The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ – (ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි)

T

The Leader Desk

November 13, 2024 • 6:18 AM

මෙහෙම ගියොත් කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ – (ආචාර්ය පූජ්‍ය මාවරලේ භද්දිය හිමි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දවසක් මට දායකයෙක් කතා කරල කිව්වා; හාමුදුරුවනේ අපේ මිත්‍රයෙක් කතා කරලා ඇහුවා පැය විසි හතරක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා.
  • පන්සලේ චෛත්‍යයේ හුණු ටික ගාලා දෙනව නම් බෝ ගහේ බෝධි ප්‍රාකාරයේ හුණු පිරියම් කරල දෙනව නම් ඒක වෙනම කතන්දරයක් ඔය ඇත්තන්ට කවුරු හරි එහෙම කතා කරල කිව්වොත් ඒ කතා කරන තැනැත්තාට කතා කරල කෙලින්ම කියන්න ඒ කෙනා ගිහියෙක් වුණත් කමක් නෑ පැවිදි කෙනෙක් වුණත් කමක් නෑ.
  • තාම ශ්‍රේෂ්ඨ වැදගත් කොන්දක් තියෙන හාමුදුරුවරු ඉන්නව මේවට කැමති නැති.
  • ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවර වුණෙත් මේ වගේම අනවශ්‍ය තරම් වාණිජ වැඩක් බවට වෙළඳ වැඩක් බවට සූදු කාරයින්ගෙ වැඩක් බවට ගේම් කාරයින්ගෙ වැඩක් බවට පත් කරල; ඒගොල්ලොන්ට වෙනම රැකවරණයක් ඒක ඇතුලෙ හොයාගන්න; ඒ ගොල්ලන්ගෙ සුරපුර ජීවිතය හොයා ගන්න මේක පාවිච්ච කරන්න ගියා.
අකුරු ප්‍රමාණය (Font Size):


දවසක් මට දායකයෙක් කතා කරල කිව්වා; හාමුදුරුවනේ අපේ මිත්‍රයෙක් කතා කරලා ඇහුවා පැය විසි හතරක් කඨින සිවුර ගෙදර තියාගන්න අවස්ථාවක් තියෙනවා. හැබැයි ලක්ෂයක් දෙන්න වෙනවා කියලා. ලැජ්ජ නැද්ද මොකක් ද? මේ කතාව. ගෙවල් දහයකට කඨින සිවුර යවලා ලක්ෂෙ ලක්ෂෙ හොයන්න. මොකටද අපි එච්චර පහත් තත්ත්වයට වැටිලද?.

පන්සලට ආධාරයක් කවුරු හරි ගෙනවිත් දෙනව නම් පන්සලේ චෛත්‍යයේ හුණු ටික ගාලා දෙනව නම් බෝ ගහේ බෝධි ප්‍රාකාරයේ හුණු පිරියම් කරල දෙනව නම් ඒක වෙනම කතන්දරයක්. හැබැයි මේ සිවුර අරගෙන ගිහිල්ලා ඒක ගෙදර තියාගෙන ඒකට ලක්ෂයක් ගෙවලා කරන්නෙ බිස්නස් එකක් ද මේක, මට නම් තේරෙන්නේ නෑ මොකක්ද මේ කරන්න යන්නේ කියලා.

 

dsc02123පන්සලේ චෛත්‍යයේ හුණු ටික ගාලා දෙනව නම් බෝ ගහේ බෝධි ප්‍රාකාරයේ හුණු පිරියම් කරල දෙනව නම් ඒක වෙනම කතන්දරයක්
ඔය ඇත්තන්ට කවුරු හරි එහෙම කතා කරල කිව්වොත් ඒ කතා කරන තැනැත්තාට කතා කරල කෙලින්ම කියන්න ඒ කෙනා ගිහියෙක් වුණත් කමක් නෑ පැවිදි කෙනෙක් වුණත් කමක් නෑ. කියන්න අනේ අපිට නම් ඒ වගේ බිස්නස් එකකට සම්බන්ධ වෙන්න ඕන නෑ කියලා.කොන්ද කෙලින් තියාගෙන කියන්න.

 

4ca6a290 8aa5 11ee 85e4 5b8cbb23b4dd.jpg

අපේ පැරණි සමාජෙ කළේ මොකක්ද මුළු ගමේම මිනිස්සු “සිවුරු කාසි” කියලනේ රුපියලක් රුපියල් දහයක් ඒ කාලේ හැටියට නම් මුළු ගමේම මිනිස්සු එක්කාසු කරල තමයි ඔය වස්ත්‍රය ගත්තෙ. ඊට පස්සෙ කළේ ගමේ වැඩිහිටියො ටිකක් ගමේ තරුණ ඈයෝ ටිකක් නිදි වරාගන්න පුළුවන් අය මුළු ගමේ හැම ගෙයක් ගාණෙම ඔය සිවුර අරගෙන අර හේවිසිය ගහ ගහ ගියා. ඊට පස්සෙ අර ගෙවල් ඉන්න අය අත ගහල අනුමෝදන් වුණා. ඔන්න ඔච්චරයි. එහෙම නැතුව මේක මේ ලක්ෂෙට විසිපන්දහට පැයට මේක මේ විකුණන එක නෙමෙයි කළේ.


දැන් මේ මිනිස්සුත් හිතාගන්නව, හරි ඉතින් අවුලක් නෑ නෙ ලක්ෂෙන් කඨිනයක් කරගත්තනෙ අපිත් කියලා. ලක්ෂයයිනෙ ගියෙ කියලා. ඉතින් මේ වැඩේ නවත්තන්න ඕන. මේ වැඩේට අපි කිසි සේත්ම අනුබල දෙන්න හොඳ නෑ. මේක කවුරු කළත්. මට සමාවෙන්න ඕන ස්වාමින් වහන්සේලා. මට මේකට මට දොස් නැගුවත් ප්‍රශ්නයක් නෑ. හැබැයි හැම හාමුදුරු කෙනෙක්ම මේවට එකඟ නෑ. මම දන්නව. තාම ශ්‍රේෂ්ඨ වැදගත් කොන්දක් තියෙන හාමුදුරුවරු ඉන්නව මේවට කැමති නැති. ඒ හාමුදුරුවරු මේ වෙන වැඩේ ගැන පුදුම කලකිරීමකින් ඉන්නේ. අසතුටකින් ඉන්නේ. මෙහෙම ගියොත් අපි ඉවරයි කියන එක තමයි කියන්නෙ.

 

images 50

කඨිනෙට වෙන්නෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වෙච්ච දේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ඉවර වුණෙත් මේ වගේම අනවශ්‍ය තරම් වාණිජ වැඩක් බවට වෙළඳ වැඩක් බවට සූදු කාරයින්ගෙ වැඩක් බවට ගේම් කාරයින්ගෙ වැඩක් බවට පත් කරල; ඒගොල්ලොන්ට වෙනම රැකවරණයක් ඒක ඇතුලෙ හොයාගන්න; ඒ ගොල්ලන්ගෙ සුරපුර ජීවිතය හොයා ගන්න මේක පාවිච්ච කරන්න ගියා. ක්‍රිකට් ඉවර වුණා. ඒකම කඨිනෙටත් වෙනවා; මෙහෙම ගියොත්.

 123340640 3442217165816210 7303483765586681073 nනූපන් කුසල් වඩවමින් නූපන් කුසල් දියුණු කරමින් නූපන් අකුසල් ඉපදෙන්න එන එක වලක්වමින් තියෙන අකුසල් දුරු කරමින් මග පෙන්වමින් ඒ වස් තුන් මාසෙ පුරාම අපේ සේනාසන වල අපි කටයුතු කරනව

 

මේක වෙනස් නොකර ගියොත් ඒකම කඨිනෙටත් වෙන බව මම ජීවතුන් අතර හිටියත් නැතත් තව අවුරුදු දහයක් යන්න කලින් එළිවෙයි. කඨිනෙ කිව්වට මිනිස්සු පැත්ත බලන් නැති යුගයක් මෙහෙම ගියොත් උදා වෙනවා. මේක බලන් ඉන්න ඉන්න අවුරුද්දෙන් අවුරුද්ද නරක් වෙනවා; හොඳ වෙනවා නෙවෙයි. මේක ගුණාත්මක වෙනව නෙවෙයි පේන්නෙ. අවුරුද්දෙන් අවුරුද්දට මේක ඇතුලෙ විශාල නරකවල් නිර්මාණය වෙනව. අපිට මේ උතුම් පින්කම ගැන ගෞරවයක් නැද්ද? අසීමාන්තික ගෞරවයක් අපිට තියෙනවා. ඒ කඨින පින්කමක් කරන දායකයගෙ හිත ඒ උතුම් පින්කම එක්ක නූපන් කුසල් වඩවමින් නූපන් කුසල් දියුණු කරමින් නූපන් අකුසල් ඉපදෙන්න එන එක වලක්වමින් තියෙන අකුසල් දුරු කරමින් මග පෙන්වමින් ඒ වස් තුන් මාසෙ පුරාම අපේ සේනාසන වල අපි කටයුතු කරනව. ගොඩාක් පන්සල්වල ස්වාමින් වහන්සේලා කටයුතු කරනව.

 

9bd4821dff79e2d260d5074ee9c9ecb0298b6621
මේක බහුතරයක් හාමුදුරුවන්ගෙ ව්‍යාපාරයක් නෙවෙයි. හැබැයි ඉතාම අනුවණව වැඩකරන සුළු පිරිසක් නිසා සමාජ ගත වෙමින් තියන මේක අනිත් අයටත් ටික ටික බෝ වෙනවද නැද්ද ? බෝ වෙනවා. මේක වෙන්න ඉඩ දෙන්න බෑ.ඒක නම් ඉතින් වෙනස් විය යුතුමයි නේද?. කවුරු කැමති වුණත් අකමැති වුණත් වෙනස් විය යුතුමයි. මැච් බලන අයට මේ කතාව හොඳටම තේරෙනවා මොකක්ද අනාගතේ පින්කම්වලට වෙන්නෙ කියලා.

(vinivida.lk)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...