත් කිරීම සංවාදයකින් පසු සිදු කළ යුතු කටයුත්තකි.  

සංකල්පීයව, ලංකාවේ ක්‍රියාත්මක නීතිය/රෙගුලාසි බලපැවැත්වීමට ‘ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන්’  ආයතන බැදී ඇත. පාලනයට අවශ්‍ය නම්, උපකරණ නැතුවා නොවේ.  

මැතිවරණ කොමිසමට මාධ්‍ය උපමාන පැනවිය හැක්කේ ගුවන් විදුලි නාලිකා, රූපවාහිනි නාලිකා, පුවත්පත් කතුවරන්ට පමනී. සමාජ මාධ්‍ය ඒ අතරට ගැනෙන්නේ නැත. එබැවින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන මගින් ද, සමාජ මාධ්‍ය ප්‍රචාරය තහනම් නැත.


නමුත්, ප්‍රචාරක සීමා පැනවීම සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනයේ සමාජ මාධ්‍ය ප්‍රචාරය ගැන සඳහන් ය. එවිට මැතිවරණ කොමිසමට, ඒෂියන් ඉන්ටර්නෙට් කෝලිෂන් වෙත කරුණු වාර්තා කළ හැකිය. මේ වන විට මුදල් ගෙවූ දැන්වීම් 110 ක් පමණ සමාජ මාධ්‍යයේ පවතී. ඒක්කෝ මේ සියල්ල එක විට ඉවත් විය යුතුය. නැතිනම්, බදුල්ලේ මෙසී ගේ අංක 10 ටී ෂර්ට් ගැලවීම වැනි තත්වයක් සමාජ මාධ්‍ය තුල ඇතිවන්නේය.

නිහඬ සමයේ සමාජ මාධ්‍ය භාවිතය හරියටම පුද්ගලයෙකු පන්සිල් ගැනීම හා සමානය. පන්සිල් රකිනවා නම් හොඳය. රැක්කේ නැතැයි කියා නඩු දැමිය නොහැකිය. (උපමා උපමේය - නීතිඥ ජගත් ලියනාරච්චිගේ ය)

xfgye56
ඒ අනුව, නිහඬ කාල සීමාව තුල සමාජ මාධ්‍ය ප්‍රචාරණය නීතියෙන් තහනම් නැත. කැමති අපේක්ෂකයින්ට, ආධාරකරුවන්ට, දැන් සමාජ මාධ්‍ය ප්‍රචාරය නවතා දමා නිහඬවිය හැකිය.

 මගේ පුද්ගලික මතය ඡන්දය අවසානයේ ලියමි.

 Rajith Keerthi
(රජිත් කීර්ති තෙන්නකෝන්)

හිටපු විධායක අධ්‍යක්ෂ
 කැෆේ (නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය )

rajith_tennakoon@yahoo.com

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...