The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ - මව හඬා වැළපෙමින් පවසයි

T

The Leader Desk

November 14, 2024 • 6:07 AM

ජිවෝන් දිවිනසා ගත්තේ නැහැ - මව හඬා වැළපෙමින් පවසයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මියගිය සිසුවා, ජීවොන් සොරෝ සිං ය.
  • ඔහු කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දීප්තිමත් සිසුවෙකි. ඇල්ටෙයා ගොඩනැගිල්ලෙන් වැටී මරු තුරුලට ගිය ජීවොන් සහ එම සිසුවියට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි යන්න තවමත් අබිරහසකි.
  • තම පුතා දිවි නසා ගත් බව මාධ්‍ය හරහා දිගින් දිගටම ප්‍රසිද්ධ වෙද්දී ඇයට එය තවත් දරා ගැනීමට නොහැකි විය.
  • ජිවොන්ගේ මව සොහොයුරිය ඇතුළු පවුලේ සාමාජිකයෝ, ජීවොන් වෙනුවෙන් යුක්තියක් ඉටුවේවි යැයි අපේක්ෂාවෙන්, පෙරට පැමිණියහ. තම පුතුගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් සාවද්‍ය තොතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වීම, ජිවොන්ගේ මවගේ වේදනාව තවත් වැඩි කරන්න විය.
අකුරු ප්‍රමාණය (Font Size):

මියගිය සිසුවා, ජීවොන් සොරෝ සිං ය. ඔහු කොළඹ ප්‍රකට ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි දීප්තිමත් සිසුවෙකි. 

ඇල්ටෙයා ගොඩනැගිල්ලෙන් වැටී මරු තුරුලට ගිය ජීවොන් සහ එම සිසුවියට ඇත්තටම සිදුවූයේ කුමක්දැයි යන්න තවමත් අබිරහසකි. එය ජීවොන්ගේ පවුලේ අයට, ඥාති මිත්‍රාදීන්ට, පාසලේ සහෝදර සිසුන් සහ සිසුවියන්ට, ගුරුවරුන්ට හද කම්පා කරවන සිද්ධියකි.

 

118961760 2348171015491480 6907051099391958791 n
පසුගිය ජූලි දෙවැනිදා සිදුවුණු එම අවාසනාවන්ත සිද්ධිය, දිවි නසා ගැනීමක් යැයි බොහෝ දෙනා අර්ථ දැක්වූ අතර, මාධ්‍යවලින් ද ඊට පුළුල් ප්‍රචාරයක් ලැබුණි. ‘මගේ පුතා ජීවිතයට ආදරේ කළ කෙනෙක්. එයා දිවි නසා ගන්න කෙනෙක් නොවෙයි. ඔහු හැමවිටම අනුන් ගැනමයි හිතුවේ. එයා කාටත් උදවු කරන කනෙක්.’ මේ හඬ ජිවොන්ගේ මවගේය.

තම පුතා දිවි නසා ගත් බව මාධ්‍ය හරහා දිගින් දිගටම ප්‍රසිද්ධ වෙද්දී ඇයට එය තවත් දරා ගැනීමට නොහැකි විය. ජිවොන්ගේ මව සොහොයුරිය ඇතුළු පවුලේ සාමාජිකයෝ, ජීවොන් වෙනුවෙන් යුක්තියක් ඉටුවේවි යැයි අපේක්ෂාවෙන්, පෙරට පැමිණියහ. 

තම පුතුගේ අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් සාවද්‍ය තොතුරු මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වීම, ජිවොන්ගේ මවගේ වේදනාව තවත් වැඩි කරන්න විය.

‘ඩේලි මිරර්’ පුවත්පත හා සම්බන්ධ වෙමින්, ඇය ඇගේ ආදරණීය පුතනුවන්ගේ ආදරණීය මතකයන් ආවර්ජනය කළේත්, පුතුගෙන් තමන්ට ලැබුණු අවසන් වට්ස්ඇප් වීඩියෝ ඇමතුම ගැන පැහැදිලි කළේ කඳුළු පුරවාගෙනය. ‘අම්මා මම ඉක්මනින් එනවා’ ජීවොන්, එම වීඩියෝ ඇමතුමින් අවසන් වරට පවසා ඇත්තේ එපමණය.

jivon 2

එදා ජීවොන් ඒ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ තවත් කෙනකුට උපකාර කිරීමට ඉදිරිපත් වූ නිසා යැයි මව සහ පවුලේ සාමාජිකයෝ පැහැදිලි කරති. ජීවොන් සැමවිටම අන් අයට උපකාර කරන කරුණාවන්ත දරුවෙකි. ඔහුගේ ඒ කරුණා ගුණය ඔහුට විපතක් කරාවි යැයි ඔහු සිහිනෙකින්වත් සිතන්න නැත.

 

ජීවොන්ගේ මතකය අප අතරේ රැඳී තිබිය යුත්තේ ඒ අයුරින් මිස මාධ්‍ය විසින් හුවා දක්වනු ලැබු ආකාරයට නොවෙයි යැය ‘ඩේලි මිරර්’ පුවත්පත හා සම්බන්ධ වුණු ජිවොන්ගේ මව පැහැදිලි කරයි.

‘ජිවොන්ගේ පාසල් දිවියේ ඔහුට අමිහිරි අත්දැකීම් තිබුණා. ඔහු අඩන්තේට්ටම්වලට ලක්වුණු අවස්ථා තිබුණා. ඒත් ඒ කිසිම දේකින් ඔහු වැටුණේ නැහැ. ජීවොන් හැමවිටම අනුන් වෙනුවෙන් පෙනී සිටියා. අනුන්ට උපකාර කළා. ඔහු සැමවිටම උදයෝගයෙන් සිටි දරුවෙක්’ යැයි මව තම පුතු පාසලේ දී මුහුණ දුන් සිදුවීම් ගැන සිහිපත් කරයි.

පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වූවත්, ජිවොන් සාමාන්‍ය පෙළ විභාගයට සූදානමින් සිටි බව ඔහුගේ මව පෙන්වා දෙයි.

 

nycfl 1155348268

“මගේ පුතා පාසලේදී අඩන්තේට්ටම්වලට ලක් වුණේ මේ වසර මුලදී. ඔහු ඒ බව පාසලේ ගුරුවරුන්ට දැනුම් දුන්නා. මගේ පුතා මුහුණ දුන්න විදියේ අමිහිරි අත්දැකීම්වලට පාසල් සිසුන් බොහෝ දෙනකු මුහුණ දෙනවා. පාසල් ගුරුවරුන් ඒවාට මැදිහත් වී සොයා බැලීම් කළ යුතුයි. හිරිහැරයකට පත් වන දරුවන් වෙනුවෙන් ගුරුවරුන් පෙනී සිටිය යුතුයි” යැයි ද ජිවොන්ගේ මව පවසන්නේ ඇගේ පුතු මුහුණ දුන් අමිහිරි අත්දැකීම් තවත් පුතකුට හෝ දියණිකට මුහුණ දීමට සිදු නොවනු ඇතැයි පවසමිනි.

 

“ජීවොන් කිසිම පීඩනයක් නැතිව නිදහසේ අධ්‍යාපනය ලබමින් හැදී වැඩුණු දරුවෙක්. ඔහු සැමවිටම ජීවිතේට ආදරේ කළා. ජීවත් වෙන්න ආදරේ කළා” යැයි ජිවොන්ගේ මව සහ සාහොයුරිය ඩේලි මිරර් පුවත්පත සමඟ අදහස් දක්වමින් පෙන්වා දෙයි. 

“මගේ පුතා බුද්ධිමත්. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයාගේ හිනාවට ලොවක් දිනන්න පුළුවන්. මම කවදාවත් මගේ පුතාට ඉගෙන ගන්න බල කරලා නැහැ. එයා පාසලේ දක්ෂ සිසුවෙක්. ඒ වගේමයි සමාජය ගැනත් එයාට හොඳ අවබෝධයක් තිබුණා. මාධ්‍යවලින් ඔහු ගැන කළ අර්ථ නිරූපණය සත්‍යයක් නොවෙයි. කරුණු කාරණා හරිහැටි දන්නේ මම.’ යැයි ජිවොන්ගේ මව කඳුළු සලමින් වැඩි දුරටත් පැහැදිලි කරයි.

(උපුටා ගැනීම - lankadeepa)

මුලාශ්‍රය :
’’Jivon did not die by suicide’’ Justice for Jivon - Jivon’s family clarifies


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...