The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

අප රටේ නිර්මාංශාහාරික ඉස්ලාමිකයනුත් හිඳින බව දන්නවා ද? - (නිරංජන් චාමින්ද කරුණාතිලක)

T

The Leader Desk

November 17, 2024 • 7:07 AM

අප රටේ නිර්මාංශාහාරික ඉස්ලාමිකයනුත් හිඳින බව දන්නවා ද? - (නිරංජන් චාමින්ද කරුණාතිලක)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලෝකයේ විවිධ ජන කොට්ඨාශ ගතහොත් ඇතැමුන් ආගමික හා සංස්කෘතික වශයෙන් මස් මාංශ පරිභෝජනයට අඩු වැඩි වශයෙන් යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ.
  • මෙහි දී ඇතැම් ජන කොට්ඨාශ සහමුලින්ම මස් මාංශ පරිභෝජනයෙන් වැළකී සිටින ආකාරයත් දකින්නට ලැබේ.
  • හින්දු භක්තිකයන් අතර ඇතැම් කොටස් නිර්මාංශ ආහාර පමණක් පරිභෝජනය කරන බව අප දන්නා කාරණයකි.
  • එමෙන්ම ඉස්ලාම් භක්තිකයන් ඉතා දැඩි ලෙස මස් මාංශ පරිභෝජනයට නැඹුරුව සිටින බව අපට පොදුවේ පෙනෙන්නට තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

ලෝකයේ විවිධ ජන කොට්ඨාශ ගතහොත් ඇතැමුන් ආගමික හා සංස්කෘතික වශයෙන් මස් මාංශ පරිභෝජනයට අඩු වැඩි වශයෙන් යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි දී ඇතැම් ජන කොට්ඨාශ සහමුලින්ම මස් මාංශ පරිභෝජනයෙන් වැළකී සිටින ආකාරයත් දකින්නට ලැබේ. හින්දු භක්තිකයන් අතර ඇතැම් කොටස් නිර්මාංශ ආහාර පමණක් පරිභෝජනය කරන බව අප දන්නා කාරණයකි. එමෙන්ම ඉස්ලාම් භක්තිකයන් ඉතා දැඩි ලෙස මස් මාංශ පරිභෝජනයට නැඹුරුව සිටින බව අපට පොදුවේ පෙනෙන්නට තිබේ. අන්තර්ජාලයේ ඇති, ඔවුන් විවිධ ආගමික උත්සව පවත්වන අවස්ථා දෙසට අවධානය යොමු කළ හොත් මෙය පැහැදිලිව දකින්නට පුළුවන. අනෙක ඔවුන්ට මේ සඳහා ආගමික වශයෙන් ද නිදහසක් ඇති බව පෙනෙන්නට තිබේ. 

කෙසේ නමුත් සම්පූර්ණයෙන් මස් මාංශවලින් වැලකී සිටින ඉස්ලාම් භක්තිකයන් ද සිටින බව ඇතැම් විට ඔබ නොදැන සිටියා වන්නට පුළුවන. මොවුන් හඳුන්වනු ලබන්නේ ‘සුෆිවරු’ නමින් වන අතර ශ්‍රී ලංකාවේ ද මේ සම්ප්‍රදාය අනුගමනය කරන ඉස්ලාම් භක්තිකයෝ ජීවත් වෙති.

 

ගී ගැයීම සහ නර්තනය සුෆි මුස්ලිවරු අතර ප්‍රචලිත සම්ප්‍රදායකි.

ඉස්ලාම් ආගම ප්‍රධාන වශයෙන් ‘සුන්නි’ සහ ‘ෂියා’ වශයෙන කොටස් දෙකකට බෙදෙන අතර මේ අතරින් බහුතරය වන්නේ සුන්නි ඉස්ලාම්වරුය. ශ්‍රී ලංකාවේ ද බහුතරය වන්නේ සුන්නි ඉස්ලාම්වරුය.

ඉස්ලාම් ආගම ප්‍රධාන වශයෙන් ‘සුන්නි’ සහ ‘ෂියා’ වශයෙන කොටස් දෙකකට බෙදෙන අතර මේ අතරින් බහුතරය වන්නේ සුන්නි ඉස්ලාම්වරුය. ශ්‍රී ලංකාවේ ද බහුතරය වන්නේ සුන්නි ඉස්ලාම්වරුය. මේ කොටස් දෙකටම අයත්, ආධ්‍යාත්මික ජීවිතයට බර, භාවනාව, සංගීතය සහ කාව්‍යකරණය තුළින් දෙවියන් දැකිය හැකි යැයි විශ්වාසයෙන් පසු වන උප ජන කොට්ඨාශය සුෆිවරු නමින් හඳුන්වනු ලබයි. මොවුන් වැඩි වශයෙන් ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරුව සිටින බැවින් ඔවුහු මස් මාංශ පරිභෝජනයෙන් උපරිම වශයෙන් වැලකී සිටිති.
 
p0494gbz
සාම්ප්‍රදායික සුෆි ඉස්ලාම්වරුන්ගේ හමුවක්
 
අල්ලා දෙවියන් සිය පණිවිඩය මිනිසුන් අතර පැතිර වීමට යොදා ගත් අවසන් පණිවිඩකරුවා වන මුහම්මද් “නුඹලාගේ කුස සතුන්ගේ සුසාන භූමියක් බවට පත් කර නොගන්න” යැයි සිය අනුගාමිකයන්ට පවසා තිබේ. එබැවින් සාම්ප්‍රදායික ඉස්ලාම්වරුන්ගේ ආහාර වට්ටෝරුවල මාංශ ආහාර ඇත්තේ ඉතා අඩු වශයෙනි. උපවාසය අතරතුරේ දී මාංශ පරිභෝජනය සුෆිවරු අතර තහනම් කොට තිබේ. සුප්‍රකට සුෆිවරයකු වූ අබ්දුල් කරිම් ජිලි පවසා ඇත්තේ මාංශ පරිභෝජනය නිසා මිනිසුන් තුළ තිරිසන් ගති පැවතුම් ඇති විය හැකි බවත් එය ආධ්‍යාත්මික මූලධර්මවලට හානියක් බවත්ය.
 
 methode times prod web bin 814f2aaa eb17 11e7 8850 c8e01ac6f9d5
ඊජිප්තුවේ සුෆි දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරයක්
 
15 වැනි සියවසේ සිටි සුෆි කිවියකු වූ කබීර්, හින්දු සහ ඉස්ලාම් මූලධර්මයන් පොදුවේ අනුගමනය කළ අයකු වූ අතර මාංශ පරිභෝජනය සිය අනුගාමිකයන්ට තහනම් කළේය. එය සදාතනික දඬුවමකට ලක් විය හැකි වරදක් බව ද ඔහු සඳහන් කර තිබේ. කෙසේ නමුත් සුෆි නොවන සියලු ඉස්ලාම්වරු, ඉස්ලාම් ආගමේ විධිවිධානයන්ට අනුව පිළියෙල කර ගත් මාංශ (හලාල් ක්‍රමයට) අනුභව කරති. මේ මතභේදාත්මක තත්ත්වය නිසා ඇතැම් රටවල සුෆිවරුන්ට සිය ජීවන රටාවන් පවත්වාගෙන යාම සඳහා බාධා එල්ල වී තිබෙන බව ද පෙනෙන්ට තිබේ. උදාහරණයක් වශයෙන් වහාබ්වාදය දැඩිව ක්‍රියාත්මක වන සවුදි අරාබිය තුළ සුෆිවරු කෙරෙහි දැඩි විරෝධයක් ක්‍රියාත්මක වේ. එහි සුෆි ඇදහීම් තහනම් කොට ඇති අතර ඇතැම්හු ඉතා රහසේ මේවා පවත්වාගෙන යති. තලේබාන්වරුන් යටතට ඇෆ්ගනිස්තානය පත් වූ අවස්ථාවේ දී සුෆිවරුන්ගේ ආගමික ස්ථාන විනාශ කර දැමිණි. සෝමාලියාවේ ද එසේමය.
 
Hazrat Sheikh Abdul Qadir Jilani R.A 5
ඉරාකයේ බැග්ඩෑඩ් නුවර පිහිටි ප්‍රකට සුන්නි ගුරුවරයකු වූ අබ්දුල් කදීර්ගේ සොහොන
 
20 වැසි සියවසේ ශ්‍රී ලංකාවේ සිටි සුෆි ගුරුවරයකු වූ බාවා මුහයියාදීන් ද මාංශ පරිභෝජනය ප්‍රතික්ෂේප කරන්නට සහ නිර්මාංශ ආහාර පරිභෝජනය ප්‍රවර්ධනය කරන්නට ඉදිරිපත් වූ අයෙක් ලෙස ප්‍රකටය. කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ ද සුෆිවරුන් කෙරෙහි යම් විරෝධතාවක් පවතින බව පෙනෙන්නට තිබේ. එක්තරා අවස්ථාවක දී කාත්තන්කුඩියේ පැවති සූෆිවරුන්ගේ ආගමික මධ්‍යස්ථානවලට, මේ සම්ප්‍රදාය අනුගමනය නොකරන මුස්ලිම් පිරිස් විසින් ප්‍රහාර එල්ල කළ අවස්ථාවක් වාර්තා විය. 

මාර්ක් පී. විටාකර්, ඩරිනි රාජසිංහම්-සේනානයක සහ පද්මනේසන් සන්මුගේෂ්වරන් යන විද්වතුන් විසින් සම්පාදනය කොට, නිව්යෝර්ක් නුවර ප්‍රකාශයට පත් කරන ලද Multi-religiosity in Contemporary Sri Lanka නම් පර්යේෂණ නිබන්ධනය තුළ ශ්‍රී ලංකාව තුළ සුෆි ඉස්ලාම්වරු පිළිබඳ යම් යම් ඓතිහාසික තොරතුරු අන්තර්ගතය. අක්කරෛපත්තුවේ සිට කිලෝමීටර් 10 ක් උතුරින් පිහිටි වෙරළාසන්න ස්ථානයක පැවති සුෆි දේවස්ථානයක් පිළිබඳ එහි සඳහන් අතර නැටුම් ගැයුම් ආදී අංග නිතර එහි පැවැත්වුණු බව නිබන්ධනයේ සඳහන්ය. වර්තමානයේ කොළඹ මහ නගර සභාව ආසන්නයේ පවතින දවටගහ පල්ලියේ සුෆි සම්ප්‍රදායන්ට අවසර ඇති ඉස්ලාම් දේවස්ථානයක් ලෙස සැලකේ. එයට අමතරව බේරුවල ඇති කෙචිමාලේ දේවස්ථානය සහ ගාල්ලේ ඇති මීරන් ජුම්මා මස්ජිදය ද සුෆි සම්ප්‍රදායන් දකින්නට ඇති දේවස්ථාන ලෙස සැලකේ.
 
sufi87
සාම්ප්‍රදායික සුෆි ඉස්ලාම්වරුන්ගේ හමුවක්
 
ඉස්ලාම් අන්තවාදය ඉතා තදින් ඇෆ්ගනිස්ථානය තුළ ව්‍යාප්තව පැවති සමයේ සංගීතය සහමුලින්ම තහනම් කොට තිබිණි. ඉස්ලාම්වරුන්ට නිර්මාංශ ජීවනයකට මග කියන සූෆිවරුන් ජීවත් වන්නේ එවැනි වටපිටාවක් තුළය. කෙසේ නමුත් ලෝකය පුරා පැතිරී සිටින, මාංශ පරිභෝජනයට අකැමති, ආධ්‍යාත්මික ජීවිතයකට කැමති ඉස්ලාම්වරු රහසේම සුෆි සම්ප්‍රදායන් අනුගමනය කරති.
free photo of dervishes dancing on stage
ගී ගැයීම සහ නර්තනය සුෆි මුස්ලිවරු අතර ප්‍රචලිත සම්ප්‍රදායකි
 
සුෆිවරුවන්ට බොහෝ අවස්ථාවල දී සෙසු ඉස්ලාම්වරුන්ගේ විරෝධය එල්ල වීමට හේතු වූ කාරණා කිහිපයක්ම තිබේ. සුෆිවරු ඉස්ලාම් ආගමේ සාන්තුවරු ඇදහීම සිදු කිරීම ඉන් එකකි. ඉස්ලාම් ආගම තුළ පිළිම හෝ අල්ලා දෙවියන් හැර වෙනත් පුද්ගල වන්දනාවක් සිදු නොවන බැවින්, මෙසේ සාන්තුවරු වන්දනා කිරීම ආගමික සම්ප්‍රදායන්ට පටහැණි බව විශ්වාස කිරීම මෙයට හේතුවය. ලෝකයේ බොහෝ රටවල පවතින ඉස්ලාමීය අන්තවාදය සමග සුෆි සම්ප්‍රදාය තුළ පවතින ඉවසීම, උපේක්ෂා සහගත බව නොපෑහෙන්නක් වීම තවත් එක් හේතුවකි. කුරාණය තුළ පවතින අර්ථකථනයන්ට අනුව සුෆිවරු ආධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීම වැඩි වශයෙන් ප්‍රවර්ධනය කිරීම අන්තවාදී අදහස් ඇති ඉස්ලාම්වරුන් විසින් ප්‍රතික්ෂේප කිරීම තවත් හේතුවකි.
එමෙන්ම සුෆි සම්ප්‍රදාය තුළ සංගීතයට සහ කාව්‍යකරණයට ඇති ස්ථානය පිළිබඳ බොහෝ අන්තවාදී කොටස් කැමත්තක් දක්වන්නේ නැත. ඉස්ලාම් අන්තවාදය ඉතා තදින් ඇෆ්ගනිස්ථානය තුළ ව්‍යාප්තව පැවති සමයේ සංගීතය සහමුලින්ම තහනම් කොට තිබිණි. ඉස්ලාම්වරුන්ට නිර්මාංශ ජීවනයකට මග කියන සූෆිවරුන් ජීවත් වන්නේ එවැනි වටපිටාවක් තුළය. කෙසේ නමුත් ලෝකය පුරා පැතිරී සිටින, මාංශ පරිභෝජනයට අකැමති, ආධ්‍යාත්මික ජීවිතයකට කැමති ඉස්ලාම්වරු රහසේම සුෆි සම්ප්‍රදායන් අනුගමනය කරති.

chaminda karu(නිරංජන් චාමින්ද කරුණාතිලක)
hnckcreations@gmail.com

උපුටා ගැනීම -vinivida.lk


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...