ජයග්‍රහණය කරන බවට බොහෝ දෙනකු තුළ සාධාරණ අනුමානයක් තිබූ බව සත්‍යයකි.
එහෙත්, එය මෙතරම් විශිෂ්ට ජයග්‍රහණයක් වනු ඇතැයි බොහෝ දෙනෙකු නොසිතන්නට ඇත. ඒ අනුව මෙවර මහ මැතිවරණයෙන් මාලිමාව අනපේක්‍ෂිත ජයග්‍රහණයක් ලැබූ බව බොහෝ දෙනකු ගේ අදහස වී ඇති බව පෙනේ.
“මේ ඡන්දෙ දි මොනවා වේවිද?”
මෙවර මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාරදුන් සමයේ සිටම බොහෝ දෙනකු අපගෙන් ද අසා තිබේ. එවිට අප ඒ සැමට දුන්නේ “ඡන්ද ප්‍රතිඵල ආවම තමයි බලන්න වෙන්නේ” යන සරල පිළිතුර ය. එහෙත්, ඔවුන් අප වෙතින් බලාපොරොත්තු වනුයේ ඔවුන් නොදන්නා ජ්‍යොතිෂය හා සම්බන්ධ අධියථාර්ථය පදනම් වන පිළිතුරක් බව අප ද නොදැන සිටියා නොවේ.

ජනාධිපතිවරණයක්, මහමැතිවරණයක් වැනි ජාතික මට්ටමින් අතිශය වැදගත් සංසිද්ධියක් සම්බන්ධයෙන් අතිශය නිවැරදි අනාවැකියක් පළ කිරීමට ජ්‍යොතිෂයට ඇති හැකියාව කුමක්ද? යන්න පිළිබඳව සාමාන්‍ය ජන සමාජයේ බොහෝ දෙනෙක් නොදනිති.එබැවින්, ඔවුන් කරනුයේ ඒ සම්බන්ධයෙන් මතු වන ස්වභාවික කුතුහලය පදනම් කොට එම ඊනියා ජ්‍යොතීර්වේදීන් ගේ කියුම් කෙරුම් අසා දැක ගැනීම පමණි.
මීට වසර කිහිපයක සිට අප රටේ පැවැති විවිධ මැතිවරණ සම්බන්ධයෙන් විවිධාකාර ජ්‍යොතිෂ අනාවැකි පළවීමේ ජනප්‍රිය මාධ්‍ය සංස්කෘතියක් හිස ඔසවා තිබෙනු දක්නා ලදී. එහි දී ඒ මාධ්‍ය හමුවේ ජ්‍යොතීර්වේදීන්,ආධ්‍යාත්මවේදීන් නමින් පෙනී සිටි;විකට ඇඳුම් බඳු විවිධාකාර ඇඳුම් ආයිත්තම් වලින් පවා සැරසුණු විවිධ පුද්ගලයන් නොයෙකුත් අංග චලන පාමින් අනේක විධ අදහස් පළ කරනු දක්නා ලදී. එමෙන්ම එම විවිධාකාර මත පදනම්ව ඔවුන් ගෙන් සමහරකු රූපවාහිනී මැදිරි තුළ “පොර කුකුළන්” ගේ තත්වයට පත්වනු අපි ද දැක ඇත්තෙමු. මේවා ඇතැම් විට තම රූපවාහිනී චැනලයට බාල ජනප්‍රියත්වයක් ලබා දෙනු පිණිස ඒ මාධ්‍ය ආයතන වලින් කරන ලද වංචනික ඇටවුම් බව ද පෙනී ගිය අවස්ථා තිබිණ.

ජ්‍යොතීර්වේදීන් වශයෙන් පෙනී සිටියවුන් ගෙන් බහුතරය සැබෑ ජ්‍යොතීර්වේදීන් නොව ඉතා වටිනා මානව ශාස්ත්‍රයක් වන ජ්‍යොතීර්වේදය මුල් කොට පට්ටපල් කෙබර ගෙන හැර පාමින් ඒවා පිළිබඳව හයක් හතරක් නොදන්නවුන් තුළ තමන් පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා ඔවුන් ගේ ඉණ ඉහ අත ගෑමට මාන බැලූ කට්ට කයිරාටිකයන් බව නිසැක ය. එය ඒ සම්බන්ධ ජ්‍යොතීර්වේදය සම්බන්ධ අව්‍යාජ ආදර ගෞරවයක් ඇති සැබෑ ජ්‍යොතීර්වේදීන් ගේ පොදු මතය වූ බව ද අපි දනිමු.
ජ්‍යොතීර්වේදය මත පදනම් වූ කවර හෝ අනාවැකියක් පළ කිරීමේදී ඒ සඳහා යොදා ගනු ලබන දත්ත සහ මූලාශ්‍ර පද්ධතිය ද අතිශය වැදගත් ය. එහිදී එම මූලාශ්‍ර වල ඇති වැදගත්කම යෝග්‍යතාව සේම ඒවා තුලනාත්මකව විශ්ලේෂණය කිරීම සම්බන්ධ ජ්‍යොතීර්වේදියා සතු ව්‍යක්ත විශාරද භාවය ද එක සේ ඉවහල් වනු ඇත.එසේම ඒවා එකි’නෙක තුලනාත්මක ලෙස විමර්ශනය කෙරෙන ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත ද එපමණකටම වැදගත් වනු ඇත.
මෙය සැමට වැටහෙන සරල නිදසුනක් ලෙසින් පැවසුව හොත් කිරි තේ කෝප්පයක් සාදා ගැනීමේදී ඒ සඳහා තේ කොළ, සීනි හා එළකිරි වෙනුවට පොල්කිරි, ගම්මිරිස් හා ලුනු යෙදුවහොත් කුමකින් කුමක් වේවිද? නමුදු පසුගිය කාලවල ජනමාධ්‍ය මගින් මෙවන් අතිශය වැදගත් තීරණාත්මක සංසිද්ධීන් පිළිබඳව අනාවැකි පළ කළ කිසිවෙකුත් එලෙස ඒ සඳහා තමන් යොදා ගනු ලැබූ දත්ත සහ මූලාශ්‍ර සහ ඒවා සම්පිණ්ඩනය කිරීම පිණිස යොදා ගත් ජ්‍යොතිෂ සිද්ධාන්ත මොනවාදැයි අනාවරණය කළ බවක් අප නම් දැක නැත.
එම අනාවැකි වලට සවන් දුන් අප රටේ සාමාන්‍ය ජනතාවට සිදුවූයේ නැවතුණු ඔර්ලෝසු වලින් හරි වෙලාව බලා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ය
ඒ අනුව එම අනාවැකි වලට සවන් දුන් අප රටේ සාමාන්‍ය ජනතාවට සිදුවූයේ නැවතුණු ඔර්ලෝසු වලින් හරි වෙලාව බලා ගැනීමේ අභියෝගයට මුහුණ දීමට ය.එහි දී ඔවුනට නිවැරදි වේලාව බලා ගත හැක. එහෙත්, ඒ එම ඔර්ලෝසු නැවතී ඇති වේලාවේ දී පමණි. සැබැවින්ම මෙලෙස ජ්‍යොතීර්වේදීන් වශයෙන් පෙනී සිටියවුන් ගෙන් බහුතරය සැබෑ ජ්‍යොතීර්වේදීන් නොව ඉතා වටිනා මානව ශාස්ත්‍රයක් වන ජ්‍යොතීර්වේදය මුල් කොට පට්ටපල් කෙබර ගෙන හැර පාමින් ඒවා පිළිබඳව හයක් හතරක් නොදන්නවුන් තුළ තමන් පිළිබඳ විශ්වාසයක් ගොඩනඟා ඔවුන් ගේ ඉණ ඉහ අත ගෑමට මාන බැලූ කට්ට කයිරාටිකයන් බව නිසැක ය. එය ඒ සම්බන්ධ ජ්‍යොතීර්වේදය සම්බන්ධ අව්‍යාජ ආදර ගෞරවයක් ඇති සැබෑ ජ්‍යොතීර්වේදීන් ගේ පොදු මතය වූ බව ද අපි දනිමු.
සාමාන්‍යයෙන් මෙවැනි මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් අනාවැකි පළ කිරීමේ දී එම පක්ෂ නායකයා ගේත් අපේක්ෂකයන් ගේත් ජන්ම පත්‍ර සේම එම පක්ෂ ආරම්භ කළ මොහොත මුල්කොට ගත් ග්‍රහචාර, ශ්‍රී ලංකා කේන්ද්‍රය ආදී වශයෙන් වන දත්ත මූලාශ්‍ර කිහිපයක් ඒකාරාශී කර ගත යුතු වේ. එමෙන්ම ඒ දත්ත සහ මූලාශ්‍ර නිශ්චිත
සෛද්ධාන්තික ක්‍රමවේද ඔස්සේ විධිමත් ලෙස විශ්ලේෂණය කළ යුතු ය. විශේෂයෙන් මෑත භාගයේ අප රටේ පහළ වූ ජ්‍යොතීර්වේදය සම්බන්ධ ප්‍රාමාණික පඬි රුවනක් වූ ලංකා ග්‍රහස්පුට පංචාංග ලිත් කර්තෘ එස්.ඩබ්ලිව් කස්තුරිරත්න සූරීන් (1911-1998) පවසා ඇති අන්දමට සංවස්තර පත්‍ර සැකසීම වැනි ජ්‍යොතිෂය සම්බන්ධ එවන් පුළුල් විමර්ශන වල දී සාමුහික උත්සාහයන් වඩාත් ඵලදායී වනු ඇත.මක් නිසා ද යත් ඒ සඳහා සූක්ෂම පරීක්ෂාවක් අවශ්‍ය වන බැවිනි.
එහෙත්, මේ සියලු තත්වයන් යටතේ වුව කවර හෝ ජ්‍යොතිෂ අනාවැකියක සත්‍යතාව සියයට සියයක් තහවුරු කළ නොහැක. ඊට හේතුව ජ්‍යොතිෂය යනු විශ්වයේ පැවැත්ම කෙරෙහි ග්‍රහමය බලපෑම මුල් කොට ගත් සම්භාවිතා රීතිය මත පදනම් වන ශාස්ත්‍රයක් මිස මෙම විශ්වය නියාමනය කෙරෙන එකම පරමාදර්ශී ශාස්ත්‍රය නොවීම නිසා ය.
ජ්‍යොතිෂය යනු මිනිස් ජීවිත වල සාධනීය බව සඳහා උපයෝගී කර ගත හැකි ඉතා වැදගත් ශාස්ත්‍රයක් මිස සමස්ත විශ්වීය ක්‍රියාකාරීත්වය එක මිටට ගොනු කර දෙන අරුම පුදුම ඉන්ද්‍රජාලික පද්ධතියක් නොවන බව අප ඉතා හොඳින් වටහා ගත යුතු ය.එය ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත සංරචකයන් ගේ මතයක් මිස අප ගේ පෞද්ගලික මතයක් නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
බුදු දහමට අනුව මිනිසාගේ අකුසල කර්ම ඵල දීම් සම්බන්ධයෙන් ගති විපත්ති, උපධි විපත්ති, කාල විපත්ති, ප්‍රයෝග විපත්ති නමින් හේතු සාධක හතරක් ද අකුසල කර්ම මඟහැරීමේදී ගති සම්පත්ති, උපධි සම්පත්ති කාල සම්පත්ති, ප්‍රයෝග සම්පත්ති නම් හේතු සාධක හතරක් ද දක්වා තිබේ. ඒ අනුව එම විපත්තිමය තත්ත්වයන් මඟහැර ඒවා සම්පත්ති බවට හරවා ගැනීමේ කුසල මාර්ගයන් පිළිබඳ වද බුදු දහමේ සඳහන් වේ.
ජ්‍යොතිෂය යනු මිනිස් ජීවිත වල සාධනීය බව සඳහා උපයෝගී කර ගත හැකි ඉතා වැදගත් ශාස්ත්‍රයක් මිස සමස්ත විශ්වීය ක්‍රියාකාරීත්වය එක මිටට ගොනු කර දෙන අරුම පුදුම ඉන්ද්‍රජාලික පද්ධතියක් නොවන බව
ඒ නියමය අනුව ජ්‍යොතිෂය යනු මිනිස් ජීවිත වල සාධනීය බව සඳහා උපයෝගී කර ගත හැකි ඉතා වැදගත් ශාස්ත්‍රයක් මිස සමස්ත විශ්වීය ක්‍රියාකාරීත්වය එක මිටට ගොනු කර දෙන අරුම පුදුම ඉන්ද්‍රජාලික පද්ධතියක් නොවන බව අප ඉතා හොඳින් වටහා ගත යුතු ය.එය ජ්‍යොතීර්වේදී සිද්ධාන්ත සංරචකයන් ගේ මතයක් මිස අප ගේ පෞද්ගලික මතයක් නොවන බව ද විශේෂයෙන් සඳහන් කළ යුතු ය.
එවන් සත්‍ය හා යථාර්ථවාදී පසුබිමක් යටතේ පසුගිය කාලයේ මැතිවරණවලදී මෙන් මෙම මැතිවරණයේ දී ජ්‍යොතිර්වේදය අවභාවිතා කිරීමට කිසිවකුටත් ඉඩ නොදුන් මාධ්‍ය කරුවන්ට අපගේ ස්තුතිය පළ කළ යුතු අතර ජ්‍යොතීර්වේදයේ නමින් සිදු කළ එවන් නරි නාටක ප්‍රතික්ෂේප කළ සහ වත්මන් නව දේශපාලන සංස්කෘතිය තුළ ඉදිරියේ දීත් එම පිළිවෙත අනුගමනය කරන මෙරට බුද්ධිමත් ජනතාවට ද අප ගේ ගෞරවාදරය ඒකාන්තයෙන්ම හිමි විය යුතු ය.
(හේම ශ්‍රී අමරසිංහ)
නිදහස් ලේඛක



