The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

පළපුරුද්ද = කලපුරුද්ද + දැකපුරුද්ද -(ජයශ්‍රී ප්‍රියලාල්)

T

The Leader Desk

November 12, 2024 • 5:55 AM

පළපුරුද්ද = කලපුරුද්ද + දැකපුරුද්ද -(ජයශ්‍රී ප්‍රියලාල්)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විශේෂයින්ම ඔහු පවසා සිටිනුයේ රජයේ මූල්‍ය කලමනාකරණය පිලිබඳ වගකීම පාර්ලිමේන්තුව සතුනිසා, ඔහුවටා රොඳ බැදසිටින ගෑස් සිලින්ඩර කණ්ඩායම පාර්ලිමේන්තුවට පත්කර යැවීමට වඩාත්ම සුදුසු යැයි හඳුන්වාදීමටය.
  • දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජණය කල අය කල, කී ,දේ ඡන්දදායකයින්ට අමතක වී නැති බව හිටපු ජනාධිපතිවරයා සිහිතබා ගතයුතුවේ.
  • යහපාලන රජයේ මහා බැංකු කටයුතු පිලිබඳ අමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ සිඳුකරන ලද වසර 30 කල්පිරීමට නියමිත බිලියන 30 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව නිසා රටේ මූල්‍ය කලමනාකරණය උඩු යටිකුරු වූවග ආර්ථික කටයුතු පිලිබඳ අවබෝධයක් ඇති අයට නම් රහසක් නොවේ.
  • දේශපාලකයින් කල, කී දේවල් තුලින් පොදු ජනතාවට අත්වීදීමට සිදුවු දෑ සහ රටට අත්කර දුන් ඉරණම දැක පුරුදු වූ බොහෝ දෙනෙක් හැට දෙලක්ෂයක ජනවරමකින් පත්කර ගත් ජනාධිපති විරුවා පන්නා දැමීමේ කලපුරුද්ද තුලින් මනා පන්නරයක් ලබාගෙන ඇති බව අවිවාදයෙන් පිලිගත හැකි බවට සාක්ෂි දැන් සමාජගතව ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

විශේෂයින්ම ඔහු පවසා සිටිනුයේ රජයේ මූල්‍ය කලමනාකරණය පිලිබඳ වගකීම පාර්ලිමේන්තුව සතුනිසා, ඔහුවටා රොඳ බැදසිටින ගෑස් සිලින්ඩර කණ්ඩායම පාර්ලිමේන්තුවට පත්කර යැවීමට වඩාත්ම සුදුසු යැයි හඳුන්වාදීමටය.

සමාන්‍යයෙන් යම් පුද්ගලයෙක්ගේ පළපුරුද්ද තීරණය වනුයේ එකී පුද්ගලයා නිරතවන කාර්යයෙන් උකහා ගෙන තිබෙන කලපුරුද්ද සහ දැකපුරුද්දේ සමස්තය හැටියටයි. වර්තමානයේ ශ්‍රී ලංකාව ණය බරින් ගිල්ලවා බංකොළොත් තත්වයට පත්කල මහජන නියෝජිතයින්ගේ වෘත්තීමය ප්‍රශස්ත බාවය කෙබඳු දැයි තක්සේරු කිරීම ඡන්ද දායකයින්ගේ වගකීමක්වේ. දශක ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජණය කල අය කල, කී ,දේ ඡන්දදායකයින්ට අමතක වී නැති බව හිටපු ජනාධිපතිවරයා සිහිතබා ගතයුතුවේ.

රනිල් ඔයා බොරු ජිමික් නොදා හරියට වැඩේ කරන්න - (කේ සංජීව)

 

යහපාලන රජයේ මහා බැංකු කටයුතු පිලිබඳ අමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා යටතේ සිඳුකරන ලද වසර 30 කල්පිරීමට නියමිත බිලියන 30 ක භාණ්ඩාගාර බිල්පත් නිකුතුව නිසා රටේ මූල්‍ය කලමනාකරණය උඩු යටිකුරු වූවග ආර්ථික කටයුතු පිලිබඳ අවබෝධයක් ඇති අයට නම් රහසක් නොවේ.

අඩසියවසකට අධික කාලයක් පාර්ලිමේන්තුව නියෝජණය කරමින් විවිධ අමාත්‍යාංශ භාරව සිටිමින් සය වතාවක් අගමැති පදවිය හෙබවු සහ රට ආර්ථික අගාධයට පත්වූවිට ගොඩගැනීමට ඉදිරිපත්වූ ජනාධිපතිවරයාගේ පළපුරුද්ද පිලිබඳ කිසිම තැකීමක් නොකොට කිරිකෝඬු ජනාධිපතිවරයෙකු බලයට පත්කරවීමට ජනවරමක් ලබාදුන් ඡන්ද දායකයින්ගේ පළපුරුද්ද අඩු තක්සේරු කලහැකි නොවේ. දේශපාලනඥයින්ට සාපේක්ෂව ඡන්ද දායකයින්ගේ පළපුරුද්ද ඉහළ මට්ටමකට පත්ව ඇති අයුරු පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රකාශ වීය. 

ඡන්ද දායකයින්ගේ පළපුරුද්ද වැඩිදියුණු වීම

 

මෙවර ඡන්ද පොළට යාමට පෙර ඡන්ද දායකයින් දැන සිටිය යුතු දේ

දේශපාලකයින්ගේ පළපුරුද්ද වසර ගණනක් පුරා කලපුරුද්දනේ ඔප මට්ටම් වෙනවිට, ඡන්ද දායකයින්ගේ පළපුරුද්ද වැඩිවීමේ සම්භාවිතාව රැඳෙනුයේ ඔවුන්ගේ දැක පුරුද්ද පදනම් කරගනිමින් යැයි අනුමාණ කලහැක. දේශපාලකයින් කල, කී දේවල් තුලින් පොදු ජනතාවට අත්වීදීමට සිදුවු දෑ සහ රටට අත්කර දුන් ඉරණම දැක පුරුදු වූ බොහෝ දෙනෙක් හැට දෙලක්ෂයක ජනවරමකින් පත්කර ගත් ජනාධිපති විරුවා පන්නා දැමීමේ කලපුරුද්ද තුලින් මනා පන්නරයක් ලබාගෙන ඇති බව අවිවාදයෙන් පිලිගත හැකි බවට සාක්ෂි දැන් සමාජගතව ඇත.

මෙවර මැතිවරණයට ඡන්ද දායකයින් භාවිතයට ගැනෙන උපකරණය 

 

පාර්ලිමේන්තුව අද රෑ අවසන් කරයි ! - යළි විවෘත කිරීම පෙබ. 8
කෘෂිකාර්මික ජීවන රටාවකට හුරුවී සිටින ශ්‍රී ලාංකේයන් බොල් අපද්‍රව්‍ය තෝරාබේරා ගැනීමට මුළුතැන්ගෙහි කුල්ල සහ පෙනේරය භාවිතා කිරීමට පුරුදු වී ඇත්තෙමු. මෙම උපකරණය ඒකම කාර්ය කලද, යොදාගන්නා ක්‍රමවේදය අනුව රැස් කරගන්නා ඵලය වෙනස් වේ.

බොල් අපද්‍රව්‍ය සහිත ධාන්‍ය පොළා වෙන්කරගැනීමට කුල්ල භාවිතා කරගෙන හොද දේ ඉතුරු කර අපද්‍රව්‍ය ඉවත් කර ගන්නෙමු. පෙනේරය භාවිතා කරගනිමින් හොද දේ ඉවත ලමින් අනවශ්‍ය දේ ඉතුරු කර ගන්නෙමු. මහජන නියෝජිතයින් තෝරා ගැනීමේදී මෙම උපකරණ දෙකින්ම කෙරෙන කාර්යයන් මතක තබා ගැනීම වැදගත් වේ. පුරා දශක කිහිපයක්ම ඡන්ද දායකයින් කුල්ල වෙනුවට පෙනේරය පාවිච්චි කර හලා හොද දේ ඉවතලා පුස්ස තෝරාගෙන පාර්ලිමේන්තුවට පත්කර ඇති වගක් පෙනේ. ඒහි සමස්ථ ප්‍රථිපලය සහ අමිහිරි අත්දැකීම් විද දරාගෙන සිටිමු.

නව අනාගතයක් පිළිබඳ සමාජ පරිකල්පනය - (සුමිත් චාමින්ද)

 

ශ්‍රී ලාංකේයන් බොහෝ දෙනෙක් අපේක්ෂා කරන පද්ධතිමය වෙනස (System Change) කුමක්ද යන්න පිලිබඳ නිවැරදි අවබෝධයක් කිසියම් දේශපාලන පක්ෂයක් සතුව තිබේද යන්න මෙම ලියුම් කරුට පැහැදිලි නොවේ. ඒබැවින් අපට, රටට අවශ්‍ය කරන නව ක්‍රමවේදය නිර්මාණය කරගැනීමට සමත් නියෝජිතයින් රැසක් පාර්ලිමේන්තුවට පත් කර යැවීමේ බාරදූර වගකීම ඡන්ද දායකයින් සතු බව මතක් කරවීමට මෙම සටහන තබන්නෙමි.

2022 අරගලයට මුලපිරූ බොහෝ දෙනෙක් දේශපාලන පක්ෂ නියෝජණය නොකල සහජ නායකත්ව හැකියාවන්ගෙන් සපිරුනු අයවළුන්ගෙන් සමන්විත වූහ. ඒවැනි පුද්ගලයින්ටත් පාර්ලිමේන්තුව නියෝජණය කිරීමට අවකාෂ සපයාදීම පද්ධතිමය වෙනස නිර්මාණය කරගැනීමට පිටිවහලක් වනු ඇත.

ඔබ තෝරාගන්නා දේශපාලන පක්ෂය කුමක් වූවද, අවංක රට ජාතිය වෙනුවෙන් යමක් කලහැකි අදහස් ප්‍රකාශ කිරීමට මැලි නොවන මෙන්ම අන් අයගේ අදහස් වලට ඇහුම්කන් දෙන බුද්ධිමතුන් පිරිසක් තෝරා පත් කරගැනීමට නොවැම්බර් 14 වෙනිදාට ඔබගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්න.


මහින්දාගමනයේ සිට මහින්ද චින්තනය දක්වා විකාෂය - ජයශ්‍රී ප්‍රියලාල්(ජයශ්‍රී ප්‍රියලාල්)
jayasripriyalal59@gmail.com

|ජයශ්‍රී ප්‍රියලාල් : යුනී ගෝලීය වෘත්තීය සමිති ජාලයේ ආසියා හා ශාන්තිකර කලාපයේ මූල්‍ය සහ වෘත්තීය කළමණාකරුවන්ගේ සේවාවන් අංශයේ කලාපීය අධ්‍යක්ෂකවරයා වන අතර, ඔහු ලිපි රචකයෙක් හා පර්යේෂකයෙක් ලෙසද කටයුතු කරනු ලබයි.

2024 නොවැම්බර් 04


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...