The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

සුමින්ද කිත්සිරි ගුණරත්න ගිහිල්ල

T

The Leader Desk

November 13, 2024 • 2:54 PM

සුමින්ද කිත්සිරි ගුණරත්න ගිහිල්ල

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෘෂි පිඨයේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩ කටයුතු ගැන වගකියන නිළධාරියෙක් (audio visual officer) හැටියට තමයි මට ඔහු මුණ ගැහෙන්නේ.
  • මේක නිකම් ඒ වෙලාවේ වාර්ෂික අධ්‍යයන සහ විභාග වලින් ආපු අය දැක්කේ ෆැක්ටරි ක්‍රමයක් විදියට.
  • අර සුමින්දල නිස්සාර ලෙස හිතපු සබරගමුවේ එයාල ආකර්ෂණය වෙච්ච දෙයක් බවට මේ ෆිල්ම් බැලිල්ල පත්වුණා.
  • සබරගමුව තවමත් එලෙසම පවතිනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

කෘෂි පිඨයේ ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩ කටයුතු ගැන වගකියන නිළධාරියෙක් (audio visual officer) හැටියට තමයි මට ඔහු මුණ ගැහෙන්නේ. ඒ නිසාම ඔහු චිත්‍රපටි ගැන උනන්දුවක් දැක්වුව.

අර ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩ සම්බන්ද තරමක් සංකීරණ ආම්පන්න අපේ කැම්පස් එකට මුල්වතාවට ලැබුණේ ලෝක බැංකු ව්‍යාපෘතියක් එක්ක. සුමින්ද ආවේ ITN එකේ වැඩ කර කර ඉඳල. නමුත් ඔහු යම් කාලයක් ඉඳල අපෙන් යන්න ගියා.

ලංකාවේ ''ලොකු'' නැත්නම් කොළඹට කිට්ටු විශ්ව විද්‍යාලයකින් සබරගමුවට එන ඕනි කෙනෙක්ගේ සිහිනයක් තමයි යම් කාලෙකින් ආපහු ඒ කොළඹ පැත්තේ එකකට යන එක. ඉතින් කිත්සිරිත් ගියා. ඕනිනම් කියන්න පුළුවන් නැවත ශිෂ්ටාචාරයට යනවා කියලත්.

කිත්සිරිට සබරගමුවේ ක්‍රමය නැත්නම් ස්ටයිල් එක ඇල්ලුවේ නැහැ. පටන්ගත්ත දවසේ ඉඳන් සබරගමුවේ ස්ටයිල් එක උනේ ඇමෙරිකන් ක්‍රමය. සමාසික (සෙමෙස්ටර්) අධ්‍යයන, අඛණ්ඩ ඇගයීම් සහ ඉක්මන් විභාග. සහ අනික් සෙමෙස්ටර් එක ඉක්මනින් පටන්ගැනීම.

මේක නිකම් ඒ වෙලාවේ වාර්ෂික අධ්‍යයන සහ විභාග වලින් ආපු අය දැක්කේ ෆැක්ටරි ක්‍රමයක් විදියට. විශේෂයෙන් ඔය නිදහස් ලේඛණයේ හිටපු අය මේක දැක්කේ සාපයක් හැටියට.

මේ අවුල අස්සේ තමයි සුමින්ද සහ ඔහුගේ ලඟම යාළුවෙක් වෙච්ච හිනිදුම සුනිල් සෙනවි මහත්මය (ඒ වෙලාවේ මහාචාර්ය නෙවෙයි) සහ මම සබරගමුවේ හවසට ෆිල්ම් බලන්න ගත්තේ සහ ඔය X එකේ කතාබහ ඒ එක්ක පටලගත්තේ. මම තමයි සබරගමුවේ එකම නියෝජනය උනේ.

අර සුමින්දල නිස්සාර ලෙස හිතපු සබරගමුවේ එයාල ආකර්ෂණය වෙච්ච දෙයක් බවට මේ ෆිල්ම් බැලිල්ල පත්වුණා. ඒක යම් කාලයක් දිගට ගිහිල්ල නැවතුණා. අපි වෙන වෙන පාරවල් වල ගියා. පස්සේ කිත්සිරි එයාගේ පොතක වැඩකට මට එන්න කිව්වා. මම හිතන්නේ ඊට පස්සේ අපි හමුවුණේ නැහැ.

සුමින්දල ආව ගියා. සබරගමුව තවමත් එලෙසම පවතිනවා.

අපි කවදාවත් සුමින්දල උනේ නැහැ වගේම සුමින්දල අපි උනෙත් නැහැ. එහෙම වෙන්න ඕනිත් නැහැ.
නිවන් සුව!

Mahesh Hapugoda(ආචාර්ය මහේෂ් හපුගොඩ)
සමාජ හා දේශපාලන විශ්ලේෂක
hapugoda@gmail.com
(Mahesh Hapugoda ගේ ෆේස්බුක් පිටුවෙන්...)

සබැඳි ලිපි :
සුමින්ද..., ඔබ ඉතිරි කළ දෑ බොහෝ ය...


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...