The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

දේශපාලනයට කැමති වුණත්, අකමැති වුණත් ඔබ ඔබේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ ඇයි?

T

The Leader Desk

November 13, 2024 • 5:16 AM

දේශපාලනයට කැමති වුණත්, අකමැති වුණත් ඔබ ඔබේ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ ඇයි?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මගේ තනි ඡන්දයකින් කරන්න පුළුවන් බලපෑමක් නෑ!" "දේශපාලනය මට වැඩක් නෑ!" ඔබත් මේ ආකාරයට "මම නම් දේශපාලනයට කැමති නෑ," කියන කෙනෙක් ද?
  • ඔබ සිතන්නේ ඔබ දේශපාලනයට සම්බන්ධයක් නැති බව ද?
  • නමුත් දේශපාලනය ඔබේ එදිනෙදා ජීවිතයට බලපාන බව ඔබ දැන සිටියා ද ?
  • වර්තමානයේ තරුණ තරුණියන්ට ඇති ලොකු ම ගැටලුව ස්ථාවර වීම පිළිබඳ ගැටලුවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

"මගේ තනි ඡන්දයකින් කරන්න පුළුවන් බලපෑමක් නෑ!"

"දේශපාලනය මට වැඩක් නෑ!"

ඔබත් මේ ආකාරයට "මම නම් දේශපාලනයට කැමති නෑ," කියන කෙනෙක් ද? "මට දේශපාලනයෙන් වැඩක් නෑ, මම හම්බ කර ගත්තොත් මම ජීවත් වෙනවා," යනුවෙන් සිතන කෙනෙක් ද?

ඔබ සිතන්නේ ඔබ දේශපාලනයට සම්බන්ධයක් නැති බව ද? නමුත් දේශපාලනය ඔබේ එදිනෙදා ජීවිතයට බලපාන බව ඔබ දැන සිටියා ද?

 

rt5

වර්තමානයේ තරුණ තරුණියන්ට ඇති ලොකු ම ගැටලුව ස්ථාවර වීම පිළිබඳ ගැටලුවයි.

 

වර්තමානයේ තරුණ තරුණියන්ට ඇති ලොකු ම ගැටලුව ස්ථාවර වීම පිළිබඳ ගැටලුවයි.

තමාගේ ම නිවසක් සාදා ගැනීම හෝ නිවසක් කුලියට ගැනීම, වාහනයක් මිල දී ගැනීම, මානසික නිදහස, විවේක කාලය ගත කිරීම, විවාහ වීම බොහෝ දෙනෙකුට තවමත් ළඟා කර ගත නොහැකි සිහිනයක් වී තිබෙනවා.

රට තුළ පවතින ආර්ථික තත්ත්වයත් සමග ඔබ ගන්නා වැටුපෙන් ඔබේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොහැකිව ඇති. මෙවර ඔබ ඡන්දය ප්‍රකාශ කිරීම ඔබේ බලාපොරොත්තු සමග සම්බන්ධ වන්නේ කෙසේ ද?

 

rt6

නිවසක් සාදා ගැනීමට අවශ්‍ය ඉඩමක් තෝරා ගැනීමේ සිට නිවස ඉදි කර අවසන් වන තෙක් දේශපාලනය ඒ සඳහා මැදිහත් වෙනවා.

 

නිවසක් සාදා ගැනීමට අවශ්‍ය ඉඩමක් තෝරා ගැනීමේ සිට නිවස ඉදි කර අවසන් වන තෙක් දේශපාලනය ඒ සඳහා මැදිහත් වෙනවා. නිවසක් සාදා ගැනීමට අවශ්‍ය ණය මුදලක් ලබා ගැනීමේදී ඒ සඳහා ඔබ ගෙවිය යුතු ණය පොළී අනුපාත රට තුළ පවතින ආර්ථික තත්ත්වය අනුව ඉහළ පහළ යනවා. එමෙන් ම ඔබේ නිවස සාදා ගැනීමට අවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ගණන් තීරණය වීම සිදුවන්නේ ද ඒ හරහා යි.

ඔබ නිවසක් කුලියට හෝ බද්දට ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබට එහි කුලිය, ජල හා විදුලි බිල්, තැන්පතු මුදල ලෙස තැබීමට සිදුවන මුදල හා ගිවිසුම් සම්බන්ධයෙන් සැලකිලිමත් වීමට සිදු වෙනවා. ශ්‍රී ලංකාව තුළ කුලී නිවාස හා දේපළ බදු දීම සම්බන්ධයෙන් නීති පැවතියත්, නිවාස කුලියට ලබා දීම සම්බන්ධයෙන් නිසි නියාමනයක් සිදු වන්නේ නැහැ. මේ නිසා ම ප්‍රමිතිය අඩු දේපළවලට පවා ඔබට අධික කුලියක් ගෙවීමටත්, විවිධ අවස්ථාවල විවිධ ආකාරයෙන් තැන්පතු මුදල් තැබීමටත් මුහුණ දීමට සිදුව තිබීමට හැකි යි. ඒ විතරක් නෙවෙයි, ඇතැම් කුලී නිවාස හිමියන් කිසිදු ගිවිසුමක් අත්සන් නොකරන නිසාත් ඔබ දුෂ්කරතාවලට මුහුණ දී තිබිය හැකි යි.

rt7

වාහන මිල දී ගන්න සිදුවෙලා තියෙන්නේ, සැබෑ වටිනාකමට වඩා අධික මුදලකට යි

 

2020 වසරේදී වාහන ආනයනය කිරීම පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් මෙරටට වාහන ආනයනය කිරීම 2020 වසරේ මාර්තු මාසයේ සිට නවතා තිබීම නිසා මේ වන විට වෙළඳපොළ තුළ වාහනයක් මිල දී ගැනීමට අධික පිරිවැයක් දැරීමට සිදු වී තිබෙනවා.

ඒ නිසා වාහන මිල දී ගන්න සිදුවෙලා තියෙන්නේ, සැබෑ වටිනාකමට වඩා අධික මුදලකට යි.

වාහනයක් මිල දී ගැනීමේදී එකවර මුදල් ගෙවීමට අපහසු නිසා ලීසිං වාරික හෝ ණය වාරික සඳහා ද පොළී අනුපාත වර්තමානය වන විට ඉහළ අගයක පවතිනවා.

එමෙන් ම ඉන්ධන මිල ද තවමත් පවතින්නේ, ඉහළ මට්ටමක යි. වාහන අමතර කොටස් සඳහා ද ආර්ථික අර්බුදයට පෙර තිබූ මිල ගණන් මෙන් කිහිප ගුණයක් ගෙවීමට ඔබට සිදු වී තිබිය හැකි යි.

rt8

ඔබ රට තුළ විවේකය ගත කිරීමට සැලසුම් කළත් ඒ සඳහා වර්තමානයේ විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා

 

විවේකයක් ගත කිරීමට යාම ඔබට දේශපාලනික කාරණයක් ලෙස නොදැනෙන්න පුළුවන්.

නමුත් ඔබේ ගුවන් ගමන් බලපත්‍රය ලබා ගැනීමේ සිට යම් රටකට යන තෙක් ම විවිධ දේශපාලන තීන්දු තීරණ එයට බලපානවා.

ඔබ රට තුළ විවේකය ගත කිරීමට සැලසුම් කළත් ඒ සඳහා වර්තමානයේ විශාල පිරිවැයක් දැරීමට සිදු වෙනවා. පොදු ප්‍රවාහනය භාවිත කළත්, ගත වන කාලය, පවතින පහසුකම් සහ දැරීමට සිදුවන වියදම් සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා.

මීට අමතරව, ඔබේ වැටුපෙන් ඔබේ විවේකය ගත කිරීමට මුදලක් වැය කිරීමට ද හැකි විය යුතු යි. මන්ද යත් ඉහළ ගොස් තිබෙන ජීවන වියදම හමුවේ ඔබට විවේකය ගත කිරීමට මුදල් ඉතිරි නොවෙනවා මෙන් ම, ඇතැම් වීට අත්‍යවශ්‍ය වියදම් සපයා ගැනීම සඳහා විවේකය ද කැප කර වැඩ කිරීමට සිදුවී තිබෙන්න පුළුවන්.

rt9

ඖෂධ අතුරු ආබාධ රහිත, ඔබට හානියක් නොවන ඖෂධ විය යුතු යි

 

ඔබ අතරමගකදී යම් අනතුරකට භාජනය වුවහොත් ඔබව ඒ අවස්ථාවේදී ම රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර කිරීම දක්වා ක්‍රියාවලිය සඳහා ගිලන් රථ පහසුකම්, වෛද්‍ය කාර්ය මණ්ඩල සහ ඖෂධ වැදගත් වනවා.

එම ඖෂධ අතුරු ආබාධ රහිත, ඔබට හානියක් නොවන ඖෂධ විය යුතු යි.

ඔබ විවාහ වී දරුවන් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් දරු ප්‍රසූතිය සඳහා රෝහල් පහසුකම් සහ පුහුණු වෛද්‍ය කාර්ය මණ්ඩල අවශ්‍ය වෙනවා. හදිසි අවස්ථාවකදී දැඩි සත්කාර ඒකකවලට ප්‍රවේශ වීමේ පහසුකම තිබීම ද වැදගත්.

 

rt10

ඔබට දරුවන් සිටිනවා නම් ඔබ අනිවාර්යයෙන් ම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා විය හැකි යි

 

ඔබට දරුවන් සිටිනවා නම් ඔබ අනිවාර්යයෙන් ම දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා විය හැකි යි.

එහිදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම ඔබගේ බලාපොරොත්තුව යි.

පාසල් උපකරණවල මිල ගණන් ඉහළ යාම සහ පාසල් තුළ විවිධ දේ සඳහා වරින් වර මුදල් එකතු කිරීම වර්තමානයේ දෙමව්පියන් මුහුණ දී තිබෙන ගැටලුවක්.

ඇතැම් විට, ඔබ ද උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වෙන් සිටින්නට පුළුවන්.

ඒ සඳහා ඔබට අධ්‍යාපන අවස්ථා තිබිය යුතු අතර, ඇතැම් විට ඔබට පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු හෝ උසස් අධ්‍යාපන කටයුතු සඳහා ශිෂ්‍ය ණය ද අවශ්‍ය වනවා.

ඇතැම් විට, නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය පවතින අධ්‍යාපන ආයතනවල වුවත් බඳවා ගැනීම් සීමා වීම නිසා ඔබට අවස්ථා මග හැරීමට ඉඩ තිබෙනවා.

ඔබ ඡන්දය ප්‍රකාශ කළ යුත්තේ ඇයි?

මේ සෑම දෙයක් ම රඳා පවතින්නේ රට තුළ ක්‍රියාත්මක වන දේශපාලන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති සහ විදේශ ප්‍රතිපත්ති මත යි.

මේ එක් එක් ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය සිදුවන්නේ පාර්ලිමේන්තුව තුළ යි.

ඒවා ඔබගේ ජීවිතය පහසු කරන තීරණ හෝ අපහසු කරන තීරණ විය හැකි යි.

වර්තමානයේ බොහෝ දෙනෙකුට වක්‍ර බදුවලට අමතරව වැටුපෙන් සෘජු බදු ද ගෙවීමට සිදුව තිබෙනවා.

එවැනි ප්‍රතිපත්තිමය තීරණ පවත්වාගෙන යන්නේ ද, එසේත් නැතිනම් සංශෝධනය කරන්නේ ද යන තීරණ ගැනීමේ බලය පාර්ලිමේන්තුව සතු යි.

ඉහත පෙන්වා දුන් උදාහරණ සියල්ලට ම අදාළ තත්ත්වයන් සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය තීරණ ගැනීම ද සිදුවන්නේ නීති සම්පාදනය කරන ආයතනය වන පාර්ලිමේන්තුව හරහා යි.

ඔබට ඔබේ මතය නියෝජනය කිරීම සඳහා නියෝජිතයෙකු තෝරා ගැනීමේ අවස්ථාව මෙම මහ මැතිවරණයෙන් ලබා දී තිබෙනවා.

ඔබ වෙනුවෙන් තීරණ ගැනීම සඳහා නියෝජිතයෙකු පත් කර ගැනීමට ඔබට ඔබගේ ඡන්දය භාවිත කළ හැකි යි.

ආණ්ඩු පක්ෂය හෝ විපක්ෂය තුළ, තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී ඔබේ හඬ නියෝජනයට අවශ්‍ය තල්ලුව ඔබේ වටිනා ඡන්දයෙන් ඔබට ලබා දිය හැකි යි.

(රචනය: බීබීසී සිංහල)
දෘෂ්‍ය නිපැයුම: ලෝකේෂ් ෂර්මා

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...